Sunday 24 June 2012

බේබි ආච්චිගේ වැටකොළු ආතල් එක...... අවාසනාවට ඇත්ත කතාවක්




ඔන්න අද මම ලියන්න යන්නේ මඩ කතාවක්. නමුත් ඉස්සෙල්ලම කියන්න ඕනේ මේක කාටවත් අපහසකිරීම සඳහා නොව හුදෙක් විනෝදය උදෙසා ලියන්නක් බව. දැන් මම ඔයාලව එක්කගෙන යනවා අම්බලන්ගොඩට. අම්බලන්ගොඩින් 4km  විතර ගොඩකරේට වෙලා පිහිටපු තවමත් ගැමි සුවඳ ගැමි කම රැදිච්ච ගමක්. මේ ගමට යන හේතුව කියන්නත් ඕනෙනේ.. මේ ගම තමා මගේ අම්මගේ උපන් ගම. එහෙම නැත්නම් මගේ ආච්චි අම්මල හිටියේ එහෙ තමා. ඉතින් එහෙ ගිය කාල වලදී සෙල්ලම් කිරීමට මම හොයාගෙන හිටිය ගජයෝ සෙට් එකක්. නම් කිව්වොත් කුමාර, එරංග, හෂාන් රංග ඉතින් අපි කට්ටිය එකතු උන ගමන් කරන්නේ ඉතින් හොර පොලිස් සෙල්ලම් තමා. දන්නවා ඇතිනේ කට්ටියක් පොලිසිය විදියට කට්ටියක් හොරුවිදියට. හොරු හැඟෙනවා පොලිසියට තියෙන්නේ අල්ලන්න හොයන්න හැංගුන හොරුන්ව. කැප්රෝල් තුවක්කු වලින් වෙඩිතියගනිමින් කරන්නාවූ මේ සෙල්ලම තමා නිතරම සෙල්ලම් කලේ. මොකද පොඩි කාලේ මගේ හිතේ තිබ්බ ලොකුම ආසාව තමා ලොකු වෙලා හමුදාවට බැඳෙනවා කියන එක( ඒක අදටත් ඒ විදියටම තියෙනවා) මේක ඉතින් ඒක තැනක සුළු බිම් ප්‍රමාණයක කරන්න පුළුවන් සෙල්ලමක් නෙවෙයි නේ. ඉතින් අහල පහල ගෙවල් වලයි. ගුන්දයියගේ වත්තෙයි තමා සෙල්ලම් කරන්න යොදාගන්නේ. අක්කර 10 වැඩි කුරුඳු සහ අක්‍රමවත් පොල් වගාවකින් සමන්විත ඒ වත්ත පොල් වත්තක් කියන්නත් බෑ කුරුඳු වත්තක් කියන්නත් බෑ. ඉතින් ඔහොම ඉන්න කොට මමයි හෂානුයි තමා හැම දාම පොලිස් කාරයෝ දෙන්න. අරුන් තුන් දෙනා හොරු. කුමාරයි  රංගයි මටවද වැඩිමහල් අනෙක මම ගම ගැන එච්චර දන්නේ නෑ. මොකද ගමේ ඉන්න ඔඅනේ ගම ගැන දැනගන්න. මේ 3 න් දෙනාම හැංගෙන්න හොයන්න අමාරුම තැන් වල තමා.  අපි දෙන්නත් දන්න සෙල්ලම් දාල මුන්ව අල්ලගන්නවා නමුත් දවස් ගානක ඉඳල මුන් හැන්ගෙන තැන් අපිට හොයාගන්න බෑ කළුවර වැටීගෙන එනකොට කෑගහල හූ කියල අපි අනෙක් තුන් දෙනාට දැනුම් දෙනවා(ඒක තමා සිග්නල් එක) අපිට හොයාගන්න බෑ එලියට එන්න කියල මොකද ඒ දවස් වල අපේ අම්ම මට දාල තිබුන නීතිය 6 වෙනකොට ගෙදර ඉන්න ඕනේ  කියන ඒක මොකද ඒ දවස්වල මගේ වයස අවුරුදු 8 ක් විතර ඇති. මම පහුවෙනිදා හශාට (හෂාන්ට) කිව්වා ඈ බන් මේක හරි යන කෙලියක් නෙවෙයි මුන් කොහෙද මේ හැන්ගෙන්නේ මොකද හොයන්න පුළුවන් හැම තැනම අපි හොයල බැලුව ඒක තැනක් ඇර.......... ඒ තමා බේබි ආච්චිලගේ වත්තේ බේබි ආච්චි කියන්නේ ඉරිදා පොලේ පලා ,කොහිල  විකුණන  ගෑනු කෙනෙක් උන්දැගේ වයස 70 වට  වැඩි  මිසක් අඩු නැති වෙන්නඕනේ මොකද එයාගේ පුතාගේ වයසත් අවුරුදු 35kata වැඩියි. මෑන්ගේ නම තමා රත්ත (ඇත්ත නම මම දන්නේ නෑ) මෑන් ඔය අපි කියන්නේ දෙපැත්තටම නැති අය කියල අන්න එයින් කෙනෙක් ඒ කාලෙනම් එච්චර වැටහීමක් නෑ ඕව ගැන. ඉතින් මේ අමම්යි පුතයි  තනියම ජීවත්වෙන අවුරුදු 60 ක් විතර  පරණ බාගෙට ගරා වැටිච්ච ගේ දිහාට අපි කවදාවත්ම ගිහින් නෑ ඒ මොකද කියනවනම් බේබි  ආච්චිට පොඩි උන්ව විශේෂයෙන් අපිව දිරෙව්වෙ නෑ. (ඇයිද  දන්නේ නෑ නේද සීදේවි පැටව් ටිකනේ නේද???) මම කිව්වා හෂා මුන් සුවර් එකටම හැන්ගෙන්නේ නාකි බෙබිලගේ වත්තේ තමා මොකද කුමාරගේ අම්මගේ නැන්ද තමා මේ බේබි ආච්චි. වරෙන් යන්න කියල හෂාවත් ඇදගෙන වත්තට පැන්න නගර වල වගේ තාප්ප බැඳලා නැති මේ ගෙවල්වලට මායිම් උනේ ක්‍රෝටන් සහ ඇල්බීසියා ගස් ඉතින් කොමාන්ඩෝ ගේමක් හිතට අරන් අපි දෙන්නත් පැන්න වත්තට.මගේ සකේ හරි මුන් තුන්දෙනා ඉන්නවා පිළිකන්නේ රට බිලින් ගහේ නැගල මුන් හිතුවේ නෑ අපි ඒවි කියල මොකද දැන් දවස් 3 ක් ම අපි මෙතනට ආවේ නැති නිසා බඩු මාට්ටු වැල් කොහිල වැල් වලින් අත් ගැට ගහල යන්න හදන කොටම මට ආව රට බිලින් ගෙඩියක් කන්න අදහසක් හශාට කිව්වම මූත් ඒක පයින් කැමැත්ත දුන්න. ඒත් නගින්නේ කවුද අපි දෙන්නටම ගස් නගින්න බෑ. දන්නා උන් හොරු සෙල්ලමට හරි ලිහන්න බැනේ. ඒ නිසා මම කිව්වා පොලු ගහල කඩමු කියල දෙතුන්  පාරක් දමල ගහන කොටම ඇහුන ඉස්සරහ පැත්තෙන් කවුදෝ බැනගෙන එන සද්දයක්, අපිට හිතාගනන්වත්  වෙලාවක් හම්බවෙන්න කලින් මෙන්න ඉන්නවා නාකි බේබි අපේ ඉස්සරහ. මගේ අතේ පොල්ල හශාගේ අතේ රට බිලින්. බඩුත් එක්කම හොරු මාට්ටු හිතාගන් වෙලාවක් හම්බවෙන්න කලින් ක්‍රෝටන් වැටත් කඩාගෙන අපි 5 දෙනා දිව්වා පන එපා කියල එයින් සෙල්ලම නවත්වල ගෙදර ගියේ හැමෝම හරිම හොඳ ළමයි  වගේ. නාල හවස ටීවී බලන්න සෙට්වෙලා ඉන්න කොට මට ඇහුන ඉස්සරහ පැත්තේ කවුද කතාකරන සද්දයක්.මටත් ඉතින් ඕනේ නැති කෙහෙල් මලක් නැති නිසා පොඩ්ඩක් හොට දාල බැලින්නම් මෙන්න ඉන්නවා දිලිසි දිලිසි............ කවුද? වෙන කවුරුත් නෙවෙයි අපේ නාකි බේබි. අපේ අම්මටයි ආච්චිටයි කියනවා අවනඩුව. අම්මගේ ඇස්දෙකෙන් ගින්දර විසි වෙන්න වගේ.    එච්චරටම මල පැනලද????  මල පනින්නේ නැද්ද මේ ගෑනි  කියපුවට. කිව්වේ අපි කුමාර ලව ගස් බැඳලා මමයි නීල්ගේ කොල්ලයි (හෂාන්) වහලට ගල් ගැහුවයි කියල......   කාට කියන්නද අම්මපල්ල මේ අවනඩුව අමූලික රට කෙප්පයක්නේ...... අපේ අම්ම ........... මෙහෙට වරෙන් ඇත්තද මේ කියන්නේ????   කියල අහල අනේ මට බේබි ආච්චි ඉස්සරහම ගැහුවා. මුළු රෑම  අඬ අඬ ඉඳල පහුවදාට එලි උනා කියමුකෝ. දැන් මගේ හිතේ තියෙන්නේ මේකට පලිගන්න ක්‍රමයක් ගැන. මම ගියා හෂාව හම්බවෙන්න ඌටත් නීල් මාම (උන්ගේ තාත්ත) රීප්පෙකින් ගහල තියෙන්නේ. ඌත්  හිටියේ පට්ට මලෙන් දුන් එදා දවසම වැය කරලා CID පාරක් කොහෙන්ද මෙයාට ගේමක් දෙන්න පුළුවන් කියල. රයිට්.........  වැඩේ ගොඩ නාකි බේබි නාන්න යන්නේ ගුන්දයියගේ වත්තේ පින් ලිඳට. ඒ පැත්තේ මිනිස්සු ගොඩක් නාන්නේ  එක්කෝ ගුන්දයියගේ ලිඳෙන්  නැත්නම් අපේ වත්ත පල්ලෙහා කෙලවරේ තිබ්බ ලිඳෙන් එහාරියේ වන බූටාව වැවිල තිබ්බ නිසා පිටට පේන්නත් නෑ. හෂාලගේ ගෙදර තිබ්බ වෙසක් එකට ගෙනාව වෙස් මූණු කාර්ඩ් බෝඩ්  වලින් හදපු ඔයින් දෙකකුත් සාක්කුවේ දාගෙන අපි පිටත් උනා වැඩේටදැන් ඔන්න සබන් ගැන හරියට සෙට් උනාම හෂා කට හඬ වෙනස් කරලා කෑ ගැහුවා වැටකොළු................ කියල මමත් ස්ටාර්ට් කලා වැටකොළු............. මෙහෙම මාරුවෙන් මාරුවට කෑගැහුවා මේක නාකි බේබිට රෙජිස්ටර් වෙච්ච නමක් හේතුව මම අදටවත් දන්නේ නෑ. පටන් ගත්තේ නැද්ද ජාතිය අමතන්න ශා........ ඒවගේ  සුමිහිරි මදුර චතුර විදියට ජාතිය අමතන්න JR  උන්නැහේටවත් බැරිව ඇති. එතන ලිඳ ළඟ නාන්න ඇවිත් හිටිය මිනිස්සු ඔක්කොම හිනාවෙන්න ගත්ත හූ..... කිය කිය මොකද ගමම ඉන්නේ මුන්දත් එක්ක තරහෙන් නපුරු කම නිසා
. කට්ටිය වටපිට බැලුවට නෑ කවුරුවත් පෙන්න ලැජ්ජාවටද කොහේ වතුර පනිට්ටු දෙකතුනක් නෑව බේබි ආච්චි අපිදෙන්නගේ පරම්පරාවටම දෙස් තියමින් යන්න ගියා ( අපි කියල දන්නේ නෑ දනන්වනම් එදත් කනවා නහුතෙට) අපිදෙන්නත් හෙමින් මාරුවෙලා ගෙවල් වලට ඇවිත් සූත්තර කිටියා කාටූන් ඒක  බැලුව. එදා රැ අපේ ගෙදර ආව පුෂ්පා නැන්දයි(හෂාලගේ අම්ම) ලීල නැන්දයි (කුමරලගේ අම්ම) මේ ගැන අපේ අම්මල එන්න කතා කර කර හිනා වෙනවා මම බලාගෙන. ඒත් කවුරුවත් දන්නේ නෑ මේ දේ කලේ අපි කියල. අදට ඇති දැන් ඇස්දෙකත් රිදෙනවා පාඩම් කරන්න යන්න ඕනේ නැත්නම් අපේ අම්ම මාව අච්චාරු හදයි. එහෙනම් ගිහිල්ල එන්නම් කෝරලේ මහත්තයාගේ සැබෑ අත්දැකීමක් වන මෙය ලියන්නට හිතුනේ මෙච්චර දවස් බ්ලොග් ඒක ගියා ස්ටයිල් ඒක පොඩ්ඩක් වෙනස් කරන්න හිතාගෙන. ඉතින් ඔයාල ඒ වෙනසට කැමතිද නැද්ද කියල කියලම යන්නකෝ..... මොකද මගේ සිංහල දැනුම ප්‍රමාණවත් මදියි කියල මම දන්නවා. නමුත් ඔයාලට හරවත් කියවන්න පුළුවන්, වෙනස් යමක් ඉදිරිපත් කිරීමට දරන පුංචි වෑයක්මක්  තමයි මේ. ගල් සහ මල් සියල්ල සමසේ බාරගන්නවා මොකද මගේ හැකියාව වර්දනය කරගැනීමට ඔයාලගේ උපදෙස් මට ගොඩක් වටිනවා



ප.ලි.

මෙම කතාවේ යම් තැන්වල බේබි ආච්චිව නාකි බේබි
ලෙස හඳුන්වා දී ඇත්තේ ගමේ අයව හඳුන්වන්නේ එම නමින් බැවින් සහ කතාවේ රසය පවත්වා ගැනීමටයි
ඔබසැමට ජය! කෝරලේ මහත්තය.


8 comments:

  1. aiyooooooo :D mehemath kollo innawane.

    ReplyDelete
    Replies
    1. ඉන්න නිසානේ මේ ලියල තියෙන්නේ

      Delete
  2. කතාව නම් මරු. පොඩි කාලේ ඔහොම නම් දැන් කොහොම ඇද්ද නේ.. :)

    පොඩි අදහසක් දෙන්නද? මට හිතුනු දෙයක් හරිද මන්ද.. මේ කතා ලියනකොට ලොකු ඡේද නොතියා පොඩියට කඩනවා නම් කියවන්න පහසු නැද්ද.. පේලි ක් ක් ලියල එක ඉඩක් තිව්ව නම් හොඳයි කියල මට නම් හිතෙනවා.

    ReplyDelete
    Replies
    1. චන්දන සහෝ මේ කතාව පරණ එකක් බ්ලොග් වලට ආව අලුත ලියපු. එකයි වැරදි ඇත්තේ.බොහොම ස්තූතියි අදහසට. ඔයාලගේ අදහස් මට ගොඩක් වටිනවා මගේ ඉදිරි ගමන සාර්ථක කර ගන්න.

      Delete
  3. ඡේද වෙන් කරපන් බන්.. කියවන්න බෑනෙ..

    ReplyDelete
    Replies
    1. ඉදිරි පොස්ට් වල බලන්නකෝ

      Delete

ඔයාල කොම්මෙන්ට් එකක් දාන්න වැය කරන තප්පර ගානත් ඔයාලට වැදගත් කියල මම දන්නවා එත් ඔයාලගෙන් අදහසක් මේ පිළිබඳව ලැබෙනවා කියන්නේ මට ඉදිරියටත් ලියන්න හොඳ මොර්ටිවේෂන් එකක් ලැබෙන එක. ලියන්න කල් මදිනම් තිතක් තියල යන්න එතකොට මම දන්නවා ඔබ මෙය බැලු බව. ස්තූතියි.........

Related Posts Plugin for WordPress, Blogger...