කොහොමින් කොහොම හරි අපි මෑන්වත් එලවල දැම්ම. මේදවස්වල තමා මට දුලි හම්බ උනේ (ඇත්ත නමෙන් කොටසක් පමණයි.) මම ශිහාන්ගේ සිංදුවකට දැම්ම කොමෙන්ටුවක් හරහා මිතුරු වුන ඇය. දිගින් දිගටම මාත් එක්ක කතාකිරීමට පටන්ගත්ත. එංගලන්තයේ වාසය කරන ඇය එහි චිචේස්ටේර් කොලේජ්හි. උසස්පෙළ හදාරමින් සිටියා. මේදවස්වල ඇයටත් තිබුණු කරදරයක් වුනේ ෆේක් යුසර්සලා. අපි කරමින් හිටිය කර්තව්‍ය පිලිබඳ පැහැදුණු ඇය මමත් සමග තවත් මිතුරු වුණා. උදෙන්ම ස්කයිප් වලට සෙට්වෙන අපි. මම, රුවන්,ශානක,නුවන්,සහන්,දමිත්,අශි,ඩේලි,ඇතුළු සෙට් එක රෑට නිදිමත එනකල්ම කලේ ලෝකේ නැති ඕපදූප කියව කියව පරණ දේවල් ගැන කතාකරකර ඉන්නවා. නමුත් දුලි කවදාවත් ස්කයිප් ආවේ නැහැ. එයා එන්නේ යාහු වලින්. අපිදෙන්න නිතරම කරන්නේ අර ස්වීට් අයිඑම්. එකේ තියෙන කැරක්ටර්ස් දෙපැත්තට පාස් කරකර ඉන්න එකයි.
මේ අතර දුලි මට කියනවා අයියේ මගෙන් එක්කෙනෙක් යාලුවෙන්න අහනවා ඔයාට පොඩ්ඩක් එයාගන හොයලබලන්න බැරිද කියල. මම බැලුව රෝයල් ඉන්ස්ටිටියුට් එකේ ඉගනගන්න ළමයෙක්. මෙයාලගේ වයසෙමයි. නමුත් ගැහැණුලමයි එක්ක හුටපට ගොඩයි දැනටත් ගැහැණු ළමයෙක් එක්ක යාලුයි කියල තමයි. මම වැඩේ බාරදුන්නු කෙනා කිව්වේ. ඉතින් මම ඒ දේවල් අරයටම කියල දුලිට කියෙව්වා. මොකද එතකොට මම කේලම් කිව්වා වෙන්නේ නැති නිසා. මොකද මම කැමතිම නැති දෙයක් තමයි කේලම් කියන එකත් කේලම් අහන එකත්. පස්සේ දුලි මගෙන් ඇහුව අයියේ දැන් මොකද කරන්නේ කියල. මම කිව්වේ නැඟී මට මේ වගේ දෙකට කතාකරන්න අයිතියක් නැහැ. නමුත් චරිතේ හොඳ නැත්නම් කෙනෙක්ගේ ඒ වගේ අයගෙන් ඈත්වෙන එක තමයි නුවනට හුරු කියල. ආ මට කියන්න අමතක උනා නේ මෙයාට සිංහල කතාකරන්න විතරයි පුළුවන්. ලියන්න කියවන්න බැහැ.
දවස් කිහිපයකට පස්සේ මෙයා මට කියනවා. අයියේ මටනම් අරයගෙන් පුදුම කරදරයක් තියෙන්නේ නිතරම චැට් කරනවා. බ්ලා බ්ලා බ්ලා....... මොකක් වුනත් මගේ හිතවතියක් නිසා මම නුවනුයි දමියයි එක්ක මෑන්ගේ ප්‍රොෆයිල් එකට ඇඩ් උනා. හැබැයි මේ බව මම දුලිට කිව්වේ නැහැ. අපි බලන් හිටියා. පොර ඔන්ලයින් එන වෙලාවක් වෙනකන්.දවසක් දවල්ට කන වෙලාවේදී මට දමියා කෝල් එකක් දීල කිව්වා මචන් අන්න පොර ඔන්ලියින් ඉක්මනට වරෙන් කියල. මමත් දඩිබිඩිගාල කාල ගියාබලන්න මොකක්ද මේ කෙහෙල්මල කියල. පොරත් එක්ක බොහොම සුහදව කතාවක් පටන්ගෙන මම බැස්සා මාතෘකාවට. මල්ලි ඔය මොකද දුලිට කරදර කරන්නේ එයා මගේ නෑකෙනෙක් ඔය අනෙක් පැත්තෙන් ඔයා එක්ක චැට් කරන්නෙත් එයාගේ අයියල දෙන්නෙක්. ඔයා එයාට එයාගේ පාඩුවේ ඉන්න දෙන්න කියල. "දුලි? මොන දුලියෙක්ද? මම එහෙම කෙනෙක් දන්නේවත් නැහැ" මම ඊටපස්සේ යැව්වා දුලිගේ ලින්ක් එක. මෑන් කියනවා ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකේ හිටියට කවදාවත් කතාකරලවත් නැහැලු. අරුන් දෙන්නටත් ලියල තියෙන්නේ ඒ ටිකම තමා. අනෙක අයියේ මට ගර්ල් ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවා මම මේ ඉන්නෙත් එයා එනකල් තමයි කිව්වා. අපිට ලින්ක් එක දීල කිව්වා ඒ ගෑනුලමයාව ඇඩ් කරගන්න කියල.අපිත් දැම්ම ෆ්‍රෙන්ඩ් රෙකුවෙස්ට් එකක්. ටිකවෙලාවකින් ඒ ළමය අපිට කතාකරලා කිව්වා ඒ බෝයි යාලු මාත් එක්ක එයා එහෙම කරන කෙනෙක් නෙවෙයි කියල. දැන් අපිට මේක හෙන ගැටළුවක්. ඇයි දුලි බොරු කියන්නේ කියල. නමුත් අපි කවුරුවත් දුලිට ඇගෙව්වේ නැහැ අපි අර බෝයිට කතාකලා කියල. මොකද දමියා කිව්වා මචන් කථාකරන් පලයන් අපි බලමු මොකද වෙන්නේ කියල.
දුලිගේ හැසිරීමේ වෙනසක් මට ටික ටික තේරුනත් මම හිතුවේ ඒක මගේ මනෝ විකාරයක් කියල. මම තනියෙන් ඉන්න ගමන් කල්පනාකරන්න ගත්ත මෙයා මා එක්ක කියපු දේවල් ගැන. මෙයා එංගලන්තෙට ගිහින් තියෙන්නේ අවුරුදු 11 දී ඒ කියන්නේ අවුරුදු හය හතකට කලින් නමුත් සිංහල කියවන්න ලියන්න බැහැ. කතාකරන්නේ මහා අමුතුවට. මගේ ජීවිතෙන් අවුරුදු 17ක්ම ඩුබායි හි ගතකල මටත් ( එවිට මට වයස 19 වූ බැවින්) ගෙදරදී හැර සිංහල භාවිතයක් තිබුනෙම නැති මටත් මෙච්චර සිංහල ලියන්න කියන්න පුළුවන් කමක් ඇති එකේ අවුරුදු 10 ක් 11 ක් ලංකාවේ ඉගනගත් කෙනෙකුට තමන්ගේ මව් බස අමතක වෙයිද? මේ පිළිබඳව අසා මට ඇයව අපහසුතාවයකට පත්කිරීමටද නොහැක. මන්ද යත් ඇය ඉතා අහිංසක වූ බැවින් සහ මිතු දම බිඳෙයි යැයි මාහට හැඟුණ බැවින්. ඇයගේ එම හැසිරීමෙන් මට වන අවාසියකුත් නැති බැවින් මුනිවත රැකීමට මම අදහස්කලෙමි. දිනක් මාහට ආවේ මෙන්න මේ මැසේජ් එකයි
මම එවිට
යැවූ විගස අනේ අයිය සොරි. මම මගේ යාලුවෙකුට යවපු එකක් අයියට ඇවිත් තියෙන්නේ යැයි පැවසුවා. නමිත් දවසින් දවස ඇයට සිදුවෙන වැරදීම ප්‍රමාණය වැඩි වුණා මිසක් අඩු උනේනම් නැහැ. රෝසමල්, හාර්ට්, ඔවැනි දෑ. මෙවද්දී කෝරලේ මහත්තයටත් ආදරය පිළිබඳව අත්දැකීම් නැති නිසාදෝ එවැනි දේකට මගෙනුත් එතනින් එහාට විරුත්දත්වයක් ප්‍රකාශ උනේ නැත්තේ. අම්මලත් ලංකාවේ ඉඳල ආවා. දැන් තමා මට හරිම කේස් එක මොකද අම්ම නිතරම මගේ කාමරයට එබී බලන බැවින් සහ සද්දෙන් කතාකරන්න බැරි බව යන කරුණු හේතුකොට ගෙන වාරණයක් පැනවුනාසේ සිටින විට. දෙවියෝ බැලුව වගේ අම්මට ආරාධනාවක් ලැබුන ආරක්ෂක අමාත්‍යංශයෙන් අලුත් පොතක් ලියන්න. (ඇය ප්‍රවීණ ලේඛිකාවක්. නම සඳහන් නොකරමි) එවිට ඇය එම කාර්‍යය කරනවා විනා අපේ වැඩවලට ඇඟිලිගැසීමට එන්නේ නැත.කැම්පස් එකත් පටන්ගත් බැවින් ඇය සමග කතාකිරීම හවස 4 න් පසුව කිරීමට මට සිදුවිය. දිනක් මෙසේ කතාකරමින් සිටිනවිට. අයියා I really like you do you wish too visit England? ඔව් නංග එන්නනම් ඕනේ නමුත් ඩිග්රි එක ඉවරකරලා තමයි එන්න ඕනේ යැයි පැවසීය. දැන් අපේ සම්බන්දෙ කොපමණ දුර පැමිණ ඇත්ද කිවහොත් ඇය එංග්ලන්ඩ් සිට මට ගුඩ් නයිට් මැසේජ් එක පවා එවන්නීය. නමුත් මෙතෙක් කිසිවෙක් ආදරේ ප්‍රකාශ කොට නොතිබිණ.
දැන් අපේ උන් මාව බයිට් එකට අරන්. මක් නිසාද යත් මෙම සම්බන්දය උන්ටත් රහසක් නොවූ බැවිනි. දිනක් ලෙක්චර්ස් ඉවර වී පැමිණෙද්දී නුවන් මගෙන් කෙලින්ම ඒ පිළිබඳව විමසුවේය. මචං දිනු... උඹල දැන් ඇත්තටම ලව් එකක්ද කරන්නේ? එයට දෙන්නට පිළිතුරක් මා ළඟ ඇත්තටම නැතිවිය. මම එයා අවංකව පැවසුවෙමි. මන්දන්නේ නැහැ නුවන් ඒත් උඹල දන්නවා මම කොහෙත්ම කැමති නැහැ වෙස්ට්‍රන් ටයිප් කෙල්ලොන්ට. මොකද උන් ජීවත් වෙන්නේ නිතරම පොලවට අඟල් දෙකතුනක් උඩින්. කෑවොත් කන්නේ KFC,කොෆි එකක් බොන්න ඕනෙඋනොත් යන්නේ COSTA . හොයන්නේ බ්‍රෑන්ඩ්ඩෙඩ් ඇඳුම්,මෙකප්ස් විකාර ලෝකයයි. මට ඕනේ ඇත්තටම පොලවේ පයගහල ජීවත් වෙන ලංකාවේ සිංහල කමට හැදිච්ච කෙල්ලෙක්. That's My Dream Girl. මචං දිනු ඔය කියන තාලේ කෙල්ලෙක් හොයන්න ගියොත් වෙන්නේ උඹට නාකිවෙන්න සිද්දවෙන එක. ඒ නිසා ඔයා හම්බුන චාන්ස් එක දිගටම අරන් පලයන් අඩුම තරමේ UK වත් යන්න පුළුවන්නේයැයි කියා ඇසක් ගැසුවේය. මම යනවා කිව්වා දේ ගැන හිතල බලපන් යැයි පැවසිය. හ්ම්ම්ම් මෙහෙම ඉන්න අතරේදී තමයි දවසක් දවසක් තාත්තා ගෙදර ආවේ මෙන් මෙහෙම කියාගෙන. සු (ඒකියන්නේ අපේ අම්මට) සුදුට වීසා ගහන්න බැහැ දැන් එයා යුනිවර් සිටි ඉන්න නිසා එයාට ස්ටුඩන්ට් වීසා තමා ගහන්න වෙන්නේ ස්පොන්ස් කරන්න විදියක් හොයාගන්නකල් මෙයාට ලංකාවට යන්න වෙනවා කියල. එයා ඇසුණු විට මට තරමක ශෝකයක් දැනෙන්නට විය එහෙනම් තව සතිදෙකකින් මට යන්න වෙනවා ලංකාවට.
දිනක් රාත්‍රී 8 ට පමණ මෙහෙ වේලාවෙන් ඔන්ලයින් ගියේ කම්මැලි බැවිනි. අම්මලත් තාත්තගේ යාලුවෙකුගේ ගෙදර ඇති පාර්ටියට ගොස් ඇති බැවින් නිවසේ මා පමණක් වුන් නිසාවෙන් හද්දා පාළුවක් දැනෙන්නට විය. අනෙක චකිතය. මක්නිසාද යත්. මේ සෙකන්ඩ් ඉයර් එක බැවින් පහුගිය අවුරුද්දටත් වඩා මහන්සිවීමට ඇත. ඒ අස්සේ මේ වීසා කෙහෙල්මලක් නිසා මට ලෙක්චර්ස් මගහැරීයයි. මේවා කල්පනාකරන කොටනම් ඔලුව විකාර වී යයි නමුත් මොනවා කරන්නද එන තාලෙකට මුහුණ දෙනවා. ඔලුව නිදහස් කරගැනීමට මම බුකිය වෙත මගේ සම්පූර්ණ අවදානය යොමුකලෙමි.
එවිට මගේ චැට් ලිස්ට් එකේ පෙනෙන්නට වුයේ අපේ සස්පෙක්ට් ලිස්ට් එකේ හිටිය අපැහැදිලි ගැහැණු ළමයෙකුගේ පින්තූරය සහිත ප්‍රෝෆයිලය ඔන්ලයින් බවය.අපේ එක ගෝතයෙක්වත් ඔන්ලියින් සිටියේ නැති නිසා. කේන්තියට එක්ක මම චැට් බොක්ස් එක ඕපන් කර හායි කියා යැව්වෙමි. විනාඩි කිහිපයකට පසු හායි කියා රිප්ලයි එක ලැබිණ. මම ඉන්නේ කොහෙද ඇසූවිට ගෙවල් හෝමාගම යැයි පැවසුවේය.ඉස්කෝලේ රෙස්ලින් බාලිකාව කියල තමයි කිව්වේ.ටිකවෙලාවකට පසු මෙයා අයියේ ඔයා නිපු අක්කලව අඳුනනවද? මගේ පින්තූර බලල තියෙන හැඩයි (මට පසුකලකදී පැවසුවා එයා හරිබවට) එයාල අපේ නෑයෝ යැයි පැවසිය. නිපුල කියන්නේ අපේ හොඳ හිතවතුන් කොටසක් අපි ඩුබායි ආදා වගේ පටන් ඇසුරු කරන පවුලක්.නමුත් නිපු යනු මගේ හතුරියක්. මූනට දෙන්නම පනදෙන්නවගේ කතාකරනවා එකිත්. ඒ වගේම මමත්. හැබැයි කපන්නේ යටින්. දුර්වල කමක් දැක්ක තැන එලවල ගහනවා දෙන්නට දෙන්නගේ. ඒකටත් එක හේතුවක් තිබුන. එය සඳහන් කිරීමෙන් මම වැළකෙනවා.නිපූලගේ නෑයෙක් කියපු ගමන් මට බිබී හිටපු බීම එක ඉස්පොල්ලේ ගියා. මොකද ඕකේ ඉන්නෙත් ඒකිමද දන්නේ නැති නිසා. ඒ නිසා මම පොඩ්ඩක් පරිස්සමෙන් කතාකරන්න ගත්ත. ටිකවෙලාවකින් මට තේරුණා මේ ඉන්නේ නිපු නෙවෙයි කියල. මොකද මේ කතාකරන කෙනා හරිම හුරතල් ඩයල් එකක් සූප්පුව කටේ තියාගෙන කතාකරන විදියට තමා කතාකලේ. එම කතාබහ මටත් ප්‍රසන්න වූබැවින් දිගින් දිගට ඇදීගෙන ගියා.නමුත් මම තවමත් කතාකරන්නේ සැකයෙන් බැවින්. මම ඇහුව. ඇයගෙන් යාහු හරි ස්කයිප් හරි තියෙනවද කියල. යාහු තියෙනවා කිව් බැවින් මම අයව ඇඩ් කරගත්ත මම සේරටම කලින් කිව්වේ නංගි කැම් එක ඔන් කරන්න කියල. යන්තන් වදෙන් පොරෙන් කැම් එක ඔන්කළ විට මම දැක්කේ පොඩී ගැහැනුලමයෙක් වයස අවුරුදු 12 ක විතර පෙනුමැති (කළුවරත් තිබුනලයිට් දාල නැති නිසා). වටපිටේ අරකි (නිපු) නැතිබව සැකහැර දැනගත් මම ඇය සමග කතාකරන්නට පටන් ගත්ත.
මෙසේ ආගිය විස්තර කතාකරමින් යනවිට. ඇය කතාකරන්නේ යම්කිසි කලකිරීමකින් යැයි. මට හැඟුණ බැවින් ඒ පිළිබඳව විමසු විට ඇය ලබාදුන් පිළිතුරුවලින් මා අන්ද මන්ද වී ගියේය. ඇය පවුලේ එකම දරුවා විය. ඇයගේ පියා ඩුබායි හි හෝටලයක එකවුන්ට් අංශයේ සේවය කරනු ලබන අතර ඇය මවත් සමග. නිවසේ තනිවම කල්ගතකරයි. මෙතැන්සිට අපි ඇයව හැඳින්වීමට බනී (bunny) යැයි යොදමු. එයා ඇයට පසුකලක මාවිසින් තබන ලද සුරතල් නාමයයි. දැනට මහා පරිමාන සැත්කම් 3 කට මුහුණ දී ඇති ඇය. සමවයසේ ගැහැණුදරුවන් කරන්නාවූ දේවල්. ඔවුන්ට ඇති නිදහස තමුන්ට නැති බැවින්. ඒ පිළිබඳව කලකිරී සිටියහ. නමුත් එයට කිරීමට දෙයක් නැත. මන්ද යත් ඇයගේ අසනීප තත්වය මත එසේ කෙළිදෙලෙන් විසීමට ඇයට නොහැක. එය ඇසූ කල මගේ හදගැස්ම මොහොතකට නතර වූවා වැනි විය. මට ගොඩක් දුක හිතින.
එවිට මම ඇයව සිනහ ගැස්සවීමට අනේ නංගෝ ඕවා මොනවද අසනීප හැමෝටම වෙනවා මම නම් අසනීප උනාම කරන්නේ කිරිත් එක්ක සමහන් බොනවා එතකොට ඔක්කොම හරි. යැයි කීවිට ඇය ප්‍රශ්න අමතක කරදමා සිනාසීමට පටන් ගත්තේය. එතැන් සිට දිගටම අපට සිදුවූ අකරතැබ්බයන් මගේ යාලුවොන්ට සිදුවූදෙවල් ආදිය කියමින් මම අයව හිනස්සුවෙමි. ඇත්තටම එය එතෙක් මමවත් නොදැන සිටි දෙයක් විය. මට කෙනෙක් සිනගැස්සවීමට හැකිය යන්නයි. මොකද ගොඩක් දුරට මම සිටින විලාසය මගේ මිතුරන් විසින් හඳුන්වන්නේ බකුසු මේකප් එක යනුවෙනි. හිතාගන්නකෝ කොහොමද කියල. මමවත් හිනහ නොවන කල මට අන්කිසිවෙක් හිනස්සා සතුටුකල හැකිය යන්න මගේ සිතට සතුට දැන්වූ කාරණයක් විය. එදා නොයෙක් දේ කතාකරමින් සිටි අප නිදාගැනීමට ගියේ ලංකාවේ වේලාවෙන් උදේ 5 ට පමණය රෑ 8 සිට එළිවෙන 5 දක්වා අපේ සංවාදය දීර්ග විය. නමුත් එහි දිගටම මම කලේ අයව සතුටුකිරීමට නොයෙකුත් විහිලු කතා පැවසීමයි. අන්තිමට ඇය කිව්වේ අයියේ දැන් අපේ අම්මල ඇහැරෙන්න ලඟයි. මොකද අද උදේ අපේ මාමගේ දූව බලන්න මනමාලයෙක් එනවා. එයාල එන්නේ මෙහෙට මොකද මාමලාගේ ගේ හදන නිසා කියල. එතනින් අපේ සංවාදය නිමාවිය. නමුත් ඇගේ හුරතල් වදන් ඉන්පසුවත් මගේ දෙසවනෙහි දෝංකාර දෙන්නට විය.
පාන්දර යාමය තෙක්ම නිදානොගත් බැවින් මම ඇහැරෙනවිට දවල් 12 පසුවී තිබිණ. මම රෑටත් පාඩම් කරන බැවින් නිවසේ කිසිවෙක් මම නිදාගන්නේ කීයටද නැගිටින්නේ කීයටද යන්නේ කොහෙද, කරන්නේ මොනවාදැයි සොයාබැලුවේ නැත. ඔවුන් බලාපොරොත්තු උනේ එක්සෑම් රිසල්ට් පමණි. ඔවුන්ට සෑහීමකට පත්වීමට හැකි පමණ ලකුණු මම ලබාගත් හෙයින්. මගේ ගෙදරින් මට ලැබුනේ උපරිම නිදහසක්ය. දවල්ට කා අහවර කොට නුවන් හමුවීමට ගියේ හවස බීච් එකට යාමට කතාකරගත් බැවිනි. තාත්තගේ පරණ ජීප් කටුව මට ලබාදී තිබුන.
ඒක මගේ වැඩවලට පහසුවක් විය.අපි නැවත පැමිණෙන විට හවස 7 ට පමණ වන්නට ඇත. මම ලැප ඔන් කලේ බුකියේ අලුත්ම තොරතුරු මොනවාදැයි දැනගැනීම සඳහායි. එවිට Bunny ඔන්ලයින් සිටින බව දුටු මම ඇයට ආචාර කොට මැසේජ් එකක් යවා කුස්සියට ගියේ කෑමට යමක් හොයන්නටය. නැවත පැමිණෙන විට මම දුටුවේ බොරුකාරයෝ එක්ක මම කතාකරන්නේ නැහැ මම ඔයා ගැන ඔක්කොම විස්තර දැනගත්ත ආයේ මට කතාකරන්න එපා යනුවෙන් දමා ඇති මැසේජ් එකකි. හත් ඉලව්වයි කිව්වලු මොකක්ද යකෝ මේ හරුපේ මොනවද මෙයා මේ මගේ ගැන දන්නවා කියල කියන්නේ. එවිට මම සන්සුන්ව ඇයට නැවත මෙලෙසින් අකුරු කළේය නංගි තරහින්නම් ඉන්නේ තරහ නිවාගෙන මට කියන්නකෝ මොනවද ඔයා මම ගැන හොයාගත්තේ? කවුද කිව්වේ. එවිට ඇය ලියනු පෙනින. මට කිව්වේ සිගිති අක්ක. එයාට නිපු අක්ක කියල. හරිනේ දැක්කනේ අරකි මට යටින් කැපිල්ල දාල. මමත් තවත් කරුණාවෙන් මොනවද නංගි මගේ ගැන කිව්වේ ඇසූවිට අයියෝ ඕකා එකක් කතාකරනන් එපා නංගි බබී. එයාට කෙල්ලෝ ඉන්නවා එයා බොනවා අරකයි මේකයි කේස් ගොඩයි. ඉතින් සියල්ල අසා සිටි මම. ඕකේ ඔයාට එක්කෙනානේ මගේ ගැන නරක කිව්වේ මෙන්න FB Links වේවා ඇඩ් කරගෙන අහන්නකො මගේ ගැන එයාලට ඕවා කියල දැනගන්න මම කොයි වගේ කෙනෙක්ද කියල. යැයි මම යන්නට ගියෙමි.
මතක තියාගන්න මේ 2009 අවුරුද්දේ අග කාලය.
මතු සම්බන්දයි.
තුන්වැනි කොටසට මෙතනින්
සිව්වැනි කොටසට මෙතනින්
පස්වැනි කොටසට මෙතනින්
සයවැනි කොටසට මෙතනින්
සත්වැනි කොටසට මෙතනින්
අටවැනි කොටසට මෙතනින්
නමවැනි කොටසට මෙතනින්
මෙවන් කතාවක් ලිවීමට මෙම බ්ලොග් එක පටන් ගන්නාවිට කවදාවත් නොසිතුවෙමි.මෙවන් දේකට අත්දැකීමක්ද නොවීය. එමනිසයි මෙය ලිවීමට පෙර මේ පිළිබඳව අදහස් විමසීමක් කලේ. මෙම කතාව කෙටියෙන් ලියා නිමකළ නොහැක්කකි. මෙය නිම කිරීමට තව කොටස් කීයක් ලිවීමට වේදැයි මමද දන්නේ නැත. මෙය නිරසදැයි මම දන්නේ නැත. මක්නිසාද යත් කිහිප සැරයක් සංස්කරණය කල බැවිනි. පලකිරීමට නුසුදුසු යැයි සිතුන දේවල් කපාහල හෙයිනි. මෙහි යම් අඩුපාඩුවක් වෙතොත් සහ ඔබගේ අදහස් කරුණාකර පහතින් දක්වන්න.
කෝරලේ මහත්තයෝ ජේද වෙන්කලොත් හොදයි නේද ?
ReplyDeleteහ්ම්ම් වරදක් පෙන්නලා දුන්නට ස්තූතියි රොබින්. ඔන්න මං පුළු පුළුවන් විදියට වෙන්කොරලා දැම්මා හරිද බලන්නකෝ
Deleteමේක සත්‍ය සිද්දියක් නිසා කෝරලේ මහත්තොයෝ ඔයාගේ පෞද්ගලිකත්වයට හානි නොවෙන විදිහට ලියලා දාන්න.
ReplyDeleteරොබින් කිව්වා වගේ ජේද වෙන් කරන්න එතකොට කියවන අයට ලේසි වෙයි ...:)
ජේද වෙන්කිරීම පුළුවන් තරම් ලස්සනට කොරන්න බලනවා. මේ කතාවෙත් කතාවෙත් ගොඩක් කැපීම කෙටීම් කොරල තමයි දැම්මේ. බොහොම ස්තූතියි. වලව්වට ගොඩවැදුනට ඔයාලගේ දිරිගැන්වීම් මට ලොකු ශක්තියක්.
Deleteඑල එල
Deleteඉතුරු ටිකත් ලියපන් මචං :)
ඉතිරියත් ඉක්මනට දාපන්කො... එතකොත කෝරලේ මහත්තයා ඉන්නේ තාමත් ඩුබායිද
ReplyDeleteඔව් ඔව් ඩුබායි කෝරලේ තමයි තාම රාජකාරි කොරන්නේ.
Deleteඉතින් අපිත් ඉන්නේ එහෙනේ ...
Deletehttp://www.facebook.com/meegodaya
රික්වෙස්ට් එකක් දැම්මනම්
ඕන් දැම්ම ඇක්සෙප්ට් කොලානම්
Deleteඅනේ මන්දා..
ReplyDeleteබලමුකෝ ඉතුරු ටිකත්...
හ්ම්ම්ම්ම්
Deleteඅහ්......බොහොම වැදගත් කතාවක් වගේ නේද කෝරලේ මහත්තයෝ. ඉතිරි ටිකත් ඉක්මනට ලියන්නකෝ. :D
ReplyDeleteහම්මද බොල හාමිනේ........ ඔපීසිය පැත්තේ මොකෝ අරුමැක්කේ?
Deleteඔක්කොම කියෙව්වා :)
ReplyDeleteහී හී..ඉතුරු ටිකේදි මොනවා වෙයිද මන්ද..
මගේ නමින් මේ ටිකේම ෆේක් ඒවා හැදෙනවා.
අවුලක් උන ගමන්ම ඔබට දැනුම් දුන්නොත් විසදුමක් ගන්න පුළුවන් වෙයි කියල හිතනවා..බලමුකෝ..ලියන්න ඉතිරියත් :)
ෆේක් සහ ඇනෝනිමස් කියන්නේ මම අහන්න අකමැතිම වචන දෙකක්. අනිවා නංගා
Deleteඅදම තමයි මම ඔයාව කියවන්නේ , දීර්ඝ උනත් රස නොමරා ලියලා තියනවා , දිගටම එන්නම්
ReplyDeleteබොහොම ස්තූතියි. ඔබ වැනි ප්‍රවීනයෙක්ගේ පැමිණීමත්. මා ලද භාග්‍යක්. කතාව නම් දීර්ගයි තමා.සාදරයෙන් පිලිගන්නවා වලව්වට
Deleteරහට කියවාගෙන ගියා ඕං...!!
ReplyDeleteබොහොමත්ම ස්තූතියි ඇගයීමට
Deleteසේරම ඉවර කරලා කියන්නකො මම මතුසම්බඳ කතා එක දිගට කියවන ඕනේ.
ReplyDeleteතව ටික දවසක් යාවි තාම හතරවන කොටසනේ. ඇත්තටම කිව්වොත් මමත් ඔය වගේ තමයි. මතුසම්බන්ද ඒවා බලල ඉවසන් ඉන්න බැහැ ඉතිරිය දැනගන්න. ජය වේවා.
Deleteගැහැණු වෙසින් ඉන්න පිරිමි නොහොත් පො..... යින්ගෙන් හරිම වදයක් තමයි. https://www.facebook.com/Kasunchm?ref=tn_tnmn request එකක් දැම්මනම්..
ReplyDeleteඕන් දැම්මා
Deleteමේක නීරසද?? පිස්සුද??? මෙහෙම දෙයක් ලියන්න හැකිවීම ගැන ආඩම්බර වෙන්න.
ReplyDeleteබොහොම ස්තූතියි සහෝ.
Deleteකලින් වතාවක් ගොඩ වැදිලා මොකක් හරි කියව්ව.. අද තමා මේක කියවන්න ලැබුනේ..ඉතුරු ටිකත් කියවලාම එන්නන්..අවුරුදු 17 ක් ඩුබායි හිටපු කෙනෙක් මෙහෙම සිංහල ලියනවා දකින්න ලැබීමත් සතුටක්!!
ReplyDeleteඒ 2009 ට තමයි 17. දැන් 20ත් පන්නන්නයි යන්නේ. හෙමින් සැරේ කියවන්නකෝ කියවල වැරදි අඩුපාඩු එහෙම පෙනෙනවානම් කියන්නකෝ.
Deleteමේක හරිම රසවත්
ReplyDeleteතැන්කු ඈ.............
Deleteහ්ම්.... අදනෙව බොල මේ කතාව සෙට් උනේ....පටන්ගත්ත කොටසෙම කියන්න තරම් ලොකු අවුලක් නෑ වගේ (මොකද කීප සැරයක්ම මේක update කරල ළුනේ....)
ReplyDeleteමම කියවන්න පටන් ගත්තා . :)
ReplyDelete