Tuesday, 17 September 2013

බේබද්දන් ගංජා සහ දේවතා එලි





මම මේ ලිපිය දාන්න අදහසක් ආවේ අපේ සිරා කොලුවාගේ මත්පැන් පොස්ට් එක දැකලා. වෙලාවකට මේ Google වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ගූ ගල් තමයි. 


සැරින් සැරේ මගේ එකවුන්ට් එක බ්ලොක් වෙනවා. කොටියම කාපිය ගූගල් ලොක්කව. එකෙන් මේකෙන් වැඩක් නැහැ කතාවට බහිමුකො...............

මේ පාර වැකේෂන් එක ලංකාව ගියත් හිතුව විදියට කිසිදෙයක් කරගන්න බැරිවූනා. හිතුවෙවත් නැති විදියට තමයි එක එක රාජකාරි පැටලුනේ කොහොම උනත් එව්වත් කොරන්න එපැයි. ඉතින් අපි හැමදාම කරනවා වගේ මේ පාරත් කතරගම යන්න පිටත් උනා.වයසක් උන්දලා වෙනමයි අපේ සෙට් එක වෙනමයි. මොකද වැඩිහිටි සෙට් එක එක්ක ට්‍රිප් එකක් යනවට වැඩිය හොඳයි නිකන් ඉන්න එක. බකමූනෝ සෙට් එක වගේ තමයි අපිට ඉන්න වෙන්නේ ඒ නිස අපි වෙන වාහනේක තමයි ගියේ මේ ඉන්නේ ගිය අය


                                  බුලයියා,බනියා මිකී, ඉදිරි පෙළ තාරක,බගා, ගාන්දි

                                            
                      හයිවේ එක කොච්චර බෝරින්ද කියනවනම් හැරාට නින්දත් ගිහින්.

යමින් ගමන් දනුෂ්කගේ යාළුවෙක්ව සෙට් කරගත්තා දෙබර වැව ඉන්න.වැව් මාළු ගන්නයි  බගාට මොනවද ගන්න ඕනේ කියල. කොහොම හරි හවස් වෙද්දී කතරගමටත් ආවා. රෑ වෙද්දී කට්ටිය මද පමණට සප්පායම් වුනා. (මමද? මම තොලේ කටේ තියන්නේ නැහැනේ) කට්ටියම ගානට පදම් වෙද්දී චමියා සරින් සැරේ එහෙට මෙහෙට මාරුවෙනවා මම බලාගෙන. ඒත් ඉතින් බොන වෙලාවට කවුද ඔව්වා ගැන හොයන්න යන්නේ. මේකට කොහොමත් වෙරි වෙලා හිටියේ එන ගමන් අර මීගොඩ පැත්තේ ගහන සැන්ඩෝ කියන ජරා බියර් බීලා. සිරාවට කසිප්පු පරාදයි ඒක. බොන එවුන්ට වෙරි නෙවෙයි වෙරි සොරි වෙන්නේ.(කොහොමද දන්නේ කියලද අහන්නේ ලංකාවට ගිය දවසේ ගහල ඊට පහුවෙනිදා වාර්තා ගත අන්දමට කබරයා පාරක් දැම්ම නිසා) 

ඔහොම කට්ටිය වෙනම බිබී ඉන්නකොට ලාල් බාප්පට ඇවිත් තියෙනවා ගංජා සුවඳක් බැලුව කොට බගා මලකුත් අදිනවලු මල සේකර කියන්නේ දැන් විස්කියි, බියරුයි, මලුයි. කොහොම හරි බගාට නහුතෙට වෙරි ඉන්නේ කොහෙද ඉන්නේ කවුද මීටර් නැහැ. අපි කට්ටිය ඌට ඕනේ මගුලක් කරගන්න කියල සින්දුවක් දාගෙන නටන්න පටන් ගත්තා. මොකද කිව්වට අහන එකෙකුත් නෙවෙයිනේ.




 
                                                     බගත් සෙට් උනා නටන්න


                              ඔය වම්පැත්තෙන් පෙන්නේ කෝරලේ උන්දැගේ අත නොවෑ.


                                             කොහොමද බේබදු ෆන් එක:)

මේ වෙද්දී බගාට නන්නත්තාර වෙන්න වැදිලා ඉවරයි. මේකා නාන්න ඕනේ කියල වැටි වැටි ගිහින් නාන කාමරේ ඉඳන් කට්ටිය නටන තැනට පැන්නා එකපාරටම මෙහෙම 

අයියෝ සල්ලිදත් අහනවා ගෑනු කට්ටියට ඇපත් නැහැ. ඇයි මු ජෝකා පිටින් නේ.  කොහොමින් කොහොම හරි සමන් ගොයියා පොරට කලිසමක් අන්දලා පුටුවක වාඩි කළා.

                            ඒ කරලත් බුවාට ඉන්න බැහැ එක තැනකට වෙලාගංජා බලේ............හිකිස්





පුටුව එලිය පැත්තට හරවගත්ත බගා ටිකවෙලාවකින් තනිවම කියව කියව ඉන්න ගත්තාම අපි සෙට් එක ආයෙම නටන්න සෙට් උනා. එහෙම ඉන්දෙද්දී ටිකවෙලාවකින් මු කැලේ කඩාගෙන දුවන්න ගත්තා අඩෝ වල් ඌරෙක් අල්ලපන් අල්ලපන් කියල. අපිත් මේකා පස්සෙන් දුවන්න උනා මේකව අල්ලන්න. මේකා පොර කනවා යකෝ වල ඌරු තඩියෙක් දිව්වා බං අල්ලමු කළුවට කලුවේ මෙන්න මේ පැත්තට දිව්වේ වරෙල්ල ඕකව අල්ලමු කියල. එතකොට මගේ ලිමිට් පැනල තිබුනේ මම මූට බැනල එක්කන් ආව වරෙන් මාමේ යන්න කියල.   බගාගේ ගමන නතර උනේ මෙහෙම.

                                                    අයියෝ කුණු සංසාරේ බේබදු කමනේ

කොහොම හරිඅපි මූව ඇඳකින් නිදිකරන්න හැදුවත් මූ යන්නේ ඇඳ යටට. අපිත් මූට බම්බු ගහගන්න කියල නිදාගත්තා. මොකද ඒ වෙද්දී අපිටත් මහන්සියි. පහුවෙනිදා උදේ පූජාවට යන්න පිටත් වෙද්දීත් බගාගේ වෙරි හරියට බැහැලා නැහැ. ඔන්න බේබදු කමේ රඟේ. බොනවා කියල පෙරේත කමට බිව්වම ඔහොමයි වෙන්නේ. එකත් කලවම්. 

පහුවෙනිදා උදේ කල තානායම් භාර කරුගෙන් කල විමසීමකින්   අනතුරුව වල් ඌරන් එම පලාතෙවත් නොමැති බවත්. බගා හඹාගොස් ඇත්තේ කැහටු බලු තඩියෙකු පසු පස බවත් හෙළිදරව් කරගන්න ලදී. 

ඔන්න අපි කිරි වෙහෙරට යද්දී හම්බවුන එක්කෙනෙක් අපේ බ්ලොගර්ස්ලා සෙට් එක මතක් කරන්න කිව්වා.



දැන් තමයි මම කියන්න යන්නේ කතරගම ගමනේ විශේෂම සිද්දිය. මගේ පරණ පොස්ට් කියවල තියෙන අය දන්නවා ඇති මමයි බනියි යාළුවෙලා ගිය පලවෙනි කතරගම ගමනේ ඉඳලා හැමපාරම කිරිවෙහෙරට අඩි 12ක මල්මාලයක් පූජාකරනවා කියලා. එක අපේ චාරිත්‍රයක් වෙලාතියෙන්නේ දැන්. 
                                                     මේ අපි මල්මාලේ තියල වඳිනවා
 

  මේ ඒ මොහොතේම ගත් මාලයේ අනෙක් කෙලවරේ පිංතූරය ළඟ ආලෝක ලපයක් පේනවද?



                                     මේ තප්පර තුන හතරකට පසු එම ලපය ඉහලට ගමන් කරමින්


ඇත්තටම මට මතකයි මීට අවුරුද්දකට විතර ඉස්සෙල්ල මඩයා දාලා තිබුනා මේ වගේම පොස්ටුවක්. මේ පින්තූර මම දැක්කේ ගෙදර ඇවිල්ල පින්තූර බලද්දී කට්ටිය කියන්නේ මේ දේවතා එලි කියල නමුත් මේ පින්තූරේ ගත්තේ පොඩි එකෙක් නිසා මට ෂුවර් එකක් නැහැ මොකද කැමරාවේ මොකක් හරි නිසා හැදිච්ච දෙයක්ද කියල තීරණය කරන එක ඔයාලට භාරයි. මොකද අපේ අයිලාෂ්,වෙනී ලොක්කා, වගේ පරිනත විශිෂ්ට කැමරා කරුවෝ බ්ලොග් ලෝකේ ඉන්න නිසයි මම මේ පොස්ට් එක දාන්න තීරණය කලේ මේ මොකක්ද කියල දැන ගන්න. මොකක් උනත් මෙය පහල සිට ඉහලට ගමන් කල බව පැහැදිලියි. මොකද ඊලංකා ෆොටෝ එකේ ආලෝක ලපය තියෙන්නේ තවත් ඉහලට වෙන්න.

එමින් ගමන් නාගෙන දෙබර වැවින් අල්ලපු ගමන් වැව් මාළුත් අරගෙනයි ආවේ.

                                                            දෙබර වැවින් මාළු ගනිමින් 


                                                              මේ මාළු ටික
                                                       උඩවලවේ වැව අසල

                                           


හැබැයි අපේ වැඩිහිටි උදවිය නම් කැමති උනේ නැහැ අපි වන්දනා ගමනක් ගිහින් එන එකේ පන ගැහෙනමාළු ගෙනාව එක ගැන හැබැයි මාළු බෑග් එක ඇල්ලුව දෙන්නටම සහ සල්ලි දුන්නු මට ගෙදර එන්න කලින් කර්මය පල දුන්නා. තාරකගේ අත වාහනේ දොර වහද්දි ඉදිමෙන්නම අහුවෙලා. ධනුෂ්කට කහවත්තේදී පොලිස් දඩයක්. ඒ මදිවට ටයර් එකක කම්බි කැඩුනා ( ඒ කියන්නේ මට දඩයක්) ධනුෂ්ක එන ගමන් හරියට පසුතැවිලි වුනා ඔහුගේ කටින් වැවු මාළු ගමු කියන වචනේ පිටවුණා එක ගැන.







මේ පහල තියෙන්නේ ලංකාවේ වැකේෂන් එකේ ෆොටෝ ටිකක් ලෝඩ් වෙන අය බලන්න කෝ............




                                                         ගෙදර ඇවිත් වැව් මාළු    BBQ

                                                             කටින් එකයි

                                                පෙනේද සැදැහැවත් සිල්වත් උපාසකයෙක් :O


                                                   පිරිත් දින නිදාගත් ගාන්දියාට වුන දෙයක් 


                                          
                                                   ඒ දන්ඩේ යන්න ගොස් මට උන හදියක්
                                                                 ඩෝප් සීං
                           
                                            අන්දරේ මැරුන මොහොතේ ගත්ත පින්තූරයක් 


                                                           කොහොමද රැල්ලේ සැර


                                                               වැල්ලේ වල දැමු ගාන්දි



Sunday, 8 September 2013

වඩ්ඩාට කෙල උන හැටි. (වඩුමහතෙක්ට උන අකරතැබ්බයක්)

අන්තිම පොස්ට් එක දාල සෑහෙන්න කාලයක් උනා මට බ්ලොගක් කියල එකක් තියෙනවා කියලත් මතක් උනේ මේ ඊයේ පෙරේදා. මගේ සිම් කාර්ඩ් පත නැති වෙලා තිබුන නිසා මට මගේ එකවුන්ට් එකට ලොග් වෙන්නවත් හැකියාවක් නැතිවයි තිබුනේ. ඉතින් මම හිතනවා සහෝදර බ්ලොග් වාසින් සියලු දෙනාම සුවෙන් සැපෙන් කල් ගෙවනවා කියල. 
මට අහන්න ලැබුන පොඩි කතාවක් ඔයාල එක්ක බෙදාගන්න තමයි මම අද කල්පනා කලේ. කාලෙකට පස්සේ ලියන එකේ මාගල් වගේ ලිවිල්ලට පුරුදු වෙන්න සෑහෙන්න කාලයක් යාවි.පඳුරු තැලිල්ල පැත්තකට දාලා අපි කෙලින්ම කතාවට බහිමුකො. මේ කතාව අහල ඇති අයත් ඉන්න පුළුවන් නමුත් වටිනා ආදර්ශමත් කතාවක් නිසයි ලියන්න කල්පනා කලේ.


ඔන්න එකදාස් නමසිය බර ගණන්වල (දඹදිව බ්‍රහ්මදත්ත නම් රජකෙනෙක් හිටිය කාලේ නෙවෙයි) රට නම් කැමති රටක් හිතාගන්නකෝ. ඔන්න ඔය අහවල් රටේ තිබුනලු ගෙවල් හදන කොම්පැනියක්. (ඔය ලංකාවෙත් තියෙන්නේ හැබැයි භාගෙට භාගයක් ඉන්නේ හොරු) ඉතින් මේ කොම්පැනියේ හිටියලු බොහොම අවංකව සේවය කරන වඩු මහත්තයෙක්. 
සෑහෙන්න කාලයක් තමන්ගේ වැඩ ටික අකුරටම කරගෙන හිටිය මුන්නැහේ ගැන කොම්පැනියේ ලොක්ක පවා හිටියේ සෑහෙන්න පැහැදීමකින්ලු. ඉතින් දැන් වැඩ කරලා පැන්සොන් යන කාලෙකුත් එනවනේ.... මුන්නැහේගෙත් අන්න ඒ කාලේ ලංවුනාලු. දැන් මුන්නහේ ගියාලු කොම්පැනියේ ලොකු මහත්තයා මුලිච්චි වෙන්න. 

ඉතින් ලොකු මහත්තයා හම්බවෙලා කිව්වලු තමන් මෙතෙක් කල් සේවය කළා දැන් තමන්ට තවදුරටත් සේවය කරන්න තරම් ශක්තියක් නැහැ දැන් විවේක ගන්න ඕනේ නිසා තමන්ට අස්වීම ලබාදෙන්න කියල (දෙන්න තියෙන දීමනා ටික තමයි ඔය ඉල්ලන්නේ අපි දන්නේ නැද්ද) ඉතින් ලොක්කා කිව්වලු උන්නැහේගේ වැඩ ගැන මම සෑහෙන්න සතුටුයි නමුත් අස්වෙන්න කලින් පොඩි වැඩක් තියෙනවා අන්තිම වතාවට එකත් ඉෂ්ට කොරලා දීලා යන්න කිව්වලු. දැන් මේ වඩු බාසුන්නැහේට පොඩ්ඩක් විතර නොරිස්සීමක් හිතට ආවලු ඇයි දෙයියනේ මෙච්චර වැඩ කරලා වයසට ගිහින් අස්වෙන්න යන වෙලාවෙත් වැඩක් කියද්දී අපිටත් ඉතින් මල පනිනවනේ ගෙදර යන්න ලෑස්ති වෙලා බෑග් එකත් පැක් කොරගෙන ඉන්නකොට කවුරු හරි ඇවිත් කියද්දී අනේ මේ අන්තිම වැඩෙත් කොරල පලයන් කියල. ඉතින් මුන්නහෙටත් එහෙම උනාලු ඒත් ලොක්කනේ හම්බවෙන්න තියෙන දීමනා ටික හම්බ වෙන්නේ නැහැනේ කියන දේ කලේ නැතිනම්. හොඳමයි කියලා බාසුන්නැහෙත් ආවලු.

මොකක්ද මේ බාසුන්නහෙට දීපු වැඩේ සාමාන්‍ය මට්ටමේනිවසක් තනන්න එකත් ලීවලින් (නැත්තන් ඉතින් වඩුවෙක්ට කියන්න ඕනෙද ගෙයක් හදන්න ලී වලින් නෙවෙයිනම්) ලොක්ක කිව්වලු වෙන කිසිම කෙනෙකුගේ උදව් නැතිව තමන් කැමති විදියට තමන්ගේම නිර්මාණ ශක්තියෙන් අවශ්‍ය විදියට සැලසුම් කරලා හදන්න කියල. වඩු උන්නැහේට දැන් තවත් පුෂ්පය විකසිත උනාලු (මල පැන්නලු) ඇයි යකෝ තනිවම ගෙයක් හදල නිම කරන්න කිව්වම. මොනවා කරන්නද ලොක්කගේ කීමනේ කියල සද්ද නැතිව වැඩේ කරන්න ගත්තලු. හැබැයි ඉස්සර වගේ උවමනාවකින් නෙවෙයිලු මුන්නහේ වැඩේ කොලේ. අර උඩින් පල්ලෙන් කිව්ව නිසා පොඩි මඩුවකට වැඩිය ටිකක් ලොකුවට ගේ අටවලා දැම්මලු.
ඇයි ඉතින් ඉක්මනට වැඩේ ඉවර කරන තරමට දීමනාවත් අරගෙන ඇස වෙලා යන්න පුළුවන්නේ. 

කොහොමින් කොහොම හරි වැඩේ ඉවර කොරලා ලොක්කා හම්බෙන්න ගිහින් කිව්වලු සර් ඔන්න වැඩේ ඉවරයි මේ වයසේදී මට පුළුවන් උපරිම විදියට මම ගේ හැදුවා මේක තමයි මට කොරන්න පුළුවන් උපරිමේ කියල කිව්වලු. ලොක්ක හිනාවෙලා බාසුන්නැහේට කිව්වලු ලොකු උන්නැහේ අපේ කොම්පැනියට ගොඩක් මහන්සියෙන් වැඩ කරලා තියෙනවා ඉතින්  ඒ වෙනුවෙන් අස්වෙලා යන මොහොතේ ඔයාටයි පවුලේ උදවියටයි නිවසක් ලබාදෙන්න අපි හිතුවා. ඉතින් ඒ නිවස ඔබම ගොඩනැගුවොත් ඔබේ කැමැත්තට හදාගන්න පුළුවන් නිසයි ඔබ දැන් වැඩ නිම කල නිවාස ඔබටම තැනීමට භාර දුන්නේ කියල. ඔන්න එතකොට තමයිලු වඩු උන්නැහේට තරු වීසි උනේ. ඇයි දෙවියනේ දර මඩුවක් වගේ අටවල දැම්මේ තමන්ගේම නිවස නේද.......?




මේ වගේ දේවල් වලට අපි අපේ කාර්යාලයේදී නොයෙකුත් මුහුණ දෙනවා. බෑග් පැක් එකට ලැප් එක දාලා වැඩ ඉවර වෙලා ගෙදර යන්න යද්දී මේ කොහෙවත් ඉන්න කෙනෙක් රාජකාරියක් අරන් එනවා එතකොට කාටද කේන්ති යන්නේ නැත්තේ. හැමෝම කරන්නේ මල්ලෙන් ගහල දාලා වැඩේ කරලා ඉක්මනට ගෙදර යන්නයි. මොකද උවමනාවෙන් නෙවෙයිනේ කරන්නේ. මටත් ඒ වගේ අවස්ථා වලට මුහුණ දෙන්න සිද්ද වෙලා තියෙනවා. නමුත් මේ කතාවෙන් ගන්න තියෙන ආදර්ශය තමයි වැඩක් බාරගත්තොත් මුල තිබු උනන්දුව අවසාන මොහොත දක්වාම තියගනිමින් ඒ වැඩේ නිම කරන්න කියන එකයි. මේ ලිපිය වයස් සීමාවක් නැහැ. ඕනෙම කෙනෙකුට ජීවිතේට හොඳ පාඩමක්. 


එහෙනම් ගිහින් එන්නම් මා නොමැති කාලයේ ඒ පිළිබඳව සොයා බැලු සියලුම බ්ලොග් මිතුරන්ට මගේ හද රැඳී ප්‍රණාමය.



Thursday, 20 June 2013

නයි කයිද රෝස් පාන්??????????????





අනේ අප්පේ කාලෙකින් ලිව්වේ නැතිව ඉඳල කෂ්ටියට මාව මතකදත් දන්නේ නෑ. මතක නැතිවෙන්නත් ඕනේ. මොකද වැස්සකටවත් වලව්වට ගොඩ උනේ නැහැනේ මම. ඒ උනාට මගේ සුහද මිතුරු පිරිසම දන්නවනේ මම මේ දවස් වල එන්නේ නැත්තේ මොකද කියල උදේ ඉඳන් රෑ වෙනකල්ම ලෙක්චර්ස්. බ්ලොගක් උනාම මේ විදියට මකුළුදැල් බැඳලා පාලුවට යන්න දෙන්නත් හොඳ නැහැනේ ගිය පාර මම දැම්ම නායකත්ව ලිපි මාලාවේ ලිපි දෙකකක් දැනටම සංස්කරණය වෙමින් තියෙනවා ඉඩක් ලැබුණු ගමන් ඒකත් දාන්නම් කෝ....... ඉතින් මේ පාර මම ලියන්නේ මේ ලඟකදී අපේ පුංචිටයි බාප්පටයි සිද්දවුනු අකරතැබ්බයක් පිළිබඳවයි.

මේ දෙන්න එංගලන්තෙට ගියේ දැනට අවුරුදු 10කට පමණ පෙර මල්ලි පොඩි කාලේ. ඉතින් පොඩි එකාට සිංහල බාශාව පිළිබඳව හරි වැටහීමක් නැහැ. කතාකරන ඒවා අහන් හිටියොත් දවසම හිනහ වෙන්න පුළුවන්. කොහොම හරි මේ දෙන්න ලඟකදී කතාවක් ගිහින් තියෙනවා මොන එයාර් ලයින් එකේද ලංකාවට එනකොට එන්න ඕනේ කියල. පුංචි කියනවලු බ්‍රිටිෂ් එයාර්වේස් එමු කියල බාප්පා කියනවලු ශ්‍රී ලන්කන් එමු කියල. ශ්‍රී ලන්කන් එකේ ඉතින් නොසෑහෙන්න බොන්නත් දෙනවනේ 
හිකිස්................. 



ඉතින් මේ දෙන්න  මෙහෙම බහින් බස් වෙනවලු 
බාප්පා:    මොනවා කරලා හරි යන්න ඕනේ ශ්‍රී ලන්කන් එකේ 

පුංචි:       අපෝ නැහැ බ්‍රිටිෂ් එකේ පහසු කම් හොඳයි 

බාප්පා:    මේ ක්‍රිෂාන්ති මමයි ගෙදර ගෘහමූලිකයා මම කියන දේ තමයි ඔයාල කරන්න ඕනේ 

පුංචි :    හරි හරි ලාල් ඔයා නම් කිව්වොත් කිව්ව එකමනේ බලන්නකෝ අක්කේ...........
 
මේ දෙන්නගේ ප්‍රශ්නේ විසඳන්න මැදිහත් වෙන්න උනේ අපේ මව්තුමියට තමයි.

ඒ අස්සේ මල්ලි අහනවා


මල්ලි : කවුද අම්මේ ගෘහ මූසලය කියන්නේ ??????????????? 



බාප්පා:      මොකක්?????????????

මල්ලි:     ක...වු....ද... ගෘහ මූසලයා කියන්නේ?????????

ඔන්න දැන් අපිට පැලෙන්න හිනහ මේ කතාවට. පස්සේ පුංචි තේරුම් කරලා දුන්න ගෙදර ප්‍රධානියාට තමයි ගෘහ මූලිකයා කියන්නේ කියල . දැන් අපේ බාප්පට කොහොමද බාප්පේ අලුත් තනතුරේ වැඩ කියල ඇහුවම හොඳවයින් දෙකතුනක් අහගන්න පුළුවන්. 

ඔන්න එහෙනම් අපි කැපුනා හැමෝටම ජයෙන් ජයම වේවා!!!!!!!



Wednesday, 8 May 2013

නායකත්ව පුහුණව leadership (01) සියල්ලන්ම කියවිය යුතු ලිපියක්. මම වෙනුවෙන් නොව ඔබ වෙනුවෙන්.


 අඩේ අප්පා අද උදේ පාන්දරම නැගිටලා කාගේ බෙල්ල කම්දෝ කියල හිත හිත කබ පිරුන දෙනෙතින් ලෝක ධාතුව දිහා බලන මට එක පාරටම කම්පනාවට ආවේ යකෝ මට බ්ලොගක් කියල දේකුත් තියෙනවා නේද සෑහෙන්න කාලෙකින් මොනවවත් කුරුටු ගෑවේ නැහැ නේද කියල. ඉතින් අද කොහොම හරි මේ පැත්තේ ගෑටුවේ මගේ සහෝදර බ්ලොග් වාසීන් ටික දැකබලාගන්නයි. මේ දවස් වල මට බ්ලොග් ලියන්න කියවන්න එන්නේ නැති හේතුව දන්නේ කිහිප දෙනයි නේ. ඉතින් මම එක අනෙක් අයටත් දැනගන්න එක්ක කියන්නම් කෝ. මම මගේ රැකියාව මාරුකලා. නමුත් මට හිතාගන්න බැරි මේක ප්‍රොමෝෂන් එකක ඩිමෝෂන් එකක්ද කියල කොහොම හරි ඉස්සරට වැඩිය ගානක් පොකට් එකට වැටෙන නිසා සද්ද නැතිව වැඩ ටික කරන් ඉන්නවා. කොහොම නමුත් මගේ විවේකය අඩුවෙලා කියන එකනම් පැහැදිලියි. ඒ වගේම මට දැන් කරන්න වෙලා තියෙන්නේ උදේ ඉඳන් කෑගහන එක තමයි. මොකද මම මේ වැඩ කරන ආයතනය ගොඩදුරට කරන්නේ නායකත්ව පුහුණු වැඩමුළු කැම්පස් යන්න සිලෙක්ට් වෙලා ඉන්න සිසු සිසුවියන්ට

මගේ කොටස තමයි මේ පොඩි කෙල්ලෝ කොල්ලෝ ටිකට Science & Technology  (විද්‍යාව සහ තොරතුරු තාක්ෂනය) කියන දේ එයාලගේ ඉදිරි ගමනට වැදගත් වෙන්නේ කොහොමද කියල කියල දෙන එක. අද හැමදෙනාම දන්නවා අපිට තාක්ෂනය ගැන දැනීමක් නැතිව ඉස්සරහට යන්න බැහැ කියන එක වෙන වෙන විෂයන් වලින් අපි උපාදියක් ලබාගත්තත් අපිට ලොකු තල්ලුවක් වෙනවා එහෙන් මෙහෙන් පරිගණක දැනීමක් තියෙන එක. අද කාලේ ගොඩක් ළමයි බලන්නේ පරිගණක ආශ්‍රිත රැකියාවක් ලබාගන්න පරිඝනක උපාදියක් ගන්න නමුත් ඒ සඳහා විශ්ව විද්‍යාලෙට ගිහින් තමන්ගේ අරමුණ ඉටුකරගණන් කීයෙන් කීදෙනාද? අවුරුදු 4ක විශ්ව විද්‍යාල ජීවිතය අපේ ජීවිතේ ලොකු හැරවුම් ලක්ෂයක් වෙනවා. කරන්නං වාලේ උපාදියක් කරලා ජීවිතේ අවුරුදු 4ක් නිකන් නාස්ති කරගෙන උපාදියට කොහෙත්ම සම්බන්දයක් නැති රැකියාවක් කරන උදවිය මෙහෙ අනන්ත ඉන්නවා. බොහෝදුරට අපි කැම්පස් එකේ විෂයන් තෝරාගන්නේ මොන විදියේ පදනමක් මතද?
  1. දෙමාපියන්ගේ ඉල්ලීම මත
  2. අල්ලපු ගෙදර බුවා කරන්නෙත් මේ අංශයේම රැකියාවක් නිසා 
  3. මෙවැනි උපාදියක් ලබාගැනීමෙන් ලොකු පඩියක් ලබාගත හැකි යැයි අසා ඇති නිසා 
  4. සමාජයේ පිළිගැනීමක් ඇති නිසා 

නමුත් කවදාවත් ඔයාල හිතල බලල තියෙනවද මේ කරන උපාදියෙන් තමන්ගේ අනාගතය දීප්තිමත් කරගන්න විදියක් ගැන? ඒ වගේම කවුරුවත් මේ පිලිබඳ දැනීමක් ඇති පළපුරුදු අයවලෙකුගෙන් විමසල තියෙනවාද? බොහෝ දුරට නැහැ....... බොහෝ දුරට අපි අදහස් විමසන්නේ අපිට අවවාදයක් දෙන්න තියා එයාලටවත් හරි මාර්ගය තෝරාගන්න බැරි අයවලුන්ගෙන්. මතක තියාගන්න මේ සටහන පරිඝනක උපාදිය කරන උදවියටම පමණක් නොව විශ්ව විද්‍යාලයට යන්න හිතන් ඉන්න හැම දෙනෙක් සහ දැනට රැකියාව කරන උදවිය  වෙනුවෙන්ම ලියවුන දෙයක් බව. අද කාලේ Bachelor degree එකක් කියන්නේ සාමාන්‍ය දෙයක්. අද සමාජයේ ඇති තරඟකාරී අධ්‍යාපන ක්‍රමය  තුල බොහෝ දෙනෙක් පෙළබෙන්නේ මෙම උපාදිය ගැනීමට පමණයි. මෙතනින් ඉදිරියට යන්නේ කැම්පස් අවුට් වෙච්ච පිරිසෙන් සියට 15ක් 20ක් වැනි සුළු කොටසක්.


මට මතකයි ඩුඩ් අයියගේ පොස්ට් එකක තිබුනා කවදාවත් තමන්ගේ විනෝදාංශය රැකියාව විදියට තෝරාගන්න නරකයි කියල. නමුත් මට හිතෙන්නේ ඒ දේ වැරදියි කියල. තමුන් රැකියාවක් තෝරාගන්න කලින් හොයල බලන්න ඕනේ තමන්ට මේ සඳහා හැකියාව උවමනාව උනන්දුව සහ කැපවීම කියන දේ තියෙනවද කියල. අපි බොහොමයක් දැනට රැකියාව කරන අය. නමුත් කීයෙන් කී දෙනාද උදේට නැගිටලා උනන්දුවෙන් ආසාවෙන් රැකියාවට යන්නේ. එය මුළු ප්‍රතිශතයෙන් සියට 20ක් වැනි අගයක්. ඇයි මේ අලසකම? මේ උදවියට ගෙදර ඉන්නවට පඩි දෙනවනම් කවදාවත් රැකියාවට යන්නේ නැහැ කියන එක මට ෂුවර්. ඒ අලසකම උවමනාවක් නැති කම ඇතිවෙන්නේ තමන් හිත යටින් කැමති නැහැ තමන් මේ කරන රැකියාවට. අපි උදාහරණයක් විදියට ගමු ටියුෂන් ගුරුවරයෙක්. ලංකාවේ ගුරුවරු ගත්තාම ඉන්නවා ලක්ෂගානක් මේ පොස්ටුව කියවන හැමෝටම ගුරුවරු ඉන්නවා නමුත් මේ ගුරුවරුන්ගෙන් බොහොම සුළු පිරිසක් ජනප්‍රියත්වයේ සාර්ථකත්වයේ හිනිපෙත්තටම නගිනවා. ඇයි මේ සමහර ගුරුවරු පයින් යද්දී අර ජනප්‍රිය ගුරුවරු කොළඹ ක්ලාස් ඉවර වෙලා නුවර ක්ලාස් එකට යන්නේ හෙලිකොප්ටරෙන්. සමහර උදවිය ළමයි නැතිව වේලෙද්දී අර ජනප්‍රිය ගුරුවරුන්ගේ ක්ලාස් වල ළමයින්ට ගුරුවරයව පෙන්නේ රූපවාහිනී තිරයකින්. හේතුව තමයි ඉගැන්වීම ගුරුකම කියන දේ ඒ උදවිය ඇඟේන්ම කරන දෙයක් එකට අමතර පුහුණුවක් අවශ්‍ය වෙන්නේ නැහැ. අර ළමයි නැතිව වේලෙන පන්තිවල ගුරුවරු සුදුසු කම උගත්කම් නැති අයද? නැහැ තියෙනවා සමහර විට මේ ජනප්‍රිය අයට වඩා උගත්කම ඇති. නමුත් ගුරු කම කියන එක එයාලගේ ඇඟේ නැහැ( එය ඔවුන්ට රැකියාවක් පමණයි)


මේ විදියට හැම අංශයකම ඒ සඳහා කැමැත්තක් ඇති ආසාවෙන් කරන උදවිය දවසින් දවස ප්‍රොමෝෂන් ගහනවා පඩි වැඩිවෙනවා. එකම දෙපාර්තමේන්තුවේ රැකියාව එකම දින එකම සුදුසු කම් ඇතිව පත්වෙන දෙදෙනෙක් ගෙන් එකෙක් ආව තැනම ඉන්දෙද්දී අනෙකා උසස් වීම් ලබනවා ඔයාල දැකල ඇති මෙතෙනදීත් වෙන්නේ අර කලින් කිව්ව කාරනාවම තමයි.

අපි ඉගනගැනීමට කලින් හොයල බලන්න ඕනේ කාරණාවලින් මුල් කාරණේ තමයි මම දැන් සඳහන් කලේ ඒ තමන්ට ඒ සඳහා ඇති කැමැත්ත ආසාව සහ හැකියාව. දෙවැනි කාරණේ තමයි Market Need (වෙළඳ පොළ අවශ්‍යතාවය) දැන් අපි ගමු උදාහරණයකට අපේ හර්ෂණ මලයා (රජා). ඒකා සිවිල් ඉංජෙක් මම දන්න තරමට පොඩි කාලේ ඉඳන්ම ඒ සඳහා සැලසුම් කරලා එතනට ආව කෙනෙක්. ඒවගේම රැකියා වෙළඳපොලේත් සෑහෙන්න ඉල්ලීමක් තියෙනවා සිවිල් ඉංජිනේරුවන්ට. මට හිතෙනවා මමත් වෙන්න ඕනේ කියල සිවිල් ඉංජෙක්. කරන්න පුලුවන්ද? ඔව් මොන ක්‍රමේකින් හරි උපාදිය ගන්න පුළුවන්. නමුත් සිවිල් ඉංජිනේරුවෙක් විදියට ජොබ් එකක් කිරීමේදී සෑහෙන්න ගැටළු වලට මුහුණ දෙන්න වෙනවා. මොකද ඒ මගේ කැමති අංශය නෙවෙන නිසා. අයිලාෂ් අයියා අපේ වෙනි (මාමා :P) ගමු හොඳ  කැමරා කරුවෝ. නමුත් වෘතිමය පැත්තෙන් මම ඒ විෂය ඉගෙනගැනීමට ගිහින් රැකියාවක් විදියට කරන්න පුලුවන්ද. පුළුවන් වේලෙන ස්ටූඩියෝ එකක් දාගෙන්න ඉන්න පුළුවන්. මොකද ඒ කැමරා කරණයට මගේ Passion එකක් නැති කම.

මේ විෂය හරිම කම්මැලි විෂයක්. දිගින් දිගට කියවන යද්දී එපාවෙනවා කියවන්න. මේ පැය 3ක ලෙක්චර් එකක් තමයි මම මේ සිංහලට පරිවර්තනය කරලා සරල විදියට දැම්මේ. මේ ලිපිය සම්බන්දව ඔයාලගේ අදහස් මට කියන්න කට්ටියම කැමතිනම් අපි මේ පිළිබඳව විස්තර සහිතව ලිපි දෙකතුනක් දාන්නම් 

විශේෂයෙන් මා නොමැති දිනවල ඒ පිලිබඳ විමසා බැලු දේශකයාට සහ අටම් අයියාට මාගේ හැඩහද පිරි ස්තූතිය.



Tuesday, 2 April 2013

ඊයේ දින උපන් දිනය සැමරු මාරයා,රජා,ඇනෝවෙක් කුජීත කල අවතාර් සහ ලිලි අක්කා ගේ කතා

 
හික්.. හික්... හික්.. සුභ දවසක් වේවා කිව්වා ඔක්කොටම!. ඊයේ වගේ වැදගත් දවසක් සිහිපත් කරලා පොස්ට් එකක් දැම්මේ නැත්නම් හිතට මොකක්ද මොකක්ද වගේ. ඇත්තටම ඊයේ දීලා තිබුණු වැදගත් දිනේ කල් ගිය බව මාරයා පොස්ට් එකක් දැම්ම උනත් උන්දැගේ උපන්දිනේ කොහොමද එහෙම කල්දාන්නෙ කියලයි හැමෝම අහල තිබ්බේ. අනෙක අපේ අඩවි රජාත් ඒකාගේ තහනම් අඩවිය අපිට තහනම් කලාපයක් කළා ඊයේ දිනේට විතරක්. ඒ විතරක්ද අපේ මඩිස්ස ලියන නිශාන් මලයත් අවසන් ලියුමයි ඔබට ලියන්නේ විරහ කඳුළු රැඳී පෑනින් කියලා පොතක් පෙරලලා තිබුනා. තව පැත්තකින් අපේ අවතාර් කොහේදෝ ඉන්න මෝඩ ඇනෝවෙක් තවත් මෝඩයා කරලා කුජීත කරලා තිබුනා. ඔය එක බොරුවකටවත් අහුනොවී එඩිතරව නිර්භයව සිංහයෙක් (ලාගර් එකේ ඉන්න) වගේ හිටපු මාව වන් ෂොට් මෝඩයෙක් කලේ අපේ යසියා. උගේ මොලේ පෑදිලා දැන් හනි බනි කැරට් අල දෙකක් දීලද කොහේ. ඔයාලත් ගිහිල්ලම බලන්නකෝ මුගේ මගඩියේ තරම. බැලුව අය දන්නවා ඇති මොකක්ද ට්‍රික් එක කියලා. කිච වෙන එකේ නිකන් තනියම කිච වෙලා හරියනෙන් නැති නිසා වෙන කෙනෙකු කිච වෙච්ච දෙයක් ගැන දාලා මගේ ගරු නම්බුව (එහෙම එකක් තියෙනවද???? :O) බේරා ගන්න තමයි මේ අසරණ උත්සාහය. 



ඔන්න අපි කතාවට බහිමුකො. මම මගේ කතා තුලින් විවිධ චරිත හඳුන්වලා දීලා තියෙනවා ටිරා, දමියා, උදය වගේ මේ කතාවේ ප්‍රධාන චරිතේ පොඩ්ඩක් විශේෂ චරිතයක් දැන් අහන්න යන්නේ මොකක්ද ඔය තරම් විශේෂෙ කියලනේ. මෙයා හරි ප්‍රසිද්දයි දවසේ මෝඩ කතාව කීමට දවසේ මොකක් හරි අන්දොස් කතාවක් කිව්වේ නැත්නම් මෙයාට නින්ද යන්නේ නැහැ කියල තමයි තතු දත් ආරංචි මාර්ග කියන්නේ.  අපි මෙයාව නම් කරමු ලිලි අක්ක කියලා. පොඩ්ඩක් අන්දොස් නමක්. වැරදීමකින් හරි මේ පොස්ට් එක දැක්කොත් මම ගස් තමයි. ඉතින් අපි ට්‍රැක් එකෙන් පිට පනින්නේ නැතිව කතාවට බහිමුකෝ........

ඔන්න දවසක් හැන්දෑවේ 7 ට විතර ලිලි අක්කා එයාගේ හබියා චන්දරේ අයියත් එක්ක යනවා මේ කිට්ටුව පාත තියෙන Satwa කියන ප්‍රදේශයට ලංකාවේ එළවලු ටිකක් අරන් එන්න. මොකද මෙහෙ ඉන්දියාවෙන් එන එළවලු මෙලෝ රහක් නැහැ කියල කාල තියෙන උදවිය දන්නවා ඇති. ඉතින් මෙහෙම යනකොට ඔය පේලියට තියන රෙදි කඩ පෙළක් පහුකරගෙන තමයි මෙයාලගේ ගමන් මාර්ගය තියෙන්නේ. මේ රෙදි කඩ වලින් එකක දාල තිබිල තියෙනවා අලංකාර ගවුමක්. ඉතින් අපේ කාන්තා පාර්ශවයේ අය කොහොමත් ඇඟලුම් වලට දක්වන්නේ තද ආසාවක්නේ. ඉතින් ලිලි අක්කත් මේක හිතේ තියාගෙන ගිහින් එන ගමන් ගමන පොඩ්ඩක් බාල කරලා ගවුම බලල තියෙනවා. අපේ චන්දරේ අයියත් පොඩ්ඩක් හදිස්සි කාරයෙක්. උන්දා ලිලි අක්කට පොඩි සද්දයක් දාල තියෙනවා මෙන්න මෙහෙ එන්න යන්න පරක්කු වෙලා තියෙද්දී රෙදිත් බලන්නේ අහවල් රෙද්දකටද කියලා. ඉතින් ලිලි අක්කත් මේ ගවුමට තියෙන ආසාවට එතන පිටිපස්ස හරවන් හිටපු කෙනෙක්ගෙන් අහනවලු

 "Excuse me how much is this frock?" (සමාවෙන්න මේ ගවුමේ මිල කීයද) 

සද්දයක් නැහැලු නැවත වතාවක් සද්දේ දාල ඇහුවලු මේ කතාවම ඒත් ගණන් ගන්නෙවත් නැහැලු. ලිලි අක්කටත් දැන් පොඩ්ඩක් ඉවසීමේ සීමාව ඉක්මවා ගියාලු වැඩේ ගැන. කඩේ ඇතුලට ගිහින් මැනේජර් වගේ පෙනුන කෙනෙක්ට කිව්වලු බලන්න අර එළියේ ඉන්න සේල්ස් කොල්ල කිසි කමකට නැහැ මෙහෙමද කස්ටමර්ස්ලට සලකන්නේ මේ ඇඳුමේ ගාන කීයද කියල  3න් 4ර සැරයක් ඇහුවා ගනන්වත් ගත්තේ නැහැනේ කියල. කඩේ සේවකයෙක් විදියට මේ වගේ දෙයක් කරනවා කියන්නේ කඩේ බිස්නස් වලට හොඳ නැති නිසා, කඩේ මැනෙජර් මහත්තයත් දඩි බිඩි ගාල එලියට ඇවිත් මේ අහංකාර සේවකයා කවුද බලන්න.ඒ වෙද්දී එතනට ඇවිල්ල හිටිය චන්දරේ අයියත් වැඩේට එකතු වෙලා තියෙනවා. හුටා කාලා වරෙන්කො.............. කවුද මේ සේවකයා. 
 
                                                               

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

             ඩමියක් ඕයි........ ඩමියක්......................

එතනින් එහාට වෙච්ච දේ ඔයාලට හිතා ගන්න පුළුවන්නේ............. :D

ලිලි අක්ක දැන් හතලිස් වියත් පසුකරලා ඉන්නේ ඒ නිසා ඇස් පෙනීමේ පොඩි දුර්වලතාවයකින් පෙළෙනවා. හැබැයි ඇහුවොත් කියන්නේ මට හොඳට පේනවා බොලාට වැඩිය කියලයි.






Sunday, 17 March 2013

මුගේ වයසටද යකෝ වැඩ......?



අද මට මේ කතාව ලියන්න හිතුනේ දේශාගේ ඩයරි කතාව දැකලා. මේක වෙලත් දැන් අවුරුදු 10ක් විතර වෙනවා. මාව මේ කරදරේ දැම්මේ වෙන කවුරුවත් නෙවෙයි මගේ මස්සිනා හුළං ගැරඬියා තමයි. මු ඒ දවස් වල ඔය ලස්සන ලෙදර් කවරයක් තියෙන ඩයරියක් පැන්සලකුත් එක්ක යන යන තැන අරන් යනවා ඕකා කොහොමත් සුපිරි කළා කාරයා. කෙනෙක් දිහා බලාගෙන ඒ  කෙනාව පැන්සලෙන් ඒ විදියටම අඳින්න පුළුවන් හැකියාවක් පොරට තියෙනවා.

                        
                                                         ( මේ වගේ නිර්මාණ තමයි ඉතින් වැඩිපුර කලේ. කොහොමත් කළා කාමියනේ )

 
 ඒ වගේම නිසඳැස් පුදුම විදියේ ලස්සනට ලියන්නට හැකියාවක් තියෙනවා. මොකද මිනිහා ඒ දවස් වල ඉඳන්ම ප්‍රේමයේ විරහව ද මොකක්ද කියන එක  උපරිමේට විඳින පොරක්. ඒ ගැනත් නොලිව්වොත් මෙතනට අඩුපාඩුවක් වෙන නිසා ලියන්නම් කෝ.

මුන්ගේ ගෙවල් ළඟ ඉන්නවා සුදු කෙල්ලෙක් පොඩ්ඩක් ඉතින් ලස්සනයි තමයි. මූට වැඩිය අවුරුදු 4 ක් විතර බාලයි. හැබැයි තියෙන එකම පරහා මේකී කොටයි. දමියා අඩි 6 කටත් වැඩිය උසයි ඉතින් දෙන්නගේ උස පරතරේ අඩි දෙකහාමාරකට වැඩියි. තනිකරම රූකඩ කේස් එකක් තමයි මුන් දෙන්නගේ තියෙන්නේ. 


කිව්වට විශ්වාස  කරයිද දන්නේ නැහැ ඒ කාලේ ඉඳලා තාම මු මේ කෙල්ලට ලයින්. ඒකි එක 100 සැරයකට වැඩිය බැහැ  කියල ඇති. නමුත් මේකා නෙවෙයි ට්‍රයි එක අත අරින්නේ. (ආ... මට කියන්න අමතක උනානේ කෙල්ල කොට නිසා අපි කියන්නේ පාන් බට්ටි කියලා) මූට දිරවන්නෙම නැති වැඩේ තමයි මූ එක්ක මෙහෙම උනාට උගේ මස්සිනාලා දෙන්න වන මම එක්කයි  ඉරේෂ්  එක්කයි මේකි ඕනෙවට වඩා හිතවත් වීම. එහෙම කරන්නෙත් මූට රිද්දන්නද කියලත් වෙලාවකට හිතෙනවා.

කොහොම හරි අපේ මාමාගෙන් මු පොලු පාරවල් කොසු පාරවල් අනන්ත කාලා ඇති ඔය වැඩේ නිසා. කොහොම හරි කතාවේ ට්‍රැක් එක පැන්නනේ ඒකෙන් මේකෙන්. ඉතින් මු අතේ තියෙන ඩයරිය මට නිකන් නිධානයක් වගේ තමයි පෙනුනේ මු මේක පරිස්සම් කලෙත් ඒ විදියටම තමයි. කොහොම හරි අපේ ලොකු මාමගේ පිහිටෙන් මමත් හොයා ගත්තා ඩයරියක්. තරුණ සේවා සභාවෙන් දීපු එකක්. මමත් ඉතින් මේකේ එක එක කවි අනන් මනං ලිව්වා හැබැයි පරහකට තිබුනේ ලිව්වේ ඉංග්‍රීසියෙන්. දවසල් මගේ ඩයරිය බලලා දමියා කිව්වා මෙහෙම හරියන්නේ නැහැ බන් ඩයරිය තියෙන්න ඕනේ ලස්සනට මේ වගේ අකුරු නිකන් බල්ලොවත් කන්නේ නැහැනේ කියලා මමත් ඉතින් මුගෙන් ගුරුහරු කම් උපදෙස් ටිකක් පැතුවා මගේ වැඩේ ලස්සනට කරගන්න

කුමරි, සිරිකත, ඕන ඔය වගේ නානාප්‍රකාර පත්තර ගොඩක් ගෙනල්ලා දුන්නු දමියා මට ඒවගේ තියෙන කවි නිසඳැස් වගේ දේවල් ලියන්න කිව්වා. මමත්  කොහොම හරි බොහොම අමාරුවෙන් අකුරු ගලපාගෙන මේ වයින් දෙකතුනක් ලිව්වා. පස්සේ මේ වැඩේ හරියන්නේ නැති නිසා දමියට කියලම තවත් කිහිපයක් ලියවා ගත්තා. ඇල්පිටියේ මාමලාගේ ගෙදරින් අපි ආවේ ලොකු මාමලාගේ ගෙදරට. එහෙත් දවස් කිහිපයක් නැවතිලා ඉන්න වෙන්නේ අම්මගේ සහෝදරයින්ගේ ගෙවල් වල දවසක් හරි හිටියේ නැත්නම් ආඩපාලි අහන්න වෙන නිසාලු අරහේ ගියා මෙහෙ ගියේ නැහැ අරව මේවා කියලා. ඉතින් අපි ලංකාවට බැස්ස ගමන් මුලින්ම කරන්නේ නෑ ගෙවල් වන්දනාවේ යන එකනේ. ආයෙම කතාවෙන් පිට පැන්නා.

මෙහෙ ආවම මට තිබුණු එකම වැඩේ අහල පහල ගෙවල් වල පොඩි උන් සෙට් එකත් එක්ක සෙල්ලම් කරන එක. දවසක් මම සෙල්ලම් කරද්දී එතන තිබුණු ඉස්කෝලේ පිට්ටනියේ. එතනට ආව අපේ ලොකුඅයියා (අර පොලිස් බුවා) සුදු මෙහෙ වරෙන් යන් අන්න තාත්තා එන්න කියනවා කියලා කතා කරා. මම පොඩ්ඩක් පුදුමෙන් බැලුවේ මොකද යකෝ මේ විදියට මු මට කතා කරන්නේ කියලා. පොඩි කුතුහලයකුත් හිතේ තියාගෙන බයිසිකලේට නැග්ගේ අර ඇහැටුල්ලගේ මූනවත් බලන්නේ නැතිව මොකද උගේ කටේ තිබ්බ කින්ඩ් හිනාව මට දැනටත් මතක් වෙද්දී කේන්ති යනවා.

ගෙදරට එද්දී ඔක්කොම සාලෙට වෙලා අපේ ආච්චි කම්මුලට අත තියාගෙන. අම්ම ඉන්නවා මූණ දෙක කරගෙන. තාත්තා නිකන් අබ අහුරක් දැම්මත් පුපුරන සයිස් එකට මූණ හදාගෙන ඉන්නවා අතේ මගේ ඩයරියත් තියාගෙන.
"මොනවද බොල මේ ලියලා තියෙන්නේ? "
මූණ හඳක් වගේලු අරක මේක වගේලු මේක අරක වගේලු...... යකෝ වයසටද මුගේ වැඩ? හප්පේ කොනක ඉඳන් බැනුම්.










 

 මම දැනගෙන ලියපුවද කෙහෙල් මල කොහොමින් කොහොම හරි මගෙන් අගමුල හොයාගෙන දමියටත් බැනුම් අහන්න උනා නොසෑහෙන්න. එදා මෙදා තුර කවදාවත් මම නෙවෙයි ඩයරියක් පාවිච්චි කරන්නේ.

Monday, 4 March 2013

ගල් කතාවක් 18+.වල් හිතට කෝකත් වල් තමයි.

අද මම ඔයාලට කියන්න යන්නේ මගේ බොක්කේ යාලුවෝ 5 දෙනාගෙන් එකෙක්ට (උදයාට) වෙච්ච හාස්ස්‍යය ජනක සිදුවීමක් ගැනයි. නමුත් මෙහි අන්තර්ගතය 18+ හොඳයි කියා සිතන නිසාවෙන් ඊට අඩු  අඩු අය සිටිනවා නම්   දැන්මම ඉවත් වෙලා ගියොත් හොඳයි. ඔන්න ඉතින්  මේක කියවල මට බනින්න එපා කුනුහපරයක් වෙබ් එකට දැම්ම කියල හොඳේ 


.......  ඔන්න මේකයි සිද්දිය මට මතක විදියට 200.. අපි ඔක්කොටම chance එකක් හම්බ උනා එකට ලංකාවට එන්න ඒ කියන්නේ මට නුවන්ට, සහන්ට, සමීරයට,උදයාට සහ නිශාන්ට ඉතින් මේ සතුට කොහොම සමරම්දෝ කියමින් සිත සිත සිටින අතර වාරයේ අපේ සහන්ගේ ටිකිරි මොලේට  ආව ටිකිරි පැලැනක්. කට්ටියම එක පයින් ක්‍රියාවට නංවන්න තීරණය කොලා කියමුකෝ. මේ පැලෑන තමයි  සීතල නුවර එලියට ගින්දර ට්‍රිපක් යන එක. කට්ට කාෂ්ටක අවුවේ වේලි වේලි මැදපෙරදිග ඉන්න අපිට සීතල පැත්තකට යනවා කියන්නේ නිකන් දිවියලෝකේ ගියා වගේ තමයි. ඒ නිසා හැමෝම මේ ගමනට කතුවෙන්න ආවේ බොහොම කැමැත්තෙන්

කොහොම හරි ගමනට දවසක්  ෆික්ස් කොරගෙන ගෙවල් වලිනුත් කැමැත්ත ගත්තා.ඒක අනිවා ඩෙෆා ගන්න ඕනෙනේ. මොකද මේකට සම්බන්ද වෙන්නේ අන්දොස් සෙට් එක  විතරක් නිසා. කොහොමෙන් කොහොමෙන් හරි අවසරේ ලැබුනත් පොඩි පරහක් තිබුන යන්නේ මොකේද කියන එක. මේ වෙලාවේ දෙවියෙක් නෙවෙයි යකෝ දේවාලයක් වගේ අපේ පිහිටට ආවේ සහනා. උගේ මාම පොඩ්ඩක් බර තියෙන පොරක් (i mean සල්ලි තියෙන බුවෙක්) ඉතින් පොරට ළමයි නැති නිසා මෑන් සහනට හරි ආදරෙයි. ඉතින් මු කිව්වා  උගේ මාමගේ ලෑන්ඩ් කෲසර් කටුව ඉල්ලගන්න පුළුවන් වේවි කියල. හැබැයි හොඳ වැඩිමහල් ඩ්‍රයිවර් කෙනෙක් යනවනම් විතරක් ඒක දේවි කියලයි  කිව්වේ. 
(මොකද අපේ කට්ටිය ට්‍රිප් ගිහින් වෙන අන්දොස් වැඩ කට්ටියට මතක ඇතිනේ. අපි ඔය වගේ බාල්දි පෙරලගන්න දක්ෂ බව සෑහෙන්න ප්‍රසිද්ධයි) දැන් ඉතින් කාවද මේ වැඩේට උගස් තියන්නේ කියා කියා හිතන කොට මගේ කම්පනාවට ආව මගේ ඥාති සහෝදර තුමා වන  හුලංගැරඩියව. 


ඒ කිව්වේ අපේ දමිත් අයියව කොටින්ම කියනවනම් ඕකා නගර සභාවේ කුණු ලොරිය වගේ තමා ඕනේ කුණුගොඩකට අත දානවා.   හිතවත් කමට මිසක් වෙන දෙකට නෙවෙයි. ඉතින් ට්‍රැක් එක පනින්නේ නැතුව කතාව කියපන් කියල  කියන්න කලින් අපි දමියාවත්  අරන් ගිහින් පෙන්වල වාහනේ ඉල්ලගත්ත.

 දැන් වැඩේ ඔක්කොම හරි ඉතින් අපි කෂ්ටිය උදෙන්ම යන්න පිටත් උනා අපි 5 දෙනා විතරක් නිසා කරදරේකින් තොරව බෙල්ල කැඩිච්ච සිංහයෝ (දන්නවා  ඇතිනේ මොනාද කියල)  4- 5 දෙනෙක්ව පාකරමින් මග නැවතිලා ෆොටෝ එහෙමත් අරගනිමින්.අපේ ගමනාන්තයට ආව. මේ ගමනේ මහන්සිය නිවන්න තවත් හේතුවක් උනේ අපේ උදයා. උන්නවනම් මලගෙදරක් උනත් කෙලින්ම කෝලම් මඩුවක් වෙනවා ආයේ දෙකක් නැහැ මල මිනියත් නැගිටලා බඩ අල්ලන් හිනහ වෙන දේවල් තමයි මු කරන්නේ කියන්නේ. කොහොම හරි අපේ නුවනයගේ හඳහනේ මොකක්දෝ ලොකු අපලයක් තිබිල වගේ එදා උදයගේ බයිට් එක උනේ නුවනා. මුට පිටිපස්සේ ඉන්න බැරි තැන සහනට කියල සීට් එක මාරුකරන් මගේ ලඟට ආව ඉස්සරහට. නැතිනම් ඉතින් අරූගේ මකර කට වැහෙන එකක්යැ. හතර වටේ කරක් ගහල යන්තම් ලස්සන නවාතැන් පොළකට සෙට් වුනා.                                                        අපේ කට්ටිය හිටියේ මතින් සහ ගමනින් දෙකෙන්ම මත්වෙලා.  රෑත් අපරාදේ කියන්න බැහැ  තිතට මත් උනා 
සෙට් එකම. අපේ වන්දනා නඩේ ඔක්කොම හොඳ උපාසකයෝ නොවැයි ආයිබෝන්ඩ  හිටියේ (මේ මම තුමා වගේ)


     කොහොම හරි කස්ටියම එලාම් එකතියල නිදාගත්තේ පහුවෙනිදා උදෙන්ම නැගිටින්න. කොහොම හරි උදේ නැගිටින කොටත් කට්ටියට වෙරි.කොහොමින් කොහොම හරි මේ කබරයෝ ටිකත් ඇදගෙන මේ උදෙන්ම පිටත්වෙන්නේ  ෆොටෝ ටිකක් ගහල ගෙනල්ල අපේ ඉස්කෝල වල උන් හොල්මන් කරන්න. මොකද මෙහෙ ඉන්න ගල් අරාබි,ඉන්දියන් පකිස්තාන් කාරයෝ  කවදා නුවර එලි යන්නද? උන්ට කොහොමත් අපි ගන්න ෆන් නිකන් මැජික් වගේ. නවාතැන් පොලේ හිමිකරුගේ මගපෙන්වීම මත  උදෙන්ම 7ට විතර අපි ආව තේ වත්තක් කිට්ටුවට (මතක හැටියට හාවා එලිය පැත්තට කිට්ටුව වගෙයි).  දැන් ඉතින් කට්ටිය කැමරා අටවාගෙන පොටෝ ගහනවා 

නිකන් නෙවෙයි දන්නා ශිල්ප ඔක්කොම දාලා උදයාගේ ගොන් වැඩ වලට බනිමින් නුවනයව  බයිට් කරමින් ඉන්න කොට ඈත එනවා තේ කූඩ බැඳගත්ත ගෑනු ටිකක්. ගෑනු කිව්වට දෙමල ගෑනු ටිකක්. අපිත් ඉතින් අර ලොකු ලොකු ප්‍රදර්ශන වලට තියෙනවා වගේ. එහෙන් මෙහෙන් මොවුන්ගේ පොටෝ කෑලි ටිකක් ගත්තේ නිකන් ලොකු ප්‍රොෆෙෂනල් පොරවල් වගේ

 අපි ඔවුන් සමග කතා කරන්නට හැදුවත් ඔවුන්ට සිංහල එතරම් තේරුනේ නැතිබව අපිට වැටහුනා බැවින් අපි කෙලින්ම ඉස්සරහට දැම්මේ අපේ නුවන්. මූට දෙමල වතුර වගේ නුවන් දෙමලෙන් ඔවුන්ට කතාකරල ෆොටෝ වලට පෙනිහිටියාට ස්තූති කලා.

අපේ උදය තනිකරම බොයිලර් කුකුළා. මු නුවන් ලඟට ලං වෙලා ඇහුව මචන් දෙමලෙන් ගුඩ් morning නංගි කියන්නේ කොහොමද කියල. වැල්ලවත්ත  ප්‍රදේශයේ ජීවත් වෙන නුවන් අපේ සෙට් එකේ දෙමල දන්නා එකම එකා. අනෙක් උන් ඔක්කොම දන්නේ වාඩා සහ පෝඩා කියන්න විතරයි. නුවණය මගේ දිහාට හැරිලා කින්ඩි හිනැහාවක් දාලා මට ඇහැක් ගහල මූට දෙමල වචනයක් කිව්වා. උදයටත් උදේ පාන්දර මේ තේ වත්ත උගේ නමට ලියල දෙනවා කිව්වා වගේ ජොලියක් ගිහින් උඩ පැනල අතේ ඇඟිලි ටික එහෙම කඩලා උගුර පාදල සෙට් උනා වැඩේට. ඔන්න දැන් මේ මහිලාවන් ටික අපි පහුකරලා යනකොට එතන හිටි අවුරුදු 17 -18 ක් විතර වෙන (ඊට වැඩිද කියන්න මම දන්නේ නෑ අපිට වඩා වැඩිමහල් ලුක් එකක් තමා තිබ්බේ) තරුනියොන්ගේ   පැත්තට හැරුණු මු අපි ආයුබෝවන් කියන්න වගේ අත්දෙක හදාගෙන "තන්ගච්චි කල්ල වෙට්ටුමා" කියල කිව්වා. අරුන් ටික බුල්ටෝ කාපු රිලව් ටික වගේ මූ දිහා ඔරෝල බලන කොට මූ තව කෙල්ලෙක්ටත් ඕකම කිව්වා අපිත් දන්නේ නෑනේ ඕකේ තේරුම මුගේ ඇක්ෂන් වලට හිනා වේවි ඉන්න කොට තරබාරු දෙමල කාන්තාවක් පැනපු ගමන් දෙමලෙන් කෑකෝ ගසමින් මුගේ කම්මුල පුරෝල දැවැන්ත 6 පාරක් එල්ල කලා.     


             මම හිතන්නේ සනත් අයියාවත් ගහල නැතුව ඇති ඒවගේ ලස්සන ෂොට් එකක්. අපි කාටවත් කට අරින්න තියා හිතාගන්නවත් වෙලාවක් ලැබෙන්න කලින් ඔක්කොම ටික එකතු වෙලා මූට නෙලන්න ගත්ත අම්බා නෙලිල්ලක්. අර පිටේ බැඳලා  තිබුණු තේ කූඩයක්  ගලවාගත් එකියක් ඒක මුගේ ඔලුවේ නවල බිම දිගේ රෝල් කරලා දැම්ම. මේක අපිට බලන් ඉන්නත් බෑ මැදිහත් වෙන්නත් බෑ. මොකද වැරදිලාවත් අපිට ගැහුවොත්  අපිත් ගහන්නයැ ගෑනුන්ට ?????  මම නුවන්ට කිව්වා නුවන් මම වාහනේ ස්ටාර්ට් කරගනන්ම් උඹල ගිහින් අරූව ඇදන් වරෙන් කියල.

 යන්තම් ඒ මාර සේනාවන්ගෙන් අපේ මිත්‍රය බේරාගෙන 2012 ලෝක විනසෙන් බේරෙන්නවගේ ඩ්ර්යිව් කරන් ආව ටවුන් එක දිහාට. නුවන් මගේ ඉස්සරහ සීට් එකේ අරුන් පිටි පස්සේ. ඒ කිට්ටුව තිබ්බ කඩේකින් අපි නැවැත්තුවෙ සිද්ධාලේපයි ප්ලාස්ටර් ටිකකුයි ගන්න. සහනයි නිශානයයි දෙන්නා උදයව  අරගෙන කඩේට රිංගුව වෙලේ මගේ හිතට වද දුන්න ඒ ප්‍රශ්නය මම නුවන්ගෙන් ඇහුව, මොකෝ "මට තාම හොල්මන් උන වැඩේට. මොකද බං අරුන්ට උනේ???? උදේ පාන්දර අමු කැවිලද..   මොකක්ද යකෝ ඒ කිව්ව වචනේ තේරුම" කියල මොකද නිකන්ම මිනිහෙක්ට කේන්ති යන්නේ නෑනේ. නුවන් හිනාවෙවී මගේ කනට කරලා කිව්වා වචනේ තේරුම ඔයාලට හිතාගන්න පුලුවන්ද මොකක්ද මොකක්ද තේරුම කියල.........?    


 නංගි ග....ක් ක...මුද  කියන එකයි එකේ තේරුම. හුටා ඇරිය නේද තාප්පෙටම............ :O  


මු කිව්ව දේ අහල මටත් කට උත්තර නැතිව ගියා. "ඇයි බං උඹ එහෙම දෙයක් කලේ?" උත්තර ලෙස නුවන් පැවසුවේ "අරූ ඊයේ මාව බයිට් කරා අද මම දුන්න රිටන් එක" කියල "ඒත් බං මම හිතුවේ නෑ මේ මල යක්ෂණියෝ මූට ගහවි කියල" කිව්වා. උදයල එනවා දැක්ක නිසා අපි කතාව නවත්තල වාහනේට නැග්ග. "මචන් උඹට දැන් කොහොමද" කියල මම අහද්දී "දිනු  මචං මුන් මරාගෙන මැරෙන කොටිද කොහේ බං. ගුඩ් මොර්නින්ග් කියල ඔහොම නෙලුවනම්, නංගි මාත් එක්ක යාලු වෙනවද කියල ඇහුවනම් අපි සෙට් එකම ඉවරයිනේ බංඑතනම"  

යයි කියද්දී අපි සෙට් එකට හිනාව නවත්වගන්න බැරි උනා. අදටත් මම හිතන්නේ නෑ උදයා එක දෙමල වචනයක්වත් ආසාවට කතාකරනවයි කියල.හි...... හි.....හි....     මට මේක මතක් උනේ මගේ කොම්පැනි එකේ වැඩ කරන පිලිපීන ජාතිකයෙක් මගෙන් කොහොමද කියල ඇහුවයිනුයි.


 මේ කතාව මම ලිව්වේ මම බ්ලොග් ලෝකෙට ආව අලුතම නමුත් මේකේ ගොඩක් අක්ෂර දෝෂ ලිවීමේ වැරදි එහෙම තිබුනා. මට කිහිප දෙනෙක්ගෙන් ආව ඉල්ලීමක් තමයි මේක නැවත වැරදි හදා දාන්න කියලා. ඉතින් සමහර අය මේක බලලත් ඇති. නොබලපු යට බලන්නත් එක්ක ඔන්න මම මේක නැවත වතාවක් පිළිවෙලකට ලියල දැම්මා.

Related Posts Plugin for WordPress, Blogger...