Monday, 8 October 2012
සිහින කුමරිය. (අට වැනි කොටස) ජීවිතය වෙනස් කල කතාවක්.
පළවැනි කොටසට මෙතනින්
දෙවැනි කොටසට මෙතනින්
තුන්වැනි කොටසට මෙතනින්
සිව්වැනි කොටසට මෙතනින්
පස්වැනි කොටසට මෙතනින්
සයවැනි කොටසට මෙතනින්
සත්වැනි කොටසට මෙතනින්
සමීර හමුවීමට ගියේ තරමක චකිතයක් හිතෙහි දරාගෙනය. මක් නිසාද යත් මේකා දැනටමත් කර තිබෙන සන්හදිය ප්‍රමාණවත් බැවින් ඉතාමත් පරිස්සමෙන් යුතුව අවස්ථාවට මුහුණදීමට සිතාගත්තෙමි. මා එහි යන විට සමීරත් චමිලාත් (මෑන්ගේ හොර වයිපරේ) පමණක් නිවසේ සිටි බැවින් මම ඔවුන්ගෙන් මෙහි මා කැඳවීමට කාරනාව විමසුවාය. එතැන් සිට කතාව ගියේ මෙන්න මේ විදියටයි. පුතා ඔයා මේ සම්බන්දවෙලා ඉන්න පවුල ඔයාට ඔයාගේ පවුලට ගැලපෙන පවුලක් නෙවෙයි මාමණ්ඩිය බොනවා ඔයාට ගෙදරින් යන්න වෙලා තියෙන්නේ මේ සම්බන්දෙ හින්දනේ. ඔයා මේ පවුලෙන් ඈත් උනොත් ඔයාට ගෙදර යන්නත් පුළුවන් ඉගනීම නොකඩවා කරගෙන යන්නත් පුළුවන් දැනටමත් පරක්කු නැහැ යනුවෙන් පැවසීය. තවත් බොහෝ දේ පැවසුවත් ඒවා අකුරු කිරීම උචිත නැති නිසා කෙටි කොට පැවසුවොත් ඔවුන්ගේ වෑයම වූයේ මාව කෙසේ හෝ බනිගේ දෙමාපියන් කෙරෙහි බිඳවීමයි. මා සියල්ල සාවදානව අසා සිට පවුල් අතර ප්‍රශ්න ඇතිවෙනවා නමුත් ඒවා යම් කිසි කාලෙකදී විසදෙනවා නමුත් පිටින් ඒවාට බලපෑම් කරන්න යන අය තමයි අන්තිමට නරක මිනිස්සු වෙන්නේ යයි පවසා එතනින් පිට විය. නමුත් එතන ඔවුන් නොදන්නා යම් කිසි ක්‍රියාදාමයක් සිදුවිය. ඒ මුල සිටම සියලුම කතා බහ මාගේ දුරකතනයේ පටිගතවීමයි. හිකිස්........
මෙසේ තවත් තැන් කිහිපයකින්ම ඔවුන්ට ව්රුදුව සාක්ෂි එක්කාසු කොට බනිගේ දෙමව්පියන් වෙත දක්වන ලදී. එදින මා නවාතැනට පැමිණ බනියාට කතාකොට මා කල සපන්කම ගැන පැවසුවේ බනියෝ දැන්වත් අපේ ප්‍රශ්න ඉවර වේවි. මම මේ වගේ වැඩක් කලයි කියාය.නමුත් මා එවන් වදනක් පැවසීමට ඉක්මන් වූවා වැඩියි සිතුනේ ඊට පසුදින බනිගේ දෙමාපියන් ගොස් සමීරගෙන් මේ පිළිබඳව විමසීමට ගොස් ඇති බැවිනි. මා මේ සියල්ලම සිදු කලේ ඔවුන්ට මේ ඇතිකරනු ලබන වැරදි වැටහීමෙන් ඔවුන් මුදවා අර හොර තක්කඩියාගෙන් ඔවුන්ව මුදාගැනීමටය මක් නිසාද යත් එය අප දෙදෙනාගේ අනාගතයටද බලපානා බැවිනි. නමුත් සිදුවී ඇත්තේ කුමක්ද...........? මාව පරික්ෂා කිරීමට එය ඔවුන් ඇටවූ උගුලක් යැයි වටහා දී නැවත බනිගේ පියාගේ හිතදිනාගැනීමට මෙම උරන් ඔටන් සමත්වී ඇත.
මා හට සිදු වූයේ කබලෙන් ලිපට වටුනාක් මෙන් සිද්දියකි. එහෙමත් නැත්නම් වඳින්න ගිය දේවාලේ ඉහේ කඩාවැටුනාක් මෙන් සිදුවීමකි. එතැන් පටන් ඔවුන් බනිගේ දෙමාපියන් මට එරෙහිව කුලප්පු කිරීම ඩබල් කල බව අපට වැටහින. මේ 2010 අවුරුද්දේ අන්තිම වකවානුවයි.
හදිසියේම බනිගේ මව ලංකාවට ගියේ යම්කිසි හදිසි කටයුත්තක් ඇතිබැවින් සහ එංගලන්තයේ සිටින අයගේ නැගණිය පැමිණෙන බැවින්ය. ගුවන්තොටුපලට ඇයව ඇරලීමට පවා සිදු වූයේ මටය. මව ලංකාවට ගොස් දින කිහිපයකට පසු උදාවූයේ 2011 අලුත් අවුරුදයි. නමුත් යම් කිසි සිදුවීම් මාලාවක් ක්‍රියාත්මක වනබව මට වැටහුනේ මව ලංකාවට ගිය දින සිට බනි මට කතාකරන්නේ ඉතා අඩුවෙන් බවත් දිනකට විනාඩි පහකට දහයකට සීමා කර ඇති කාලය වුවත් ඇය කතාකරන්නේ එතරම් උනන්දුවකින් නොව කතාකළ යුතු නිසාවෙන් බවත්ය. මවත් පුංචිත් සමග ඔවුන්ගේ වැඩකටයුතු සඳහා එහෙ මෙහෙ යනබවින් කිසිවක් පැවසීමටද නොහැක අනෙක එවන්වූ දෙයක් පැවසීමට මා හට බලයක්ද නැත. දිනක් ඇතිවූ කතා බහ දුරදිග යාමක් තුලින් බනි මා හට සතෙකුට මෙන් බැන වැදින. එය මටම අදහා ගත නොහැක්කක් වුයේ මෙතරම් මට ආදරය කල කෙල්ල මේ දවස් කිහිපයට මෙතරම් වෙනස් වූයේ කෙසේද කියාය. දවස් කිහිපයකට පසුව නැවතත් මා ඇයව අමතා හේතු විමසන විට ඔවුන් සිටියේ. මා ඩ්‍රයිවින් නොදන්නා බව පැවසු සමන් නමැති බනියාගේ මාමාගේ නිවසේයි. එදිනත් ඇය සමග කතාකිරීමට නොහැකිවූයේ එතන තිබු ගෝසාව නිසාවෙනි. කලකිරීමට පත් මා පරිඝනකය වසා දමා ඔයාල දැනටමත් දන්නා හඳුනන ටිරාට (දන්නේ නැත්නම් මෙතනින් බලන්න කෝ) කෝල් එකක් දී එනබවත් බොන්න. ඉන්නේ අප්සට් එකේ බැවින් වැටෙනකන් බීමට අවශ්‍ය බව පැවසීය. සාමාන්‍ය පෙළ සමයේ සිටම යහළුවන් සමග මදපමනට සප්පායම් වුවත් ඒ විනෝදයටය. මට කවදාවත් බීල වැටෙන්නට උවමනා වූයේ නැත. මන්ද යත් මා වෘතිමය බේබද්දෙකු නොවූ බැවිනි. නමුත් මෙදින තත්වය හාත්පසින්ම වෙනස් විය. කෙසේ හෝ බීම ඉවර කරන විට මට කෙලින් හිඳීමට තරම් වත් පණක් නොවීය. මා නවාතැන් ගෙන සිටි ගොඩනැගිල්ලේම පහල තට්ටුවේ ටිරා වාසය කල බැවින් හොඳය. නැත්නම් වෙන්නේ බීමත්ව රිය පැදවීම මත සදාකල් ජේල් යන්නටය.
නැවතත් ලැප ඕන් කලේ අදනම් මේකෙන් දෙකෙන් එකක් විසඳාගන්නවා යැයි සිතාගෙනය. ප්‍රශ්නයක් කතාකිරීමට බීමත්ව යාම නුසුදුසු බව මට එදා වැටහුනේ නැත. බනීට කතාකරන විට ඇය ගෙදරට පැමිණියා පමණි. බීමතින් සිටි මගේ හිතේ වූ වේදනාව වැඩි බැවින් මා ඇයට දොස් පවරුවෙමි. මේවගේ තැන් තැන් වල යන්නේ ඇයිදැයි අසාය. නමුත් බනිගේ මව ඒවන විට මෙම කතාවට සවන් දෙන බව මා දැනන් උන්නේ නැත. මම තනියම නෙවෙයි ගියේ අම්මල එක්ක. අනෙක මාමලාගේ ගෙදරනේ.... පැවසුවෙන් මගේ අර යකා කියන එකා හිස්මුදුනටම නැග ඔලුව තවත් විකාර වුයේ මක්නිසාද........? අපිට අද වනතුරු බාදකයක් වුයේ මා හට මෙතරම් නිග්‍රහ කොට ඇත්තේද එම මිනිසාම බැවින් ඔවුන්ගේ නිවසට ඇය යාම මට කෙසේවත් රිසි වන්නක් නොවීය. එවිට මා සමන්ට දොස් පවරන්නට ගත්තේ ඇයට බැනීමට නොහැකි බැවිනි. නමුත් මැද්දෙන් පැන්න බනිගේ මව මගේ සහෝදරයෝන්ට බනින්න එපා මේ සම්බන්දෙ හරියන එකක් නෙවෙයි කේන්දර ගැලපෙන්නෙත් නැහැ ඒ නිසා මේක කරන්න බැහැ . ඔය දෙන්න දෙපැත්තට වෙන්න අපි මෙයාව පුංචි ලඟට යවනවා. එක එයාගේ ඔපරේෂන් එකටත් ලේසියි. යනුවෙන් පැවසීය.
යකෝ.......... මෙච්චර කට්ටක් කාල ගෙදරින් තරහ වෙලා මගේ ගෙදර මිනිස්සු එපා කියල හත්මුතු පරම්පරාවටම විරුද්ද වෙලා මේ ඉගනගන්න ගමන් රස්සාත් කරන ගමන් මේ ලෝන් අරන් කැම්පස් එකටත් ගෙවලා මගේම ශක්තියෙන් නැගිටිනවා හොඳ තැනකට එනවා. ඇවිත් එපා කිව්ව හැමෝටම කට ඇරෙන්න වෙඩිමක් අරන් මගේ බනියව බඳිනවා කියල අනාගත බලාපොරොත්තු තිබ්බ මට මේ මොකක්ද වෙන්නේ මොකක්ද වෙන්න යන්නේ.............. අන්තිමට මට අල්ලපු අත්තත් නැහැ පයගහපු අත්තත් නැහැ. මදැයි කොලා කිව්වලු.......... මට මෙතරම් පීඩනයක් ජීවිතේ කිසිම දිනක ලැබී නොතිබිණ. මක් නිසාද යත් ගෙදරට වෙලා දෙමව්පියෝන්ගෙන් කකා බිබී කිසිම බරක් පතලක් නැතිව හිටපු මට මෙවැනි ප්‍රශ්න වලට මුහුණදීමට සිදුවී තිබුනේ නැති බැවින්. මාගේ ඔලුවේ කැක්කුම වැඩිවිය. ආ............. මට කියන්න අමතක උනානේ මගේ ඔලුවේ කැක්කුම ගැන. මේක මුලින්ම ආවේ උසස් පෙලට පාඩම් කරන කොට ඊට පස්සේ MCSE වලදී පස්සේ පස්සේ කැම්පස් එකේ හැම එක්සෑම් එකකදී වගේම ඔලුවට පීඩනයක් එන හැම වෙලාවකදීම වම්පස හිස් මුදුනේ සිට ඇස දක්වා පැතිරීයන හිරිවැටීම කුමන හෝ විදියකින් ඉවසා සිටීමට නොහැක. මෙය migraine හි එක අවදියක් වෙයි. එයින් මිදීමට නම් අඩුම තරමින් පැය 8 කවත් නින්දක් ඉක්මනින් ලබාගත් යුතුවෙයි. පටපිටාව නිහඬ වීමද අනිවාර්‍යය වේ. නමුත් මේ ප්‍රශ්න මැද කෙසේ එවන් වූ නින්දක් ලබාගන්නේද? එබැවින් දිනපතා සිහි නැතිවන තුරු බීමට ඇබ්බැහි වූවෙමි.
මාගේ වෙනස් වීම අන් අයටද වැටහී ඇතිබව වැටහුනේ අපගේ ආචාර්යවරයෙකු වන ප්‍රොෆෙසර් ඩේමියන් මාව ඔහුගේ කාර්යාලයට කැඳවා කරුණු විමසීමෙන්ය. ඔහු ආචාර්ය මණ්ඩලයේ සිටි මාහට හිතවත්ම ගුරුවරු කිහිප දෙනාගෙන් එක් අයෙකි. වෙන කීමට දෙයක් නොවුයෙන් මා සියල්ල ඔහුට පැහැදිලි කලෙමි. එවිට ඔහු මට දුන් එකම අවවාදය නම්
Don't waste your time on thinking. show some actions then only you can come out of the problem.
හ්ම්ම්ම්..... එකත් එහෙමනම් මම තීරණයක් ගත්තෙමි ඒ මොවුන් හදන්නේ මට කොකා පෙන්වන්නට නම්, මමත් විස විසෙන්ම නැසිය යුතු බවයි. දැනගන්නට ලැබුණු පරිදි බනිගේ මව ඒ දෙය මෙහි සිටම තීරණය කරගෙන ගිය දෙයක් විය. මම විසින්ම ගොස් ගුවන්තොටුපොළට ඇරලවල ආව මනුස්සයට මේ වගේ තීරණයක් ගන්න පුලුවන්ද කියල මම කල්පනා කලා. ඕකේ පුලුවන්නම් මටත් පුළුවන් ඊට වඩා දෙයක් කරන්න.මම තීරණයකට පැමිණියෙමි. අද ජනවාරි 14 වැනිදායි. දින දෙකකින් එනම් 26 වැනිදා බනියාගේ මව නැවත මෙහි පැමිණීමට නියමිතයි. ඊට පෙර කරන්නාවූ දෙයක් කල යුතුයි.
15 වැනිදා එළිවෙන්න 5.30 ලංකාවට යාමට නියමිත ගුවන් යානය වූයෙන් එයත් කලබලයෙන් බුක් කල නිසා ලැබුනේ සාජා ගුවන්තොටෙනි. එය මා සිටින ප්‍රදේශයේ සිට කිලෝ මීටර් 60ක පමණ දුරින් වුයෙන්. උදෑසන තනිවම ඇඳුම් බෑගය සූදානම් කොට වාහනය පදවාගෙන ගුවන්තොටට පැමිණ එහි ඇති රිය අංගනයෙහි (parking) වාහනය නැවත යතුරත් කැබි හෝල් එකට දැම්මේ අද හවස ටිරා පැමිණ වාහනය ගෙනයනවා යැයි පැවසු බැවිනි. කෙසේ හෝ දහවල් 2 ට පමණ නිවසට පැමිණීමට හැකිවිය. ජරමර අස්සේ බරකරත්ත කිව්වාක් මෙන් මාගේ පරණ සිම්පත වැඩක්නේද නැත. අලුතෙන් නොම්බරයක් ලබාගත් මා ඕන් ලයින් ගියේ නිවසේ කරන්නට දෙයක් නොවූ බැවින් හා අරහේ සිදුවන්නේ මොනවාදැයි නොදන්නා බැවිනි. බනියා නොසිටියෙන් මා මදක් නිදාගත්තෙමි.
නමුත් මා නැවත ඇහැරෙන විට වෙලාව රාත්‍රි 10 පසුවී තිබිණ. නැවත ඔන්ලයින් ගියේ අතුරුගිරිය නගරයට කෑමට යමක් ගණනට යමින් ගමන්ය. ඇය සිටිය බැවින් මා ඇයව ස්කයිප් හරහා ඇමතුවේ මා මෙහි පැමිණ ඇතිබව ඇය නොදන්නා බැවින්ය. කෑම කනගමන් ඇය හා කතාකළ මා. ඇයගෙන් ඇසුවේ අද අම්මව දාල ආවට පස්සේ ගෙදර ඉන්නේ කවුද යනුවෙනි. එවිට ඇය කිව්වේ පල්ලෙහා ගෙදර නැන්ද ඉඳීවි කියාය. එවිට මා නැන්දා ඉන්ඳ නොගන්න ලෙසත් මේ පහුගිය සිද්ද වූ දේවල් ගැන කතා කිරීමටත් ඇති බැවින් සිඟිති අක්කා සමග පමණක් නැවත ගෙදර එන ලෙස දැන්විය.
වෙලාව පාන්දර තුනයි ඔවුන් පැමිණීමට තව විනාඩි හතලිස් පහක් පමණ වූයෙන් තාප්පෙන් පැන වත්තට ඇතුල් වුනෙමි.
එවිටම අර කළු දඩෝරියා බුරාගෙන පැමිණි නමුත් මා ලඟට පැමිණ ඉවකොට මාගේ කකුල් දෙකේ දැවටෙන්නට විය. මේ යකා මෙතෙක් කල් මිනිසුන් 30 කට වැඩි ප්‍රමාණයක් හපා තිබුනෙන් මා සිටියේ අපමණ බයෙන් යුතුවය. මාව නුහුරු ඇතිදෝ සැකෙන්ය. වාහනයක් හරවන ලයිට් එලිය පාරට වැටුණු නිසා මා පිළිකන්න දෙසට වුනෙමි. බනියා සහ අක්කා පැමිණ දොරවල් අරින සද්දයත් නැන්දලා පිටව යන හඬත් ඇසින. ඇය අක්කට පරිගණකය ඔන් කරන ලෙසත් මා හිටියොත් පොඩ්ඩක් සිටින ලෙස පවසන ලෙසත් පවසා යන ශබ්දය ඇසින. විනාඩි පහකට පමණ පසුව ඇය ඇඟ සෝදාගෙන පැමිණෙන ශබ්දය සහ අක්කා බාත්රූම් එකට යන හඬ අහුනෙන් මෙය මට ක්‍රියාත්මක වීමට වෙලාව බව වැටහින.
ඉදිරි පස දොර ලොක් කර ඇති නිසා මෙය අරවා ගැනීමට එයට තට්ටු කලෙමි. ඇය එන බව දැනුනෙන් විගස දිවගොස් පිටුපස දොරට තට්ටු කලෙමි. ඇය එදෙසට එන විට මා සිතු පරිදිම ඉදිරිපස ගොර අගුල් නොදා තිබිණ. ඔවුන් එසේ සිටින්නේ මේ පාර පෞද්ගලික පාරක් සහ පටන් ගැන්මේ සිට අවසානයටම සිටින්නේ බනියගේ පිය පස නෑයින් බැවින් ඔවුන් එතරම් සොර සතුරන් ගැන බිය නොවීය. සාලයේ වූ සොපාවේ අසුන් ගත් මා ස්කයිප් එකට රින්ග් කලෙමි. එවිට ඇය අක්කා සමග කතාකරමින් නාන කාමරය පැත්තේ විය. ෆෝන් එක කනේ තියාගත් ඇය සාලයට පැමිණෙන හඬ මට ඇසින. සාලයට පැමිණ දුටු දසුනෙන් ඇය කෙතරම් පුදුමයට පත්වූවාද කිවහොත් ඇය පුටුවකට බරවූයේ නැත්නම් බිමට වැටෙනවා නොඅනුමානය.
මක් නිසාද යත් මෙයට මෙය දෙක තුනකට පෙර ඩුබායි උන් මනුස්සයා දැන් තමන් ඉදිරිපිට ඉන්න කොට කාටද පුදුම හිතෙන්නේ නැත්තේ........?
දෙවැනි කොටසට මෙතනින්.
තුන්වැනි කොටසට මෙතනින්
සිව්වැනි කොටසට මෙතනින්
පස්වැනි කොටසට මෙතනින්
සයවැනි කොටසට මෙතනින්
සත්වැනි කොටසට මෙතනින්
නමවැනි කොටසට මෙතනින්
වර්ගීකරණය:
ආදරකතා,
සිහින කුමරිය
Subscribe to:
Post Comments (Atom)
මට හිතෙන්නෙ දැන් තමයි කතාවේ තීරණාත්මකම කොටස කියල. කෝරලේ මහත්තය අවුරුදු 20, 21 කාලෙ පුදුම මිෂන් නෙ දීල තියෙන්නෙ.
ReplyDeleteහිකිස්....... නිකන් මිෂන් නෙවෙයි ළමයෝ කොමාන්ඩෝ මිෂන්ස්....... ලොල්.... :D
Deleteකෝරලේ මහත්තයා හොඳ වැඩ කාරයා කියල පේනවා මේකෙන්....
ReplyDeleteනිකන්ද කියන්නේ කෝරලේ මහත්තයා කියල නලින් අයියේ.......?
Deleteමරු හලෝ..........හි........නියමා.......යි....:)
ReplyDeleteහිකිස්...... තැන්කු නංගා. දැක්කද කෝරලේ ගොයියාගේ වැඩ? :)
Deleteෂැක්.. අපේ මනුස්සයත් මේ වගේ කලා නම් මෙලහට ළමයි දෙතුන් දෙනෙකුත් ඉන්නවා.. හි හි.. කොහෙද අම්මලා කැමති කරගන්න අවරුදු 10ක්ගියානේ... හි හි....
ReplyDeleteඔන්න අක්කේ ආදර්ශ. ගන්නවානම් ගන්න අපෙන්. :) මම නම් කවුරු හිටියත් නැතත් කවුරු කැමති උනත් නැතත් මට ඕනේ දේ මම කොරනවා.
Deleteඒක නම් ඇත්ත.. ඒ කරලාත් වැඩක් උන් නෑ අප්පා... අදටත් දෙගොල්ල නයි වෛරයි..
Deleteමෙහෙත් එහෙම තමයි අක්කේ අපේ අම්ම දැනටත් බනිත් එක්ක තරහයි.
Deleteඔන්න කොල්ලෝ...හොඳින් නම් හොඳින්...ගේමෙන් නම් ගේමෙන්...අන්න එහෙම තමයි ඉන්න ඕනේ...
ReplyDeleteතැන්කු වේවා! ලිහිණි අක්කේ. අනිවා, හොඳින් දෙන්නේ නැත්නම් නරකින් :)
Deleteමාර සිද්ධිනේ වෙන්නේ...
ReplyDeleteහරි සංකීර්ණයි ඈ....
කියල වැඩක් නැහැ තරියෝ මටත් පුදුමයි අදටත් මම කොහොම ඔලුව ගහගෙන හිටියද කියල
Deleteඑල ඈ
ReplyDeleteතැන්කු වේවා!
Deleteහම්මෝ..මෙයානම් අදහන්න වටින කෙනෙක් තමයි. ඉතුරු ටික අහන්න නොඉවසිල්ලෙන් බලා සිටිමි.
ReplyDeleteඅපි එහෙමයි. කෝරලේ මහත්තය කියන්නේ නිකන්ද සහෝ. අනිවා හැකි ඉක්මනින් ලියන්නෙමි.
Deleteමාර සීන් නේ?
ReplyDeleteහිකිස්... මෙන්න දම්මික පොලිටික්ස්..... :)
Deleteනියමයි... ඉක්මනට අනිත් ටිකත් ලියමු..
ReplyDeleteඅනිවා. :)
Deleteපපුව හීතල උනා. මම සංවේදී වැඩිද මන්දා. ඒත් කමක් නෑ
ReplyDeleteඉක්මන්ට ලියපන් යකෝ මහත්තයෝ.
හප්පට සිරි කිව්වලු... මේ අපේ රහස් පරීක්ෂක මකුළු තුමත් ඇවිත් ඉන්නේ. සාදරයෙන් පිලිගන්නවා මේ පැත්තට. නැහැ නැහැ වැඩියමත් සංවේදී නැහැ. ඉක්මනින්ම දාන්නම් කෝ ඊළඟ කොටසත්
Deleteoyage amma banita kemathi nethhe banige kriya kalapaya anthima hoda nethi nisa ne............paw ea...neda
ReplyDeleteහප්පට සිරි කිව්වලු මෙන්න කොන්දපන නැති ඇනෝ හිවලෙක් වලව්වට රිංගලා........ තමුන්ගේ මව්තුමියගේ ක්‍රියාපටිපාටිය ගැන හොයල බැලුවනම් නරකද?
Deleteමරු මරු මරු ... මම කැමතියි එක පාරටම නලුවා නිළියගේ ගෙදෙට්ට කඩාපාත් වෙන කථා වලට :D
ReplyDeleteහැබැයි ඉතින් මේක ටෙලි නාට්‍යක් කෙවෙයි ඇත්තම කතාවක්. මම තමයි ඉතින් නළුවා. ස්තූතියි වාසනා.
Deleteටෙලි නාට්ටි කථා ඇත්තට වෙනකොට තවත් මරු :D
Deletehikisss
Deleteඔන්න මමත් ඇවිල්ලා ගියා... ඉඩ තියෙන වෙලාවක මුල ඉදන්ම කථා පෙල කියවන්න බලන්නම්... කදිරා එහෙම මොකද පේන්න නැත්තෙ ?
ReplyDeleteහප්පේ ඉතින්....... ඉතින්.? සාදරයෙන් පිලිගන්නවා වලව්වට. නිවාඩු පාඩුවේ කියවන්නකෝ. ඉස්සර කදිරා දැන් පැන්සොන්. ප්ලේස් එක වෙකන්ට් කෙනෙක්ව හොයනවා. හිකිස්...........
Deleteහනේ අදත් කියන්ට තියෙන්නේ වෙනදා කියන ටිකමනේ... මුල ඉඳන් බලන්නම්... තරහා වෙන්ට එපා කෝරලේ මහත්තයෝ... මේ කෑල්ල විතරක් කියවලා වැඩක් නෑනේ... ඒකයි... ජය වේවා...
ReplyDeleteපිස්සුද අලුත් මලේ තරහ වෙන්න. ඔන්න ඔහේ නිවාඩු පාඩුවේ කියවලම කොමෙන්ටුවක් දාන්නකෝ.
Deleteඅඩෝ උඹ එල කොල්ලෙක් නේ පට්ට හිතේ හයියක් තියෙනවා බං උඹට.....
ReplyDeleteඑල එල කෝරලේ ඉක්මනට අනිත් ටිකත් ඉක්මනට ලියන්න :)
තැන්කු වේවා මඩයෝ. මෙහෙ මළගෙයක් වෙලා ඉතින් මේදවස් ටිකේ ලියවෙන එකක් නැහැ. මේ ප්‍රශ්න ටික ඉවර උනගමන්ම ලියන්නම් කෝ
Deleteඅදත් අාවා කථාෙව් ඉතිරි ටික බලන්න.ජය!
ReplyDeleteබොහොම ස්තූතියි ගයානි.
Deleteකථා ටික මුල ඉදන්ම එක ගැම්මට කියෙවුවා.. එතකොට මේක ඇත්තම කථාවක්ද...?
ReplyDeleteඉක්මනටම අනිත් කොටසත් දාන්න..
ජය වේවා..
සිරාවට වෙච්ච කතාවක්. මේ මගේම ජීවිත කතාව කියල කිව්වත් වරදක් නැහැ. කෑලි අඩුවෙන් ලියල තිබුනත් අතින් දාල ලියල නැහැ.
Deleteමරු මරු ඔහොම යං ඔහොම යං ..
ReplyDeleteඉතිරිය කියවන්න බොහොම කැමැත්තෙන් ඉන්නවා හොදෙ :)
බොහොම ස්තූතියි නිෂි.ඔයාලගෙන් ලැබෙන බැකප් එක නිසා තමයි මම ලියන්නේ. :)
Deleteමටත් ලස්සන ආදර කතාවක් තියෙනවා, කොටන්න වෙලාවක් තමයි නැත්තේ ! ඵල ඵල!
ReplyDeleteඉතින් ලියමුකො බලන්න. අපි ඉන්නවා ආසාවෙන් බලන්න.
Deleteමං මේ රිවස් එකට යන ගමන්...
ReplyDeletechandana
ඔහොම යං ඔහොම යං :)
Deleteහප්පට සිර් කිව්වළු.....2009 වලදි අපේ කෝරලේ ලොක්කා මාර මිෂන් එකකට නොවැ අත ගහල තියෙන්නේ.....!
ReplyDeleteනිකං හින්දි චිත්‍ර පටියක් බැලුව වගේ :D
ReplyDeleteඅයියෝ තව එකයි :(