Tuesday, 2 October 2012

සිහින කුමරිය. (සත් වැනි කොටස) ජීවිතය වෙනස් කල කතාවක්.

පළවැනි කොටසට මෙතනින් 
දෙවැනි කොටසට මෙතනින්
තුන්වැනි කොටසට මෙතනින්
සිව්වැනි කොටසට මෙතනින් 
පස්වැනි කොටසට මෙතනින් 

සයවැනි කොටසට මෙතනින්





දින දෙකතුනක් ගෙවීගියේ කප්පරක් බර මසිතෙහි තැන්පත් වී ඇති අතරෙහිය. අතේ ඇති මුදල්ද සීමිත වූයෙන් ඒ පිළිබඳවද සිතීමට සිදුවීම නිසා බනීව දැකීමට යාම තරමක්  අඩුකලෙමි. ඇය දන්නා අඳුනන ආච්චි කෙනෙක් සහ සීයා කෙනෙක් සිටින බවත් ඔවුන් අයගේ තනියට නැවතීමට කැමති බවත් ප්‍රකාශ කල හෙයින් ඔවුන් සමග සාකච්චාකිරීමට මා එහි ගියෙමි. එහිදී ඔවුන් නිවසේ නැවතීමට කැමති බවත් ඔවුන්ට උපකාරයක් ලෙස සුළු මුදලක් බනීගේ දෙමාපියන් ලවා ගෙවීමට පොරොන්දු කරවගත්තේය. මක් නිසාද යත් ඒ මොහොතේ මම රන් එක ගෙනිච්චේ රීම් එකෙන් නොව ස්පෝක් වලින් බැවිනි. මාගේ වීසා සියල්ල සුදානම් බැවින් නැවත ඩුබායි බලා යාමට දින නියම විය. බනී දවස ගතකලේ ඇසේ කඳුළු සඟවමින්ය. මා දුරස් වීම දුකක් වුවත් අපගේ අනාගතය වෙනුවෙන් මා එහි යා යුතුම විය.

රැකියාවට පැමිණ විඳින්නට වූ ගැහැට ගැනනම් කතාකොට පලක් නැත. මක් නිසාද යත් එතරම්ම කටුක වූ බැවිණි. මාහට කිරීමට ලැබුණු පළවැනි වැඩය (task) නම් අල් අයින් (al ain ) නමැති ශුෂ්ක පෙදෙසෙහිවූ අප සමාගමට අයත් ට්‍රේනින් සෙන්ටර් එක නෙට්වර්ක් කොට කැමරා සවිකොට ස(ර්)වරයක් ස්ථාපිත කිරීමයි.


 කලක් අතහැරදමා තිබු එහි එකල වූ උෂ්ණත්වය සෙල්ෂියස් අංශක 55 ට වඩා වැඩි විය. උදේ පාන්දර 5 ට පැමිණෙන බස් රථයෙහි නැගී මාගේ සහයකයා වූ ජියා සමග පිටත් වී නැවත නවාතැනට පැමිණෙන විට රාත්‍රී 10 පසුවෙයි. බංගලාදේශ් ජාතිකයෙකු වූ ජියා මාහට උපකාරී වූයේ උඩ නැගීමට කේබලින් කිරීම සහ කැමරා සවි කිරීමට වැනි කටයුතු සඳහායි. තාක්ෂණික පැත්ත ගැන දැනුමක් නොතිබූ ඔහු අප සමාගමේ නඩත්තු අංශයේ විදුලිකාර්මිකයෙකු වෙයි. ඒ හෙයින් සියලුම වගකීම මා පිට පැවරී තිබුණු බැවින් එය විගසින් සාර්ථකව නිමා කිරීමට මා උත්සුක විය. IP කැමරා වූ ඒවා ස්ථාපිත කිරීම තරමක් මොලය කුරුවල්  වෙන රාජකාරියක් විය. මක් නිසාද එහි ෆර්ම්වෙයාර් එක තරම් අබ්ලික් සිස්ටම් එකක් වූ බැවිනි.   එයත් ස(ර්)වාරයත් අතර සම්බන්දතාව ගොඩනැගීම බොහෝදුරට කොම්පියුටර් දෙකක් අතර කොමියුනිකේෂන් එක හා සමාන වූ බැවින් ඉතිරි වැඩ නම් එතරම් අසීරු වූයේ නැත.    කෑමට සැපයුනේ දියාරු පරිප්පුවක් සමග බොරළු හා සමාන බතකි.




අතේ මුදල්ද නොවූ බැවින් බනි හා කථා කිරීමට වූ එකම මග තරමක් දුර්වල සිග්නල් තිබු වයි ෆයි එකක් විය. රෑ වැඩ නිමකොට පැමිණ අඩුම තරමින් පැයක් හෝ ඇය සමග කතාකිරීම මාගේ පුරුද්දක් විය. ඒ දිනවල නින්ද පැය  කිහිපයකට පමණක් සීමා වූයේ තිබුණු වැඩ රාජක්කාරී වැඩි කම නිසාමය. කෙසේ හෝ අල් අයින් වල සිදු කල එම රාජකාරිය සාර්ථකව නිමාකිරීමට මට හැකි වීම නිසා අපේ ලොක්කා සිටියේ පස්වනක් ප්‍රීතියෙන් පිනා යමින්ය. කෙසේ හෝ විශ්ව විද්‍යාලයට ගෙවීමට ලෝන් එකක් ලබාගැනීමට සහ ඒ සඳහා කාලය ලබාදීමට ආයතන ප්‍රධානියා කැමති කරගැනීමට අපගේ කළමනාකරු සමත් විය. අල් අයින් හී සිදු කල එම කටයුත්ත මා හට ජීවිතේට නව දිරියක් ලබාදුන්නේය. කෙසේද යත් අදට වුවද හම්බ වෙන කිසිම කටයුත්තක් බැහැ නොකියා බාරගැනීමට තරම් ආත්ම ශක්තියක් මට ලැබුනේ එම ගමනින් පසුවය. නමුත් මින් පසු උදාවූ කාල පරිජ්ජේදය මාහට අපල දායක වූයේ නැත. නමුත් මට ළඟදීම සෙනසුරු අපලයක් උදාවෙන බව වැටහුනේ බනියා කෝල් කර කල ඉල්ලීමක් නිසාය.



මෙපමණ දවසක් මෙම සම්බන්දයට මැදිහත් නොවූ එකම චරිතය බනියාගේ පියා විය. ලංකාවේදී බනියාගේ නෑයින් පැවසුව පරිදි  ජයසිංහ මහතා යනු කිසිවෙකුට මෙල්ලවන්නේ නැති කිසිම විදියකින් මේ සම්බන්දය අනුමත නොකරන අයෙකු විය. මා ලංකාවේදී මේ පිළිබඳව බනියා සමග කතාකරන විට ඇය මා හට ඔහු ගැන පැහැදිලි කලේ දිනු අයියේ අපේ තාත්ත කියන්නේ ගලක් අහුලලා මේ මැණිකක් කිව්වොත් අනිවා අනෙක් ඇය ඒක පිළිගන්න ඕනේ එහෙම නැතිව එය එක්ක ඔලුව ගනගෙන ඉන්න බැහැ යයි කියාය. එවිට එය ඒ මොහොතේදී මට විහිළුවක් විය. මා ඇයට පිළිතුරු දුන්නේ. බනී මට එයාව එකසැරයක් හම්බ උනොත් මමයි ගල අහුලන්නේ මමයි මැණික කියන්නේ. එයා ඕනේ ඒ දේ පිළිගන්න. බනියා ඉදිරිපිට කෙසේ පැවසුවත් දැන්නම් මගේ කකුල් දෙක මැඩලින් ගසන්නේය. ඒ ඔහු මට හමුවීමට අබුධාබි වලට එනලෙස දැනුම් දීමෙනි. අබුධාබි වලට ඩුබායි සිට කිලෝමීටර් 180 ක් පමණ වූ (හරියටම නැති උනත් දලවශයෙන් කිව්වේ හරි ගාන මටත් මතක නැහැ) දුරක් විය. එහි යාමට සිදු වූයේ බ්‍රහස්පතින්දා හවසක විය මන්ද යත්  එදා අපිට වැඩ කිරීමට තිබෙන්නේ වරුවක් බැවින් සවස  1.30 වන විට නිවාඩු ලැබෙයි. නැවත ජොබ් එකට පැමිණීමට වූයේ සෙනසුරාදා විය.

එහි යාමට තිබු එකම ක්‍රමය RTA බස් එකක යාමය නැතහොත් පටාන් ටැක්සියකින් යාමය. බසයේ යාම ගැනනම් කතාකොට පලක් නැත. මක් නිසාද යත් එයට බර්ඩුබායි ප්‍රදේශයට යාමට වන බැවින් එය කාලය කා දැමීමක් විය. විගසින් යාමටනම් පටාන් ටැක්සියක පිහිට පැතීමට විය. සමහර විට අපේ සමහර යාළුවො දන්නේ නැතිව ඇති මේ පටාන්ල කියන්නේ කාටද කියල. ඔන්න ඔය පල්ලෙහා තියෙන පින්තූරේ බලන්නකෝ. 




පාකිස්තානයේ පෙදෙසක ජීවත් වෙන ජනවර්ගයක් වන මොවුන් 100% කම පාහේ මුස්ලිම් භක්තිකයන් වේ. විශේෂයෙන් ශක්ති සම්පන්න ජන කොටසක් ලෙස ප්‍රසිද්ධ මොවුන් ගැන වූ විහිලු කතා බොහොමයක් වුවත් එය මේ අවස්ථාවේදී ඉදිරි පත් කිරීම කතාවෙන් පිට පැනීමක් වන හෙයින් එය පසුවට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙමි. කිසිම දෙයක් සොයානොබලා  කටයුතුකරන නොසැලකිලිමත් අපිරිසිඳු ජනකොටසක් වන මොවුන්ගේ ආවේනිකත්වය හඳුනාගැනීමට හැක්කේ හමන්නාවූ දුගඳේනි.මොවුන්ගේ ප්‍රධාන රැකියාව කුලීවැඩ කිරීම සහ ප්‍රයිවෙට් ටැක්සි දිවීමයි. 2 ටොන් වායුසමීකරණ යන්ත්‍රයක් තනිව එසවීමේ හැකියාවක් මොවුන් සතුයි. යම්කිසි බර වැඩක් මහන්සිවෙන රාජකාරියක් කිරීමට මොවුන් උපන් හපනුන් වෙයි නමුත් පොඩි කොස්සකට හිටින්නේ එසේ වැඩකොට එම ඇඳුමෙන්ම නිදාගැනීමය මොවුන් සිකුරාදා පල්ලියට යන්නට අඳින ඇඳුම නැවත මාරුකරන්නේ ඊළඟ සතියේ වෙයි. අප ශ්‍රී ලාංකිකයින් මොවුන් හඳුන්වන්නේ පක්කෝ යන විරුදු නාමයෙනි. මොවුන්ගේ ටැක්සි වල යාම සාක්කුවට හිතකර වුවත් නහයටනම් හිතකර නොවේ. නමුත් මේ දිනවල රිම් එකෙන් නොව ස්පෝක් වලින් දුවන මට මේ සියලු හතර කේන්දර බල බල සිටීමට කාලයක් නොවීය. ලාබදායි ක්‍රමය තෝරාගත්තෙමි.

අබුධාබි වලට ළඟාවන විට  මට කලන්තය සෑදීමට ඔන්න මෙන්න කියාය. එතරම් ගඳක් එම කුලිරියතුල විය මෙය ෂෙයාරින් ටැක්සියක් වූ හෙයින් මට ඔනාතාලෙට යාමටද නොහැකිය. එමනිසාවෙන් නවාතැනින් එනවිට රැගෙන ඈ සුවඳවිලවුන් පෙවූ ලේන්සුව නහයට තියමින් හුස්මගැනීමට පහසු කරමින්  ආ ඒම එක්තරා ආකාරයකට වීර කියාවක් සේ මට හැඟේ හිකිස්....... (මෙම ලිපිය කියවන කෙනෙක් පටාන් ටැක්සියක ගිහින් තියෙනවනම් ඔහුට අනිවා මතක් වේවි එම මොහොත) 

කෙසේ හෝ බනිගේ අම්මට ඇමතුවා ය ප්‍රතිචාර නොදැක්වූ  බැවින් බනිගේ පියාට ඇමතුවෙමි. බනිගේ මවට අම්මේ කියා කතාකලත් එතරම් කිට්ටුවන්ත බැඳීමක් කීමට මම ඔහුට සමීප නොවී තිබු බැවින් මම මිස්ටර් ජයසිංහ  කියා ඇමතුවෙමි. ඔහු මට එන පාර කිව්වෙන් මගට පැමිණෙන බවද පැවසීය. ගැඹුරු කටහඬක්  හිමිව තුබූ ඒම සද්දන්ත පුද්ගලයා දැක බලාගැනීමට මම මග බලාසිටියෙමි. නමුත් පැමිණි පසුව වටහාගත් පරිදි ඔහු මටත් වඩා මිටි විය. නමුත් ඝාම්බීර පෙනුමෙන්නම් අඩුවක් නොවීය. 

ටිකෙන් ටික ආගිය විස්තර කතාකළ ඔහු මුලින්ම බනිගේ මවට දෝෂාරෝපණය කරන්නට විය ඒ මක්නිසාද යත් බනි තවමත් වයසින් පොඩි බැවින් මෙවන් සම්බන්දයක් අනුමත  කිරීම ගැනයි. සියල්ල නිහඬව අසාසිටි මා ඔහු සමග කතාකරන්නට විය. කෙමෙන් කරුණු පැහැදිලි කරමින් මා පැවසු සියල්ල සාවදානව අස සිටි ඔහු අපගේ සම්බන්දයට අනුමැතිය දුන්නේ එක කොන්දේසියක් උඩය. ඒ බනිගේ ඉගනීමට බාදාවක් නොවන ලෙස මගෙත් ඉගනීම කරගෙන යමින් සම්බන්දය ඉදිරියට ගෙන යන ලෙසය. කෙසේ හෝ එදින ඇතුලත මා ඔහුගේ සිත ඉහලින්ම දිනාගැනීමට සමත්ව සිටියේය. ඒ බව මට බනී විසින් පවසන ලද්දේ මා නැවත පැමිණි පසුවය. 

 දැන් මාහට වූ එකම අඩුපාඩුව වූයේ කාර් කටුවකි. එයත් කෙසේහෝ මිලදීගත්තෙන් මා හට අබුධාබි යාමට පහසුවක් විය. මෙසේ කාලය ගතවන විට බනිගේ පියාගේ රැකියාව වෙනස් වී ඩුබායි පැමිණීමට සිදුවිය. මේ අතර වාරයේ බනිගේ මවගේ වෙනස් වීමක් පැහැදිලිව පෙනෙන්නට විය. හේතුව සොයා බලනාවිට මොවුන් ආශය කරන පවුලකින් පැත්තකින් ගිනි අවුලන බව අපට පසක් විය. ලංකාවේ CTB මෙහෙ RTA විය. බස් රථ රියදුරෙකු වූ සමීරත් ඔහුගේ බිරිඳත්( පස්සේ බලන කොට ඔරිජිනල් එක නෙවෙයි) මොවුන්ගේ ඔලුවට විසකවා හිතවත් වී ලංකාවේ රුපියල්වලින් ගත්කල ලක්ෂ 3කත ආසන්න මුදලක් බනීගේ පියාගෙන් කඩාගෙන තිබිණ. මේ මෝඩ මනුස්සයාද ක්‍රෙඩිට් කාර්ඩ් එකෙන් ණයට ගෙන මුදල් දී තිබුනේ බනීගේ මවගේ බලපෑම මතය. දැන් ඔවුන් මෙම සම්බන්දයට වැඩි මනාපයක් නොපෙන්වන බව මට පසක් වී තිබිණ.

එම මිනිසුන්ගේ පටු අරමුණු උදෙසා අපගේ ආදරය බිලි දීමට මම සූදානම් නැත. කෙසේ හෝ මොවුන්ගේ අරමුණු බනීගේ දෙමාපියන්ට වටහා දිය යුතුය. එයට මගක් සොයමින් සිටින අතර තුර දිනක් මට සමීරගෙන් ඇමතුමක් ලැබිණ. එයින් පැවසුවේ වැදගත් යමක් කතාකිරීමට ඇති බැවින් හැකි ඉක්මනින් ඔහුව හමුවෙන ලෙසයි. මේ උලමා සැරසෙන්නේ කුමකටදැයි හිතාගත නොහැකි වුවත් එන දෙකට ඔලුව කල්පනාකොට මුහුණ දීමට සිතගතිමි.



මම තීරණය කල මේ කතාවේ ඉඳන් සිදුවීම් ගොඩක් කපාදාල ඉක්මනට කතාව ලියල ඉවර කරන්න මොකද කියවන යටත් එපා වෙනවනේ නැත්නම් . 

මේ දවස්වල සෑහෙන්න වඩා හෆ්ෆා ඔපීසියෙයි. අනෙක ලෝක ළමා දිනය වෙනුවෙන් පොඩි වැඩ වගයකුත් කරනවා ඉදිරියේදී ඒ ගැනත් ලියන්නම් කෝ 


දෙවැනි කොටසට  මෙතනින්.
තුන්වැනි කොටසට මෙතනින්
සිව්වැනි කොටසට මෙතනින් 
පස්වැනි කොටසට මෙතනින් 
සයවැනි කොටසට මෙතනින්

අටවැනි කොටසට මෙතනින් 
නමවැනි කොටසට මෙතනින් 




54 comments:

  1. හම්මෝ... වෙලාව අරගෙන මුල කොටසේ ඉඳන් කියවන්ට ඕන...

    ReplyDelete
    Replies
    1. හිකිස්....... අලුත් මලේ මේක හිතන තරම් කෙටි කතාවක් නොවෙයි. මම තීරණය කල මේ කතාවේ ඉඳන් සිදුවීම් ගොඩක් කපාදාල ඉක්මනට කතාව ලියල ඉවර කරන්න මොකද කියවන යටත් එපා වෙනවනේ නැත්නම්

      Delete
  2. කෝරලේ මහත්තයා නියමයි ඈ. බොහොම ආසාවෙන් කියවනවා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නලින් මහත්තයෝ. කලබලෙන් තමයි ලිව්වේ ඕන්

      Delete
  3. මම කාලේකට කලින් කරපු ජොබක් වගේ කෝරලේ මහත්තයා දැන් කරන්නේ ...

    ReplyDelete
  4. උඹත් මාර කටුනේ කාල තියෙන්නේ...

    ReplyDelete
    Replies
    1. ඕව මොනවද සිරා කටු කාවේ තව පස්සේ. අයියන්ඩි ඉදිරි පොස්ස්ටුවල ඒවා දාන්නම් කෝ.......ඒ කෑව කටු නිසා තමා අද මේ ඉන්න කෙනා ඉන්නේ. made by katu

      Delete
  5. අම්මපා කෝරලේ මහත්තයෝ මේකතාව මම මුල ඉඳලා කියවලා නෑ. එ වගෙම මම ඔය කොටස් වශයෙන් යන මෙගා වලට එච්චර ආසත් නෑ. ඒ වුනත් මේ කතාව කියෙව්වාම මට හිතුනනෙ මේක මුල ඉඳන් කියවන්න. මොකද මට දැන් මේ බනී ගැනත් ප්‍රශ්න හැට හුටහමාරක් මතු වුනා. මුල ඒවා බැලුවාම උත්තර ලැබේවි නේ?

    මේක ලියන විදිය බරු බං. ඒ වුනාට ස්පොර්ක් ස්පෝක් කියලා හැදුවානම්හොඳ නැත්ද? මොකද ඔරිජිනල් එක spoke නිසා.:)

    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. තැන්කු වේවා. ඇගයුමට. මුල ඉඳන්ම බැලුවනම් තේරුම් ගන්න පහසුවේවි. ඔන්න ඇර වරදත් හැදුවා. වරදක් දැකල හිනාවෙන මිනිස්සු ඉන්න කාලේ ඩුඩ් අයියේ ඔබනම් මැණිකක්.

      Delete
    2. පිස්සුද බං කෝරළේ මහත්තයො, වරදක් දැකලා හිනාවෙන්න? මම ගුරානෙ බං ඒකයි. ජම්මෙට වැඩිය...දන්නවනෙ. හික්ස්.
      අර පටාන් පකිසො ගැන කියලා තියෙන එක නම් මාර ආතල් බං, පස්සෙ උන් ගැන තව කතා දාමු ඈ?
      henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

      Delete
    3. අනිවා අනිවා ඊයේ ඉතින් ඔබතුමාගේ දිනේනේ..... ලොල්..... අනිවා උන්ගැන ලියනවනම් ලියන්න පුළුවන් එක දිගට මාසයක්

      Delete
  6. අනේ...මමත් කතාව මුල ඉඳලා කියවලා නෑනෙ. මේ හැම කොටසක්ම කියවලා මිසක් කොමෙන්ටුවක් දාලා පලක් නෑ කියලා හිතෙනවා. ඒ හන්දා ඉස්සරවෙලාම මුල ඉදලා අගට කියවලාම ඉන්නම් :)මේ බනී කවුද කියලා ඉස්සරවෙලාම බලන්න ඕනෙනෙ

    ReplyDelete
    Replies
    1. අනිවා ලිහිණි අක්කේ එයා කවුද කියන එක හොයාගන්න පුළුවන් නිකන්ම

      Delete
  7. 1 ඉඳන් කියවගෙන එන්නම්කෝ

    ReplyDelete
    Replies
    1. :) හොඳද කියලත් කියන්නකෝ

      Delete
  8. ade korale daapan ikmanata ithuru tikath :-)

    ReplyDelete
    Replies
    1. දානවා දානවා සුවර් එකටම...

      Delete
  9. වටපිටාවත් විස්තර කරගෙන යන නිසා කියවන්න ආසයි..!

    ReplyDelete
  10. සමහර තැන් තේරුනේ නැහැ ආයේ කියවලා බලන්න ඕන අයියා.

    ReplyDelete
    Replies
    1. හදිස්සියෙන් මලයෝ ලියන්නේ ලොක්ක එලියට යන වෙලාවක් බලල. මේ දවස්වල ලොකු වැඩකට හිරවෙලා ඉන්නේ වැරදීම් තියෙනවනම් අනේ සමාව අයදිනවා

      Delete
  11. මට ලේසියෙන් අමතක උනත් මේ කතාව කොහොම හරි මතක හිට්ටා..කෑලි අඩුවට ලියන්න එපා..කියවන්න එපා වෙන්නේ නැති කතාවක් මට නම් මේක..කතාව නම් මාර කතාවක් කියල තමා කියන්න තියෙන්නේ ..

    ජයම වේවා සහෝ :)

    ReplyDelete
    Replies
    1. හිකිස්....... අනේ ඔය එහෙම කිව්වා එක ගැනනම් නංගෝ මට සතුටුයි. මොකද මම වැඩිය ලියන්න දන්නා එකෙක් නොවෙයිනේ. ඔයාලගේ සහයෝගය නිසා තමයි මෙච්චර දුර ආවේ. ජයවේවා!!!!!!

      Delete
  12. ගිනි අවුලන්නෝ මිස ගිනි නිවන්නෝ නැති හැටි...

    අද කතාව කොටයි වගේ නේද කෝරලේ මහත්තයෝ ?

    ReplyDelete
    Replies
    1. අනේ ඔව් සමාවෙන්න. මොකද වෙලාවක් නැතිකම නිසා මේ කෙටියෙන් පැවසුවේ ඒ ඉතින් අපේ ලංකාවේ මිනිස්සුන්ගේ හැටිනේ. සෑහෙන්න කලකිරිලා හිටියේ දැනටත් ඉන්නේ ටිකදෙනෙක් තමයි ඇසුරුකරන.

      Delete
  13. ලස්සනයි.කෙටි වාක්‍ය වලින් අවසන් කරන නිසා කියවන්න ලේසියි.

    මාර සීන් වෙන්නේ නේ?

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දම්මික සහෝ! මමහිතුව කට්ටියට කම්මැලි ඇති කියල කියවද්දී :)

      Delete
  14. සිංහල නං අන්තිමයි කොලුවෝ... හි හි... පන්තියකට යවන්න වෙනවා.... /////කෙසේ හෝ බනිගේ අම්මට ඇමතුවා ය/////
    මේ කතාව නිසි බලධාරියාට අහුවෙලා වගේ.. මෙගා එකක් පැය බාගෙට කොට කරලා වගේ... මොකද මේ කෑලි කප කප දාන්නේ..... හිමීට ලියන්න.. කමක් නෑ...

    මේ අර පකිස්ථාන්කාරයෝ ගැන ටිකක් ලියමු ඈ.....අ‌ෙප් මහත්තයත් ඔය ගැන කියලා තියෙනවා මරු කතා....

    ReplyDelete
    Replies
    1. පක්කො ගැනත් ඉතින් ලියන්න ඉන්නවා පොස්ට් 10ක් විතර ඒ ලියලත් ඉවරකරන්න බැහැ උන් ගැනනම්. අනේ මම හිතන් ඉන්නේ ලංකාවට ආව කාලෙක සිංහල පන්තියකට යන්න තමයි.

      Delete
  15. කොටස් අඩුවෙන් නම් දාන්න එපා. කථාව කොච්චර දිග උනත් මේ ලියල තියන විදියට කියවන්න තියන උනන්දුව වැඩි වෙනව ඇරෙන්න එපාවීමක් නෑ...

    ReplyDelete
    Replies
    1. ඔන්න එහෙනම් කෙටිකිරීමකින් තොරව දාන්නම් ජයවේවා! සහෝ :)

      Delete
  16. ඉක්මනටම ඉතුරු ටිකත් ලියමු .....
    ජය !!!

    ReplyDelete
    Replies
    1. අනිවා ස්තූතියි සහෝ :)

      Delete
  17. මාර සිද්ධි ලංකාවේ වෙන්නේ..
    ඇඩෙනවා ඈ...

    ReplyDelete
  18. ඔෙබ් ගිමන් හලට ෙගාඩ වි මෙෙග් ෙවෙහස නිවා ගතිමි

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි! ඒවගේම සාදරයෙන් පිලිගන්නවා කෝරලේ වලව්වට. ඉඩපාඩු තියෙන වෙලාවක ගොඩවැදිලා යන්නකෝ.

      Delete
  19. පටාන්ල එක්ක ගිහින් කලන්තෙ දැමමෙ නැතුව ඉතුරු වුණා ඇති. මට හිතෙන විදියට උන් ජල පරිභෝජනය සීමාකරන ජාතියක්.

    ReplyDelete
    Replies
    1. හරියටම හරි මහත්තයෝ..... පටන්ලා කියන්නේ මේ ලෝකෙම ඉන්න අපිරිසිඳුම මිනිස්සු කොටස ගැහැණු පිරිමි භේදයක් නැහැ.කොච්චර වතුර තිබුනත් මුහුණයි අතපයෙයි විතරයි වතුර ටිකක් උලාගන්නේ ඒත් අර පල්ලියට යන්න ඕනේ නිසා නැත්නම් එකත් නැහැ.

      Delete
  20. දිගටම ලියමු... අවසානයක් හිතා ගන්න පැරුව ඉන්නේ..

    ReplyDelete
    Replies
    1. ඊළඟ කොටසෙන් මීට වඩා රසවත් විස්තරයක් බලාපොරොත්තු වෙන්න.

      Delete
  21. දැන් ඉතින් නහය වැඩ ද ඉස්සර වගේම ඈ...

    ReplyDelete
    Replies
    1. හෆ්ෆා............ දවස්ගානක් යනකන් කිසිම දෙයක් තේරුනේ නැතිගානයි පකිස් පෙට්ටියෝන්ගේ ගඳට දැන්නම් දෙවියනේ කියල නිදහසේ වැඩ මොකද මම දැන් ටැක්සි වල යන්නේ නැතිව මගේ අබලන් කාර් කට්ටේ යන්නේ

      Delete
  22. උඹත් සැහෙන කට්ටක් කාලනේ බං මල්ලියේ

    ReplyDelete
    Replies
    1. කියල වැඩක් නැහැ අයියේ :)

      Delete
  23. සුබ උපන් දිනයක් කෝරලේ මහත්තයෝ (6/10)

    ReplyDelete
    Replies
    1. තැන්කු වේවා ජෝන් අයියා :)

      Delete
  24. මේකේ අතුරු කතා ටිකත් පස්සේ ලියන්නකෝ. අර සුවඳයි කිව්ව ටැක්සි ගැන එහෙම :)

    ReplyDelete
    Replies
    1. ඔන්න ලියල තියෙන්නේ පස්සේ පොස්ටුවලින් බලන්නකෝ.

      Delete
  25. මං නම් දැක්ක ගමන්ම මුල ඉදන් කියෙව්වා ඕන්
    මරේ මරු. වනන්න මවචන නෑ ආයුබෝවන්
    ---සිහින සැබෑවේවා!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ඔබේ අගයකිරීමට :)

      Delete
  26. දැන ගන්ටයි අහන්නේ කොරලේ ගොයියො....! ම්ම්..... එක්කෝ ඕනේ නෑ..., සමහර විට මගේ ප්‍රශ්නෙට උත්තරේ කතාවෙම ඇති..(තාම හත්වෙනි කොටසනේ.....!)

    ReplyDelete
  27. තව කොටස් දෙකයි :)

    ReplyDelete

ඔයාල කොම්මෙන්ට් එකක් දාන්න වැය කරන තප්පර ගානත් ඔයාලට වැදගත් කියල මම දන්නවා එත් ඔයාලගෙන් අදහසක් මේ පිළිබඳව ලැබෙනවා කියන්නේ මට ඉදිරියටත් ලියන්න හොඳ මොර්ටිවේෂන් එකක් ලැබෙන එක. ලියන්න කල් මදිනම් තිතක් තියල යන්න එතකොට මම දන්නවා ඔබ මෙය බැලු බව. ස්තූතියි.........

Related Posts Plugin for WordPress, Blogger...