Thursday 23 August 2012

ලොකු ලොකු කෙහෙල් කන්න ගිහින් සිද්ධ වුනු දෙයක් (වැඩිහිටියන්ට පමණයි)





මම අද ලියන්නෙත් මටයි මගේ අතිජාත මිත්තරයෝ ටිකටයි වෙච්ච අලකලංචියක්. එතකොට කියන්න එපා බොලා ට වෙන්නෙම අලකලන්චිනේ කියල. අපේ සෙට් එකට එකතු උන අලුත්ම මෑන් තමයි රුවන්. රුවන්ගේ ගම අකුරැස්සේ. ඔයාල දන්නවා ඇතිනේ ගාල්ලෙනුත් ටිකක් දුර සුන්දර තේ වතු වලින් සහ කඳු වැටි වලින් සමන්විත පරිසරයක්  තමා අකුරැස්සේ තියෙන්නේ. අපිට ආරාධනාවක් ලැබුන රුවන්ගෙන් සති අන්තේ නිවාඩුවට රුවන්ලාගේ ගෙදර එන්න කියල. අපිත් ඉතින් කොහේහරි ගිහින් ෆන් එකක් ගන්න බලන් ඉන්න උන් ටිකක් නිසා, මේ ආරාධනාව එකපයින් නෙවෙයි හතර පයින්ම පිළිගත්තා. නමුත් මේ පාර හැමෝටම තිබුණු අවුල තමයි සල්ලි. මොකද ගෙවල් වලින් සෑහෙන තරම් බජට් එකක් ලැබුනේ නැති එක. අකුරැස්සට යන්න උනෙත් බස් එකේ. නමුත් එකෙත් පොඩි ගතියක් නැතිවමත් නෙවෙයි ෆුට් බෝර්ඩ් එකේ එල්ලිලා යන එකේ.උදෙන්ම වැල්ලවත්තෙන් පිටත් උන අපි හවස් වෙනකොට අකුරස්සෙන් බැහැගත්ත. අපිට ඇවිදින්න යන්න බයික් හතරකුත් රෙඩි කරලා තියල තිබුනේ රුවන්ගේ අයිය විසින් (ඒ වෙලාවෙනම් හිතුන අනේ අයියේ උඹනම් දෙවියෙක් නෙවෙයි දේවාලයක් කියල). ඉතින් කාල ඉවර වෙලා ආගිය තොරතුරු කතා කරලා ඉවර උනාට පස්සේ රුවන්ගෙන් ආව යෝජනාවට අපි කැමති උනා. මොකක්ද කියනවනම් ටවුම පැත්තේ ඇවිදින්න. කල් වෙලා තියෙන එකේ ඇවිදින්න බැරිනම් ලයිමක් වත් දදා ඉන්න පුළුවන්නේ කියලයි උදයනම් කිව්වේ. කොහොම හරි බයිසි මොටෝ හතරෙන් අපිත් ආව කියමුකෝ ටවුමට. රුවන අපිව කෙලින්ම එක්කගෙන ගියේ එතන තිබුන රටබීම කඩේට (18 ට අඩු අය ඉන්නවනම් කියවීමෙන් වලකින්න) කට්ටියම ඉතින් සුදු කැට බෝතල් දෙකක් ගේන්නගෙන හෙමිහිට සප්පායම් වෙන්න ගත්ත. සුදු කැට කියන්නේ මොනවද කියල දැන් අහන්න එපා White  Diamond  වලට තමා අපි සුදු කැට කියන්නේ 


මොකෝ නොදන්නා කෙනෙක්ට තේරෙන එකක්යැ. දැනට උනත් අපේ ජාතික පානේ ඉතින් සුදු කැට තමා. මොකද වදින්නේ තැපෑලේ නිසා. නමුත් එදා සුදු කැට ගත්තේ ආර්ථික සම්බාදක වැටිලා තිබුණු නිසා. ආ....... ට්‍රැක් එක පැන්නනේ ඉතින් මම කියා කියා හිටියේ සප්පයන් උනා හරියනේ ටිකෙන් ටික බෝතල් දෙක 3 උනා 3 හතර උනා දන්නෙම නැතිව. නමුත් එකෙක්වත් වැනෙන්නේත් නෑ ගානක්වත් තිබුනෙත් නෑ. අතේ සල්ලි තිබුනානම් තව බොන සයිස් එකේ තමා සෙට් එකම හිටියේ. වෙනදට පලවෙනි ෂොට් එකෙන්ම නොකවුට් වෙන කෝරලේ මහත්තයත් අද ඉන්නවා සිංහයා වගේ. මොනවද බන් මේවා... මේවත් බීමද? අරකයි මේකයි. දැන් ඉතින් කට්ටිය බිලත් ගෙවල එලියට බැස්ස. ටවුන් එක පාස් වෙලා හම්බ වෙන පලවෙනි හන්දියේ කඩයක් තියෙනවා. උදය ඒ දවස්වල ඉඳන්ම බටේට පුරුදු වෙලා හිටියේ. දන්නවනේ බට කියන්නේ සිගරට්. මේකට ඕව ගණන් ඕනේ උනා. අපිත් ඔතනින් නැවැත්තුව. දැන් ටික ටික කට්ටියටම වැදෙන්න පටන් අරන් තිබුනේ. ඒ අස්සේ අපේ සහන කඩේ එල්ලලා තිබුන කෙසෙල් කැනක් දැකල. 


අම්මට හුඩු යකෝ මේවා කෙහෙල්ද නැත්නම් වෙන මොනවා හරිද කිව්වා. බැලින්නම් ඒ වගේ සයිස් එකේ කෙසෙල් මමත් දැක්කේ ජීවිතේ පලවෙනි වතාවට. දැන් ඕක කෑමේ දොළදුකක් මටත් පහල උනා. මම සහන්ගේ දිහා බලන කොටම ඌ දැනගත්ත මගේඅදහස එළියේ ඉඳන්ම කෑ ගහල ඇහුව ඇන්ටි මේ කෙසෙල් කීයද කියල ටයි කියනවා වගේ තමයි මට ඇහුනේ. ඒක ක්ලියර් නැති නිසා මම තව සැරයක් මේක් ෂුවර් කරගන්න, සහනා කීයද බන් කිව්වේ? කියල ඇහුව? 8 යි බන් උඹේ කන් ඇහෙන්නෙත් නැද්ද එහෙම නැත්නම් උඹට වෙරිද? කියල ඇහුව. පොඩි කුකුසක් හිතට ඇතී උනත්. වෙරි වෙලා කියල නෝන්ඩි වෙන්න බැරිකමට මම කැට පියාගත්තා. හැමෝම කෙසෙල් ගෙඩිය ගානේ කෑවා කවදත් කෑමෙන් පලවෙනි තැන ගන්න උදය තව එකකටයි අපි තුන්දෙනෙක් තව එකකුයි බෙදාගෙන කෑවා. දැන් ඔක්කොම ගෙඩි 10 ක් 

කාල ඔක්කොම ගැන වෙන්න ඕනේ 80 යිනේ. මගේ අතේ තිබුනේ රුපියල් 200යි මම ඒක දුන්න. මෙන්න ඇන්ටි ගන්න කියල. හත් ඉලව්වයි බැලින්නන් මමයි සහනයයි දෙන්නම ඇන්ටි කියල තියෙන්නේ අක්ක කෙනෙක්ට එය සල්ලි ගන්න එලියට ආවට පස්සෙයි දැක්කේ. රුපියල් දෙසීය අතට ගත ඒ අක්ක තවත් අත දික්කරන් ඉන්නවා දැක්ක උදය. "අක්කේ ඉක්මනට ඉතිරි සල්ලි දෙන්න පිට පරක්කු වෙනවා" යයි කීවිට. අක්කත් ඉතිරි සල්ලි දෙනකම් තමයි මල්ලි මමත් බලන් ඉන්නේ කිව්වා. හත් ඉලව්වයි...  "අක්කේ ඔය තියෙන්නේ 200ක්ම වෙන මොන ඉතිරි සල්ලිද"?  "මල්ලිලා ගෙඩි කීයක් කෑවද"     "10 යි"   "ඉතින් ඉතිරි 400 දෙන්නේ කවුද" "මල්ලි මේ නිකන් කෙසෙල් නෙවෙයි නෙත්තරම් පලම් මෙයින් ගෙඩියක් හැටයි" හත් ඉලව්වයි කිව්වලු. මේ මොන වින්නැහියක්ද? කෙසෙල් ගෙඩියක් රුපියක් 60ක් කියන්නේ......... 

     මේ හරියටම 2005 අවුරුද්ද. ඉතින් ඔයාල හිතල බලන්නකෝ කට්ටියගෙම වෙරි හිඳුන වගේ කියල මට තේරුණා. මොකද මටත් ඒ දේම වුන නිසා. කොහොම කොහොම හරි හැමෝගෙම සාක්කු පර්ස් අහුමුලු අස්සෙන් අත පත ගාල යන්තම් 600 හොයල දුන්න. දැන් එකෙක්වත් කතා කරන්නේ නැහැ. සහනා සේරටම පිටිපස්සෙන් බයික් ඒක අරන් එන්නේ. දැන් මට මාර කේන්තියි. මූ නේ වැඩේ කෑවේ පැනපු ගමන් උලම වගේ 8 යි කියල. දැන් තේවතු මැදින් එන සීතල හුලන් පාර මූනට වදිනවා කට්ටියට ආයෙම  වදින්න පටන් අරන්. කොහොම හරි. අතපය නොකඩන් රුවන්ලාගේ ගෙදරට ආව. කට්ටිය තැන් තැන් වල. හොඳ වෙලාවට ගෙදර ලොකු අය හිටියේ නැත්තේ. එයාල කොහෙද ගිහින් නිසා තමයි අරූ අපිට එන්න කිව්වේ.කොහොම හරි ඔක්කොටම කර්පට් වෙන්න වැදිලා කබරයෝ පෝලිමයි. උදේ නැගිට්ටම තමා කට්ටියට තරු පෙනුනේ කා ළඟවත් සල්ලි නැහැ. යන්තම් රුවන්ගේ අයියගේ පිහිටෙන් ගෙවල් වලට ආව. ඔන්න එහෙනම් තවත් චාටර් උන අන්දොස් ට්‍රිප් එකක අවසානය. මේ ගැන ඔයාලට කියන්න තියෙන අදහස් ගල් මුල් මඩ සියල්ලම පහලින් ලියල යන්නකෝ.   


වැඩිහිටියන්ට පමණයි කියල කිව්වේ මත් පැන් දුම්වැටි ගැන සඳහන් දේවල් පොඩි ළමයි බලන එක හොඳ නෑනේ නේද?
 

40 comments:

  1. ඈ ... නේත්තරම්පලම් කන්න පුළුවන්ද 8ට දැන්කාලෙනම් එක ගෙඩියක් 140/= විතර වෙනවා.

    හැබැයි ඔය වයසට නේත්රම්පලම් කන්න හොඳ නෑ ලු.......

    ReplyDelete
    Replies
    1. අපිටත් පැටලිලා 60 ට 8 ට වගේ ඇහිලා තමා වැඩේ ඇනුනේ. බොහොම ස්තූතියි දයානන්ද මහත්තයෝ

      Delete
  2. Replies
    1. ඔව් ඔව් හැබැයි ඒ අන්තිම වතාව තමයි නේතරම්පලම් කෑව

      Delete
  3. නේත්‍රම්පලම් වලට අපිනම් කියන්නේ......... ** පලා කියලා.........

    බොලාට රෑ වෙන මොකවත් ඕන උනේ නැද්ද නේත්‍රම්පලන් කාලා

    ReplyDelete
    Replies
    1. නැහැ ** පලා කියලා......... කියන එක දන්නේනම් නැහැ

      Delete
  4. හොඳ වැඩේ බොනවට

    ReplyDelete
    Replies
    1. සුරාමේරය උනත් ගන්නේ මද පමණට නොවැ ආයිබෝන්.. ලොල්

      Delete
  5. නේත්තරම්පලම්?????
    අදමයි ඇහුවේ...
    අඩේ පොඩ්ඩක් හොයලා බලන්න ඕනා..

    ReplyDelete
    Replies
    1. කීයක් හරි අතේ වැඩි පුර තියන් යන එක හොඳා නැත්නම් වෙන්නේ කඩේ වලන් හෝදන්න මොකද ඕව රත්තරන් වලටත් වඩා ගණන්

      Delete
  6. මදැයි ඔයිං ගියා එවෙලේ ගෙවන්න සල්ලි තිබ්බේ නැත්තම් කඩේ වැඩ කරන්න වෙන්නේ :D

    ReplyDelete
    Replies
    1. එහෙනම් ඇන්ටි කියල කිව්වා එකටත් එක්ක දෙයි පනිෂ්මන්ට් එක.

      Delete
  7. අටට දෙයි නේත්රපලම් වහල්ලක් ....

    ReplyDelete
  8. අපරාදෙනෙ බං අච්චර ගානක් දීල කාල............ඒ එක්කම කබරයා දාල..!!

    ReplyDelete
    Replies
    1. මම යන්තන් වියදන් කල ගාන බේරාගත්තා. වමනේ නොදා

      Delete
  9. නෙත්‍රප්පලම් කියලත් කියනව නේ. ගෙඩියක් දෙකක් කා ගත්තොත් බඩ පිරෙන සයිස්. මෙහෙ එකක් 70. පැලයක් 250. සුදු කැට ඉස්සෙල්ලම ගහපු දවසේ මාත් නන්නත්තාර උනා. වතුර බීල ඉවරයක් නෑ. පට්ට ට්‍රිප් එක නේ ද

    ReplyDelete
    Replies
    1. ඔයින් පල දහයක් වත්තේ වවගත්තනම් ජොබ් එකක් නොකර ගෙදරට වෙලා ඉන්න තිබුන. හිකිස්...... සුදු කැට කියන්නේ ඉතින් අපේ ජාතික පානය. දැන් අපිට මොනවා තිබුනත් සුදුකැට තරම් කික් එකක් එන්නේ නැහැ. කියල වැඩක් නැහැ තව තියෙනවා හන්ටර් ට්‍රිප් ඒවත් ඉදිරියේදී ලියන්නම් කෝ......

      Delete
    2. අනෙ අප්පා සුදු කැට ගැන මොනාෆ්හ මේ කතා.. එළම තමා.........

      Delete
    3. වෙද පප්පගේ මැජික් අරිස්ටේ වගේ බලගතු අවුසදයක් බොල කොල්ලෝ

      Delete
  10. කෝරලේ උන්නාන්සෙ, මම තමුන්නැහෙගෙ කමෙන්ට් දැකලා තිබ්බත් බොලොක්කෙට ඇවිත් නෑ. මේ දැකලා ගොඩ වුනාමයි. කතා දෙකක් කියෙව්වා. තමුන්නැහෙත් චාටර් වැඩනේ කරන්නෙ?
    රුවන්ගෙ අයියත් පිස්සු ඩයල් එකක්නෙ බීලා පදින්න බයික් හතරක් සෙට් කරලා තියලා! හෙහ් හෙහ්.
    ඈ බං කෝරලෙයො...සොරි වේවා .. ඈ කෝරලේ මහත්තයො, බීලා කෙසෙල් ගෙඩි කන උං ඉන්නවද? මං හිතන්නෙ කබ්බා සෙට් වෙන්න ඒකත් බලපාන්න ඇති කියලයි.

    බීලා ආනමාලු කාපු එකෙක් ගැන තියෙනවා මෙතන. ඌ තමුන්නැහෙලටත් එහා චාටර් ඩයල් එකක්.

    පට්ට කතාව ඕයි!

    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)

    ReplyDelete
    Replies
    1. ඩුඩ් උන්නැහේ දන්නවනේ තිබුන පිස්සුම කාලයක් ඉතින් කියල වැඩක් නැහැ. මොන කුප්ප වැඩේ කලත් හරි ආතල් එකක් තිබ්බේ. දැන්නම් ඉතින් ඒ උන බැහැල. අපේ සෙට් එකේම පුරුද්දක් තමා බොන්නේ නොකා මොකද කෑවොත් කබරයා සුවර් බොන්න ඉගනගන්න කාලෙනේ. දැනටත් තියෙනවා ඒ පුරුද්ද කන්නේ නැතිව බොන නිසා ෂොට් එකයි දෙකයි කට්ටිය වැටිලා. බොහොම ස්තූතියි ආවට. රුවන්ගේ අයිය හිතල නෑ අපි ටවුන් එකේම බොයි කියල

      Delete
  11. 60 ක් දීලා කෑවත් මොකෝ ඕක හොඳ වාජීකරණ ඖෂධයක් ලු!

    ReplyDelete
    Replies
    1. අවුසන්දේ ගැන කිව්වට මොකෝ. ඒ වෙලාවේ මම හිතන්නේ කට්ටියට දිරෙව්වෙත් නැත්තේ ගාන වැඩි කමට වෙන්න ඇති

      Delete
  12. අෆොයි අප්පො අපෙ කොරලෙ මහත්තයාටත් උන වින්නැහියක්...
    මොකො වලව්වෙ කෙහෙල් නැතෙයි..

    ReplyDelete
    Replies
    1. කෙහෙල් තියෙනවා දරුවෝ. නෙත්තරම්පලම් නැහැ නොවැ

      Delete
  13. ට්‍රිප් එක ගිහින් ගත්තු ආතල් එක ඔච්චරයිද

    ReplyDelete
    Replies
    1. ගන්න ගිය ආතල් ඔක්කොම ඉවරයි හසිත. මුන් කබ්බෝ වෙලා. ඇඟට පන නෑලු. පහුවෙනිදා හීන් සැරේ මාරුවෙලා ආවා ලැජ්ජාවටත් එක්ක.

      Delete
  14. අම්මෝ, මතක් වෙද්දීත් හිනා යනවා. පව් වැඩේ රුවන්ගේ ඓයා, මාරු බුවා.

    ReplyDelete
    Replies
    1. හිකිස්............ අපි නිසා පොර බැනුම් අහලත් තිබුනා.

      Delete
  15. පට්ටම පට්ටයි ඈ........

    ReplyDelete
    Replies
    1. තැන්කු වේවා සහෝ...................................

      Delete
  16. අනේ කොරලයෝ උඹට තම ඩෝප් ද ? ඔය කාල තියෙන්නේ නේත්‍රපලම් නෙවේ. එතන තිබිල තියෙන්නේ ආනමාලු (ආනමාළු ?) ගාන 8 තමයි සහනය හරි. බොලාල කාලා ඉවරවෙලා අක්කට ඇන්ටි කියපුවහම මෙකි දැනගෙන තියෙනවා උඹලට ඩෝප් කියල. අක්ක, ඇන්ටි අඳුරන්නේ නැති උන් ආනමාලු යි නේත්‍රපලම් නුයි අන්දුරගන්නේ කොහේද කියලා මේකිත් කල දුටු කල වල ඉහගෙන.

    ReplyDelete
    Replies
    1. හික් හික් ඒක කියන්නත් බැහැ. පහුවෙනිදා එලිවෙද්දීත් ඩෝප් තමයි. :)

      Delete

ඔයාල කොම්මෙන්ට් එකක් දාන්න වැය කරන තප්පර ගානත් ඔයාලට වැදගත් කියල මම දන්නවා එත් ඔයාලගෙන් අදහසක් මේ පිළිබඳව ලැබෙනවා කියන්නේ මට ඉදිරියටත් ලියන්න හොඳ මොර්ටිවේෂන් එකක් ලැබෙන එක. ලියන්න කල් මදිනම් තිතක් තියල යන්න එතකොට මම දන්නවා ඔබ මෙය බැලු බව. ස්තූතියි.........

Related Posts Plugin for WordPress, Blogger...