පලවෙනි කොටසට මෙතනින්
දෙවැනි කොටසට මෙතනින්
ලොකු අයියාගේ නෝහා රථය රැගෙන ඇල්පිටිය බලා ගමන් ඇරඹු මා කරන්දෙනියෙන් උදෑසන
ආහාරය ගෙන නැවතත් පිටත් වූයෙමි. ඒ වනවිටත් දමියා සහ ඉරේෂ් බස් ස්ටෑන්ඩ්
එකට වී මා එනතුරු සිටියහ. මම ඔවුන්ට රථයට ගොඩවන්නයි කී විට ඔවුන් කීවේ. තව
සෙට් එකක් එනවා පොඩ්ඩක් ඉමුයි කියාය. විනාඩි 10 කින් 15 කින් පමණ තව තුන්
හතර දෙනෙකුත් පැමිණියහ. ඔවුන් ඉරේෂ්ගේ යාළුවන් බවට හඳුන්වා දෙන ලදී. ඉරේෂ්
අපට වඩා අවුරුදු 3කින් බාල වූ බැවින් මෙතන ඉන්න සීනියර් සිටිසන්ලා අපි
දෙන්නා තමා (මමයි දමියයි) :D ඉරේෂ් ඉබ්බා සමග බාර් එකට ගියේ එළවලු ගන්නට විය යුතුය.
හිකිස්........ ඔවුන් අත කට පිරෙන්නට බෑග් පිටින් වාහනයට පටවන විට මම ඇහුවේ. මොනවටද බන් ඔච්චර
නාන්නද? යැයි ඇසු විට දමියා පිළිතුරු දුන්නේ උඹ යමන්කෝ අපි නිතරම සෙට් වෙන්නේ නැහැනේ...... යනුවෙනි. එවිට සියලුම සබ්බ සකල මනාව පටවාගත් අපි දමියාගේ මගපෙන්වීම යටතේ ගමන් ඇරඹුවෙමු.
ඇල්පිටිය නගරයෙන් ඈතට ඇදුනු අපි තරමක් ගම්බද පලාතක් මැදින් ගමන්ගන්නට විය.
කඳුගැට තේවතු අතරින් ගිය ගමන නිම කලේ යම් කිසි ගෙයක් අසලින්ය. එහි වාහනය
නතරකරන ලෙස දැන්වූ ඔවුන් සියලුම බඩු බාගෙන වාහනයේ වගකීම එම නිවැසියන් වෙත භාර දී එම වත්ත මැදින් පල්ලම් බැසීමට පටන්
ගත්තෙමු. මීටර් 100 ක් පමණ ගමන් කල අපිට දැකගත හැකිවූයේ සුනිල්වන්
දියදහරකි. එය යම්කිසි ආරක දිය ඇල්ලක් වැනි දොළක් විය. එයට කළුදියපොකුණ
කියයි යයි දමියා විසින් පවසන ලදී. සියල්ලන්ම තම තමන්ගේ බෑගයන්ගෙන් අඩුම
කුඩුම එලියට ගන්නට විය. හිතුවාට වඩා සූදානමකින් ඔවුන් පැමිණි බැව් බඩු
භාහිරාදිය දුටු විට පසක් විය. තම්බපු මනියොක්කා. චිකන් ඩෙවල් ආදී එකී මෙකි
නොකී සියල්ල එහි විය.
මුලින්ම අප විසින් සිදු කලේ බෝතල් සියල්ල. දියෙහි තැම්පත්
කිරීමය. එය ස්වභාවික ලෙස ශීත කිරීමක් විය. මුලින්ම සියල්ලන්ම සිදුකලේ ඇඳුම් උනා දමා දියට බැසීමය.(නාන ඇඳුම් ඇඳගෙන
හොඳේ) මදක් දියෙහි ගතකල අප නැවත ගොඩට පැමිණියේ, නමෝවිත්තියෙන් සුභ
කටයුත්තකට අතගැසීමටයි. මෙසේ සිංහයන් පාකරමින් සිටින විට මාගේ දුරකථනය නද
දෙන්නට වූයෙන් මාගේ ඉහ මොළ රත්වන්නට විය. කෙසේ වෙතත් මා සිතු පරිදි
මූලස්ථාන( ගෙදරින්) ඇමතුමක් නොවීය. මේ බනිය.. හ්ම්ම්ම්ම් මේ වෙලාවේ මොකද
ගන්නේ අද ක්ලාස් කිව්වා නේද? යැයි සිතමින් ආන්සර් කොට බැලුවෙමි. ආ......
මොකද කරන්නේ. ඇයට බොරුවක් කීමට නොහැකි බැවින් මා ඇත්තම පැවසුවෙමි. ඒ දමියා
සමග පොඩ්ඩක් සෙට් වෙන බවය. අනේ අයියේ වැඩියනම් බොන්න එපා හොඳේ.... පිස්සුද
නංගි මට නම් එක බියර් එකක් බොනකොට වෙරි. ආ...... එහෙනම් කමක් නැහැ. මොකද
දැන් තනියමනෙ ඩ්‍රයිව් කරන යන්න ඕනේ මම මේ AAT ක්ලාස් ආවා. හවස ගෙදර යනවා
ගිහින් කෝල් කරන්නම් හොඳේ, අපේ ගෙදර තමයි ඔයාට එන්න වෙලා නැත්තේ රට වටේ
ඇවිදින්නනම් වෙලා තියෙනවා යැයි පැවසීය. දැන් කොල්ලන්ට මෙය ඇසී ඇති බවට
සහතිකය නමුත් මුන් එකෙක්වත් කින්ඩි දම්මේනම් නැත. අනෙක් ඔක්කොටම හරියන්නට
දමියාගෙන් වචන දෙකතුනක් ලැබුනත් එය මෙහි සඳහන් කිරීමට නොහැක්කේ ගූගල් ආයතනය
විසින් මෙම බ්ලොග් එක 18 වැඩි නොව 100 ට වැඩි උන්ට පමණක් සීමාකළ හැකි
බැවිනි.කෙසේ හෝ අපේ පාර්ටි එක ජයටම කෙරීගෙන ගියේය. කාගේ කාගේත් අදහස් අනුව කාලෙකට පසුව ගත් සුපිරි ෆන් එකක් විය. පින්තූර ටික බලලම ඉන්නකෝ
හැන්දෑවන විට කාට කාටත් හොඳටම වැඩිවේ තිබිණ. හැබැයි කබ්බෝනම් එකෙක්වත්
සිටියේ නැත. දැන් එළඹී තිබූ කාර්යය නම් මෙවැනි පිරිසකුත් දමාගෙන කඳුවංගු
පල්ලම් සහිත මාර්ගයක වාහනය රැගෙන යහතින් යෑමය. මාගේ කට පොඩ්ඩක් ඉඹ බැලු
දමියා, අපෝ යකෝ තබරුමකින් වත් එන්නේ නැහැ ඔච්චර අරක්කු ගඳක් ඔහොම ගිහින්
වැරදිලාවත් පොලිස් මාමල ඇල්ලුවොත් උඹ අනිවා ඩෙෆා හිරේ තමා හිටපන් ඕකට හොඳ
බෙහෙතක් කියන්නන යැයි පවසා ලඟම තිබු පෙට්ටි කඩයට රිංගා බුලත් විටක් රැගෙන
පැමිණියේය. ඉඳා කාපන් කට රතුවෙන්නම. එතකොට පොලිසියෙන් බැලුවත් සුවඳක් එන්නේ
නැහැ. අනෙක තමයි ඔය අන්දොස් මූණ දැක්කම උන්ටත් එපා වෙනවා උඹව චෙක් කරන්නයි
පැවසීය. (අනේ ඇත්තද මන්ද කාරණේ නම්).
මුන්වත් ඇල්පිටියෙන් බස්සවා ගෙදර ගිය මට මලා වගේ නින්ද ගොස් ඇති බව මට
තේරුනේ මට ඇහැරුනේ පහුවෙනිදා උදේ ලොකු අයියගේ කෑගැහීමෙන් බැවිනි. බලපන් උඹේ
නිදියාම අම්මා කිව්වේ ඊයේ ආවා වෙලාවේ ඉඳන් ලොක් කරගෙන නිදි කියල. වාහනෙත්
රුයිතෙට ගහල තියෙන්නේ මොන යකෙක් වැහිලද බං........ බීල වගේ වැඩ
කරන්නේ???????. යකෝ මම බීල ආවත් ඔයිට වඩා හොඳට පාර්ක් කරනවා.( මේකා දන්නේ
කොහෙද මමත් ඊයේ ආවේ කන සාක්කුවේ දාගෙනයි කියල) ලැහැස්ති වෙනවා මාත් එක්ක
ගාල්ලට යන්න පොඩි වැඩකටයි පවසා ඔහු යන්නට ගියේය. චික්: විතරක් මේ ගෝතයා
යැයි සිතෙන් බනිමින් නාන කාමරයට ගොස් ඇඟපත සෝදාගන්න විට මාගේ මතකයට ආවේ යකෝ
මම බනීට කෝල් කලේ නෑ නේද යනුවෙනි. මොබයිලය අතට ගත් මා දුටුවේ බනිගෙන් ලද මගහැරුණු ඇමතුම් 18 ය. ඉක්මනින් පැමිණ කෝල් කලමුත් සම්බන්ද
කරගත නොහැකි විය. හිත සන්තාපයට පත්වූවත්. මක් කරන්නද? ලොකු අයියා සමග
ගාල්ලට පැමිණි මා ඔහුව පොලිස් ස්ථානයෙන් බස්සවා එලියට වී සිටිමි. නැවත
වතාවක් බනීට කෝල් කලවිට ඇය මා හට දෝශාරෝපනය කරන්නට විය. යාන්තම් නොවඳිනා
වැඳුම් වැඳ අවුල සමතයකට පත්කරගැනීමට හැකි විය. ඒ ඇයව බැලීමට එන පොරොන්දුව
සමගිනි. වෙලාව බැලු විට 10 ට පමණ විය. ලොකු අයියාගෙන් එන්නේ කීයටදැයි
ඇසූවිට ඔහු පැමිණීමට තව පය 4 ක් පමණ ගත වේ යැයි දංවූ විට මා වාහනය ඔහුට භාර
දී කොළඹ බලා ඒමට ඉන්ටර්සිටියකට නැගුනෙමි.
නැවතත් බස් රියතුලත් නිදාගත් මා ඇහැරෙන විට පානදුරත් පසුකරමින් තිබිණ.
හ්ම්ම්ම් යනකොට මෙයාට අරන් යන්නේ මොනවාදැයි කල්පනකරමින් යන විට මට සිහියට
නැගුනේ යකෝ මේ ගියාට යන පාර දන්නේ නැහැ නේද යනුවෙනි. මෙතෙක් ලංකාවට පැමිණෙන
හැම සැරේම පාහේ වාහනයෙන් කිසිවෙකුගේ මගපෙන්වීම ඔස්සේ ( මක් නිසාද යත්
ලංකාවේ පාරවල් පිළිබඳව එතරම් පැහැදිලි අවභෝදයක් මා හට නොවීය) පමණක් ගමන්ගත්
මාහට තනිව බස්වල ගමන් කිරීම තරමක් පැටලිලි සහගත විය. මේ මාර්ග අංක සොයා ගමන්
කිරීමනම් හද්දා අන්දොස් වැඩක් විය. කිසිවෙකුගෙන් ඇසීමටද යම් ලැජ්ජාවක් ඇත.
මක් නිසාද යට හෙවිට ඔවුන් මා හද්දා පිටිසර බුවෙක්යි සිතිය හැකි බැවිනි.
එවිට මාගේ ටිකිරි මොලේට ආ ටිකිරි අදහස වූයේ බනීට කෝල් කොට අසාගැනීමයි. ඇයට
කෝල් කල පසු ඇය විසින් අයගේ මවට දුරකථනය ලබා දිනි. මෙන්න මෙහෙමයි බනීගේ
අම්මා මට පාර කිව්වේ.
බනීගේ අම්මා : පුතේ ඔය දැන් කෙලින්ම පිටකොටුවට යන්න එතනින් ගන්න 190 මීගොඩ බස් එක හරිද ඒකෙන් එන්න හබරකඩට අහවල් හෝල්ට් එකේ බහින්න
මම : හරි ඇන්ටි මම එන්නම්.
පිටකොටුවෙන් බැසගත් මා මුලින්ම කලේ කඩ පීරා චොකලට් හෙවීමය. මක් නිසාද යත් දැන හඳුනාගත් දිනයේ පටන් ඉල්ලන්නේ චොකලට් බැවින්ය. කඩ ගානකට ගියත් හිතට හරියන
අන්දමේ චොකලට් එකක් නම් නැත. හම්මපා මේ වෙලාවට තමයි හිතෙන්නේ පිටකොටුවත්
මහා බංකොලොත් ප්ලේස් එකක් කියල. ෆුඩ් සිටියක්වත් නැහැනේ. හොඳටම හවස් වීගෙන
එන බැවින් තව කල් මැරීමට නොහැකි නිසා ඒම කඩවල් අතරින් මිලදීගත් හැකි ලොකුම
චොකලට් එක මිලට ගත් මා 190 බසයට නැගිණ. හබරකඩ නමැති නම මා අසා පුරුදු නමුත්
කොහේ තිබෙනවාදැයි මා දන්නේ නැත. දැනගන්නට උවමනාවක් තිබුනේද නැත. නමුත් මේ
බස්වල නැගී තනිවම පාරවල් හොයා හොයා යාමනම් මට දිරවන්නේ නැත. තව කවුරුන් හෝ
සිටියානම් මෙලෙස සිතෙන්නේ නැත. ට්‍රැෆික් එක මැදින් ගාටමින් ගමන්ගත් බස්
රිය රාජගිරිය, බත්තරමුල්ල, කොස්වත්ත පසුකරනවිට මට මා සිතන්නට ගත්තේ යකෝ මේ
මම දන්නා ඒරියා එකක් නේ හ්ම්ම්ම්ම්ම් මාලඹේට පැමිණ අතුරුගිරියත් පසුකල බසය
ඉදිරියට යනන්ට විය. අතුරුගිරියේදී අප නිවස පසුවන අයුරු මා බස් රියේ කවුළුව අතරින් බලා
සිටින්නට විය. තුෂ්නිම්භූත වූ මා මේ යන්නේ කොහිදැයි බලා සිටින්නට විය.
කිව් මග සලකුණු කිට්ටුවත්දී කොන්දොස්තර මහතාගෙන් විමසු විට මා හට බැසීමට නියමිත
නැවතුම ඉදිරියේ විය. අයියෝ සල්ලි...... කුණු සංසාරේ කියල හිතෙන්නේ මේ
වෙලාවට තමයි. හරියටම කියනවනම් අපගේ නිවසේ සිට කිලෝ මීටර් 3 හමාරක් වූ දුර
පැමිණීමට මා ගොස් ඇත්තේ පරංගියා කෝට්ටේ ගියා වැනි යාමක්ය. නමුත් මට
ඔවුන්ට දොස් පැවරීමට නොහැක්කේ මා අතුරුගිරියේ නිවාස ගැන ඔවුන්ට සඳහන් නොකළ
බැවිනි.
කොහොමින් හෝ ඔන්න නිවසේ ගේට්ටුව ලඟටත් ආවයි කියමුකෝ.... එළියේ සිටියේ බනීගේ
අම්මා විය යුතුය. ඇයගේ කටහඬින් මා සිතුවේ ඇය තරමක් මිටි කාන්තාවක් වෙයි
සිතාය. නමුත් ඇය එසේ නොවූවාය. වාඩි වීමට සාලයට ආරාදනා ලැබූ මා බනිගේ මව සමග ආගිය තොරතුරු කතාකරන්නට විය. ඇය සමග කතා කලත් මා දෑස මට කීකරු නොවීය එය සොයන්නට වූයේ ඇයවයි
. මා දෑස කොපමණ සෙවූ මුත් ඒ මා සෙව් රුව දක්නට
නොවීය. මා සිතැඟි වැටහීමෙන්දෝ බනිගේ මව එන්න ළමයෝ එලියට යැයි පැවසිය. දොර
රෙද්දක් එහා මෙහා වෙමින් තිබුනත් ඇය පෙනෙන්නට නැත නමුත් එය පිටිපස මොකෙක්
හෝ රට හාවෙක් සිටියි. නැතිනම් එසේ හෙළවීමට හේතුවක් නැත. අන්තිමේදී මා එතෙක්
බලාපොරොත්තු වී සිටි රුව දැක ගැනීමට වාසනාව උදා විය. අයියෝ...... සැලරි
කිව්වලු. ෆෝන් එකෙන් මාගේ දත් ගැලවීමට කතාකරන ඇය මා ඉදිරිපිටට ඒමට එතරම්
වෙලා ගැනීම සහ මෙතරම් සබකෝලයෙන් හැසිරීම මට පුදුමයක් විය. ඒවාට කියන්නේ කටින් බතල හිටවීම කියාය. නමුත් මා ඇයට බනි කියා ඇමතීම
සුදුසුයි සිතුනේ ඇයව දැකීමෙනි. අහිංසක හා පැටියෙකු වැනි වූ ඇය දුටුවිට මා
දෑසට කඳුලක් නැගුනේ අසනීප තත්වය නිසාවෙනි.
මා ගමනේ විස්තර පැවසීමෙන් ඔවුන් විමතියට පත් වූයේ මා අතුරුගිරියෙහි බැවිනි.
මා වෙනුවෙන්ම පිළියෙළ කෙරුණ ඉස්සෝ ඩෙවල් එක සමග කෑ බතේ රස මතක්වන විට
දැනුත් මාගේ කටට කෙල උන්නේය. එවිටත් ඔවුන් සූදානම් වී සිටියේ බනිව චැනල්
කිරීමට රැගෙන යාමටය. නොරිස් කැනල් ගිය අපි දොස්තර මහතා හමුව එනවිට රාත්‍රී 9
ට පමණ විය. මාව බසයට ඇරලු ඔවුන් පිටත් විය. මගින් මගටම බනි කෝල් කොට මා
සුවෙන්දැයි විමසා බැලීය. ඒ අතරම ඇය විසින් පැවසුවේ. අම්මා අහනවා දැන් ඔයාගේ
කැමැත්ත මොකක්ද කියල. බනි ඔයාගේ අම්මට කියන්න ඉස්සර ඔයාට සියට සීයක්
කැමතිනම් දැන් සියට 1000 ක් කැමතියි කියල.
මා ගෙදර යන විට රාත්‍රී 12 පමණ
වී තිබිණ. සියලුම දොරවල් ලොක් කර සියල්ලන්ම නිදිය. දැන් කොහොමද මෙයාලව
ඇහැරව ගන්නේ ලොක්ක ගෙදර නැත්නම් ප්‍රශ්නයක් නැත. නැන්දා මා හට ආදරේ බැවින්
මාගේ වැරදි ලොක්කාට කියන්නේ නැත. හැබැයි ලොක්කා හිටියොත් අද මට වැඩ
වරදින්නේය. මක් නිසාද යත් හවස 6.30 වෙනකොට නිවාර්යයෙන්ම ගෙදර ඉන්න ඕනේ යැයි
නීතියක් ඔහු මට පනවා තිබු නිසාවෙනි. පිටිපස්සෙන් තාප්පයට නැගගත් මා එයින්
බැල්කනියට ගොඩ වී එහි ඇති දොරෙන් මාගේ කාමරයට ගියේය. උඩු මහලෙන්ම ඇඟපත
සෝදාගත් මා උදේ ඇහැරුනේ 10 ට පමණය. අද අර ගෝරිල්ල ගෙදර සිටින දවසයි. ඔව් ලොක්කාගේ නිවාඩු දවස අදයි. මූණ හෝදගෙන පහලට ගිය මා දෙස ඔහු දෑස් අයා බලා
සිටියේය. උඹ කොහෙද ගියේ? කීයටද ආවේ? කොහෙන්ද ආවේ? කොහොමද ආවේ? ප්‍රශ්න
වැලක්ය. කොහේ යන්නද මම 5 ට විතර ආවා. ඇවිත් ගේම් එකක් ගහල නිදාගත්තා ලොක්
කරගෙන ඇයි මොකෝ? පොරට කියන්නට දෙයක් ඉතුරු නොවින. මට බොරු කරන්න එපා උඹ
කාමරේ හිටියේ නැහැ. මම දන්නවා උඹ මොකක් හරි ජිල් මාර්ට් එකක් කරා හැබැයි මම
හොයාගන්නම්. මට පුදුම උඹ ඇතුලට ආවේ කොහොමද කියන එකයි මං නොදැනුවත්ව. අදට
බේරුනා කියල හිතාගනින්කෝ සාක්ෂි නැතිව මම වැඩ කරන්නේ නැහැ. යනුවෙන් මුගේ
පොලිසියේ ලොකු කම ප්‍රදර්ශනය කළේය. මූ මෙතරම් පුදුම වන්නට හේතුව මා
දැනගත්තේ නැන්දාගෙනි. මේකා නිදා තිබෙන්නේ ප්‍රදාන දොරටුව අසල මෙට්ටයක්
දමාගෙන දොරවල් දෙකේම යතුරු තමන්ලඟ තියාගෙනය. ලොලේ ලොල්
කාම කෑ අවසන් වූ මා ඊළඟට කල කාර්‍යය නම් බනිව ඇමතීමයි.
මම : හෙලෝ මොකෝ බනි කරන්නේ
බනි: සිනාසෙයි........ හයියෙන් සිනාසෙයි
මම : මොකද අනේ හිනාවෙන්නේ මම ඇහුවේ මොනවද කරන්නේ කියල හිනහ වෙන්න දෙයක් කිව්වද?
බනි: අනේ සොරි මට හිනා ගියා.
මම : හ්ම්ම් ලොක්කත් එක්ක පොඩි කෙස් එකක් ගියා (ඇයට විස්තර පැවසුවෙමි) කොහොමද චෝකෝ එක කෑවද?
බනි: ඔව් අයියේ චෝකෝ එකනම් ගොඩක් හොඳයි ලොකුම එකක් නේ ඒත් කන්නනම් බැහැ
මම : ඒ මොකෝ මම කොච්චර හොයලද ඕක ගෙනාවේ ඔයාට
බනි: ඕකේ අනේ තැන්ක්ස් යු චෝකෝ එකටයි එකේ හිටිය පනුවටයි.............
මා විසින් පිටකොටුවෙන් මිලට ගන්න ලද චොකලට් එකේ තඩි පණුවෙක් සිට ඇත. කල්
ඉකුත් වී නැති එහි පනුවෙකු සිටින්නේ කෙසේදැයි මට අදහසක් නැත නිකන් පණුවෙක්
නෙවෙයි පණු බිත්තරත් එක්ක පණුවෙක් ඉඳල තියෙන්නේ මදැයි කොලා කිව්වලු මාලාවෙනි ඉම්ප්‍රේෂන් එකම ඉවරයි. ඒ කොහොමද පණුවෙක්
ඉන්නේ? එක්ස්පයරි ඩෙට් බලල ගත්තේ දැන් කොහොමද මම එයාට මූණ දෙන්නේ ඒ විගසම
මම දුරකථනය විසන්ඳි කලෙමි.
මොකද්ද බං මැද්දෙන් නැවැත්තුවේ
ReplyDeleteඉතුරු ටිකත් ලියපන් ඉක්මනට :)
ලියන්නම් මට හරිම සන්තෝසයි ඔයාල මේක උනන්දුවෙන් කියවන එකට. මොකද මම වත් දැනන් හිටියේ නෑ මට වෙන කෙනෙක්ට කියවන්න පුළුවන් වෙන්න ලියන්න පුළුවන් කියලා.
Deleteඑහෙම අවුලක් නෑ බං දිගට කියවන් යන්න පුළුවන් :)
Deleteමේ කොටුවේ කොයි කඩේන්ද චොකෝ ගත්තේ?
190 බස් එකට නගින්න යනකොට තියෙන්නේ අර අයිනේ කඩේ පේලියේ අයියෝ ගාල්ලෙන්ම ඒක ගත්තනම් මගේ නම්බුව බේරෙනවනේ
Deleteමටත් චොකලට් වගයක් ගන්න ;)
Deleteවිලි ලැජ්ජා කෝටියයි... පණු චොක්ලට්
ReplyDeleteකෝ ඉතින් බනීගේ අසනීපේ මොකද්ද කියල කියල නෑනේ
අපෝ මාව තියන් කෑවා විහිලු කරලා කට්ටිය ඔය සීන් එකට lol
Deleteකොහොම උනත් බනී පව්.නේද ?????????????
ReplyDeleteඔව් අනේ මගේ අසරණ බනි හාවා.:P ඒ උනත් ඕකා හරි කපටි සතා
Deleteඕකා නෙමෙයි බං ඕකි ;)
Deleteඅන්න හරි හරියටම හරි මෙන්න මෙකි තමා අදත් ඉල්ලපි නැත චොකොලට් hikizzz
Deleteඉතිරි ටිකත් ලියමු .පෝස්ට් එක ටිකක් දිග වැඩිද මන්දා ටිකක්
ReplyDeleteමේකට කොටස් 10 ක් වත් ලියන්න වේවි.
Deleteහච්චෝ ඊට පස්සේ??
ReplyDeleteලියනවා. :)
Deleteටිකක් වැඩි වුණාම මේවගේ ඔලුව අවුල් සීන් වෙනවා. කරටි කැඩෙන්න බිව්වාම කොහොමත් ඊළග දවසේ ඔලුව පිස්සුම තමා.
ReplyDeleteදැන් නම් ඉතින් මතට තිත තියන් යන්නේ. බිල ඇතිවෙලා ඉන්නේ
Deleteමේ කතාව නම් මට මග ඇරුණා ලොක්කා. ඒක නිසා මුල ඉදන්ම කීයවලා බලන්න වෙනවා
ReplyDeleteදිගටම කියවන්නකෝ. මම හිතනවා නීරස නොවෙයි කියල. අඩුපාඩුවක් තිබුනොත් කියලම යන්නකෝ.
Deleteකොමන්ට් නොකලට කතා සැට් එකම කියෙව්වා.හිතන් හිටපු දේ නෙවේ සිද්ද වෙලා තියෙන්නේ බලමුකෝ ඉදිරියට මොනවා වෙයිද කියලා.ඉක්මනට ලියන්ඩෝ....
ReplyDeleteතැන්කු...... මලේ. ඉස්සරහට කියවන යන්නකෝ.. :)
Deleteචොකලටේ ගන්න තිබ්බේ රතු පල්ලිය ගාව තීන ස්වීට් ෂොප් එකෙං..
ReplyDeleteඅපරාදේ..
මට ලනකවේ තැන පිළිබඳව වැටහීමක් ඉස්සර තිබුනේ නැහැ මග පෙන්නුවොත් යන්න පුළුවන් නැත්නම් අදටත් වැඩිය බැහැ.
Deletewa..........w සහෝ....! නියමයි.... , specially ur phone conversation.... those r very gorgeous.... පාර....පාර........
ReplyDeleteඉතින් පණුව අයින් කරල කෑව නම් හරිනේ... ඔය කිව්වට එහෙම කන්න ඇති.. ගෑණු ඔහොම දේවල් විසි කරාවි මේං කියලා
ReplyDeleteඅම්මප සිරාවට ... මම මේ බ්ලොග් එක හැම වෙලේම කියෙව්වට .. කවදාවත් කමෙන්ට් කරලා තිබ්බේ නැහැ ... කෝරලේ මහත්තයාගේ මේ පොස්ට් සිරිස් එක මට සිරාවටම වැදුන .... මේකට ඇත්තටම කොමෙන්ට් කළා නෙමේ ... කොමෙන්ට් කෙරුණා .... පට්ටම සිර .....
ReplyDeleteයොමයි පම්කිං පම්කිං හෙලෝ හනී බනී
ReplyDeleteචොකෝ චොකෝ :D