Sunday 23 March 2014

ෂිට් හැපන්ස්! SHIT HAPPENS! දේව සාපය ලද මාරක ගමන-1 වන කොටස

අද නම් මේ පොස්ට් එක ලියන්නේ ලියන්න හිටි දෙයක් නෙවෙයි නමුත් අපේ ඩුඩ් අයියටත් මට වගේම අකරතැබ්බයක් වෙච්ච නිසා ඒ ලියල තිබුණු ලිපියේ ඩුඩ් අයියා කියල තිබුනා ඕන්න ඔහේ උඹේ අත්දැකීමත් ලියල දාපන් කියලා. ඒ නිසයි මේ පොස්ට් එක ලියන්න හිතුනේ. මේ සිද්දිය වුනේ එකදාස් නවසිය බර ගණන්වල නම් නෙවෙයි මේ 2012 මම ඔය වැලිකඩ නිවාඩුවට යන්න ඉස්සෙල්ල. මට ඉස්සර ඉඳලම තියෙනවා මහා බරපතල සුව කරන්නට අමාරු රෝග දෙකක්. මම මේ ප්‍රථම වතාවට තමයි පොරසිද්දියේ මේ වගේ ඒ ලෙඩ දෙකක්ම තියෙනවා කියල පිළිගන්නේ. කාටවත් කියනවා එහෙම නෙවෙයි ඕන්...... පලවෙනි ලෙඩේ තමයි ලංකාවේ ඉන්න කාලේ ට්‍රිප් යන්න කොහේ හෝ ඇවිදින්න තියෙන ආසාව. දෙවැනි එක තමයි රථ ගාය. ඒ ගැන වැඩි විස්තර අවශ්‍ය නැහැනේ ඉතින් මේ ලෙඩ දෙක හින්දා වැටුණු අමාරුවක් තමයි මම මේ කියන්න යන්නේ දැන් ඉතින් අපේ ඩුඩ් අයියට වගේ නම් මතක් වෙන්නේ වාහනේක නෙවෙයි අල්මාරියකවත් යතුරක් කතාව.... හික් හික් හික් 

කොහොමින් කොහොම හරි තමුන්ටම කියල බර කරත්තයක් වත් නැති කම ලංකාවට ආවම මට සෑහෙන්න ප්‍රශ්නයක් වුනා. මොකද හතර වටේම ඉන්න පවුලේ උදවියගේ අනුග්‍රහය බලාපොරොත්තුවෙන් ඉන්න එක මට හරිම වදයක් වුනා. ඒ වගේම එහෙම වාහනයක් අරන් ගියාම ඒක අනවශ්‍ය බලපෑමක් වෙනවා හිතට. ඕකට පිලියමක් විදියට පරණ කාර් කටුවක් ගන්න ඕනේ කියා කියා හිතන් ඉන්න අතරේදී තමයි අපේ හාමිනේ පොඩ්ඩ, වෑන් එකක් ගන්න අදහස ඔලුවට දැම්මේ. මොකද වෑන් එකක ඉඩකඩ එහෙමත් තියෙනවා අනෙක වැඩි දෙනෙකුට යන්න පුළුවන් ඉතින් මේකට හරියන්න මමත් ගත්ත කියමුකෝ වැනට් එකක්. පරණයි තමයි. පරණ උනාට තමුන්ගේ තරමට එපැයි වැඩ කොරන්නත්. මේක ගන්න ඔක්කොම සැට් වෙලා තියෙද්දී අපේ හැරා ගොයියා මට කිව්වේ මල්ලි මේකේ ඕල්ටර්නේටර් එකේ අවුලක් තියෙනවා පොඩ්ඩක් මිනිහට කියන්න ඒක හදවල දෙන්න කියල මිරිස් බදිනවා වගේ ගඳක් එනවා කියලා. 

කකුල් කෙටි දෙක ටිකක් දික්වෙච්ච දවස් වල ඉඳලා සුක්කානම් කැරකුවට මොකෝ පැහැදිලිවම මගේ කාර්මික දැනුම නම් අන්තිමයි.කොටින්ම අදටත් වාහනේක ටයර් එකක්වත් මාරු කරගැනීමේ හැකියාවක් නැහැයි කියන්නේ හතර විලි ලැජ්ජාවෙන්. කොහොම හරි වාහනේ අරන් එන දවසත් ආවයි කියමුකෝ වාහනේ අරන් එන්න යන්න හැරා ගොයියට නිවාඩු තිබුනේ නැති නිසා මම හාමිනේත් එක්ක ගොහින් වාහනෙත් අරන් ආවයි කියමුකෝ. එන්න කලින් මම පෙර අයිතිකරුගෙන් ඇහුවා "අයියේ මේකේ අර ඕල්ටර්නේටර් එකේ අවුල හැදුවද" කියලා මිනිහා ගත් කටටම හෙන මැකෑනික් ටෝක් එකක් දාල කිව්වා "හරි මල්ලි එව්වා මෙව්වා අරවා ඔක්කොම හදල තියෙන්නේ දැන් ඔයාට තියෙන්නේ දුවන එක විතරයි" කියලා. කොහොම හරි අපේ සනිස්ගෘතියේ හැටියට වාහනයක් ගත්තාම යන්න ඕනේ දේවාලකට හරි පන්සලකට හරි නමුත් ඊට පහුවදා බනියගේ පුංචි ආච්චි මැරිලා වැඩකොරන (අවසන් කටයුතු) දවස. මලගේ තිබුනේ කොලොන්නාවේ. මුල් දවසේ ඉඳලා විදේශාධාර ඔක්කොම හුවමාරු වුනේ මම හරහා තමයි මළගෙදර මූල්‍ය වගකීම් පැත්ත පැටවිල තිබුනේ මගේ පිට නිසා හවස අනිවාර්යයෙන්ම මළගෙදර යන්න සිදුවුනා. 

හැබැයි මේ සිද්දිය සම්බන්ධව කිහිප දෙනෙක් නොයෙක් අදහස් ප්‍රකාස කොලත් මේ කෝරළේ ගොයියා නෙවෙයි ඔය මිත්‍යා මත ගණන් ගත්තේ. මරණේ වැඩ ඉවර කොරලත් සතියක් යනකල් ඉඩකඩක් ලැබුනේ නැහැ දේවාලෙකට යන්න. ඉතින් ඔය අතරේ තමයි දෙසැම්බර් 30 උදාවුනේ. දන්නවනේ කෝරළේ මහත්තයා කියන්නේ සමරන්න අවස්තාවක් එනකල් බලන් ඉන්න ඩයල් එකක් කියලා ඒ දවස් වල (බෝතලයක් කඩන්න). ඉතින් හාමිනේටත් බටර් පාර ගාලා පුංචි ආච්චිගේ පුතා වන චමින්ද මාමවයි, හැරායි, තව බනියගේ මල්ලිලා දෙන්නෙකුත් එක්ක යන්න පිටත් වුනා අම්බලන්ගොඩ බීච්. 30 රෑ කළුතර බනියගේ ආච්චිලාගේ ගෙදර ඉඳලා යන්න තමයි කතාවුනේ 31 පාන්දරම. පාන්දර යන තරමට වැඩිපුර බොන්නත් ඇහැකි නොවෑ. කොහොම හරි බණ්ඩාරගම පාරේ වාහනේ අරන් ඇවිත් කළුතරට කිට්ටු වෙද්දීම අපේ එවුන්ට හැදුනා සුදහ ගින්න කොත්තු කඩ දකිද්දී. මුන්ගේ කරදර කාරී ඉල්ලීම් වලින් බේරෙන්න බැරි තැන මමත් මුස්ලිම් කඩයක් අල්ලලා නැවැත්තුවා. චමින්ද මාමා බැහැලා ගිහින් රෝල්ස් වගයක් අරන් ඇවිත් හැමෝටම දුන්නා මට පලවෙනි කට කද්දීම තේරුනා පොඩි අමුතු රහක්. මම බැහැලා ගිහින් කඩෙන් ඇහුවා මේ මොන රෝල්ස් ද කියලා කඩකාරයා මගේ දිහා කින්ඩියට වගේ බලල කිව්වා ඔය හරක් මස් රෝල්ස් කියලා.

ප්‍රතිපත්තියක් විදියට හරක් මස් නොකන මට මේ සිද්දවෙච්චි දේ සෑහෙන්න අවුල් වුනා. මොකද කඩකාරයට බැනලත් වැඩක් නැහැනේ අපේ ගොසලෑවා හොයන්නෙ බලන්නෙ නැතිව අරන් ආවට. එතැනින්ම කටත් හෝදගෙන කෝපි එහෙකුත් බීලා වාහනේට නැගලා ස්ටාර්ට් කරන්න හදනවා වාහනේ ස්ටාර්ට් වෙන්නේ නැහැ. මට බැරිම තැන හැරාට රියදුරු අසුන දීල බැස්සා වැඩේ හරියන්නේ නැහැ. දැන් කළුවර වැටිලා නිසා හෙට උදේම ප්‍රශ්නය මොකක්ද කියල බලන්න තීරණය කරපු පයිලට් හැරා තල්ලු ස්ටාර්ට් එකෙන් වාහනය ආච්චිලාගේ ගෙදරට අරන් ආවා. එදා රෑත් සුදු කැටේකින් (White Diamond) සප්පායම් වෙච්චි අපි තුන්දෙනා නිදාගනිද්දි පාන්දර 3 ත් පහු. 

පහුවෙනිදා උදේ මම නැගිටින කොටත් හැරයි චමින්ද මාමයි දමාගෙන මොනවදෝ කොරනවා වාහනේබොනට් එක උස්සාගෙන. කට්ටිය ලැහැස්ති වෙලා ඉවර වෙලා ඉවරවෙද්දි ආච්චි අම්ම කියාපි පුතේ ඔයා එළවන්න එපා හැරල්ඩ්ට දෙන්න අරං යන්න. ඔයාට ඊයේ සිද්දවෙච්ච දේ අනතුරු ඇඟවීමක් වගේ දෙයක් කියලා. ඒ වෙද්දීත් හරියට වෙරි බැහැල නැතිව හිටි මම බැලුවා එකපාරටම මේ කඩන් වැටුන මරාලේ මොකක්ද කියලා. පස්සේ තමයි මට හරක් මස් රෝල්ස් එක මතක් වුනේ. අනෙක් හැමෝටම මාළු රෝල්ස් ඇවිත් මටම හරක් මස් එක හම්බවුන එකත් මම දේවාලේ නොගිහිං මළගෙදර ගිය සිදුවීමත්, හැරාට තල්ලු ස්ටාර්ට් මගින් වාහනේ පනගන්වාගන්න හැකිවීමත් මට නොහැකිවීමත් (මම තල්ලු ස්ටාර්ට් උත්සහ කොලේ නම් නැහැ) එකට ඈඳල ආච්චි අම්මා වෙනම රචනාවක් තිරගත කරනවා. වස්ලු අරකලු මේකලු. යකෝ මේක හරි මගුලක් මම ගත්ත වාහනේ මට පදින්න බැහැ. වස්........... වස් නෙවෙයි What The F***....... මාව පැත්තකට අඬගහගත්තු හැරා ඕක හරි මල්ලි....  එයාලගේ හිත හැදෙන්නත් එක්කල මෙතනින් මම එලියට අරන් පාරට ගිහින් මම ඔයාට දෙන්නම් දැන් වාදෙට යන්න එපා එයාලගේ මතවාද අපිට වෙනස් කරන්න බැරි තරම් එයාල වයසයි. යනුවෙන් මට කරුණු වටහා දුන්නු හැරා. ගේම ගොඩින් බේරාගත්තා. 

අම්බලන්ගොඩට10.30 විතර අපි යද්දී ලොකු මාමගේ පොඩි දෙන්නයි අපේ සෙලෙස්තිනා නොහොත් මගේ පොඩි නෑනාත් Ready පිට හිටියේ නාන්න යන්න. උන්දලවත් වාහනේට නග්ගවාගෙන අම්බලන්ගොඩ රට බීම හලෙන් නැවැත්තුවේ සුදු කැට දෙකක් ගන්නයි. ඒ නැවැත්තුව ටිකටත් පොඩි එවුන් කලබල කරන්න ගත්තේ ඒ පරක්කු වෙන විනාඩි පහට මුහුද පිට රට යයි කියල බයේ වගේ. යකෝ....... මේ සෙට් එක  මේ අම්බලන්ගොඩම දවස් 365 හේම ඉඳලත් හරියට හත් අවුද්දකින් නාලා නැහැ වගෙයි නාන්න තදියම. අපි මේ මෙච්චර දුර ඉඳලා මේ ආවේ මොන තරම් දැවැන්ත සැදැහැවත් වැඩක් කොරන්නද?????? මුන් මේ නාන්න හදනවා. බෝතල් ටිකත් අරන් එතන ඉන්න කඩල කාරයාගෙන් බයිට් ගණන් ගියාම තමයි මම ජීවිතේ පලවෙනි වතාවට කෑව හොඳම බයිට් එක වෙච්ච පොතුපිටින් තෙලේ බැදලා අරං ලුණු කුඩු ,මිරිස් කුඩු ඉහපු සුදුලූනු දැක්කේ චමින්ද මාමගේ ඉල්ලීම පරිදි එයිනුත් කිහිපයක් ගත්තේ වෙනසකට එක්ක. (හැබැයි අපිට නම් කන්න හම්බ වුනේ නැහැ නොබොන එවුන් කාලා ඉවර කළා)   



                           මේ තියෙන්නේ තැන. පින්තූරය ඉස්සුවේ ගූගල් දෙවි පිහිටින්
 
බීච් කිව්වොත් මම කවදත් හරිම කැමති තැනක් තමයි අම්බලන්ගොඩ පරණ පාරේ පරණ තානායම (දැන් තියෙන්නේ මෙයා නටබූන්ස් විතරයි ඒකයි පරණ කියල කිව්වේ. you know වට් අයි මීන්) පිටිපස්සේ කන්ද බැහැලා ගියාම තමයි මේ සුන්දර ස්ථානය තියෙන්නේ.ගල් දෙකකින් වටවෙලා පොකුණක් වගේ වැඩි ගැඹුරක් නැතිව හැදුන. මෙම ස්ථානයට  ඒ පළාතේ උදවියනම් කියන්නේ මුහුදු පොකුණ කියලා, අපිත් ඒ නමම කියමුකෝ...  වාහනේ තානායම් වත්තේ නවත්වල නාන එවුන් නාන්නත් බොන එවුන් බොන්නත් සැටමෝල් වුනා. අර කලින් කිව්වා සුදු ළූණු බයිට් එකෙන් අපි බිග් තුනක් කන අතරේ ඉතිරි ගෙඩි සියල්ල වාෂ්ප වුනේ පොඩි එවුන්ගේ පොඩි කමට කියමුකෝ හැක් හැක් හැක්.... හවස් වෙනකල්ම බිබී ඉන්න අතර වාරයේ මගේ මීටරේ අවුට් යන්න පටන්ගෙන තිබුනේ. හරියට වැහි කුනාටු සහිත දිනයක් සාමාන්‍ය ඇන්ටනාවකින් රූපවාහිනිය බලනකොට වගේ තමයි ඉඳල හිටලා පියවි සිහියට එනවා ආයේ අවුට්. ලොකු මාමා මේ එක විගඩමකටවත් සහභාගී නොවී හිටියේ එතන වැඩිහිටියෙක්ගේ (කෙලින් කටින් ඉන්න ) වගකීම මොනවට ගෙනහැර පාමින්. 

ඔය අස්සේ තමයි ලොකු මාමගේ පොඩි පුතා මහා හයියෙන් බෙරිහන් දෙන සද්දේ ඇහුනේ. ගෙහුං බැලින්නම් මේකා ගල් උඩ නගින්න ගොහින් ඇනගෙන ඉකිරි කටුවක්. වටවුණු උදවිය එක එක කතා කියනවා. අපොයි දෙයියනේ මේවා ඇනුනම පිළිකා හැදෙනවලු මේ ළමයට අරක කරන්න මේක කරන්න යනාදී වශයෙන් නොයෙක් අදහස් ඉදිරිපත් කොරනවා. එතන හිටපු සීයා ටයිප් වයසක මනුස්සයෙක් තමයි කිව්වේ කකුලට මූත්‍රා කරන ලෙස. එය කෙම් ක්‍රමයක් බවත් එයින් විස පැතිරීම වලක්වෙන බවත් තමයි ඒ සීයා සඳහන් කොලේ. හප්පේ පොඩි එකාගේ කකුලට චූ කරන්න එතන හිටපු හැමෝම ඉදිරිපත් වුනේ හදවත උනුවෙලා (හදවත තිබුණු තැනයි ප්‍රශ්නෙකට එන්නේ) :) කොහොම හරි පොඩි එකාව දොස්තර කෙනෙක් ලඟට අරන් ගියේ අපේ හාමිනෙයි සෙලයි, මාමයි, හැරායි එකතුවෙලා මස්සිනාලා දෙන්නයි චමින්ද මාමයි එක්ක මම බීච් එකේ හිටියා. ඒ ඉන්න ගමන් ඉතිරි කොටෙත් දෙන්නත් එක්ක අහවර කරා නමුත් ඒ වෙද්දී ලිමිට් පැනලා කියන එක මටවත් චමින්ද මාමටවත් තේරුනේ නැත්තේ වයිට් ඩයමන්ඩ් කියන්නේ තැපෑලේ වදින බීමක් හින්දා වෙන්න ඕනේ. 


හිතුවට වැඩිය පොස්ට් එක දිගවැඩි නිසා කොටස් දෙකකට කඩන්න තීරණය කොලා. බිහිසුණු සටන් ජවනිකා, සංවේදී දර්ශන, ඩෝප් සීන්,  පොලිස්කාරයින්ගේ මාළු උන්ගේ ඇඟේම තියා කැපීම. රෑ 12 කොහෙද හිටියේ මොනවද කරේ? ඇඟේ මයිල් ඉස්මයිල් වන ත්‍රාත්සජනක අත්දැකීම   දෙවැනි කොටසින් බලාපොරොත්තුවන්න. මාතෘකාව නම් ගෙඩිපිටින් හෙන්රි අයියගෙන් ඉස්සුවේ. (නොකියා) 

                               මේ ඉන්නේ කෝරළේ මහත්තයා ඒ....... කාලේ එකදාස්අටසිය බර ගනන් වල

                  මේ ගල උඩ ලැග්ග රිලව් දෙන්න වගේ ඉන්නේ හැරා සහ චමියා යන මහතුන් දෙපලයි

                               මෙන්න නාන විදිය. ස්විමිං පූල් එකක් වගේ.
                        
දෙවැනි කොටසට යන්න මෙතනින්



39 comments:

  1. බලමු බලමු තව මොන මොන කෙම් කරන්න වෙලා ද කියලා :-)))

    ReplyDelete
    Replies
    1. හික් හික් හික් ඔන් දෙවැනි කොටසත් දැම්ම ගොහින්ම බලන්න කෝ :)

      Delete
  2. හප්පේ ඉකිරි නං ඕන්නෑ..... ඉස්කෝලෙ යන කාලෙ දවසක් අපි සෙට් එකක් හොරෙන් මූ‍දෙ නාන්න ගියා. එකෙකුගෙ කකු‍ලෙ ඉකිරියෙක් ඇනුන. කූරු 7-8ම ඇතුලෙ. කටුවක් අරගෙන ගන්න ට්‍රයි කලා බෑ. ‍හොස්පිටිතා‍ලෙට ‍ගෙනියල අමු‍වෙන්ම කපලයි අයින් ක‍ලේ.

    ReplyDelete
    Replies
    1. හොරෙන් වැඩක් කරන්න ගියොත් මොකක්ම හරි කෙහෙල් මලක් වෙනවා. පොඩි එකාගෙත් කකුල පළල ඌට දැන් ජොලියට කියන්නේ ඉකිරියා කියලා

      Delete
  3. අනෙ අම්මෝ මටත් කාලයක් ඔය රථ ගාය තදටම තිබුනා. ඒත් මොකද ඔය කිවුවත් වගේම කාර්මීක දැනුමනම් අන්තිම නිසාම අතේ තීබ්බ තුට්ටු දෙකට තට්ටු කරගෙන ලෙඩේ හොද කර ගත්තා. දැන්නන් පොදු ප්‍රවාහනේ තරම් වෙන සැපතක් නැති ගානයි.

    අපි නම් බීච් යැවෙන්නෙම ප්‍රීතිපුරේ තමා.

    ඔය මුත්‍රා වලින් විස නසනවා කියලා මාත් අහලා තියෙනවා.

    ReplyDelete
    Replies
    1. පහුගිය අවුරුදු 4 පුරාවට හම්බකරපුවගෙන් 50%ක් වියදම් කලේ ඔය පිස්සුවට තමයි.

      Delete
  4. චැඃ .............ආයේ මොකටද දෙකට කැඩුවේ. මම පට පට ගාලා කියවගෙන ආවේ තව ටිකකින් මුන් මොන ගිනිවිජ්ජුම්බරයක් කරගත්තද දන්නෑ කියලා හිතාගෙන. ඉතින් දැන් හෙටම ඊළඟ කෑල්ල දානවද නැත්තං...............................අපිටත් තද වෙනවා හර් ර් ර් ර් ර් ද?

    ReplyDelete
    Replies
    1. දැන් මේ ඔෆිස් එකේ අන්තිම කාලේ නිසා වැඩ පොඩ්ඩක් හිරවෙලා විචාරක තුමෝ. ඔන්න දැම්ම දෙවැනි කොටස.

      Delete
  5. ඔය රථ ගායයි (රථ කිව්වට බයික් ඈ..) ට්‍රිප් යෑමයි මගෙත් එක. උඹේ දෙක බලලම හරිහමන් කමෙන්ට් එකක් දාන්නම්කෝ.

    ReplyDelete
    Replies
    1. ඔන්න AKM දෙවැනි කොටසත් දැම්මා කාලෙකින් දැක්කේ මම හිතුවේ රටකටවත් පැනල කියලා :)

      Delete
  6. උඹ තාම ඉන්නවා නේද පුතේ?

    ReplyDelete
    Replies
    1. මේ ඉන්නේ බං ගහක් ගලක් වගේ මේ ඊයේ පෙරේදත් බුකියේ උඹේ ෆොටෝවකට කින්ඩියක් දැම්මේ...... උඹේ ඇස් වල හොටුද?

      Delete
    2. නෑ කන්නාඩි දෙකේ දූවිලි! ;)

      Delete
  7. මෙහෙම ඒව නම් කොච්චර දිගට තිබුනත් කියවගෙන යන්න පුළුවන්.

    අර සුදුළුණු බයිට් එක නම් මරු නේද..

    ReplyDelete
    Replies
    1. හික් හික් හික් අත්දැකීම් අනෙකාට වෙන වැරදි වලින් තමුන්ට ඉගෙන ගන්න දේවල් බොහොමයක් තියෙනවා.

      කියල වැඩක් නැහැ චන්දන අයියේ එදා ඉඳල මම සුදුලූනු වලට පට්ට ලව් එකක් තියෙන්නේ

      Delete
  8. ඔය ගායවල් දෙකම අඩුවක් නැතුව අපටත් තියෙනවා,ඉතිරි කොටස ඉක්මනින් දාවී නේද.

    ReplyDelete
    Replies
    1. හප්පට සිරි හැබැයි අයියේ ඔය ගායවල් තියෙනවා කියන්නේ අතේ මිටේ පිච්චියක් ඉතිරිවෙන්නේ නැහැ. ඔන්න අදම දැම්ම දෙවන කොටස.

      Delete
  9. ඉකිරි.. බඩුම තමා.. කල කිරෙනවා ඇහුමත්..ඔය අම්බලන්ගොඩද අහුන්ගල්ලද

    ReplyDelete
    Replies
    1. ඇයි අයියටත් මොකුත් කරදරයක් එහෙම කළාද ඉකිරි???

      අම්බලන්ගොඩ සම්පත් බෑන්ක් එක ලඟින් පරණ පාරට හැරවුවාම තියෙන්නේ මේ ප්ලේස් එක ඇහුන්ගල්ලෙත් තියෙනවා බලපිටියෙත් තියෙනවා අකුරලත් තියෙනවා නමුත් මෙතන තමයි කොලිටීම තැන

      Delete
  10. කියවන්න පටන් ගන්නකොටම කැඩුවා දෙකට. වැඩි වුණ නිසා අත ඇරලා දානවා. නැත්නම් ඉතිං අපිටත් වයිට් ඩයමන්ඩ් තමයි බොන්න වෙන්නේ. ඔහොමද වැඩිහිටියෝ හැසිරෙන්නේ ? ඈ !

    ReplyDelete
    Replies
    1. අම්මපා සුදීක අයියේ වෙන කිසිම අරක්කු එකක නැහැ වයිටේ කොලිටිය.

      හයියෝ වගකීම් පහර හැරීම ගැන නම් සෑහෙන්න දේශනා අහගත්තා නමුත් එයින් පස්සේ කවදාවත් එහෙම ගමන් ගිහින් ලිමිට් ෂොට් එක දෙකකට වැඩිය ගන්නේ නැහැ ඒ එදා ඉගෙන ගත්ත පාඩමක්

      Delete
  11. මාතෘකාව ඉස්සුවට මොකෝ බං. Shit happens to everyone. :D
    උඹ කියන සුදුළූණු බයිට් එක මාත් කෑවා පේදුරු තුඩුවෙදි. මාර රහයි බං. මේ සුදු ළූණු නොකන එවුනුත් කෙලල ඇරියා බයිට් එක. මට මදි වුනා. මම කොහොමත් සුදුළූණු උයලා. මී පැණිවල දාලා හෙම කන්න කැමති එකා.

    ඉතින් අර ඉකිරියා ඇනිච්ච එක පස්සේ පැසවලා අප්සෙට් වුනාද?

    ඉතින් ලියාපංකෝ ඊගාවා කොටසත් ඉක්මනට. ඔය වැනට් එකේ මොකක් හරි ඕල්ටනේටර් කේස් එකක් තියෙනවා මට මතක විදියට. නමුත් ඒකෙ මාර විදියට ඩීසල් වැඩ කරනවනේ? චූන්ජියාට තියෙන්නෙත් නිසාන් ලාගෝ එකක්. වැනට්ම තමයි.

    ReplyDelete
    Replies
    1. කියල වැඩක් නැහැ එහෙම බයිට් එකක් බොද්දි ඊට කලින්වත් පස්සෙවත් සෙට් වෙලා නැහැ.

      නැහැ අයියේ ඒ වෙලාවේම කකුල පළල අයින් කරලා තිබුනා

      වැනට් එකේ තෙල් කරනවා කියන්නේ අනුරාධපුර ගිහින් ආව පුත්තලම පාරේ 9ක් දාගෙන 5500 ඩීසල් වලින් වැඩි කල් නැහැ මේ පහුගිය අගෝස්තු මාසේ. එකත් ගියා නෙවෙයි පිම්බා

      Delete
  12. මට නම් ඔය ලෙඩ දෙකම නෑ. මුහුදේ නාන ලෙඩේ නම් ඕසෙට තිබුනා. අපි යන්නේ යූ කේ. සෑහෙන වියදම් තමයි. ඒත් පට්ට ආතල්. නොමැරි බේරුනෙත් පිර පින් තිබුන නිසාද කොහෙද. වෙලාවක ලියන්නම්කෝ මේ ගැනත්..

    ReplyDelete
    Replies
    1. ඔය ජලාශයක බැහැලා නාන එක මටත් තියෙන උණක් වුනාට අයියේ මට මුහුදු වතුර වැඩිය අල්ලන්නේ නැහැ. අර ඇලෙන වගේ ගතිය නිසා වෙන්න ඇති. හැබැයි එහෙම නොවන මුහුදක් තියෙනවා ඕමාන් කසාබ් කියන හරියේ

      Delete
  13. මම නම් හිතන්නෙම ඔය අර දේවාලේ නොගියපු හන්දා කියලමයි....:D

    නාපු තැන නම් හරිම ලස්සණයි. දැක්ක හැටියේ වතුරට පනින්ට හිතෙනවා....

    දෙවෙනි කොටසත් බලමු...

    ReplyDelete
    Replies
    1. අක්කා දෙවැනි කොටස බලන්නකෝ

      මම හැම සැරේම නිවාඩු ගියාම යනවා මේ පහුගිය වතාව් එගියපු වෙලේ දැක්කේ නම් කණගාටුදායක දසුනක්. දැන් ඔය හරිය සෑහෙන්න ගොඩ වෙලා.

      Delete
  14. ඉකිරියෝ... ??? අම්බෝ... !

    ReplyDelete
  15. නියමයි ඔය විදියටම ලියන්න ......

    ReplyDelete
  16. හම්මේ.... එල ලියමු දෙවැනි කොටසත් එහෙනම් බලන්න

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම් සහෝදර, සහෝව පලවෙනි වතාවටයි සයිබරේ දැක්කේ සාදරයෙන් පිලිගන්නවා වලව්වට. බ්ලොග් එකක් එහෙම ලියනවනම් තරහ නැතිව ලින්ක් එක දානවද ඒ පැත්තේ ගොහින් බලඥ්ඥ :)

      Delete
  17. හොද ටික පසුවට නේහ් :D

    ReplyDelete
    Replies
    1. ඔන්න දැම්ම උණු කැවුම් වගේ දෙවන කොටස :)

      Delete
  18. අයියෝ අර අම්බලන්ගොඩ පූල් එකේ කීපාරක් නාලා තියෙනවද කියලා මතක් උනා... ඒ කියන්නෙ පරණ තානායම දැන් ඉවරයිද... අපරාදෙ...
    ඔය පින්තූරෙන් දකුණු අත පැත්තට වෙන්න තියෙන ගල් තලාව උඩ තාමත් අර 'බඩු' තියෙනවද... අපට සංසාරෙ එපා උනා එක සැරයක් පිහිනුම් තරගෙ බලන්න ගිහිල්ලා... කකුළක් උස්සලා තියන්න තැනක් නෑ...

    ReplyDelete
    Replies
    1. අපේ මිනිස්සුන්ට අපේ රට ගැන කැක්කුමක් නැහැ අක්කේ දැන් ඔතන පවුල් පිටිං ගිහින් විනෝද වෙන්න පුළුවන් පරිසරයක් නැහැ කුඩුකාරයින්ගේ තිප්පලක් වෙලා ඔය හරියේ තියෙන වැටකේ පඳුරු දැන් විවිධ අපචාර වෙන තැනක් වෙලා. අනෙක දැන් ඔය සුන්දරත්වය දකින්නවත් නැහැ. පූල් එකෙන් භාගයක්ම ගොඩ වෙලා දැන් තියෙන්නේ ඉඩ අඩි 10ක් විතර තානායම නැති වෙලා ගොඩක් කල් දැන් ඒ ගොඩනැගිලිත් කඩන් වැටිලා. ඇත්තටම සංචාරක ව්‍යාපාරය සඳහා ඉතාම යෝග්‍ය තැනක් තමයි ඔය. අපේ පොලිටික්කොන්ට ඔව්ව දියුණු කරනවට වැඩිය වැඩ තියෙනවා කරන්න.

      Delete
  19. අර ඉකිරියා අනිච්ච එක්කෙනාට මොකෝ උනේ? බලමුකෝ අනිත් කොටසත්

    ReplyDelete

ඔයාල කොම්මෙන්ට් එකක් දාන්න වැය කරන තප්පර ගානත් ඔයාලට වැදගත් කියල මම දන්නවා එත් ඔයාලගෙන් අදහසක් මේ පිළිබඳව ලැබෙනවා කියන්නේ මට ඉදිරියටත් ලියන්න හොඳ මොර්ටිවේෂන් එකක් ලැබෙන එක. ලියන්න කල් මදිනම් තිතක් තියල යන්න එතකොට මම දන්නවා ඔබ මෙය බැලු බව. ස්තූතියි.........

Related Posts Plugin for WordPress, Blogger...