Saturday 9 June 2012

සදාකාලික රහසක් වූ පිටසක්වල ජීවින් අරක්ගත් ඇට්ලන්ටිස් ශිෂ්ටාචාරය

පුරාණයේ පෘථිවිය මත ස්වර්ණමය කාල පරිච්ජේදයක් ගත කිරීමෙන් අනතුරුව සඳහටම විනාශ වී ගිය නැතහොත් අබිරහස්මය ලෙස වැළලී ගිය 
ශිෂ්ටාචාර අතරින් අග්‍රස්ථානයේ වැජඹෙනුයේ ඇට්ලන්ටිස්ශිෂ්ටාචාරයයි. පිළිගත හැකි භෞතික සාක්ෂි හමුනොවීමත්, ඊට පරස්පර විරෝධී ලෙස පුරාණ දාර්ශනිකයන් විසින් එබන්දක් පැවැති බවට කර ඇති ප්‍රකාශයන් නිසාත් ඇට්ලන්ටිස් ශිෂ්ටාචාරය හුදු ජනප්‍රවාදයක්ද, මිථ්‍යාවක්ද නැතහොත් යථාර්ථයක් ද යන්න තවමත් ලොවට අබිරහසක්ව පවතියි. 
ඇට්ලන්ටිස් ශිෂ්ටාචාරය පිළිබඳව මුලින්ම ලිඛිත සාක්ෂි හමුවනුයේ ප්‍ලේටෝගේ හා ප්‍ලේටෝගේ සීයා වූ ක්‍රීටේෂස්ගේ දෙබස් ඇසුරෙනි. එය ප්‍ලේටෝ සිටි කාලයට වසර නවදහසකට පෙරදී සුනාමියකින් හෝ භූමිකම්පාවකින් විනාශ වී යන ලද්දක් බව ඔවුහු සඳහන් කරති. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ශ්‍රී විභූතිමත් සමුද්‍රගාමි ශිෂ්ටාචාරයක් වූ ඇට්ලන්ටිස්එකල පැවති සෙසු සියලුම ශිෂ්ටාචාරයන් තම අණසකට ගැනීමට තරම් ප්‍රබල වුවකි. අත්ලාන්තික් (ඒබතචඥදබඪජ) සාගරයේ පිහිටි, මෙම ශිෂ්ටාචාරය 'ඇට්ලන්ටිස්' යන නම  ලබාගෙන තිබුණේ සාගර පත්ලට අධිපති ඇට්ලස්දෙවියන්ගේ නම ආශිර්වාදයක් ලෙස සලකමිනි. මුල්ම ඇට්ලන්ටිස් ආදිවාසීන් ලෙස සැලකෙනුයේ මීට වසර පනස්දහසකට පමණ හෝ ඊට පෙර පෘථිවියට බට කිසියම් පිටසක්වල ජීවි විශේෂයකි. (ලිරියන් සෞරග්‍රහ මණ්ඩලයෙන් පැමිණි අයවලුන් ලෙස සැලකේ) මොවුන්  'එලොහිම්' නොහොත් 'අනුන්කායි' ලෙස හැඳින්වුණු අතර වසර අටසීයක ආයු කාලයකට හිමිකම් කියුවෝ වෙති.
(මොවුන් පිළිබඳව සැඟවුණු  වක්‍ර තොරතුරු බයිබලයේ උත්පත්ති ‍පොතේ ඇතුළත් වන අතර යෝධයන් ලෙස හඳුන්වා ඇත්තේ මෙම ඇට්ලන්ටිස් ආදිවාසීන්ය.)
ඇතැම් ජනප්‍රවාදයන්ගේ ටයිමන්වරු ලෙස ද හැඳින්වෙන අඩි 8-12 දක්වා උස්වූ මෙබඳු මනුෂ්‍ය කොට්ඨාසයක් ජීවත් වූ බවට තහවුරු කෙරෙන්නේ මෙබඳු යෝධ අස්ථි සැකිලි දුසිමක් පමණ කැණීම් හරහා මතුකර ගැනීමට හැකි වී ඇති නිසාය. ඒ පමණක්ද නොව මෙම ඇට්ලන්ටිස් ආදිවාසීන් සතු වූ සුපිරි   තාක්ෂණයද වත්මන් විද්‍යාව තුළින් පැහැදිලිි කළ නොහැකි අන්දමේ සුපිරි අධිස්වාභාවික එකක් ලෙස පිළිගැනීමට ඕනෑතරම් සාධක ඇත. කාලගුණය පවා පාලනය කිරීමේ හැකියාව මෙන්ම භෞමික ක්‍රියාකාරකම් (උදා:- ගිනිකඳු පිහිටීම්) ද තමන්ට රිසිසේ පර්යේෂාණාත්මක කටයුතු සඳහා යොදා ගැනීමේ අධිමානසික හැකියාවක් මෙම ඇට්ලන්ටිස් සතු වූ බව කියැවේ. එමෙන්ම ඔවුන්ට පළිඟු (ඛිපරඵබචතඵ) පිළිබඳව පෘථුල දැනුමක් තිබූ අතර, අවසානයේදී මෙම ශිෂ්ටාචාරය මුළුමනින්ම විනාශ වී යාමට පදනම සපයන ලද්දේ ද සීමාව ඉක්ම වූ පළිඟු භාවිතය බව කියැවේ.
ඔවුහු පළිඟු සතු වූ අද්විතීය වර්තන හැකියාව, විස්තාරය හා ගබඩාකර ගැනීමේ හැකියාව පුළුල් පරාසයක් ඔස්සේ භාවිතකරන ලදී. ශක්තිය ගබඩා කර ගැනීමටත්, සම්ප්‍රේෂණය කිරීමටත් තීව්‍රතාව පාලනය කිරීමටත්, පමණක් නොව  කිසියම් ශක්තියක් ඉතා දුරින් පිහිටි වෙනත් එබඳුම ආකාරයේ ග්‍රාහකයක් වෙත සම්ප්‍රේෂණය කිරීමටත් පළිඟු සතු හැකියාව අසීමිත ලෙස යොදාගත් මනුෂ්‍ය වර්ගයක් වෙතොත් ඒ පුරාණ ඇට්ලන්ටිස්වරුන්ය. ඒ බව තහවුරු කෙරෙන සාක්ෂි අදටද පෘථිවියේ විවිධ භෞමික ස්ථානවලින් සොයා ගනු ලැබෙයි. ඔවුන්ගේ විස්මිත නිමැවුම් වූ පිරමීඩ අතර ශක්තිය සම්ප්‍රේෂණ කරමින්, අවශ්‍ය පරිදි ශක්තිය මුදා හැරීම සිදුකරන ලද්දේද අඩි විසිපහක් පමණ උස් වූ ස්වාභාවික පළිඟු ආධාරයෙනි. විවිධාකාරයෙන් වර්ණ ගැන් වූ රතු, නිල්, රෝස, කහ , කළු පැහැති පළිඟු ආධාරයෙන්, රෝග නිවාරණය, අධිමානසික හැකියා වර්ධය, බල උත්පාදනය , ද්‍රව්‍ය ප්‍රවාහනය, අවකාශය තුළ ද්‍රව්‍ය අතුරුදන් කිරීම නැවත නැවත පුනර්ජනනය වෙමින් වසර සිය ගණනක් ජීවත් වීමේ හැකියාව හා අපට සිතාගත නොහැකි තරම් වේගයෙන් ගමන්කිරීම යානාදි එකී මෙකී නොකී සියලුම විශ්වකර්ම ක්‍රියා සිදුකිරීමට පුරාණ ඇට්ලන්ටීයවරුන් හසළ නිපුණයෝ වූහ.
නමුත් අවසානයේදී බල කාමයෙන් මුසපත් ඇට්ලන්ටීයවරුන්ගේ අතට පත් වූ පළිඟු බලය නිසා බලසම්පන්න ශිෂ්ටාචාරයක නිමාව සටහන් වූයේ, එය සාගර පත්‍ලේ සදහටම මිහිදන් කිරීමට කටයුතු සලස්වමිනි. අධික සීමාව ඉක්මවන ලෙස සුසර කරන පළිඟු නිසා යමහල් ක්‍රියාකාරී වී කඳු පර්වත දිය වී ඇට්ලන්ටීය ජනාවාසය සාගර පත්ලට ගිලා බසින ලද අතර මේ ෙදෙවෝපගත මොහොතේ සිදු වූ විනාශකාරී සංසිද්ධිය නිසා පෘථිවියේ සිරස් අක්ෂයද අද පවතින ආකාරයට 23 1/2 න් ආනත වූ බවට පිළිගැනීමක්ද වේ. මේවා හුදෙක් ජනප්‍රවාද හා මිථ්‍යා මත ලෙස බැහැර කළ නොහැක්කේ අද සිටින අපට සිතාගත නොහැකි තරම් බලසම්පන්න ජීවීන් කොටසකට පෘථීවිය කලකදී නිවහන වූ බවට ඇති භෞතික සාක්ෂි නිසාය.
උදාහරණයක් වශයෙන් අද බොහෝ ගුප්ත මතයන්ට පදනම සපයමින් සදාකාලික අබිරහසක් බවට පත්ව ඇති බර්මියුඩා ත්‍රිකෝණයේ සිදුවන ගුප්ත අතුරුදහන් වීම්වලට හේතුව වනුයේද, ඒ ප්‍රදේශයේ මුහුදේ පත්‍ලේ සැඟ වී පවතින ඇට්ලන්ටිස්
ශිෂ්ටාචාරයේ නටඹුන් විශේෂයෙන් පළිඟු නිසා බව කියවේ. මේ පළිඟු සතුව වස්තූන් අතුරුදන් කිරීමේ ගුප්ත බලයක් තිබිම මීට හේතුව වී තිබේ.
බැලු බැල්මට විශ්වාසයට ගත නොහැකි  මෙබඳු පුරාවෘතයන් හුදෙක්  මිථ්‍යා මත ලෙස බැහැර කිරීමට නොහැකි වී ඇත්තේ එබඳු දියුණු ජන කොට්ඨාසයක් ජීවත් වූ බවටත්, ඔවුන් අදින් වසර දහස් ගණනකට පෙරදී මුහුදු පත්‍ලේ සැඟ වී ගිය බවටත් ලැබි ඇති පුරාවිද්‍යාත්මක සාක්ෂි නිසාවෙනි. මින් වඩාත් ම ස්ථීරසාර සාක්ෂි සපයන ලද්දේ 1973 මැක්සින් ඈෂර් ගේ ප්‍රධානත්වයෙන් මුහුදු පත්‍ලේ සිදු කරන ලද ඇට්ලන්ටිස් ගවේෂණයයි. විද්‍යාඥයන් හැත්තෑදෙනෙකුන්ගේද, ගුරුවරුන් හා ගවේෂකයන්ගෙන්ද සමත්විත වූ මෙම කණ්ඩායම් ස්කූබා කිමිදුම්කරුවන්ට හමු වූ නටඹුන් අතර, ගඩොල් ඇතිරූ මහා මාර්ග, විශාල කුලුනු, ඒක කේන්ද්‍රීය, සර්පිලාකාර මෝස්තර, පිරමීඩ, ගෝල, ඇළ මාර්ග, ආදිය සොයා ගැනීමට ලැබූණේ වැළලීගිය දියුණු ශිෂ්ටාචාරයක සභ්‍යත්වය මොනවට විදහා දක්වමිනි.
මෙහි ඇති සත්‍යතාව තවත් තහවුරු වන්නේ එම නටඹුන් ග්‍රීක දාර්ශනික ප්‍ලේටෝ විසින් විස්තර කර ඇති ස්ථානවලින්ම හමු වීමයි.
පහත දැක්වෙනුයේ ඇට්ලන්ටිස්වරුන් සිටි බව තහවුරු කිරීමට සොයාගන්නා ලද සාක්ෂිවලින් අල්පයකි. 
1970 දී ආචාර්ය රේ බ්‍රවුන් විසින් බහාමාස්වලින් එපිට වූ සාගර පත්ලෙන් සොයා ගනු ලැබූ පිරමීඩයක් තුළ තිබි හුරුබුහුටි පිරමීඩ ඇතුළත රඳවා තිබූ අත්භූත පළිඟුවක් රැගත් ප්‍රතිමාවක් සොයා ගන්නා ලදී.  විශ්‍ලේෂණය සඳහා ෆ්ලොරීඩාවට ගෙන එන ලැබූ මෙම පළිඟුවෙන් අනාවරණය වූයේ එය සතුව ශක්තිය විස්තාරණය කිරීමේ අපූරු හැකියාවක් පවතින බවයි.
• 1960 දී බිනිනි දිවයිනෙන් එපිටදීත්, බහාමාස් හා මොරොක්කෝ රටවල් ආශ්‍රිත මුහුදු පත්ලෙනුත්
ශිෂ්ටාචාරයක බවට සැකකළ හැකි වීදී, ගොඩනැගිලි වැනි නටඹුන් සොයා ගන්නා ලදී.
මධ්‍යම අත්ලාන්තික් සාගරයේ අඩි දසදහසක් ගැඹුරින් කාමර එකොළහකින් යුතු පළිඟු පියස්සකින් යුතු වූ පිරමීඩයක් සොයා ගන්නා ලදී.
1977 දී බහාමාස්හි කේසාල්ප්‍රදේශයෙන් එපිට වූ සාගර තලයේ අඩි එකසිය පනහක් ගැඹුරින් අඩි හයසිය පනහක් උස් වූ පිරමීඩයක් සොයාගන්නා ලදී. මෙහි ඇති අත්භූතමය චමත්කාරය වූයේ ගැඹුරු සාගර පත්‍ලේ නිබඳව පවතින අඳුරු ස්වාභාවය වෙනුවට, පිරමීඩය වටාත් ඒ තුළින් ගලාගෙන යන ජලයත් දීප්තිමත් අලෝකයකින් අලෝකමත් වී තිබිමය.
පෘතුගාලයෙන් සැතපුම් හාරසියක් ඔබ්බෙන් පිහිටි ගිලීගිය නගරයක් සෝවියට් රුසියානු බෝරිස් ඇස් ටුරාවුවිසින් මෙහෙය වූ ගවේෂණ කණ්ඩායම විසින් සොයාගන්නා ලද අතර එහි තිබි අසීමිත වූ ශක්තිමත් කොන්ක්‍රීට් හා ප්ලාස්ටික්වලින් නිර්මිත ගොඩනැගිලි සොයාගන්නා ලදී.එහිදී හමුවූ විදීවලින් අනාවරණය වූයේ භාණ්ඩ ප්‍රවාහනය සඳහා තනි පීල්‍ලේ රේල්ලු භාවිතාකොට ඇති බවකි.
මීට අමතරව ඇට්ලන්ටිස්නම් වූ සුපිරි
ශිෂ්ටාචාරයක් කලක දී පෘථිවියේ බලපරාක්‍රමය විහිදුවමින් සිටි බවයි. විවිධ වූ පෞරාණික ලිඛිත සාක්ෂි ද එමටය.
ඒ හැමකින්ම ඔප්පු වනුයේ ඇට්ලන්ටිස් නම් වූ
ශිෂ්ටාචාරය ජනප්‍රවාදයක් පමණක් නොවන බවයි.
ශිෂ්ටාචාරය කෙතරම් දියුණු වුවද එහි විසුවෝ පිටසක්වල ජීවීන් වුවද, එබඳු ස්වර්ණමය යුගයක නිමාව සනිටුහන් වූයේ බලයට ගිජු වීමත්, බල කාමයෙන් මත් වීමත් නිසා යන්න වත්මන් අපටද ‍පොදු සර්වකාලීන ධර්මතාවක් බව අමුතුවෙන් කිව යුතු නැත.
පුරාණයේ පෘථිවිය මත ස්වර්ණමය කාල පරිච්ජේදයක් ගත කිරීමෙන් අනතුරුව සඳහටම විනාශ වී ගිය නැතහොත් අබිරහස්මය ලෙස වැළලී ගිය 
ශිෂ්ටාචාර අතරින් අග්‍රස්ථානයේ වැජඹෙනුයේ ඇට්ලන්ටිස් 
ශිෂ්ටාචාරයයි. පිළිගත හැකි භෞතික සාක්ෂි හමුනොවීමත්, ඊට පරස්පර විරෝධී ලෙස පුරාණ දාර්ශනිකයන් විසින් එබන්දක් පැවැති බවට කර ඇති ප්‍රකාශයන් නිසාත් ඇට්ලන්ටිස් ශිෂ්ටාචාරය හුදු ජනප්‍රවාදයක්ද, මිථ්‍යාවක්ද නැතහොත් යථාර්ථයක් ද යන්න තවමත් ලොවට අබිරහසක්ව පවතියි.

11 comments:

  1. අද ඉතිරි වී ඇති දේවල් හොඳටම ඇති අතීතය කියන්න. ඉන් සුළු ප්‍රමාණයක් තමයි සීමිත පිරිසක් අද කියන්නෙ. මගේ ගොඩක් ප්‍රතිචාර දාන්නේ වර්ගපූර්ණිකා අඩවියේ. මේකත් කියවීමට හොඳයි වගේ.

    ReplyDelete
    Replies
    1. කියවල බලන්නකෝ සාදරයෙන් පිලිගන්නවා වලව්වට

      Delete
  2. ඇට්ලන්ටිස් ශිෂ්ඨාචාරය ගැන මං අහල තියෙනවා.ඒත් මෙච්චර කරුණු ගොඩක් දැනගත්තේ මේ පෝස්ට් එකෙන්.ගොඩක් ස්තූතියි යාළු.ජය වේවා !

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිලිගන්නවා වලව්වට

      Delete
  3. එකම රිපීට් වෙලා නේද?? ඒ වුනත් හොඳ පෝස්ට් එකක්.. නියමයි..

    ReplyDelete
    Replies
    1. මේ ෆ්ලෑෂ් කෑල්ල අයින් කලොත් නරකද? ෆෝන් ඒකෙන එන්න බෑ..

      Delete
    2. නැහැ යාළුවා ඒ ඇට්ලන්ටිස් හෝටලේ මේ ඇට්ලන්ටිස් ශිෂ්ටාචාරය

      Delete
  4. හත් ඉලව්වේ.. දිග වැඩි :ඔ :ඔ :ඔ , මම මේ භාගයක් කියවලා කොමෙන්ට් කොරන්නේ ඉතිරි ටිකත් කියවන්න යන්න , මම කැමතිම මාතෘකාවක් මේ :)
    කාරණේ : මම Age of Mythology එකට ආසයි :D

    ReplyDelete
    Replies
    1. මගෙත් ආසම සබ්ජෙක්ට් එක තමයි මේ. සාදරයෙන් පිලිගන්නවා වලව්වට.

      Delete
  5. නියම පොස්ට් එකනේ මේක කෝරළේ.. ( අකුරු ටික මොකද ගොඩක් කිට්ටුවෙන් පේන්නේ )

    ReplyDelete
  6. මේ පෝස්ට් එක නැවත පල කරනවා නම් හොඳයි වගේ කට්ටියට බලන්න ...

    ReplyDelete

ඔයාල කොම්මෙන්ට් එකක් දාන්න වැය කරන තප්පර ගානත් ඔයාලට වැදගත් කියල මම දන්නවා එත් ඔයාලගෙන් අදහසක් මේ පිළිබඳව ලැබෙනවා කියන්නේ මට ඉදිරියටත් ලියන්න හොඳ මොර්ටිවේෂන් එකක් ලැබෙන එක. ලියන්න කල් මදිනම් තිතක් තියල යන්න එතකොට මම දන්නවා ඔබ මෙය බැලු බව. ස්තූතියි.........

Related Posts Plugin for WordPress, Blogger...