Tuesday, 4 September 2012
සිහින කුමරිය. (සිව්වැනි කොටස ) ජීවිතය වෙනස් කල කතාවක්.
පළවැනි කොටසට මෙතනින්
දෙවැනි කොටසට මෙතනින්
තෙවැනි කොටසට මෙතනින්
හවස්වරුවේ මා ඇමතු බනි. ඕව ගනන්ගන්න එපා අයියා ඔයාගේ වරදක් නැහැනේ. ඔයා කලබලේට ඔහේ ගෙනාව එකේ පණුවෙක් හිටියට කමක් නැහැ. හොඳට හොයල බලල වෙන එකක් ගෙන්නකෝ යයි පැවසීය. මගේ හිතට යන්තම්වත් අස්වැසිල්ලක් වූයේ එවිටය. නැවත දින දෙකකට පසුව බනීව බැලීමට යාමට සිදුවූයේ ඔවුන් නවගමු දේවාලයේ යනවා කිව් බැවිනි. උදෙන්ම යායුතු බැවින් පාන්දර 3 ට නැගිට 4 ට අම්බලන්ගොඩින් කතරගම කොළඹ බසයකට නැගුනෙමි. උදෑසන 7 ට පමණ අයගේ නිවසට පැමිණීමට මා හට හැකිවිය. බනීත් අයගේ මවත් සමග නවගමු ගොස් පැමිණෙන විට ඔවුන් පැවසුවේ මවගේ නැගණිය තව දින තුනකින් ලංකාවට පැමිණෙන බවත් එවිට මට පැමිණ ඇයවත් මුණ ගැසෙන ලෙසය.
මෙන්න ඒ කාලේ කෝරලේ මහත්තයයි බනියි.
ඇයව අපි සුදු පුංචි කියා හදුන්වමු. එංගලන්තයේ වාසය කරන ඇය පුතාද සමග මෙහි පැමිණ සිටියේ දින 15 ක් වැනි කෙටි කාලයකටයි. බනි පැවසු පරිදි ඇයගේ සිත දිනාගත් හැක්කෙනම් මුළු පවුලේම ආශිර්වාදය අප හට ලබාගත හැක. කෙසේ හෝ නැවත පෙරදා පරිදිම උදෑසන ඇයගේ නිවසට පැමිණි මා හට පුංචි සමග කතා බහ කිරීමට අවස්තාව පැමිණියේය. කෙසේ හෝ මා හට ඇතිවූ එකම පැනයනම් ඔවුන් මාගේ පවුලේ විස්තර විමසීමය. එය ලබා දිය හැකිවුවත් මාගේ මාපියන්ගේ ගති පිළිවෙල දන්නා මා එය ලබාදීමට උත්සුක වූයේ නැත. මව තරමක් ප්‍රසිද්ද තැනැත්තියක බවත් පියා පරිඝනක ඉංජිනේරුවෙකු බවත් අප සැම ඩුබායි හි පදිංචිව සිටින බවත් කෙටියෙන් පවසා මාගේ ඉගනීමේ කටයුතු පිළිබඳව කෙටි විස්තරයක් ඇය හමුවේ තැබීය. ඇය පැවසු පරිදි බනිගේ පියාද ලංකාවේ නැති බැවින් මෙසේ පිරිමි ළමයෙකු මෙහි පැමිණීම එතරම් සුදුසු නැති බවත් මාගේ දෙමව්පියන්ද කැටිව පැමිණ මේ පිළිබඳව තීරණයකට එළඹෙන ලෙසත්ය. මක් නිසාද යත් බනිගේ මාමල දෙදෙනා තරමක් නපුරු පුද්ගලයන් වූ බැවින් ප්‍රශ්නයක් ඇති වීම වලක්වා ගැනීමට එසේ කිරීම සුදුසු බව ඇයගේ අදහස විය.
කෙසේ නමුත් එදින මා පිටත්ව ගියපසු මාගේ බුද්ධි අංශය (Bunny) සැලකල තොරතුරනම් පුංචි ඉතාමත් ඉහලින්ම මා අගය කල බවත් ඇයගේ සිත, මා හිතුවාටත් හොඳින් දිනා ඇති බවත්ය. දින කිහිපයකට පසුව ඔවුන් කතරගම යන බැවින් ඔවුන් සමග යාමට මා හට ඇරයුම් ලැබිණ. පුංචි විසින් සංවිධානය කල මෙම ගමනෙහි අරමුණ වූයේ මාමල දෙදෙනා සමග මා මුනගස්සවීමත් ඔවුන්ට මා තේරුම් ගැනීමට ඉඩහැරීමත්ය. එදින රාත්‍රී බනිගේ ආච්චි අම්මගේ නිවසට පැමිණෙන ලෙස පුංචි පවසූයෙන් කළුතර නාගොඩ ප්‍රදේශයේ තිබු එහි යාමට මා පිටත් විය.
මා ඔවුන්ගේ නිවසට යනවිට රාත්‍රී 8 ට පමණ ඇත. එහි ගියද මා ගියේ තරමක චකිතයක්ද හිතේ දරාගෙනය. මක් නිසාද යත් මාගේ වැරදි පැවසු සිඟිති අක්කාද එහි වාසය කරන බැවිනි. ඇය පැවසුවේ බොරුවක් වුවත් එවැනි බොරුවකින් මාගේ ප්‍රතිරූපයට විය හැකි කැළල බොහෝ බැවින් එවැන්නක් නොවේවා යයි දෙවියන් යැද්ද මා එහි වත්තට ඇතුළුවන විටම මා පිළිගැනීමට පැමිණියේ බනි, පුංචි, බනිගේ මව සහ සිඟිති අක්කයි. කෙතරම් බොරු කියා තිබුනත් ඇය මා සමග ඇති පෙර ඇඳුනුම් කම් මත මා දුටු විගසම මා බදාගෙන හානේ මල්ලි එන්න එන්න ලංකාවට ආව කිව්වට අදනේ දැක්කේ අනේ ලොකුත් වෙලා යයි පැවසීය.(ලොකුවෙන්නේ නැතිව හිටිය ගානටම ඉන්නැයි?) එවිට පුන්චිලාගේ මුහුණේ අමුතු සිනහවක් ඇඳෙනු දුටු මා එපිලිබන්දව පසුව විමසීමට ඉටා ගතිමි. ගමන යාමට පිටත් වූයේ රාත්‍රියේය. හයි රූෆ් වෑන් රියක් වූ එහි පොල් පැටේව්වක් මෙන් බනීගේ පවුලේ උදවිය විය. මාමල දෙදෙනා ගැන විස්තර කළහොත් චූටි මාමා නැමැත්තා ආදී 6ක් පමණ උස මහත කළු වයස 45 පමණ පුද්ගලයෙක් විය. (දැක්කත් බය හිතෙන ටයිප්) අනෙකා ජයන්ත නම් විය. නොර්මල් පොරක් ලෙස දුටුවත් වඩාත් නපුරු ඔහු බව පසුව දැනගත්තෙමි. හැකි තරම් මොවුන්ගෙන් ඈත්ව සිටීමට හිතා ගත් මා පොඩි එවුන් සහ බනි සමග පිටුපස පෙළ ආසන වලට ගියේය. මගදිගටත් සිංහයින්ව පා කරමින් ගිය ඔවුන් මා හටද ලබාදීමටද අමතක කලේ නැත. පාන්දර යාමයේ ඇඹිලිපිටිය ප්‍රදේශයේ මාමගේ යාළුවෙකු සතු බංගලාවකට පැමිණීමට හැකි විය. එය අපේ නවාතැන් පොළයි.
එය පාන්දර ජාමය විය එහි බනිහේ මවගේ පුංචි කෙනෙකුගේ පුතෙක් වන මාමෙක්ද විය. අපි ඔහුව චමියා කියා හදුන්වමු. මොවුන් තිදෙනා එම නිවසේ ඉදිරි පස වූ කබානාවට වී බොමින් උන්නේය. චමියා පැමිණ මා කැඳවාගෙන ගියේය. බනි බයේ ගැහෙන්නට පටන් ගෙන තිබිණ. මක් නිසාද යත් ඔවුන් තුන් දෙනාම හද්දා අන්දොස් ඩයල් වූ බැවිනි. මත්පැන් බීමට ආරාදනා ලද මුත්. වැඩිහිටියන් සමග එකට වාඩිවී හිඳ මත්පැන් බීම මා හට නොසුදුසු බැවින් බීර බෝතලයක් පමණක් ගෙන බොන්නට ගත්තෙමි. එයත් ඔවුන්ගේ බලපෑම මතය. එකක් ඉවර වෙන්ට එකක් බීරද මොවුන් ලබාදෙමින් මාව කතාවට අල්ලාගෙන මාගෙන් ඇසුව දේවල් වලින් මා හට පසක් වූයේ මට බොන්නට දී මාව පදිරි කිරීම බවය. එය අවබෝධ වූ මාද වෙරි මෙන් රඟපාන්නට විය. ඔවුන් සිතන්නේ මා හට හොඳටම වෙරි වැඩි බවය. නමුත් අහන කරන දේවල් වලට නිවැරදි ලෙස ඇඟ බේරාගෙන උත්තර දුන් පසු ඔවුන්ගේ බලාපොරොත්තු ඉටු නොවූ බැවින් ඔවුන් ඔවුන්ගේ කතාවක් පටන්ගත්තේය. ඔවුන්ගෙන් අවසර ගෙන නිදාගැනීමට ගිය මා දුටුවේ මේ සියල්ල බල සිටි බනියාය. ඇය හොඳටම බියවී සිටියේ මාමලා යනු මද හෝ වරදක් වූවානම් පහර දීමට පවා සූදානම් ජාතියක් බැවිනි. අයවත් නින්දට යවා මමත් නිදාගැනීමට අනෙක් කාමරයට ගියෙමි.
පහත තිබෙන්නේ එම චාරිකාවේ පොටෝ කිහිපයකි
මේ ඉන්නේ ගිය සෙට් එකේ අඩක්
කෝරලේ මහත්තයයි, බනියයි
බනී මල්වට්ටියක් ගෙන
පුංචිගේ පුතා
චමියා වැව් මාළුවෙකු රැගෙන පැමිණෙන විට.
වමේ කෝරලේ මහත්තයා, මැද සිඟිති අක්කා, දකුණු පස පුංචි
පසුවදා කතරගම ගොස් හම්බන්තොට පැමිණ පරවීවැල්ල බීච් එකෙහි දිය නෑමට ගත්තේය. කෙසේ නමුත් මෙම මාමලාගේ ක්‍රියා කලාපය මා හට රිසි වූයේ නැත. ඔවුන් නැති මාන්නයක් මවාගෙන පවුලේ අනෙක් උන් අබල දුබලයන් බැවින් උන් ඉදිරි පිට වීරයන් වීමට තැත් කිරීම ගැන මා සතුටුවූයේ නැත. නමුත් එය මා හට අදාල දෙයක් නොවන නිසා කට පියන් සිටියෙමි. ඔවුන් එහි දීද බීමට ගත් බැවින් මමත් බීර බෝතලයකට වග කිව්වෙමි. නමුත් හිතුවාට වැඩ එය මට වැඩි විය. මා සිතන පරිදි මුහුදු සුළං නිසා විය යුතුය. සියල්ලන් ගොඩට පැමිණි පසු ජයන්ත මාමා මට කතා කොට. ආ..... ළමය ඩ්‍රයිවින්ග් පුළුවන් නේද? ආ.. යතුර මෙන්න වෑන් එක අරන් යන් යයි පැවසීය. එවිටත් බඹරෙකු මෙන් සිටි මා මේ 24 දෙනෙකු පටවාගත් (පොඩි උන්ද ඇතුළුව) වෑන් රථයක් කෙසේ ගෙනයම්ද අනුන්ගේ වාහනයකි. අනෙක මෙවැනි විශාල වාහන ගෙන ගොස් පලපුරුද්දක්ද නොවීය.( හයි රූෆ් වෑන්වලට බර වාහන බලපත්තරේ ඕනෙනේ) වාහනේ ඉදිරියට ගත මුත් යම් හිරවීමේ ගතියක් මා හට දැනෙන්නට විය. එය හෑන්ඩ් බ්රේක් අද යන්නක් මෙන් විය. නමුත් මට හෑන්ඩ් බ්රේක් ලීවරය සොයාගත් නොහැකි විය. මාමල දෙදෙනාගේම ඇස් මා දෙස විය.
චූටි මාමා: මේ නවත්වන්න දැන් බහින්න. ජීවිතේට වාහනයක් පැදලා නැද්ද?
මම : ඇයි
චූටි මාමා: ඇයි කියන්නේ හන්ද බ්රේක් ගහල අරන් යන්නේ තේරෙන්නේ නැද්ද?
මම :කෝ මේකේ හන්ද බ්රේක් ලීවර් එකක් නැහැනේ
චූටි මාමා: මේ තියෙන්නේ මොකක්ද යැයි යට තිබෝ ලීවරයක් පහල දැමු ඔහු පැවසීය.
හුටා කිව්වලු. මා පුරුදුව සිටියේ මෙවැනි හෑන්ඩ් බ්රේක් වලට මුත්
මෙය මෙවැනි අස්සක පිහිටි අටමගලයක් විය.
කවුද අප්පා ඕක දන්නේ? මම මීට කලින් එහෙම වාහනයක් පැදලා නැහැනේ. වාහන පැදලා හුරුවට අරන් යනවා මිසක් දැනුමක් ඇතිව අරන් යනවා නෙවෙයිනේ නැද්ද මන් අහන්නේ? මාගේ වරදක් සොයමින් සිටි ඔවුන්ට එය ඉහටත් උඩින් විය. කෙසේ හෝ එම චාරිකාව නිමාවෙන් පසු දිනක් මාගේ සම්මුඛ පරීක්ෂණයකට මාමලා දෙදෙනා එහි පැමිණීමට පැවසුවේය. බනී පැවසු පරිදි ඔවුන් මේ පවුලට අනවශ්‍ය ලෙස බලපෑම් කරමින් සිටි. මක් නිසාද යත් එම වයසක දෙමාපියන් සහ බනී ගැහැණු ළමයෙකු බැවින් ඔවුන්ට විරුදුව වචනයක්වත් කිව නොහැකි නිසාය. එහි ගොස් ඔවුන් සමග කතාබස් කරමින් සිටින විට මාහට ගෙදරින් ඇමතුමක් ලැබුණෙන් ඒ මාගේ මව විය. දුම්මල වරම අතට ගත් කපුවෙකු මෙන් බැනවැදුණු ඇය. මෙම සම්බන්දය වහාම නවත්වන ලෙස තර්ජනය කොට ඇමතුම විසඳි කළේය. මා තුල වූ ගැටලුවනම් මේ දෙය ඔවුන් දැනගන්නේ කෙසේද සැතපුම් දහස් ගණනක් දුර සිටින ඔවුන්ගේ කනට මෙය ගියේ කෙසේද? සිඟිතිගේ මවගේ අයියා අප පවුලේ දීර්ග කාලීන හිතවතකු බැවින් (නිපුගේ පියා) බනිගේ මව විසින් ඔවුනට කතාකොට මාගැන විමසා ඇත. මා ගැන ගොඩක් හොඳ කියා ඇති මුත් හැරෙන තැපෑලෙන් ඔවුන් මෙය මාගේ මවට දැනුම් දී ඇත. ඒ අන්න ඔයාලගේ පුතා කකුලක් අසනීප කෙල්ලෙක් එක්ක යාළුවෙලා යැයි යනුවෙනි. නැන්දලාගෙන් දැනගත් පරිදි මාගේ මව ලංකාවට පැමිණීමට සූදානම් වෙමින් සිටියේය. ඇය පැමිණීමට නියමිත දිනය හෙටයි. හෙට වෙන්නේ මොනවද කියා දැනගැනීමට එකතුවන්න ඉදිරි පොස්ටුවෙන්.
ඔබ සැමගේ ගල් මුල් මල් සියල්ල එක සිතින් බාරගන්න බැවින්, ගුණදොස් පවසා යන්න. එය මාගේ අඩුපාඩු වැරදි හදාගැනීමට මට රුකුලක් වේවි.
දෙවැනි කොටසට මෙතනින්.
තුන්වැනි කොටසට මෙතනින්
සිව්වැනි කොටසට මෙතනින්
පස්වැනි කොටසට මෙතනින්
සයවැනි කොටසට මෙතනින්
සත්වැනි කොටසට මෙතනින්
අටවැනි කොටසට මෙතනින්
නමවැනි කොටසට මෙතනින්
වර්ගීකරණය:
ආදරකතා,
සිහින කුමරිය
Subscribe to:
Post Comments (Atom)
අදමනේ මෙහේ ආවේ..ඉතුරුවත් හෙමිට කියවගෙන එන්නම්..
ReplyDeleteජය වේවා..
සාදරයෙන් පිලිගන්නවා කෝරලේ වලව්වට. ඔබටත් ජයෙන් ජය
Deletedan nam ituru tikat kiyawanna asai korale mahattaya.ikamanata damma nam balanna
ReplyDeleteදානවා.. දානවා.... අනිවා
Deleteඔන්න මචං නෑදෑයෝ...
ReplyDeleteනෑයෝ නෙවෙයි වේයෝ :)
Deleteනෑයෝ නෙමේ බං උන් වේයෝ...:/
ReplyDeleteඑල එල ඉතුරු ටිකත් දාන්නකෝ :)
අනිවා අනිවා සුවර් එකටම දානවා
Deleteදුක හිතෙන අවසානයක්ද?
ReplyDeleteතීරණය කිරීම ඔයාලට භාරයි. භය වෙන්න එපා. ඉවර වෙන්න තව කල් යයි තාම පටන් ගැන්ම විතරයි.
Deleteනෑයන් වේයන් වෙයි
ReplyDeleteඉතුරු ටිකත් බලමු
බලන් ඉන්නකෝ. හිතන්නේ නැති දේවල් තමයි වෙන්නේ
Deleteතව ගොඩක් තියනවද?
ReplyDeleteකොහොම උනත් මම කැමතියි මේ කතාවට :)
සම්පූර්ණ කතාවනම් ගොඩක් දිගයි. මම පුළුවන් තරම් කෙටියෙන් ලියන්න බලන්නේ මොකද ඔයාලගේ කාලය වැය වෙන නිසා. බොහොම ස්තූතියි නංගා
Deleteනෑයොත් එකයි වේයොත් එකයි කන්නේ අපිවයි.
ReplyDeleteහරියටම හරි දයානන්ද මහත්තයෝ
Deleteකාලෙකින් මේ පැත්තේ එන්න බැරි උනු නිසා කතාවේ මුල කොටස් ටික මගහැරුනා. ඒ ටික කියවලා ආයේ මේකට එන්නම්. :)
ReplyDeleteඅනේ අම්මේ දැක්ක කල්...... හත් අටපොලකින්ම ඈඳීගත්තනම්.:)
Deleteම්ම් මුල ඉඳන්ම කියවල එන්න වෙයි වගේ...කෝරලේ මහත්තයා කිව්වට වයස කීයක් විතරද මන්දා :)
ReplyDeleteඅනේ ළමයෝ කැමති ගානක් හිතාගන්නකෝ. හැබැයි වැඩි වයසක් නම් නැහැ. විස්සවිජ්ජාලේ අන්තිම අවුරුද්ද තමයි ගතකොරන්නේ.
Deleteඔන්න ඔක්කොම කියෙව්වා...ඉතුරු ටිකත් ඉක්මනට ලියන්ඩ..
Deleteමේ පැත්තට ආවමයි..
ReplyDeleteකතාව මුල ඉදන්ම කියෙව්වා.. ලස්සනට ලියාගෙන යනවා, කම්මැලි කමක් නැතුව කොටස් සේරම කියෙව්වා. ජය වේවා..
බොහොම ස්තූතියි සහෝ :)
Deleteඅම්මා මොනවා කියයිද
ReplyDeleteහ්ම්ම්ම්ම්... අන්න එකතම ලොකුම පුරස්නේ
Deleteනෑයෝ ගැන කතා කරලා වැඩක් නැත.උන් දුකේදි නැත.ඇත්තේ සැපේදීය.දුකේදී ඇත්තේ නෑයෝ නෙවන අදුරන්නේ නැති පිරිසකි.
ReplyDeleteමා නම් දන්නා කල සිටම නෑයන් සමග ආශ්‍රයක් නැත. ස්තූතියි සහෝ කියෙව්වට.
Deleteඅදමනේ මෙහේ ආවේ ගොඩක් තියනව කියවන්න..හෙමිට කියවන්නම්..:)
ReplyDelete:) සාදරයෙන් පිලිගන්නවා වලව්වට ඕන්.............
Deleteඅයියෝ..නෑයෝ..!!
ReplyDelete:D
Deleteඅනේ හොදා
ReplyDeleteමුල ඉදන්ම කතාව කියෙව්වේ අද ,හොදයි කතාව නියමෙට යනවා ...
ReplyDeleteස්තූතියි රොබින්
Deleteනියමයි chithula, ඕහ් සොරි....සොරි... කෝරලේ....
ReplyDeleteආදරයට කොයිදෝ බාදා නැත්තේ.. බලමු ඊලඟ එක :)
ReplyDelete