Wednesday, 29 August 2012

සිහින කුමරිය. (දෙවැනි කොටස) ජීවිතය වෙනස් කල කතාවක්.



ඉදිරි දින දෙකතුන සද්දයක් බද්දයක් නැතිව ගෙවීගියේය. දුලිගේ ක්‍රියාකලාපයෙන් කලකිරීමට පත්වසිටි මම. බුකිය භාවිතයත් තාවකාලිකව නවතාදමන ලදී. එදින උදෑසන මට පැමිණි යාහු පණිවිඩයේ සඳහන් වූයේ අයියේ ඔයා ඉන්නවාද යන්නයි. මම එවිට ඔව් යයි ටයිප් කොට යැව්වෙමි. නැවත බනි විසින් එවන ලද්දේ ඕකේ. අරව ඔක්කොම හරි දැන් ඔයා කවද්ද ලංකාවට එන්නේ යනුවෙනි. එවිට පිළිතුරු වශයෙන් මම දවස් 3කින් මම එනබව දැන්නුවෙමි. එවිට ඇය අනේ එහෙනම් එනකොට මට චෝකෝ ගෙන්නකෝ. යයි පැවසිය. ඇයගේ එම කතා බහ විලාසය දැඩිලෙස මා සිත්ගත් බවනම් පැවසිය යුතුය. එවිට මා සඳහන් කලේ ඕකේ මම ගේනම්කො.... යනුවෙනි.

   කෙසේහෝ එම දිනය උදාවිය. මාහට ලංකාවට යාමට සිදුවන ගෙදරින් ඈත් වී. එදින රෑ 7 ට පමණ. මම සූදානම් වෙත්දී. ඇය විසින් නැවත චැට් කරන ලදී. එවිට මා දැන්වූයේ නංගි මම දැන් ලැහැස්ති වෙනවා. මම ලංකාවට ගියාම මට ඔන්ලයින් එන්න වෙන එකක් නම් නැහැ. ඔයාගේ නම්බර් එකක් එහෙම තියෙනවනම් මම කතාකරන්නම් යනුවෙනි. විනාඩි 10 ට පමණ පසු නම්බර් දෙකක් ඇය විසින් එවන ලදී. ටෙලිකොම් නම්බර් එකක් සහ ඩයලොග් එකක්ය. එම නොම්බර දෙකම මගේ මොබයිලයට ඇතුලුකොටගත් මා ලැපයත් වසා පැක් කොට ගත්තෙමි. දෙමව්පියන් සමග සාර්ජා ගුවන්තොටට පැමිණි මා හට සමුගන්නට කාලය හරිය. මගේ මලයාගේ මුහුණ, කරත්තෙකට අසුවූ  කජුලේල්ලක් මෙන් විය. මක් නිසාද යත් ඔහු නිවසේ වැඩිපුරම කාලය ගතකරන්නේ මා සමග බැවිනුත් අපි දෙන්නාම විසින් නංගිව මායිම් නොකරන බැවින්. ඔහුට මගේ නික්ම යාම දුකක්ම විය. (එවකට ඔහුගේ වයස  අවුරුදු 7 යි) මා රැගත් ගුවන් යානය ලක්බිම කර පියාසර කෙරින.




   පාන්දර 4 ට පමණ බණ්ඩාරනායක ගුවන්තොටින් බැසගත් මා. එලියට පැමිණ පළමුවම සිදු කලේ පෙනහැලි පිරෙන්න තදින් හුස්මක් දෙකක් ගත් එකය. මක්නිසාද යත් ලංකාවේ හමන හුළඟත් සුවදායක වූ බැවිනි. 


කුලිරියක නැගුනු මම අම්බලන්ගොඩ බලා පිටත් විනි. මක්නිසාද යත් අතුරුගිරියෙහි පිහිටා ඇති අප නිවසෙහි දැනට කවුරුවත් වාසය නොකරන බැවින් එය වසාදමා ඇත. මා හට තනිව එහි විසීමට නොහැකි බැවින් සහ රැකවරණය මදකම බැවින් මාව ලොකු අයියාගේ භාරයට පත්කිරීමට මා දෙමාපිය දෙපල විසින් කටයුතු යොදා තිබිණ. මෙසේ යනවිට මගේ හිතට ආ එක අදහසක් අනුව මා බනි විසින් ලබාදුන් ඩයලොග් නොම්බරයට ඩයල් කොට බැලුවෙමි. හත් ඉලව්වයි වැඩ..... වැඩ..... මෙම වෙලාව කෙනෙකු ඇමතීම සඳහා නුසුදුසු බැවිනුත්, නින්දට භාදා වූ කල ඔවුන් විසින්  මගේ දෙමව්පියන් අනුස්මරණය කිරීම කල හැකි බැවිනුත්, මම මොබයිලය නැවත සාක්කුවේ දාගතිමි.
    
            ගෙදරට බට මා පිළිගනු ලැබුයේ ලොකු නැන්දා සහ මා ආදරණීය මිත්තනිය විසිනි. ඇඟ පත සෝදා උදෑසන ආහාර ගන්නාවිට ආච්චි විසින් දන්වන ලද්දේ මගේ මොබයිලයට මගහැරුණු ඇමතුමක් ආ බවය. එය දෙස බැලු කල මා දුටුවේ. මා විසින් උදෑසන රින් කොට බැලු නොම්බරයම බවය. කවුද දන්නේ දෙවියනේ මේක කාගේද කියල අද කාලේ ඉන්න කෙල්ලෝ විශ්වාස කොරන්න පුලුවන්ද? නැත්නම් කට්ටියම එකතු වී මාව ගොනාට ඇන්දීමට වෙන අයෙකුගේ නොම්බරවත් ලබදුන්නෙහිද? යනාදී ගැටළු රාශියක් මසිතට නැගිණ. කොයිකටත් කියා ගන්න ඕනේ කෝල් එකක් යයි සිතා. ඇමතු විට ඉතාමත් සුන්දර  කිංකිනි (අනේ මන්ද වෙන මොනවා කියන්නද කියල) කටහඬක් මසවනට පතිත විය. එතෙක් අප කතාකොට නොතිබුන බැවින් (චැට් කලාට කටහඬ අහල තිබුනේ නැහැ) මෙන්න ඒ සංවාදය.

මම: හෙලෝ මේ මෝහිනී නංගිද (සැබෑ නම මෝහිනී කියන නමට ටිකක් ලඟින් යන නමක්) ලොල්
ඇය: ඔව් කවුද මේ?
මම: ආ..... මේ මම මහසෝනා අයිය කතාකරන්නේ
ඇය: ආ..... අයියේ කීයටද ආවේ
මම:  උදේ 4 ට විතර නංගෝ
ඇය: හ්ම්ම් දැන් කොහෙද ඉන්නේ
මම:  නැන්දලගේ ගෙදර ආච්චි හදල තියෙන දේවල් කනගමන් අනේ.
ඇය: ආ..... කෝ මොනවද මට ගෙනාවේ. මම ගෙන්න කියපුවා ගෙනාවද?
මම: අයියෝ නංගි හරිම ප්‍රශ්නයක්නේ වෙලා තියෙන්නේ.
ඇය: ඇයි
මම: ඔයාටම කියල මම මේ ගෙනාව හැර
මිටියයි සිල් රෙද්දයි අපේ ආච්චි ඉල්ලලා පොරකනවනේ. බේරෙන්න බැහැ වදේ
එවිට නැවතත් අර රිදී සීනු සෙලවෙන්නාක්  වැනි වූ සිනහ හඬ ඇහෙන්නට විය. ඒ අතර තවත් සිනහ හඬක් ඇසුනෙන් මම ඒ පිළිබඳව විමසිලිමත් වූයෙමි.
මම: කවුද නංගි අර හිනාවෙන අනෙක් කෙනා
ඇය: ආ...... ඒ අපේ අම්මා. මම මේ ස්පීකර් දාගෙනනේ කතාකරන්නේ උදේට කන්න බතල හදන ගමන්

මට එවිට අම්මපා ආව කේන්තියක්. මේකා මේ මාත් කතාකරන්නේ රට වටෙටම ඇහෙන්නද?


මම: ආ.... කියන්නකෝ අම්මටත් හායි කියල එහෙනම් මම පස්සේ කතාකරන්නම්  

ඇය: ඕකේ අයියේ බුදු සරණයි!



      වෙහෙස නිවාගන්නට නිදාගත් මා හවස ඇහැරුනේ සෙලෙස්තිනාගේ පැමිනීමෙන්ය. සෙලෙස්තිනා නොහොත්  සිරිපිනා යනු මගේ පොඩි මාමගේ බාල දියණියයි. අර සුනාමි කතාවේ ඉන්න. අපි දැන්නම් හුරතලේට කියන්නේ සෙලා කියාය. හයියෝ ආව වෙලේ ඉඳන් කච කචේ.... කච කචේ.... ඉවරයක් නැත. පරණ ගල්මෝලක් මෙන් වුවත් එය ඇයගේ මුහුණට පැවසීමට නොහැකි වූයේ. අමනාප වුවහොත් මගේ අත්පා මෙහෙවර කිරීමට එකෙක් නොමැති නිසාය. මම ලංකාවට පැමිණියේ ඔක්තෝම්බර් 1 වෙනිදාය. මා බැහැදැකීමට පැමිණි සියලුම නෑයන් සහ වේයන් වෙත අම්මා විසින් ලබාදුන් දොලපිදේනි පුදකොට අහවර කල මම. නැවත බනි වෙත ඇමතුමක් ගත්තෙමි. එදිනත් රෑ පැය දෙකක් පමණ කතා කල පසු නිදාගැනීමට ගියද  කෙටිපණිවිඩයක ශබ්දයෙන් දුරකතනය කියවූ මට දක්නට ලැබුනේ ලැබුනේ මෙවන් පණිවිඩයකි.

ආ... ගෙම්බෝ දැන් නිදාගන්නද හදන්නේ?

එහෙනම් කොලයක් යටට වෙලා හොඳට නිදාගන්න
පරිස්සමෙන් ගෙම්බියෝ ලයින් දාවි.

    එය කියවූ මගේ මුවඟට සිනහවක් නැගුනේ නිතැතිනි.  ඇ
යටම විශේෂිත වූ තවත් දෙයක් නම් ඇය මා සමග කතාකලේ මට කිසිම බයක් හැකක් නැති මාව ගණන් නොගන්නා ආකාරයටය. මගේ ජීවිතෙට කිසිම කෙනෙක් එතෙක් ඒ විදියට මා සමග කතාකර තිබුනේ නැත. වරද දුටු තැන කෝපයට පත්වෙන බැවින් සහ කිසිවක් ගණන්ගන්නේ නැති මා හට අප පවුලේ ලැබී තිබුනේ සුවිශේෂී තැනකි. මන්ද යත්. ඉගනීම අතින් පවුලේ ළමයින්ගෙන් ඉහලම  ස්ථානයේ ඉන්නේ මම බැවින් සහ මාගේ මව් පස ගැහැනුලමයෙකු වූයේ ඇය පමණක් බැවින් අනෙක් ඔක්කොම ඇයගේ අයියල වූ බැවිනුත්, තමන්ගේ එකම නංගිගේ පුතා කියන තැන මට හිමිව තිබිණ. පිය පාර්ශවයෙන්ද පියා  බාලයා සහ අනෙකුත් සියල්ල සහෝදරියන් වූ බැවින් එම පවුලේද ඉහලම සැලකිල්ල සොයාබැලීම මට ලැබී තිබිණ. ( මම හිතුවක්කාර වෙන්න ඒ හේතුවත් බලපාන්න ඇති සමහර විට)


         එදින ඔක්තෝම්බර් 6 වැනි දින විය එය මට සිවිශේෂී දිනයක් වූයේ. එය මාගේ විසිවැනි උපන් දිනය වූ බැවිනි. පවුලේ අය  එකතු කොට හීනියට වගේ පොඩි සාදයක් පවත්වා. එහි ෆොටෝ බුකියට අප්ලෝඩ් කලෙමි. 
                               සෙලාගෙන් කේක් කෑල්ලක් :D
                                                    
විනාඩි කිහිපයකින්. මා හට ඇමතුමක් ගත් Bunny. මේ මලපෙරේතය වගේ තනියම කේක් කාල පාර්ටි දැම්මනම් අපිව අවුස්සන්න ෆොටෝ දන්නේ නැතිව ඉන්නවද.......... යනුවෙන් දෝෂාරෝපණය කරන්නට විය. හරි හරි ළමයෝ ඔයාලටත් ගෙනත් දෙන්නම් කෝ..... යනුවෙන් ඇයව ශේප් කර ගැනීමට සිදු විය. මම මාගේ නෑදෑ වෙන මාම නැන්දලාගේ ළමයින් සමග වඩාත් කිට්ටු වන්තව ඇසුරු කල . මැයටත් මම සැලකුවේ සෙලාලා හා සමානවමය. ඇගේ හුරතල් ක්‍රියාකාරකම් මා සිත් ගත්තේය. නමුත් ඈ නිතරම කියන්නේ කෝ අනේ මගේ චෝකෝ එක යනුවෙනි. ලොකු මාමගේ උදව්වෙන් මා හට ඉගැන්වීමට. කෙනෙක් හොයාගත් නමුත් මසකට අධික  මුදලක්  ඔහුට ගෙවීමට සිදු විය (මාස්ටර් ඩිග්රියක පවර් එක තමයි). අපි ඔහුට ගයාන් කියමු. මිස්ටර් ගයාන් මගේ අලුත් ගුරුවරයා විය.  කැම්පස් එකෙන් ලැබෙන්නාවූ ටියුට්ස් නෝට්ස් ඔහු ලවා තේරුම් කරවා ඉගන ගැනීමට මට සිදු විය.

     මෙසේ කාලය ගෙවීගෙන යන අතර වාරයේදී ඇය මගේ සිතට ගොඩක්ම සමීප විය. ඇය සතු නිරහංකාර ලාංකීය ගතිගුණ සැබවින්ම මා සෙවූ ආකාරයේම විය. මේ වන විට මට ඇය පිලිබඳ සිතක් පහලවීගෙන එන බව පැහැදිලි වින. නමුත් මට මෙය ඇයගෙන් ඇසීමට විදියක් නැත්තේය. මක්නිසාද යත් එවන් දෙයක් අසා මේ තිබෙන්නාවූ  ,මිතුදමත් බින්දගන්නට මට අවශ්‍ය නොවූ බැවිනි.
මොබිටෙල් වලට පින්සිද්ද වෙන්න ෆ්රීඩම් දමා එකදිගට පැයක් ලෙස දවසට තුන් හතර පාරක් කතාකලෙමි. දිනක් මම ඇයගෙන් මෙසේ ඇසීය. නංගි බබා  ඔයා එනවද මාත් එක්ක ඩුබායි යන්න. එවිට ඇය කිව්වේ හා එන්නම්. තාත්ත කිව්වා අපිව ගන්නවා කියල ඒ ආවාම කියාය. එහෙම නෙවෙයි. මාත් එක්ක හැමදාම යන්න එන්න කැමතියි? ඇසීමි. එහා පැත්තෙන් කිසිම සද්දයක් නොවූ බැවින් මම බිය වූයෙමි මක් නිසාද යත් එම කතාවෙන් ඇය අප්සට් වූවානම් අප අතර ඇති මිතුදමත් බිඳී යන බැවිනි. එබැවින් එය විහිලුවකට හෝ පරිවර්තනය කල යුතුය. මන්ද යත් මා නිතරම විහිලු කරන බැවින් මෙයත් ඒ පිටම පැටවිය හැකි බැවිනි මම ඇයට කතාකලෙමි මොකද නංගි සද්ද නැත්තේ. මාත් එක්ක තරහද? නැහැ අයියේ ඔයා අපේ අම්මට කතාකලානම් නේද හොඳ යැයි ඇය කීවේය. මම කිසිම දෙයක් කාටවත් හොරෙන් කිරීමට අකමැති බැවින් මම ඇයගේ මවට කතාකිරීමට තීරණය කලෙමි. 

      පහුවැනිදා ඉගැන්වීම් කටයුතු හමාර වී පැමිණි පසු මම ඇයගේ මවට කතාකලෙමි. ආන්ටි මම මේ කෝරලේ ගොයියා කතාකොරන්නේ යැයි කී විට මා බලාපොරොත්තු වූයේ. එම්බා දුෂ්ටය. තට කොහේ ඇති හයියක්ද මගේ සුරතල් සිඟිති දියණියට බැලුම් හෙලන්න. යැයි බැනවදිනු ඇති බවය. නමුත් ඇය මා සිතු ආකාරයේ නොවීය කරුනාවන්ත කාන්තාවක් වූ ඇය මා සමග සුහදව කතාකිරීමට විය. ආගිය තොරතුරු කිව්වත් මගේ පවුලේ උදවිය ගැන සඳහනක් නොකිරීමට මම වගබලා
ගත්තෙමි. එය මා විසින් කියනවාට වඩා ඔවුන් පැමිණි පසුව දැනගැනීමට සහ ඔවුනොවුන්ට කතාකරගැනීමට තැබුවෙමි. කතාව අවසානයෙහි ඇය කිව්වේ. පුතේ මගේ දුව දුක හඳුනන්නේ නැති කෙනෙක්.පවුලේ එකම දරුවා හින්ද බොහොම සැපට තමයි අපි හැදුවේ. අනෙක මෙයා ඉන්නේ අසනීපෙන් එයාව දුකෙන් තියන්න පුළුවන් කමක් නැහැ. මීට කලින් පිරිමි ළමයෙක් ගමේම එයා ගැන ඇහුවාම මම කිව්වේ මෙන්න මේක තමයි මම මගේ දූව දෙන්න තියෙන කොන්දේසි. (හත් ඉලව්වයි කිව්වලු) ඒ මොනවද ආන්ටි.අඩුම තරමින් රුපියල් 50000 ක් වත් පඩිය තියෙන්න ඕනේ.
           
(අතේ සත 50ක් නැති මම) හොඳ වැදගත් පවුලක වෙන්න ඕනේ (වැදගත් පවුලක නොවැදගත් ළමයෙක්) මොකද ඒ තමයි අපේ පවුල් වල තත්වේ මෙයාගේ තාත්තත් හොඳ වැදගත් රස්සාවක් කරන්නේ ඒ නිසා අපි බලනෙන් අපිට ගැලපෙන කෙනෙක්ව යැයි පැවසිය. මම එවිට සඳහන් කලේ මේකයි ඇන්ටි මම දැන් ඉගන ගන්න කෙනෙක් නමුත් ඩිග්රි එක ඉවර කලාට පස්සේ 60ක් 70ක් පඩිය ඉතින් සුවර් තමයි කියල. එවිට ඇය කිව්වේ පුතා මට ඔයාට කිසිම දෙයක් කියන්න බැහැ. මොකද මගේ දුව ඉන්නේ අසනීපෙන් ඔයා ඇවිල්ල බලල තීරණය කරන්න. එයාව දැක්කට පස්සේ මේ සම්බන්දෙ දිගට ගෙනියනවද නැද්ද කියල. හ්ම්ම් මදැයි කොලා. දැන් කාපන්කෝ හැම් බේකන් කිව්වලු. පහුවෙනිදට දමියයි ඉරේශුයි හම්බ වෙන්න ඇල්පිටි යන්න ඕනේ ඒ නිසා අද වේලාසනින් නිදාගන්නවා. 


තුන් වැනි කොටසට  මෙතනින්
 
   

13 comments:

  1. machan korale hodama hariyen ne navaththala thiyenne.ithuru tikath ikmanata liyanda :-)

    ReplyDelete
    Replies
    1. ලියනවා ලියනවා ඉක්මනින්ම ලියනවා

      Delete
  2. මට හිතාගන්න පුළුවං වෙලා තීන දේ...
    බලමුකෝ හිතපු දේ හරියටම හරිද කීලා..

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් මොකද හිතෙන්නේ කොලිටිය ගැන හොඳද මදිද?

      Delete
  3. හපොයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
    දැන්????????????????????????????????????
    කරුණාකරලා මගෙන් ගුටි නොකා ඉක්මනට මේකේ ඉතුරු ටික ලියන්න හාද? :) :)

    ReplyDelete
    Replies
    1. ඔන්න ලියනවා. මෙන්න ලියනවා තව දවසක් ඇතුලත දානවා සුවර් එකටම

      Delete
  4. දැන් ඉතිං කාල වරෙං දූව දෙන්න තියෙන කොන්දේසිය නියමයි. මේ වලෙන් ගොඩ එන්න හිතන්න වෙයි

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් සෑහෙන්න හිතන්න වුනු ප්‍රශ්නයක්.

      Delete
  5. අදයි මලේ ගොඩ වැදුනේ මේ පැත්තට අනිත් කොටසත් ලියල නේද? ඒකත් කියවලම එන්නම්

    ReplyDelete
    Replies
    1. වෙලාව නැති නිසා ලියන්නේ ඉතින් ටිකෙන් ටික තමයි අයියා.

      Delete
  6. This comment has been removed by the author.

    ReplyDelete
  7. ///ඔයාල කොම්මෙන්ට් එකක් දාන්න වැය කරන තප්පර ගානත් ඔයාලට වැදගත් කියල මම දන්නවා එත් ඔයාලගෙන් අදහසක් මේ පිළිබඳව ලැබෙනවා කියන්නේ මට ඉදිරියටත් ලියන්න හොඳ මොර්ටිවේෂන් එකක් ලැබෙන එක. ""ලියන්න කල් මදිනම් තිතක් {තියල} යන්න එතකොට මම දන්නවා ඔබ මෙය බැලු බව. ස්තූතියි........///.
    -----ඔන්න ඒක නිසා මම තිතක් (.) තිබ්බා හොදේ-----

    ReplyDelete
  8. ඉස්සර පොටෝ පෙන්නන්න අකමැතියි වගේ :D

    මට අනුව නම් ඒ ඩ්හේවල් හරිම අසාමාන්යයි කෝරලේ මහත්තයෝ.. කොටින්ම දෙමව්පියො ඉස්සර මාර ලැජ්ජ කාරයෙක් මම ඔය වගේ දේවල් වලට :)

    ඊලඟ එකත් බලමු :)

    ReplyDelete

ඔයාල කොම්මෙන්ට් එකක් දාන්න වැය කරන තප්පර ගානත් ඔයාලට වැදගත් කියල මම දන්නවා එත් ඔයාලගෙන් අදහසක් මේ පිළිබඳව ලැබෙනවා කියන්නේ මට ඉදිරියටත් ලියන්න හොඳ මොර්ටිවේෂන් එකක් ලැබෙන එක. ලියන්න කල් මදිනම් තිතක් තියල යන්න එතකොට මම දන්නවා ඔබ මෙය බැලු බව. ස්තූතියි.........

Related Posts Plugin for WordPress, Blogger...