Wednesday, 15 August 2012

2004 සුනාමියෙන් දිවිගලවාගත් සත්‍ය කතාවක් 2 වැනි කොටස.


 සුනාමියට මුහුණ දුන් සත්‍ය අත්දැකීමක් ඇසුරෙන් ලියන කතාවේ
දෙවැනි කොටස පලවෙනි එක බැලුවේ නැත්නම් මෙතනින් ගිහින් බලල එන්න.

මම මට ඉතිරිවෙලතිබ්බ එකම වස්තුව වුනු බයිසිකලයත් අරගෙන එතනින් එන්න පිටත් උනා.
                            මෙන්න මේ වගේ එකක් තමයි මගේ ආදරනීය බයිසිකලේ

 යන්නේ කොහෙද කියන එක ගැන හරි නිශ්චිත හැගීමක්  මගේ හිතේ තිබුනේ නැහැ ඔහේ යන්න වාලේ ගිය යාමක් තමයි ඒ ගියේ. නමුත් මම ඉබේටම ගියේ අම්බලන්ගොඩ ටවුම දිහාට. පර බ්ලොක් වෙලා. තාප්ප පාරේ බොහොම අමාරුවෙන් බයිසිකලෙත් පැදගෙන එනකොට මම ඔයාලට කිව්වා ඔය ඒරියා එකේ තමයි කියල දුරගමන් යන බස් නවත්වන්නේ. ඒ කඩවල්වල අයිති කාරයෝ හොයන්නවත් නෑ සුනාමියට බයේ දුවලද සුනාමියට අහුවෙලද කියලවත් මම දන්නේ නැහැ මම කලින් කිව්වා හෝටල් ඇතුලේ මිනිස්සු බීම කේස් පිටින් උස්සන් යනවා. මගේ ලඟින්ම දිව්වා මිනිහෙක්ගේ අතේ බෝතලේක (ඔය කඩවල්වල තියෙන ටොෆි බෝතලයක්) සල්ලි පිරිලා තියෙනවා මම දැක්කා මේක මහදවල් කල මංකොල්ල කෑමක් හා සමාන දෙයක්. මොකද මෙච්චර වින්නැහියක් රටට වෙලා ඇත්තටම එදා ඒ වෙලාව වෙනකොට ෂුවර් එකක් තිබුනේ නැහැ ඒ ආව රැල්ල අන්තිම රැල්ලද තව එකක් එන්න තියෙනවද කිසිම දෙයක් දන්නේ නැහැ. නමුත් මිනිස්සු ඒ කැඩුණු ගෙවල් වලට පනින තාලේ මම දැක්කා. ඒ අපේ මිනිස්සුන්ගේ තිරිසන් කම ප්‍රදර්ශනය කල තවත් අවස්තාවක්. බීම කේස් එකක් උස්සන් ගිය කොල්ලෙක් ඉඳා  මල්ලියා බීම එකක් බීපන් බන් මේවා ෆ්‍රී සල්ලි ගන්නේ නැහැ කියල කොකා කොළ බඩියක් මගේ අතට දුන්න. ඒ වෙලාවේ බයට සහ මහන්සියට මගේ තොල කට වේලිලා තිබුනේ මමත් ඒ බෝතලේ බිව්වා ( නමුත් අද මට මගේ හිත වැඩ දෙනවා මමත් ඒ කොල්ල කෑමකට සම්බන්ද උනාවත්දෝ  කියල තිබහට බිව්වා උනත් මමත් ඒ පාපයේ කොටස් කාරයෙක් උනා නේද කියන හැඟීම දැනටත් මගේ හිතට එනවා) ඒ අතරේ මට මල්ලි මල්ලි කියල මනුස්සයෙක් කතා කරනවා ඇහුනා බැලුව කොට අල්ලපුවත්තේ සුනිල් අන්කල්ගේ ගැරිජ් එකේ වැඩ කරන බාස් කෙනෙක් වයස 30 ක විතර ඇති. මම ඇහුවා ඇයි අයියේ කියල අනේ මල්ලි මාව ටවුන් එකට ගිහින් දන්නා මල්ලි අපේ කට්ටිය ගැන කිසිම තොරතුරක් නැහැ මම යනවා මගේ ගමට අම්පාරට කියල කිව්වා මම කිව්වා එන්න අයියේ නගින්න කියල මිනිහවත් වාඩිකරගෙන බයිසිකලේ පැදගෙන ආවා ටවුන් එකට මුළු පාරම බ්ලොක් වෙලා ගස් කඩාගෙන වැටිලා පත ලේලන්ඩ් වයිකින්ග් නොපිට පෙරලිලා මම අර මනුස්සයව ටෝවුන් එකෙන් දාල අපේ පොඩි මාමලාගේ ගෙදර යන්න පිටත් උනා අම්බලන්ගොඩ ටවුන් එකට කිසිම හානියක් වෙලා නැහැ. මොකද ටවුන් එක ගොඩක් උසයි පොඩි මාමලාගේ ගෙවල් තියෙන්නේ කන්දේ ගොඩ කියල අම්බලන්ගොඩින් කිලෝ මීටර ක් විතර ඇතුලට වෙන්න මම කුණු ගෑවිච්ච කිළුටු ඇඳුම් පිටින් ගිහින් එයාලට කතාකරන කොට ගෙදර හිටියේ නංගි විතරයි අක්ක කොහෙද ගිහින් නන්දල ගියාලු උදෙන්ම ආච්චි සිල් අරන් ඉන්න ආරාමෙට මම කලින් කිව්වනේ මේ ආරාමෙට යන්න ඕනේ අම්බලන්ගොඩ හරහා මෙයාල ගිය වෙලාව බලනකොට මෙයාලත් අනිවා සුනාමියට අහුවෙන්න ඕනේ නමුත් මට එක නංගිට කියන්න බැහැ. මොකද එතකොට ඒකගෙ වයස 13 ක් 14 ක් ඇති. මම එයාවත් ලැහැත්ති කරගෙන බයිසිකලෙන් ආයෙම එන්න පිටත් උනා මහා අම්බලන්ගොඩ හරහා ආරාමෙට යන්න වෙලාව දවල් එකට විතර ඇති. අපි ගාලු පාරෙන් බටපොල පාරට දැම්ම. ඒ පාර ගාලුපාරට වැඩ පහතයි වතුර පිරිලා අඩි දෙකහමාරක් විතර මට බයිසිකලේ පැදගන්න අමාරුයි. මම නංගිවත් බස්සගෙන පයින් වතුර මැද්දෙන් යන්න පිටත් උනා මීටර් දෙසීයක් ගියේ නෑ නංගි කෑගහන්න ගත්ත. මම ඒ පැත්ත බැලුවම මම දැක්කේ මොනාද කියල ඔයාට හිතාගන්න පුලුවන්ද? පාවෙන මල මිනි. 7 ක් විතර තිබුන මට මතක විදියට.





 පොඩි ළමයි දෙන්නෙක්ගේ මිනි දෙකකුත් අපි දැක්කා. මම නංගිවත් අරගෙන දිගටම යන්න ගත්ත. දැන් මෙයාටත් ටිකක් තේරිලා තියෙන්නේ නැන්දලා (එයාගේ අම්මල) ගැන ෂුවර් එකක් තියන්න බැහැ කියල. මගෙන් ඇහුවා සුදු අයියේ අපේ අම්මලාට කරදරයක් නැහැ නේද කියල.  මමත් ඉතින් නංගිව ශේප් කරන එක්කගෙන ගිය අර කිව්වා ආරමෙට පාරේ මනුස්ස පුළුටක් නැහැ කිලෝමීටර් 2 කට වැඩ දුරට මිනිස්සු ගෙවල් දොරවල් ඇත හැරලා දාල දුවල අපි ආරාමෙට (දෙල්ගොඩ වගේ මතක විදියට) ගිහින් සෙනග අතරින් හොයාගත්ත ආච්චිව එයාලත් බයේ ඉඳල තියෙන්නේ මගෙන් ලොකු මාමල ගැන විස්තරයක් දැනගනන් බැරි උනා නිසා ආච්චි අඬන්න පටන්ගත්ත අනේ මගේ ලොකු පුතේ කියාලා











ආච්චිවත් ශේප් කරන් එක්කගෙන එන්න ආවා අපි එනකොට අපිට මගදී හම්බ උනේ කවුද දන්නවද? පොඩි නැන්දලා එයාල දුවල ගිහින් ඉඳල ඒ හරියේ තියෙන කන්දකට. එයාලයි තව කට්ටියකුයි දැන් කට්ටිය.නැවත තම තමන්ගේ ගෙවල් තියෙන පැති බලා යන්නට පටන් අරන්. අපි කට්ටිය කොහොමින් හරි ආච්චිලගේ මහ ගෙදරට ආවා. ලොකු මාමල ගැන නම් කිසිම ආරංචියක් නැහැ. කන්න බඩගින්නකුත් නැහැ. මහන්සි වැඩිකමට නිදාගන්න ගිය නින්ද යන්නේ නෑ අර පොඩි එක්කෙනාව මැවි මැවී පේනවා ආච්චි පිරිත් කිව්වයින් පස්සේ තම මට නින්ද ගියේ.


27 December

උදේ මට ඇහැරුනේ හෝන් සද්දෙකින්. එලියට ගිහින් බලනකොට ඇවිල්ල හිටියේ ජනක් අන්කල් එයා තමයි ඒ ඒරියා එකේ ITN  රිපෝටර්. ඔයාල අහල ඇති ගොඩක් දුරට අටපට්ටම එහෙම යනකොට කියවෙන නමක් තමා ඒක ඇත්කඳුරේ ජනක් ද සිල්වා කියල. මට කිව්වා පුතේ මාම නැද්ද මම ආවේ හදිස්සි වැඩකට කොළඹ යන්න ඕනේ වීඩියෝ ටේප් එකක් දෙන්න නමුත් මම වැටිලා කකුල තුවාල වෙලා ඉන්නේ මේක අනිවාර්යයෙන්ම දෙන්න ඕනේ අදම කියල. මම කිව්වා අන්කල් මම එන්නම් හැබැයි මට ලයිසන් නැහැනේ කියල. ඔය බය වෙන්න එපා මේ කලබල අස්සේ පොලිසියෙන් ඕව චෙක් කර කර ඉන්නේ නැහැ දැන්මම ලැහැස්ති වෙන්න කියල කියපු ජනක් අන්කල් තේ ඒක බොන කොට මම අඳින්න දෙයක් බැලුව නැහැ. අතට අහු උනේ මගේ අනෙක් මාමගේ පුතාල දෙන්න ඉන්නේ ආච්චි එක්ක ලොකු අයිය වැඩ කරන්නේ අකුරු 3 නේ. ඒකගේ කැමා  ටීෂර්ට් එකක් ඇඳගෙන ඇල්පිටිය හරහා මතුගමින් දාල  කොහොම හරි මතු උනේ කළුතර නාගොඩ හන්දියෙන්. එතනින් බණ්ඩාරගම හරහා දාල අපි කොළඹටත් ඇවිත් ස්වාදීන රූපවාහිනියට ඒ වීඩියෝ පීස් ඒක දීල ආපහු ගිය පාරෙන්ම ආවා ඔයාලටමතක ඇත ඒ දවස් වල පාරවල් වල තත්වය.ඒ එද්දී තමා ජනක් අන්කල් කිව්වේ පුතා නිවුස් බලන්න අද රෑ ඔය අපේ ගාල්ලේ එක්කෙනෙක් ගත්ත වීඩියෝ එකක් කියල. ඔයාලට මතක ඇති සුනාමිය ගොඩක් ප්‍රසිද්ද උන වීඩියෝ ඒක තමයි ඒ ගාල්ල බස් ස්ටෑන්ඩ් එකේ ගැහැණු ළමයාගේ වීඩියෝ ඒක මම එතකොටයි දන්නේ අපි අරන් ගියේ මොනතරම් වටිනා වීඩියෝ එකක්ද කියල. කනිෂ්ක අයිය එදා රෑ යාලුවෙකුගේ ගෙදර ගිහින් ගෙදරට කෝල් කරලා මට එන්න කිව්වා එක්කන් යන්න. මේ ප්ලේස් එක බලපිටිය කියන ගමට ආසන්නයි මමත් ගියා මෙයාව ගන්න. පාර දෙපැත්තේ තේ බොන්න නවත්තපු ලංකා අශෝක් ලේලන්ඩ් කොලොම්බෝ රයිඩර්ස් බස් කෙලින් හිටගෙන පොල් ගස් වලට හේත්තුවෙලා. ඔයාල දන්නවා ඇති බලපිටියේ පාලම. ගාලුපාරේ යන එන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම ඒ පාලම දැකල ඇති ඒක තමා අම්බලන්ගොදත් බලපිටියත් අතර මායිම. එතන කලුපාට කාර් එකක් ලයිට් කණුවකට හේත්තු වෙලා පස්ස බිම ඇනිලා. ඕවත් බලාගෙන අපි දෙන්න ආව බයිසිකලේ පැදගෙන. එකම එක ලයිට් එකක්වත් නැහැ පාරෙවත් පටපිටාවෙවත්.  කණියාගේ ටෝච් එකේ එලියයි හඳ එළියයි විතරයි තිබුනේ. රන්දොබේ හෝටලය පාස් කරනවත් එක්කම අපි දැක්ක පාලු පිට්ටනියක් ඒකෙ වැටට හේත්තු වෙලා  මිනිහෙක් ඉන්නවා කණිය කිව්වා මල්ලිනවත්වපන් කියල අපි මේ සුන් බුන් මැදින් බොහොම අමාරුවෙන් යන්නේ. කණිය ටෝච් එකගහල ඒ මේ යාළුවා ඔතන මොකද කරන්නේ කියල ඇහුවා. කිසි සද්දයක් නැහැ ආන්සර් එකක් නැහැ. මූ බීලද කොහේ පිස්සු යකෙක් මූව දැන් මෙතන දාලයන්න බැහැනේ මල්ලි වරෙන් යන්න කියල කණිය ඒ පැත්තට ගියා පාරෙන් මූද පැත්තට ලං වෙනකොට අපි දැක්ක දේ මොකක්ද දන්නවද මේ මෑන් ටයි කෝටුත් දාන් ඉන්නේ. මගුල් ගෙදරක ගියා පොරක්ද මොකෙක්ද කියල අපිට මීටර් නෑ මොකක්ද කියල.හුඟක් හෙමින් තමා අපි මේ මිනිහ ඉන්න තැනට ලං උනේ.  කණිය ටෝච් එක මූනට ගහනවත් එක්කම බුදු අම්මෝ මල්ලියේ දුවපන් යකෝ මේ මල මිනියක් කියල කෑගහගෙන බයිසිකලේ පැත්තට දුවන් ගියා. 







වෙන වෙලාවක ඔය කතාව ඇහුවනම් බඩ කොර වෙනකන් හිනාවෙන්න පුළුවන්. මමත් මේ සිද්දියට මූණ දුන්නු නිසා ඒ වෙලාවේ මටත් බයක් හිතුන සුනාමි රැල්ල කොච්චර දරුණුවට වැදිලද කිව්වොත් අලුත් වල දාපු මිනියකුත් ගොඩ ගහල වැටේ ඇමිණිලා.  අර පිට්ටනිය සෝන් පිට්ටනියක් කණියාගේ වෙරි හිඳිලා. දාඩිය දාල. අපි ගෙදර ගියා හෙට යන්න ඕනේ ලොකු මාමලව හොයන්න. එයාල ගැන කිසිම ආරංචියක් නැහැ. හෙට මොනවා වේවිද කියල අපි අනෙක් කතාවෙන් බලමු මම හිතුවට වැඩිය මේ කතාව දිග උනා නීරස වේවි කියල හිතන හින්ද මම මෙය කොටස් වශයෙක් පලකරන්න හිතුවේ අනෙක තමා මම මෙය අකුරු කරන්නේ ඔෆිස් ඒකෙ වැඩ අතර නිසා, කාල වෙලා ලැබෙන හැටියට තමා කතන්දරේ ලියන්නේ අඩුපාඩු එහෙම තියෙනවනම් සමාව අයදිනවා.










26 comments:

  1. අඩුපාඩු නැහැ නියමෙට ගලපලා ලියලා තියෙනවා.කියවද්දී මැවිලා පේනවා සිදුවීම්

    ReplyDelete
  2. අප්පා....
    ඇඩෙනවා නේ...

    ReplyDelete
  3. කියෙව්වෙමි.......

    ReplyDelete
    Replies
    1. අම්මෝ..පිස්සු හැදෙනවා අප්ප..

      Delete
    2. බොහොම ස්තූතියි හසිත හිරු නංගෝ ඔයාටත්

      Delete
  4. ඔබ මේ අත්දැකීමට සැබැවින්ම මුහුණ දුන් කෙනෙක් නිසා ඉතාමත් අපුරුවට ත්‍රාසය බිය, දුක , වගේ දේවල් සංවේ හැඟීමෙන් යුතුව ලියල තියෙනවා. ඒක තමයි ලිවිමේ දක්ෂතාවය. මේ සිදුවිමත්, එහි යටින් සිදුවූ සොරකම, මංකොල්ල කැම, මොනව කරන්නද මිනිස්සු පුරුදු වෙලා ඉන්නේ බොරදියේ මාලු බාන්න. ඉතං ඒ ගැන කවර කතාද

    ReplyDelete
    Replies
    1. නමුත් මිනිස්සු හිතන්නේ නැහැ අපිත් දවසක මැරෙනවා කියල
      දයානන්ද මහත්තයෝ

      Delete
  5. සුනාමි අත්දැකීම් නැති මට සුනාමියට අහුවුනා වගේ දැනුන. ඒ අත්දැකීම විඳපු ඔබට මොනවා හිතෙන්න ඇත් ද කියලා හිතා ගන්න පුලුවන්.

    …අර හොරකම් මංකොල්ල කෑම් කරපු අය ඒව යනකොට අරගෙන යයි. ඔබ බීම බෝතලේ බිව්වට වංචා කිරීමේ අරමුණක නොතිබූ හින්දා ඒකෙන් ඔබට පවක් සිද්ධ වෙන්නේ නෑ.

    … ඒ වගේ කරදරයකට මූණ දීල ඔබ බේරුණු එක ලොකු දෙයක්.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි සහෝදරයා

      Delete
  6. නියමයි කොරලේ මහත්තයෝ...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ප්‍රකාශ් සහෝදරයා

      Delete
  7. ko ithuru tika?????

    ReplyDelete
  8. oka wecha dawasata passe dawase giya balana paraliyata. akama mini godak witarai dakala tiyenne :( minissu muda diha balagathu athe balan innawa :'(

    ReplyDelete
    Replies
    1. මම දන්නා තරමින් ගොඩක් දෙන දවස් ගානක් යනකල් කෑවේ බිව්වේ වත් නැහැ

      Delete
  9. Replies
    1. 3 වැනි කොටස මෙන්න
      http://chithula.blogspot.com/2012/08/2004-3.html

      Delete
  10. korale mahattaya.matat req ekak danawada fb ekata

    ReplyDelete
  11. korale mahathtyage athdakemeem hari watinawa. mamaath oya trin eke hitiya eda.

    ReplyDelete
    Replies
    1. අම්මෝ........ එලියෙ හිටිය අපිට වැඩිය භයානකයි ට්‍රෙන් එකේ හිටි අයගේ අත්දැකීම් අපිට දුවගන්නවත් පුළුවන් ට්‍රේන් එකෙන් කොහෙන් දුවන්නද?

      Delete
  12. කෝරළේ ගොයියෝ, ඔයාගෙ මේ පරණ කතා ටික ඔක්කොම මං එකසැරයක් එක හුස්මට කියෙව්වා... හැබැයි එකකටවත් කමෙන්ට් එකක්වත් දාන්න බැරි උනු එක ගැන සමාවෙන්න... ඔයා මේ කතාවල සඳහන් කරලා තියෙන ගම් නියම්ගම් ඔක්කොම මං අතැඹුලක් සේ දන්න තැන්... සුනාමිය ගැන කතා කරන්න මං වැඩිය කැමති නෑ එපා කරපු අත්දැකීමක් නිසා... ඔය සිද්දිය උනු දවසෙ අපේ ගෙදර කට්ටිය ප්ලෑන් කරගෙන හිටපු ගමන යන්න උනා නම් අපිටත් තිබ්බ ඔයාත් එක්කම පීන පීන ඉන්න හරි මුහුදු යන්න හරි....

    ReplyDelete
    Replies
    1. සුනාමිය ගැන මතක් කරද්දීත් හිරිගඩු පිපෙනවා. දැනටත් මුහුද අයිනෙන් ඩ්‍රයිව් කරද්දී ඒ බය හිතට එනවා.

      Delete

ඔයාල කොම්මෙන්ට් එකක් දාන්න වැය කරන තප්පර ගානත් ඔයාලට වැදගත් කියල මම දන්නවා එත් ඔයාලගෙන් අදහසක් මේ පිළිබඳව ලැබෙනවා කියන්නේ මට ඉදිරියටත් ලියන්න හොඳ මොර්ටිවේෂන් එකක් ලැබෙන එක. ලියන්න කල් මදිනම් තිතක් තියල යන්න එතකොට මම දන්නවා ඔබ මෙය බැලු බව. ස්තූතියි.........

Related Posts Plugin for WordPress, Blogger...