Saturday 6 October 2012

කෝරලේ මහත්තයාගේ කැරැට්ටුව. සහ ස්තූති කතාව

අද මේ පොස්ටුව ලියන්නේ
අද ඔක්තෝම්බර් 6 වැනිදාට දී තිබෙන මගේ විසි තුන්වන උපන්දිනය වෙනුවෙන්. මෙය ඇත්තටම පොස්ටුවක් නොවුනත් එක්තරා ආකාරයකට ස්තූති කිරීමක්. ඒ සුභ පතපු සහ නොපතපු මගේ යාළුවො හැමෝටම. දැන් ඉතින් තව අවුරුද්දකින් වයසට ගියානේ. ඉතින් මින් ඉදිරියට ලියන පොස්ටුවල කලින් පැවති වැරදි අඩුපාඩු හදාගෙන ඉස්සරහට වඩාත් හරවත්ව ලියන්න තමයි හිතට ගත්තේ. ඉතින් මගේ බ්ලොග් ගමනට දිරිදෙන මගේ බ්ලොගයට ගොඩවැදිලා යන හැමෝටම පෞද්ගලිකවම සන්ග්රහකොරන්න අවස්ථාවක් නැති නිසා. ඔන්න ඉතින් මම මාගේ හදපිරි ස්තූතියත් සමගම. පොඩි කේක් එකක් දානවා කාල බලල රසද කියන්නකෝ...... :P හිකිස්......... ඔන්න ඉතින් බනින්න එපා මු අපිට පින්තූර පෙන්වනවා කියල හොඳේ......... ඔන්න එහෙනම් හැමෝටම ජයෙන් ජයම වේවා!


ආ....... කියන්න අමතක උනානේ මේ පින්තූරේ ඉන්නේ පූසෙක් නේද? හිතන්න එපා ඒ ඇයි කියල සිහින කුමරිය කතාවේ බනී දන්නවනේ එයා මට කතාකරන්නේ කිටී කියලයි. ගොඩක් දුරට ඉතින් මගේ පෙට් නේම් එක (හුරතලේට කතාකරන නම) කිටී තමයි. බලන්නකෝ හරිම හුරතල් කොලු පැටිය නේද? :P කෝරලේ මහත්තයා ඉතින් සයිබරයටම වෙන්වූ නමනේ....... මුලින්ම මම බ්ලොග් ලියන්න හැදුවේ පූසා කියල හරි කිටී හරි කියල. ඉතින් බැලුවාම ඒ නමින් කෙනෙක් ඉන්නවා කියල ගුගල් දෙයියෝ කිව්වා. ඉතින් කරන් දෙයක් හිතාගන්න බැරුව තමයි මේ කෝරලේ පට්ටම දාගත්තේ. එහෙම නැතිව කෝරලේ වගේ පොරක් නම් නෙවෙයි හරීම අහිංසක ඩයල් එකක් තමයි මම :P

 එහෙනම් හැමෝටම ජය වේවා කිව්වා මම කැපුනා.

33 comments:

  1. ඒ නම හොඳයිනේ බොලේ.... බොහොම වැදගත් නමක්නේ... ඕං සුභම සුභ උපන්දිනයක් කිව්වා එහෙනම්... නියම කේක් කෑල්ල... රසේ බෑ... ඔබේ සියලු සිතුම් පැතුම් ඒ ආකාරයෙන්ම ඉෂ්ඨසිද්ධ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා... ආයෙමත් එන්නම්කෝ මේ පැත්තේ...

    ReplyDelete
    Replies
    1. නම වැදගත් උනත් අලුත් මලේ කතාකරනකොර සැ: සැ: සැ: කියල කතාකරන කොට තමයි මල පනින්නේ. දිගටම අපිත් එක්ක ඉන්න බොහොම ස්තූතියි කියල කිව්වා ඕන්

      Delete
  2. කෝරලේ වලව්ව පැත්තෙ ආවෙ අදමමයි....ඒකත් ලස්සන දවසක කෑම කොහේද සිත්තමී එතන හික්ස්....

    සියළු පැතුම් ඉටුවන වාසනාවන්ත අනාගතයකට සුභ පතනවා මම...සුභම සුභ උපන්දිනයක් වේවා....

    කේක් කෑල්ලක් කිව්වට කේක් ගෙඩිය දෙකට කපල කෑල්ලක් කෑවෙ හොදේ....හික්ස් දිගටම එනවා මේ පැත්තේ....

    ReplyDelete
    Replies
    1. සේරටම කලින් ඔබව ආදරයෙන් පිලිගන්නවා වලව්වට කිව්වට මොකද සහෝදරී මමත් ඒවගේ තමයි කෑමට එකනේ හොරපූසා කියන්නේ. අනේ බොහොම පිං කිව්වා මගේ අසරණ කේක් කෑල්ල කෑවට. :)

      තැන්කු වේවා සුභපැතුමට

      Delete
  3. කිටි.. සුබ උපන් දිනයක් ! සුරතල් නාමය නම් මරු ඈ.

    ReplyDelete
    Replies
    1. හිකිස්..... තැන්කු වේවා කිව්වා. මේකනේ දම්මික සහෝ. මමත් දැම්මේ ඉතින් ඔයවගේ නමක් නේ.... ඉතින් මටත් ඒ වගේම එකක් දෙන්න ඕනේ නිසා තමා එයා ඔය නම දැම්මේ. ලොල්

      Delete
  4. සුභ උපන් දිනයක් කෝරළගේ මහත්තයා ඔබට.ඔබ හැදු වැඩු දෙමාපියන්ටත් නිරෝගිමත් බව පතමි.මොකද මොනයයම් විදියකින් හෝ වැදගත් යමක් සමාජ ගත කිරීමට ඔබ මෙ විදියට සමාජයට දයාද කිරීමට ඔවුන් වෙහෙසක් දරන්න ඇති.

    ReplyDelete
  5. අලේ එලනේ, මමත් ඔක්තොබර් ඈ :D ෆිට් තමා (Y).
    සුබ උපන්දිනයක් වේවා !!!!! ජයෙන් ජය !!!!! හොද විදිහට ඉදිරියටම යන්න :) :) :) :) :)

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සහෝ ඔක්තෝම්බර් කිය්ස්න්නේ ෆිට්ම තමා :)

      Delete
  6. මාත් ඔක්තෝබර්.. හි හි..

    මේකා මේ පෝරිසාද වැඩ ඔක්කොම කරලා තියෙන්නේ අවුරුදු 18 වෙන්නත් කලින්ද මන්දා.. හි හි...

    සුභ උපන් දිනයක් වේවා කිටී... නැ නැ.. කෝරලේ මහත්තයා.. හි හි..

    ( මගේ පරණ ක්‍රෂ් එකකුත් හිටියා අප්පා කිටී කියලා.. හි හි...)

    ReplyDelete
    Replies
    1. හිකිස්..... අක්කේ ඔන්න ඔයාට තමයි වැඩේ තේරුනේ හරියටම. වයස 23 උනාට 46 අත්දැකීම් සහිතයි. :D කිටී?????? පව් අප්පා අහිංසකයා :P

      Delete
  7. සුභ උපන් දිනයක් වේවා..!

    ReplyDelete
  8. අහිංසක වගේම හරිම හිත හොඳ කෝරළේ අයියට මම බොක්කෙන්ම සුභ උපන්දිනක් වේවා කියලා පතනවා.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි නිශාන් මලේ....... කෝරලේ අයියා තරම් අහිංසකයෙක් මේ රටේම ඉන්නවද හොයා ගන්න :D

      Delete
  9. අපේ කෝරළේ මහත්තයාට වාසනාවන්ත සුභ උපන් දිනයකට ආසිරි. :)

    අවුරුදු විසි තුනට සෑහෙන අත්දැකීම් තියෙනවා අපේ කෝරළයට . හැබෑට පූසා වගෙ පුරු පුරු නමක් දාගන්න ගිය එකා කෝරළයා වගෙ ගොරහැඩි නමක් දාගත්ත හැටි. ඔය කෝට් බෑය හෝදහං, නැත්නං අර පට්..ටාං කාරයො වගේ වෙයි. :D

    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ඩුඩ් අයියේ.... වාසගමේ කෑල්ලක්ම අරන් තමයි ඔය නම හදාගත්තේ හිකිස්..... හප්පේ මගේ මායියටවත් කියන්න ඕනේ හෝදලා දෙන්න කියල මමත් මේ එක තමයි බැලුවේ මේ හඩු ගඳක් එන්නේ කොහෙන්ද කියල :)

      Delete
  10. යකෝ කෝරලයෝ ඉස්සල්ලාම සුබ උපන් දිනයක්.බලාන ගියාම මූ තාම චූ කොල්ලෙක්නේ......

    ReplyDelete
    Replies
    1. තන්කුවේවා නලින් අයියේ අනේ එහෙම කියන්න එපා හයියෝ ලැජ්ජයි ලැජ්ජයි වගේ :)

      Delete
  11. සුභ උපන්දිනයක් වේවා කෝරලේ මහත්තයට. සන්තෝසයි ඈ.....මමත් ඔබතුමාගෙ වයසෙම තමයි.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි සහෝ...... හප්පා... එළනේ දැනගැනීමත් සතුටක් මධුරංග මහත්තයෝ

      Delete
  12. සුභ උපන්දිනයක් වේවා කිව්වා කෝරලේ මහත්තයෝ ඈ....නවකතාවම නැතුව වෙනස් වෙනස් පොස්ට් හෙමත් දානවනම් ගොඩක් හොදයි.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි! හ්ම්ම් එක ළඟදීම ඉවර වේවි පැතුම්. ඒක නවකතාවක් වගේ ජීවිතකතාවක් ඇත්ත කතාවක්.

      Delete
  13. ආයෙත් ඔන්න සුභම සුභ උපන් දිනක් පතනවා ඔබට සහෝ.
    ජයම වෙන්න ඕන :)

    ReplyDelete
    Replies
    1. අනේ තැන්කු වේවා නංගියෝ :) කේක් රසද?

      Delete
  14. ඔන්‍න‍ කෝරලේ ගොයියෝ මං නම් කලින් සුභ පැතුවා....:)

    ReplyDelete
  15. ඔයාල කැමති නම් මෙකට ගිහින් තියෙන ප්‍රස්න වලට උත්තර කමෙන්ට් එකක් විදිහට දාල එන්න. http://stressmindhealth.blogspot.com/

    ReplyDelete
    Replies
    1. යාළුවා ඇනෝ ලියන්නේ නැතිව නමක් ගමක් එක්ක ලිව්වොත් නේද හොඳ?

      Delete
  16. අඩේ පහු වෙලානේ.. කමක් නෑ. පසු වූ උපන් දිනයට මාත් සුබ පතනවා කෝරලේ මහත්තයෝ.!!!! :)

    ReplyDelete
  17. කොරලේ මහත්තයෝ ඔන්ට මගේ සුභපැතුම නැවේ ආවය කියල හිතා ගන්නකෝ. යකඩෝ මේකා වයසටද වැඩ කොරන්නේ. හිටපිය මහකෝරලේ උන්නාන්සේගේ කනේ තියන්න ඕන මේවා ටික. අංක දෙක මාරු කරල තව දෙකක් එකතු කරාම හරි.. හරිය...

    ReplyDelete
    Replies
    1. හැක් හැක් හැක්..... දේශක තුමෝ අද කාලේ හැදෙන උන් කිසි කමකට නැහැ නේද? මුන්නැහේගේ වයස 34 ද? හප්පේ සීනියර් සිටිසන් කෙනෙක් ගරු කොරන්න ඕනේ. මහා උන්දැට කියන්න එපෝ.....

      Delete

ඔයාල කොම්මෙන්ට් එකක් දාන්න වැය කරන තප්පර ගානත් ඔයාලට වැදගත් කියල මම දන්නවා එත් ඔයාලගෙන් අදහසක් මේ පිළිබඳව ලැබෙනවා කියන්නේ මට ඉදිරියටත් ලියන්න හොඳ මොර්ටිවේෂන් එකක් ලැබෙන එක. ලියන්න කල් මදිනම් තිතක් තියල යන්න එතකොට මම දන්නවා ඔබ මෙය බැලු බව. ස්තූතියි.........

Related Posts Plugin for WordPress, Blogger...