Saturday 1 March 2014

බෙන්තර වැඩ මුළුව සහ ලොකු මාමා සහ ගීතා නම් ගැට+ඉස්සි



මේ ලියන්නට යන්නේ සුළු ඕපා දූපයකි. එයට හේතු පාදක වුනේ අපේ 60 පැන්නත් කොල්ලා කෙන්ජි අයියාගේ නවතම පෝස්ට් කටුව කියවීමෙන් පසුවයි. ඒ වර්ෂ 2009 අග භාගය බැව් මට යන්තමින් වාගේ මතකයි.  නිවාඩු ගොස් සිටි මා මූලිකවම අරමුණු කරේ මාගේ ජාතික හැඳුනුම් පත සකසා ගැනීමටයි. (ඇයි යකෝ මෙච්චර වයස වෙලත් අයිඩින්ටියක් නැහැයි කියන්නේ ඉපදුනු රටේ, වහ කන්න වෙන වැඩක් නේ). ඒ කටයුත්ත විගසින් කරදීමට හැකි එකම පුද්ගලා මගේ ගෞරවණීය ලොකු මාමා ජී නොහොත් මාගේ මවගේ ලොකු අයියා ඒ දිනවල කටයුතු කලේ බෙන්තර ප්‍රදේශයේ තරුණසේවා කටයුතු භාරවයි. (සූදීක අයියා දන්නවත් ඇති සමහර විට). තැන තැන රස්තියාදු ගසමින් කාලය ගතකල මට දිනක් ඔහු පැවසුවේ පුතා බෙන්තර තියෙනවා අපේ හොඳ වැඩ මුළුවක් ඔයත් එන්න. අඩුම තරමේ දෙයක් ඉගෙනගන්නවත් ඇහැකි වේවි නේ. නිකන් රස්තියාදු ගසමින් ඉන්නවාට වඩා හොඳයිනේ යනුවෙනි. නමුත් එහි යාමට මට එතරම් පිරියක් නොතිබුනේ ඒ දිනවල මාගේ ප්‍රේම පුරාවෘතය දැඩි ලෙසම ගලාගෙන යන දිනයන් වූ බැවිනි. එබැවින් ලොකු මාමාට කට් එකක් දැමීමට මගක් සොයමින් සිටි මට, පෙරම ඔහු මාගේ දෙමවුපියන්ගේද අවසරය ගෙන තිබුනෙන් මාහට කීමට දෙයක් ඉතිරි නොවීය. අම්මපා කිව්වොත් ඒ දවස් වල ගහල තිබුන ලව් මාන්දම නැත්නම් මා කිසි විටෙකවත් එවැනි සම්මන්ත්‍රණ වැඩමුළුවක් අතපසු කරන්නේ නැහැ, මී ඇස් දෙක පල්ලා ඔව්..... 

"තමුන්ට වැඩමුළුවට ඉන්න බැරිනම් ෆොටෝ ටික ගහන වැඩක්වත් කරනවකෝ" යැයි ලොකු මාමා පැවසුයේ එහි පැමිණීමට නොහැකි යැයි ඉදිරිපත් කල කණු කුණු වල ප්‍රථිපලයක් ලෙසිනි  ඔහුගේ ඉල්ලීම  හිස් මුදුනින්ම මා පිළිගත්තේ එය මට දුරකතනයෙන් මල් කැඩීමට භාධාවක් නොවනා බැවිනි. එම වැඩමුළුව පැවැත්වූයේ බෙන්තර ගාමිණි විද්‍යාලයේ බව මට යන්තමින් වාගේ මතකයි.  එහි ගිය පසු මට භාර වූ ෆොටෝ ඇල්ලිල්ලක් නම් නැතිය. යන තැනම සිටි ඉටිකිරිස් අක්කලා සෙට් එකකට මාව ඔහුගේ පුතා ලෙස හඳුන්වා දෙමින් මාව සම්මන්ත්‍රණ ශාලාවට රැගෙන යන ලෙස අක්කලාට මාව භාර දුන් ලොකු මාමා අන්තරස්ධාන විය. මල්ලි ඔයා සර් ගේ පුතාද අනේ බලන්නකෝ ඔයාගේ ලොකු....... මම අවුරුදු ගානකට කලින් ඔයාලගේ ගෙදර එද්දී ඔයා හරි පොඩියිනේ යනුවෙන් මුකුළු බස් දොඩවමින් විස්තර අසන්නට විය. මුන් මේ ෂුවර් එකටම අසන්නේ සචියා (ලොකු මාමගේ පුතා ගැන වියයුතුයි ඌ දන්නවනම් බෙල්ල එල්ලගෙන මැරෙනවා) . බලන්නකෝ මල්ලි ඔයා හරි උස ගිහින් ලොකු වෙලා, හයියෝ මේ ඇන්ටිලා සෙට් එකේ වදෙන් බේරෙන්නට බැරි විය. මටද එසේ බේරීමට කිසිම ඕනා කමක් නොතිබූ බව විලි ලජ්ජාවෙන් තොරව ප්‍රකාස කොරන්න කැමතියි. කෙසේ හෝ එම වැඩ මුළුවට සහභාගී වූවන් අතරින් මට නම මතක සෝමසිරි මැදගෙදර මහතාගේ පමණය. නමුත් සියලු දේශණ හරවත් කම්මැලි නැති අන්දමින් කරගෙන යාමට ඔවුන් සමත්වූ බවත් පැවසිය යුතුයි. 


එම උත්සවයේ සංවිධායක අක්කලාගේ නොමසුරු සංග්‍රහ (කෑම බීම) මැද කාලය ගතවනු මටනම් දැනුනෙවත් නැති තරම්ය. නමුත් ඕනෙම හොඳ වැඩක අවසන් කොටස අජපල් කිරීම අපේ ලංකාවේ සිරිතයි එනම් දේශපාලු ඩයල් මේ වගේ උත්සව වලට සහභාගී කරගැනීමයි. එම කොට්ටාශයේ විවිධ දස්කම් දැක්වූ තරුණ පිරිස් සඳහා සහතික පත් සහ සම්මාණ බෙදා දීමේ උත්සවයේ ආරාධිත අමුත්තා වූයේ දකුණු පළාත් මහ ඇමති අපේ තඩි ශාන් අංකල් සහ අපේ බෙන්තර සංවිධායිකා ගීතා කුමාරසිංහ මෙනවියයි. මෙනවිය ????? පොඩ්ඩක් ඉන්නවකෝ මැදින් පනින්නේ නැතිව. මෙනවිය කිව්ව කාරණේ කියනකල්. තවත් දේශපාලු බුවාලා රැසකගේ සහභාගීත්වයෙන් මෙම උත්සවය පැවැත්විය. නමුත් මෙහි දිරවා ගත නොහැකිම කොටස වූයේ මොවුන් පැමිණෙන්නට වුයේ වරින් වරයි. එම නිසා උත්සවයේ වැඩකටයුතු වලට භාධාවූ බව පැවසිය යුතුයි. අන්තිම මොහොතට ටිකකට කලින් එතනට සැපත් වීමට අපේ ගැට කෑල්ල ගීතා නගා සමත් විය. ඇයව පිළිගැනීමට මල් කළඹ දෙද්දී මේ.... මල් මොකටද වස...න් ත (හරිනම නෙවෙයි)  අයියේ අපිට යැයි කීවේ මාමාගේ අත මිරිකමින් බව මාගේ උකුසු නෙතින් වසන් කිරීමට නොහැකි විනි. අහෝ දුකකි තිත් ගොඩකි. ඒ සෙනග ඉදිරි පිට මාමාගේ මූණ නිකන් කෝච්චියට  අසුවූ ටොනික් පියනක්  මෙන් ඇඹරි ගියේය. අසීරුවෙන් හිනහවක් මුහුණට නගාගත් ඔහු එන්න නංගියේ ස්ටේජ් එකට යැයි ඇයව කැඳවාගෙන වේදිකාව මතට ගොඩවිය වටේ පිටේ එවුන්ට හිනහව නවත්වාගත නොහැකි වූයේ ඔවුන්ගේ වයස් පරතරය නිසයි. 

කප්ප බොරු තොගයක් වේදිකාවේ දෙසා බෑ ගී තන ගාගේ කතාව නිම වනතුරු ප්‍රේක්ෂකාගාරය බලාසිටියේ මේ ගෑනි කියන බොරුවලට කොයි මොහොතේ හෝ පොලොව පලාගෙන ඇදගෙන යයිදැයි සිතමින් බව කසුකුසු වලින් පසුව අසන්නට ලැබිණි. උත්සවය අවසානයේ සුදු අක්කලා සැට් එක දමා ඒමට මගේ හිතනම් දුන්නේ නැති අතර බලෙන් හෝ නැවත වතාවක් එවැනි වැඩමුළුවක් සංවිධානය කරවා ගැනීමට මට සිතිනි. නමුත් එය මාමාට පැවසීමට නොගියේ මගේ මුහුණ හතරැස් කරගැනීමේ අවශ්‍යතාවය ඒ දිනවල නොතිබූ නිසයි (දැනටත් නැහැ) . වාහනයට නැගගත් මොහොතේ සිට අන්දොස් මූඩ් එකේ පසුවූ ලොකු මාමා ඇමතු 
මම : මොකෝ ලොකු මාමේ අවුලෙන් වගේ ඉන්නේ. 
මාමා : නැහැ පුතා මම හිතන් ඉන්නේ හෙට අනිද්දා පැන්ෂන් ගන්න. 
මම : ඒ මොකෝ ලොකු මාමේ තාම 45යි නේද වයස?
මාමා : පිස්සුද බං උඹට??? අර ගීතාට වයස 65ත් පැනලා මම ඒ ගෑනිට අයියා වෙනවා කියන්නේ මට 75ක් වත් වෙන්න ඕනේ. බලාපන් මගේ සායම ඉවරයි. ළමයි ඔක්කොම කුටු කුටු ගානවා ඇහුන මේ සීන් එක ගැන යන ආදී වශයෙන් ගීතාගේ කැරට්ටුව දිග හැරගත්තේය. (එය මෙහි සඳහන් නොකරන්නේ සදාචාරසම්පන්න නොවන බැවිනුත් ඒ ගැන නොදන්නා කෙනෙක් ලංකාවේ සිටීම උගහට බැවිනි)
මම : ඔව්ව මොනාද ලොකු මාමේ මේ නැට්ට පිටින් අලි මැරෙන රටේ මම එහෙම ගෙදර කාටවත් මේ ගැන කියන්නේ නැහැ ඔයා බය නැතිව ඉන්නකෝ.

නමුත් ගෙදර ආවිගසම එම සිදුවීම ගෙදර උදවියගේ කනේ තියන්නට මම පසුබට වුනේ නැහැ. පවුලේ තරුණ වයසේ හැමෝම ඔහුට අනේ වසන්ත අයියේ....... යැයි කී විට හොඳවයින් වචන සැට් එකකින් සංග්‍රහ කරන්නත් මාමා අමතක කලේ නැහැ (කුනුහපර නෙවෙයි). සතියක් දෙකක් ඇතුලත ගමෙත් කනින් කොනින් මේ ආරංචිය පැතිර ගියේ ඒ අවට ගෙවල් සියල්ලේම විසුවේ ලේ ඥාතින් බැවිනි. මාමා පාරේ යනවිට පොඩි කොල්ලෝ කුරුට්ටෝ සැඟවී වසන්ත අයියේ වයස කීයදැයි විහිලු කිරීමට විය. නමුත් එම විහිළු වලට මාමා පිළිතුරු දුන්නේ වයස 60 වුනත් මම කරන්නේ  තරුණ සේවා. හිතින් තරුණයි යනුවෙනි.


ගැට+ඉස්සි = ගැටිස්සි උඩ මාතෘකාව ගැටිස්සි ලෙස වෙනස්විය යුතුබව කරුණාවෙන් සලකන්න.

බෙල්ල එල්ලගෙන මැරෙනවා අලුත්ම මැරෙන ක්‍රමයක්. සොයාගත්තේ අපේ ගෞරවණීය හුටරිකා නැගණියයි. (අපේ ඥාති පොඩි එකෙක්) මවගේ බැනුම් වලින් බේරී මව බයකිරීමට කියන්නේ අම්ම බැන්නොත් මම බෙල්ල එල්ලගෙන මැරෙනවා කියායි. ළඟදීම පේටන්ට් එකට ඉල්ලුම් කරන්නයි හිතං ඉන්නේ බෙල්ල එල්ලගෙන මැරෙන ක්‍රමේ හික් හික් හික් 

69 comments:

  1. කොහොමත් ඔය අම්මණ්ඩිලා කරන්නේ තැනකට ගිහිං තප්පුලන එක තමයි මදි නොකියන්න.

    ReplyDelete
    Replies
    1. කියල වැඩක් නැහැ බං කිව්වා කතා ලංකාවේ නොහිටියත් කිව්වා තාලෙන්ම තේරුනා බොරු බව

      Delete
    2. හංසයාගෙයි පාත්තයාගෙයි කතාව මතකද?

      Delete
    3. ඇයි ගෑනියෙක් දේශපාලනේ කරනව වගේ දේවල් වෙන්න බැරිද?

      Delete
    4. ඔය හංසයයි පාත්තයයි මතක් නොකර තමන්ගේ වැඩක් බලාගන්න කරුනා කරලා මිස්ට ලිංගික නිදහස

      Delete
    5. vanitha hada panala dila iraganna apa

      Delete
  2. හෙක්...හෙක්..අර වයසට 16 ක් එකතු කලානම් වයස හරි බං ...
    උඹේ නෙත් වාසනා කොරල තිබ්බෙ ආටිපිෂල් රුව දකින්න විතරයි එහෙනං ....

    ReplyDelete
    Replies
    1. මේ කෙන්ජි අයියා පිස්සු කියවනවද 81 ????? කියන්න බැහැනේ එච්චර
      මොකක් හරි ප්ලාස්ටික් සර්ජරියක් කොරල වගේ නම් පේනවා

      Delete
  3. පුදුමයි උබට අයියා කිව්වේ නෑ

    ReplyDelete
    Replies
    1. හයියු.................. මට අයිය කියනකල් නේ මමත් බලන් හිටියේ ගීත නැගේ කිය්යල උම්මා එකක් දෙන්න.

      Delete
  4. මෙව්වා අහලා පණ පලයන් පෙරේදා කිව්වලු.

    ReplyDelete
    Replies
    1. මේ ලෝකේ මෙහෙමත් මිනිස්සු ඉන්නවනේ විචාරක තුමෝ ඉල්ලන් කන ගතිය අපේ නළු ආච්චිලගෙන් ගිහින් නැද්ද කොහේ

      Delete
  5. ගීතාත් එහෙනම් ආයෙ ගැටිස්සියක් උනා. :)

    පවු මාමා.

    ReplyDelete
  6. බුහහා... අද ආතල් පෝස්ට් එකක්.. :D :D

    ReplyDelete
    Replies
    1. හික් හික් හික් ඉඳල හිටලවත් පිස්සු ආතල් එකක් ගන්න ඕනෙනේ අයියේ :)

      Delete
  7. ලොල් සීන් නේ...

    ReplyDelete
    Replies
    1. හික් හික් හික් මාමා දැක්කොත් නෑ කමත් ඉවරයි

      Delete
  8. උබටත් අක්කල ටික එක්ක කයියට සෙට් උනාම මල් කැඩිල්ලත් අමතක වෙන්නැති නේද අයියෙ :D

    ReplyDelete
    Replies
    1. මේ මොනවා අහනවද මල්ලි පිස්සු කොරවෙලා ආයේ හැදුනා ඇන්ජලීනා ජොලීලා සෙට් එකක්ම සැලකුම් කරද්දී පිස්සු ඔල්මොරොන්දම් වෙන්නේ නැද්ද? කොහොම හරි පහුවෙනිදා උදේ වයිපරේ කෝල් කරලා බලනකම් මට අමතක වුනා මට ටැලිෆෝන් එකක් තියෙනවා කියලා හැක් හැක් හැක් ගෑනි දැක්කොත් ගෙදරිනුත් එලවනවා මාව

      Delete
  9. බ්ලොග් හන්ටින් යනකොට මට උබේ බ්ලොග් එකේ දකින විශේෂත්වය තමයි අන්තිමට වෙන්නෙ මොකක්ද කියල හිතාගන්න බැරි තරමට අපි පෝස්ට් එකට ඇද බැද තබා ගන්න එක.වරෙන් අපේ පැත්තෙ.මම අදම මගෙ බ්ලොග් රෝලට දාගන්නව.මෙතන මම එන්නම ඕන තැනක්

    ReplyDelete
    Replies
    1. හික් හික් හික් බොහොම ස්තූතියි ඔබේ අගේ කිරීමට. අනිවා මමත් ඔබේ ඉසව්වට එන්නම්. එන්න එන්න සාදරයෙන් පිලිගන්නවා. :) යකෙක් වුනත් අපේ හෙළ යකෙක් නොවැ.

      Delete
    2. sirama kathava ++++++++

      Delete
  10. අඩොව් කවුද ඩෝ අපේ ගමේ පොඩි කෙල්ලන්ට මඩ ගහන්නේ. නෑ මල්ලි මම මාමව අඳුරන්න විදියක් නෑ. 2009 වෙනකොට මම සංක්‍රමණය වෙලා අවුරුදු 14ක්ම වෙනවා. නමුත් ඔය උත්සවේ අපේ තාත්තා ඉන්න ඇති. මම තාත්තාගෙන් අහලා බලන්නම්. ගීතා නංගි අපේ ගෙදරත් යනවා එනවා නේ.

    ReplyDelete
    Replies
    1. හොද වෙලාවට සුදික මල්ලි ගෙදර නැත්තෙ.

      Delete
    2. පොඩි කෙල්ල කිව්වේ ගීතා නගාටද අයියේ??? මම හිතන්නේ අයියගේ තාත්තා එන්න ඇති මහ විසාල සෙනගක් ඇවිත් හිටියා.

      කෙන්ජි අයියේ කිව්වත් වගේ කතාව ඇත්ත නැත්නම් පව් අපේ සුදීක අයියා...............

      Delete
  11. හ්ම්ම්... ගොඩක් කාලෙකින් මේ පැත්තෙ ආවෙ.

    ReplyDelete
    Replies
    1. හප්පේ දැක්ක කල් මම හිටියේ අතුරුදහන් වූවන්ගේ ලේඛනයට නම දාන්න. :)

      Delete
  12. මට හිනා මේ ඔයාගෙ ලව් මාන්දම තදටම තිබ්බ කාලෙත් අර සුදු අක්කලාව දැක්ක ගමන් ඒ ඔක්කොම අමතක වෙච්ච හැටි...
    ගීතා ඉපදිලා තියෙන්නෙ 1955 නේද..? පව් අප්පා ඔයාලගෙ මාමා...
    පොඩි එවුනුත් දැන් බැන්නොත් දිවි නසා ගන්නවා කියල විහිළුවට හරි කියන තැනට ඇවිල්ලද...?

    ReplyDelete
    Replies
    1. අපොයි අක්කේ ඔන්න ඔය වරදවා වටහා ගත්තා මම වගේ අසරණ කුළුඳුල් පූස් පැටියෙක් වගේ අහිංසක බුවෙක් ගැන ඔය වැරදි අර්ථකතනයක් නේ දුන්නේ. ඒකට කියන්නේ සහෝදර ප්‍රේමය කියලා.

      අපේ මාමා 68

      ඒ කතාව මම විහිළුවෙන් දැම්මත් ඒක තනිකර ඇත්ත සිද්දියක් මම කිව්වේ

      Delete
  13. අප්‍රසන්නම චරිතයක් තමා ඕක...

    ReplyDelete
    Replies
    1. කතාවම මට දිරවන්නේ නැහැ කාලෙකින් අයියව දැක්කේ

      Delete
    2. ++++++++++++++++++

      Delete
  14. කමක් නෑ බං ගීතා කාටත් නංගිනේ ..අඩු මාමාට තිබ්බේ බලෙන් හරි ගීතට කිස් එකකුත් දෙන්න ..මොකද ඉතින් වෙන වාදක ඇතයි කියලයි

    ReplyDelete
    Replies
    1. මේකනේ ඉවාන් මාමාගේ තැන මටයි ඉන්න තිබුනේ. චෑක්: ඔයවගේ චෑන්ස් වදින්නේත් වයසක මාමලාටම තමයි

      Delete
  15. ඔය නගාගෙ කෙරුවාව නම කියල වැඩක් නැ.වැඩෙ ඔය වෙලත් මිනිස්සු චන්දෙ දෙයිද කියල

    ReplyDelete
    Replies
    1. දෙන එවුන්ට දමිත් පිදුරු ටිකක් තෑගී වශයෙන් යවන්න ඕනේ

      Delete
  16. I'll kill you till you die කියන්නෙත් එහෙම පේටන්ට් ගන්න වටින එකක් නේද?
    ලොකු මාමා ගැන ඇහැගහගෙන හිටියා නේද ඒ කාලේ බෙල්ල එල්ලගෙන මැරෙයි වත්ද කියලා.

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් මෑන්ට ඕක හෙන ලැජ්ජාවක් වෙලා තිබුනේ අනෙක එක වුනේ මම ඉන්න තැනක නිසා තත්වේ තවත් අවුල් මොකද මගේ කට හොඳ නැහැනේ. මොනවා වුනත් ඩුඩ් අයියේ අද කාලේ පොඩි එවුන් ගැන කලකිරෙනවා.

      Delete
  17. අනේ බන් මුන්ට ඡන්දේ දෙන හාල්පාරුවන්ටනේ බෙල්ලේ එල්ලිලා මැරෙන්න වෙන්නේ.

    ReplyDelete
    Replies
    1. මොකට දෙනවද කියල හිතා ගන්න බැහැ බඩු මල්ලටයි උදළු තලෙටයි රැවටෙන්න තරම් මෝඩ මිනිස්සුනේ අපේ ඉන්නේ

      Delete
  18. මේ අයව අදහන පිරිසකුත් ඉන්නවනේ බන්. කොහොම වෙතත් ගිය වතාවේ මෙයා චන්දෙන් පැරදුන එක ලොකු දෙයක්.

    ReplyDelete
    Replies
    1. මේ පාරත් පැරදේවා කියලයි මම නම් හදවතින්ම පතන්නේ (අසහන කාරයෝ තමයි මෙයාලව අදහන්නේ)

      Delete
  19. වෙලාවට අපෙ පැත්තෙ ඕකුන් වගේ එවුන් නැත්තෙ.ඔක්කොම දකුනෙ හිටියනම් තමයි වැඩේ.

    ReplyDelete
    Replies
    1. හැබැයි ළඟදීම වෙඩි පාරක් හරි බෝම්බ පාරක් හරි කනවා ඔය නිලි සංගමේ උදවිය

      Delete
  20. තොපි දන්නේ ගෑනියෙකුට අපහස කරන්න විතරයි.

    ReplyDelete
    Replies
    1. කවුද මේ පැනල දෙන්නේ? උම්බෑ කීමෙන් තමුන් කවරෙකුද යන්න ලොවට ප්‍රදර්ශනය නොකරන්න.

      Delete
    2. me ganiyekda ponnayekda geetha gana danna mole athi aun dannava rata gonek viththiya

      Delete
  21. නාකි වුනාට මොකෝ තිරිහං වෙන්න ඇති හිත

    ReplyDelete
    Replies
    1. නාකි වෙද්දී එන අදහසක් තමයි ඔය :)

      Delete
  22. හැබැට ම ගීතා මෙනවියගේ වයස කියාද දන්නේ නැනේ කෝරලේ මහත්තයා

    ReplyDelete
    Replies
    1. වැඩිය නැහැලු 81යි ලු :)

      Delete
    2. නැහ :o සිරාවටම 81ද ?? මන් හිතුවේ 60ක් විතර කියලා.. අපුච්චියේ!!! එකෙත් හැටි

      Delete
    3. 1955 කියල කියනවා නමුත් නිවැරදි තාවය සහතික වෙන්න බැහැ

      Delete
  23. ඕවා ඉතින් ඒ මිනිස්සු ගෑනු පත්කරලා යවන එවුන්ගේ වැරැද්ද..

    ReplyDelete
    Replies
    1. සිරාවටම ඒ කතිරේ ගහන උදවියටයි පිදුරු ටිකක් යවන්න ඕනේ ලන්ච් එකට :)

      Delete
  24. දකුණේ අයගෙ මොළේ කොහොමද කියල මේ සැරේ බලන්න පුළුවනි.දැන්නං හංසයො පාත්තයෝ වෙලා ඇති නේද කෝරළේ මහත්තයො.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම හැලපයියේ මට හිතාගන්න බැරි, ඇයි අපේ මිනිස්සු මේ වගේ එවූන්ට ජන්දේ දෙන්නේ කියල

      Delete
  25. මාමලත් එක්ක කොහොමත් ගමනක් ගියොත් පොඩි කුණු ගොඩක් පාත් වෙනවම තමයි..ඒ වුනාට කෝරලේ මහත්තයට අවුලක් ගිහින් නැහැ.මොකද සුදු අක්කල ටික හිටියනෙ..

    ReplyDelete
    Replies
    1. අන්න එක තමයි මට තාමත් සැනසීම හික් හික් හික් කුණු ගොඩවල් දත් අහනවා උමේෂ් නගර සභාවම ඔලුව උඩ

      Delete
  26. වැඩ මුළුවට නොගිහින් එදා කෙල්ලව බලන්න ගියා නම් ඉතිං..... අද මෙහෙම පොස්ට් එකක් නැහැ නේ? ;)

    පව් මාමා.

    ReplyDelete
    Replies
    1. ඒකනම් ඇත්ත බඩි පලවෙනි වතාවට වලව්වේ ඉන්නවා දැක්කේ සාදරයෙන් පිලිගන්නවා වලව්වට

      Delete
  27. බොලා දන්නවද ගීත නගා ඉස්සෙල්ලාම ගමේ අවුුරුදු කුමරිය වෙලා තමයි මේ ගමන ඇරඹුවේ. එදා ඒ විනිශ්චය මණ්ඩලයේ සාමාජිකයෙක් විදියට විජය කුමාරතුංග ඉදලා තියෙනවා. ඔහුව දැක ගන්න තියෙන ආශාවටයි ගීත නගා තරගයට ඉදිරිපත් වෙලා තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. හප්පට සිරි ඒ කියන්නේ විජය අයියගේ පරණ කැච් එකක් :O

      Delete
  28. oya gaani maha wanachara ganiyek korale lokkat balma ehema heluwe nadda

    ReplyDelete
    Replies
    1. අපෝ නැහැ ඇනෝ මම අහිංසක බුවා

      Delete
  29. ඔය ගැට ඉස්සි කීයක් ගැට ඇලවන්න ඇතිද?

    ReplyDelete

ඔයාල කොම්මෙන්ට් එකක් දාන්න වැය කරන තප්පර ගානත් ඔයාලට වැදගත් කියල මම දන්නවා එත් ඔයාලගෙන් අදහසක් මේ පිළිබඳව ලැබෙනවා කියන්නේ මට ඉදිරියටත් ලියන්න හොඳ මොර්ටිවේෂන් එකක් ලැබෙන එක. ලියන්න කල් මදිනම් තිතක් තියල යන්න එතකොට මම දන්නවා ඔබ මෙය බැලු බව. ස්තූතියි.........

Related Posts Plugin for WordPress, Blogger...