Tuesday, 11 September 2012

සිහින කුමරිය. (පස්වැනි කොටස) ජීවිතය වෙනස් කල කතාවක්.

පළවැනි කොටසට මෙතනින්
දෙවැනි කොටසට මෙතනින්
තුන්වැනි කොටසට මෙතනින්
සිව්වැනි කොටසට මෙතනින්
      




මා මෙම සම්බන්දය ඇති කර ගැනීමට පෙර සිටම මෙම මීමුන් දෙදෙනා (මාමල) මෙම පවුලේ අනසක පතුරමින් සිටියේ සක්විතිරජුන් මෙනි. මොවුන්ගේ අදහස වූයේ බනියාගේ ඇති අසනීප තත්වය උඩ ඇය කිසිදා විවාහයක් කරනොගනී සහ කරගත්තද ඔවුන්ගේ පදයට නටන්නාවූ රූකඩයක් ඇයට කරකාර බැන්දීමටය. මා එම දින වල සිටි අන්දමට ඔවුන් මා ගැන සිතා තිබුනේද එම අන්දමින්ය. ඔවුන්ගේ නුවන තේරුම් ගැනීමට මා අප අතර වූ දෙබසක් මෙහි අකුරු කරන්නෙමි.
මාමා : මොනවද තමුන් ඔය කරනවා කියන ඩිග්‍රිය.
මම : කොම්පියුටර් සයන්ස් නේ
මාමා : ඕව කරලා කාටද හරි යන්නේ...... කරනවානම් කරනවා අර හොටෙල් කෝස් එකක් වගේ එකක් ඉහලට යන්න පුළුවන් ලංකාවේ කොම්පියුටර් කරන එකෙක්ට ගෙවන්නේ 7000 ක් 8000 ක් විතර
මම : නෑ....... එහෙමද?
මාමා : අනෙක තමයි මෙහෙ ඉන්න ඕනේ අපිට ඕනේ විදියට හරි......
මම : හරි මාමේ....


තවත් දේ වුවද ඒවා මෙහි සඳහන් කිරීමට සුදුසු නැති බැවින් ඔවුන් ගැන විස්තර කීමෙන් වලකිනවා. ලූලා නැති වලට කනයා පණ්ඩිතයා වන්නා සේ මොවුන් පිරිමියෙකු නැති පවුලේ අනසක පතුරමින් සිටියි. නමුත් මාගේ අරමුණට යාමටනම් අවස්ථානුකූලව නිශ්ශබ්දව සිටීම උචිත යැයි මට සිතින. මක් නිසාද යත් අප දෙදෙනාගේ සම්බන්දයට හිතවතුන් වැඩි වීමක් මිස හතුරන් අවශ්‍ය නොවූ බැවිනි.

එදිනට එලිවූයේ මසිතට මහත් වූ චකිතයක් ඇතිකරමිනි. මා සිතු පරිදිම අම්මා පැමිණි වෙලාවේ සිට හිස් මුදුනේ සිට දෙපතුල දක්කවා දෙහිකපන්නට වූයේ මෙම සම්බන්දය අතහරිනමෙන් ඉල්ලමින්ය. එම අවස්ථාවේදී මා පත්වූයේ මහත් අපහසුතාවයකටය. මක්නිසාද යත් මා හට අයටද විරුදු වීමට නොහැකි බැවිනි. සතියක් පමණ ය ලංකාවේ සිටි බැවින් මා හට බනි සමග කතා කිරීමටද සිද්දුවූයේ කඩින් කඩය ය නිවසේ නොමැති විටදීය. අයගේ ඔලුවට තවතවත් විෂ පොවන්නට මාගේ ආදරණීය අත්තම්මා (තාත්තගේ මව) නැන්දලා ඇතුළු පිය පාර්ශවයේ නෑයින් සමත් විය. (අම්මප ඔය වෙලාවට තමයි මට හිතෙන්නේ මරාගෙන මැරෙන  කොටියෙක්ටවත් කොන්තරාතුවක් දෙන්න) කෙසේ හෝ අම්මා  පිටත්ව ගියේ හැකිතරම් ඉක්මනින් මාව ගෙන්වාගන්නා බව පවසමිනි. එය තර්ජනයක්ද අහියෝගයක්ද අවවාදයක්දැයි තේරුම් ගැනීමට මට නොහැකි විය.කෙසේ හෝ එදිනට පසු නිතරම මහගෙදරින් මාගැන සොයා බලමින් දුරකථන ඇමතුම් ලබා දීම ගැනනම් මා සතුටුවූයේ නැත. එතැන් පටන් ලොකු අයියා පවා මාගේ නිදහසට සීමා මායිම් දැමුවේ ඔවුන්ටද ඉහලින් ලැබුණු ඕඩර් අනුව විය යුතුය.


බනි සමග නිදහසේ කතාකිරීමට අවස්තාවක් සොයමින් සිටි මට ලොකු මාමා ඔහුගේ නිවසට එනමෙන් පැවසුවෙන් වහාම එහි පිටත් වූයේ මගදී හෝ බනීට කතාකිරීමටය. මද වෙලාවක් එහි රැඳී සිටි මා මගට පැමිණ බනි සමග කතාකොට සියල්ල පැවසුවෙමි. ඇයද සිටින්නේ ශෝකයෙනි. මක් නිසාද යත් අප දෙදෙනාම මෙවැනි ප්‍රතිචාරයක් මා දෙමාපියන්ගෙන් බලාපොරොත්තු නොවූ බැවිනි. කෙසේ හෝ එම ඇමතුම අතරතුර ලොකු අයියා කතාකොට ඔහු ගෙදර එන බවත් හැකි ඉක්මනින් ගෙදර එන ලෙසත් පැවසුවෙන් මා හැකි තරම් ඉක්මන් කොට යාමට පටන් ගත්තෙමි. නමුත් මාගේ වේගය බාල වූයේ ඉදිරියෙන් යන්නාවූ බස් රිය නිසාවෙනි. එයට ඉස්සර කොට ඉදිරියට ගිය මා බලපිටිය නගරයට ආසන්නව සිටියහ. පිටුපසින් පැමින්නාවූ බස් රියද මා සමග කරට කර එන නිසා බයිසි මොටෝවේ වේගය තවත් වැඩි කරෙමි. 



එය සිකුරාදා දිනයක් වූ බැවින් මුස්ලිම් පල්ලි වැඳීමට යන පිරිස් මග දෙපස විය. බලපිටිය පල්ලියට ආසන්නයේදී පොඩි ළමයෙක් පාර පැනීමට ගොස් නැවත පිටුපසට පැන්නෙන් ඔහුව බේරීමට මම බයිසිකලය පාරෙන් ඉවතට ගත්තෙමි. නැවත එය තාර පාරට දමාගැනීමට ගිය විට තාර ගැට්ට හේතුවෙන් එය අසාර්ථක වී බයිකලයේ පාලනය නැතිව යන බැවින් මම බ්රේක් ගැසුවෙමි. කලබලයට මම තද කලේ ඉදිරිපස තිරිංග බැවින් පල්ලියට යමින් සිටි මුස්ලිම් මසුස්සයෙකුද පෙරලාගෙන ඔහුගේ ඇඟ උඩට වැටුනේය.




 මාගේ දකුණු අත ප්‍රදේශය රිදුම් දුන් බැවින් එදෙස බැලු මට දැකගත හැකි වූයේ කළු ගලක් මගේ වැලමිට ප්‍රදේශයේ ඇනී ඇති බවය. නැගිට ගැනීමටවත් මා හට නොහැකි විය. ජරමර අස්සේ බරකරත්ත කිව්වාක් මෙන් අර මනුස්සය වැටි තිබුනේ සරමත් කඩාගෙනය. පාරේ උන්නවුන් පන්ති යමින් සිටි ගැටිස්සියන් පිරිසක්ද සිනාසීමට පටන්ගත් බැවින් ඔහු විගසින් සරමත් අහුලාගෙන නැගිට එතනම තිබු අතුරුපාරකින් හැරී යන්නට ගිය පසු එතන සිටි වුන් පැමිණ මාව නැගිටුවා. බයිසිකලයද ගෙන ඒ හරියෙම තිබු ඩිස්පෙන්සරියකින්  බෙහෙත් දම්මවා පිටත් කර එවීය. ඒ මොහොතේ මා බයවී සිටියේ රියදුරු බලපත්‍රයක් නැති බැවිනුත් පාරේ අයිනක ගිය මනුස්සයෙක්ව හැප්පීමෙනුත් ඔවුන් මා පොලිසියට භාර දෙනු ඇත කියාය. 

ගෙදර පැමිණි පසු ලොකු අයියගේ කාලීන දර්ම දේශනය පටන් ගත්තේ කනට නිවනක් නැති කරමිනි. යකෝ මම ආයුදයක් තිබුනත් ඔය හරියෙන් යන්නේ භයෙන්. පොලිස් කාරයොත් ඔය පැත්තට තනිවම යන්න භයයි. බලපිටියේ මිනිස්සු කියන්නේ හරිම භයානක පොරවල්. උඹේ වෙලාවටද කොහේ අර මිනිහගේ සරම කැඩුනේ නැත්නම් ඒ මිනිහ යන එකක් නැහැ. උඹට අල්ලාගෙන නෙළයි ඇක්සිඩන්ට් උනාට හපන් වෙන්න. අනෙක ලයිසන් නැහැ. උඹට කිව්වා වාහනේ ගියත් බයිසිකලෙන් යන් එපා කියල පදින්න දන්නෙත් නැතිව හරියට බැරි වැඩ නොකරන් කබරෝද මොකක්ද මන්ද කියල තමයි කිව්වේ. කෙසේ හෝ එය අපේ ගෙදරට දැන්වූ පසු මා ආදරණීය පියතුමා පැවසුවේ. ලොකු පුතා ඕකාට වාහනේක යතුරක් නෙවෙයි අල්මාරියක යතුරක්වත් අහුවෙන්න තියන්න එපයි කියාය. (කොහොමද මගේ ඩ්‍රයිවින් :P) 

කෙසේ හෝ එදින මා බනීට කතාකොට එය පැවසුවෙන් ඔවුන් ඒ විගසම පැමිණීමට සූදානම් විය. නමුත් පසුදින එහි එන පොරොන්දුව මත ඔවුන් නවතාගනීමට මට හැකි විය. ලොක්කාගෙන් ගානක් කඩාගත් මා පසුදින පාන්දරම බනීව මුණගැසීමට අයගේ නිවසට පැමිණුනේය. දවල් වන්නට බනීගේ මව තුවාලය වෙලා තිබු බැන්ඩේජ් එක අයින් කල පසු තුවාලයේ ප්‍රමාණය දැක මා හට විහිලු කරනන්ට විය එය එතරම ලොකු තුවාලයක් නොවූ බැවිනි. නමුත් මුළු අතම මගේ රිදුම් දෙමින් පැවතින.

කෙසේ හෝ බනීගේ මාමලාට ප්‍රශ්නය වූයේ මම නැවත රට නොයාම පිළිබඳවයි. බනීගේ මවද රට යාමට සූදානම්ව සිටියෙන් ඔවුන් පැවසුවේ. අක්කේ අක්ක යනකන් මෙයා යන්නේ නැති පාටයි. අලුතෙන් ගන්න විස එකකුත් ඉක්මනින් ගන්න පුලුවන්නම්. මේ ස්ටුඩන්ට් වීසා එකක් ගන්න මෙච්චර කල්යනවද කියාය. එවිට මා පිළිතුරු වශයෙන් කීවේ. ඇය විදේශගත වීමට දිනකට හෝ පෙර මා ලංකාවෙන් පිටව යනවා කියාය( වෙන මොනවා කියන්නද) මේ වන විට මාගේ මානසිකත්වය බින්දුවටම බැස තිබිණ. අප පවුල්වලින් පැමිණෙන බලපෑමත් ඊටත් වඩා බනීගේ මාමල එල්ලකරන්නාවූ අනුම්පදත්. ගැරහිලිත් මාව සෑහෙන දුරට පසුබස්සවා තිබිණ. මාගේ කේන්තිය ගැන දන්නා මටම මෙවිට පුදුම සිතුනේ පෙර දිනක  කෙනෙක් මෙවන් දේවල් කිව්වෙනම් ඔවුන්ට අත්වෙන කල ගැනය. නමුත් මා මාගේ කේන්තිය පුළුවන් තරම් තදකරගෙන සිටියේ මාගේ ජීවිතයේ අනුගමනය කරන්නාවූ න්‍යායක් හේතුවෙනි. දැන් ඔයාලට තියෙන ප්‍රශ්නේ මොකක්ද ඒ කියන එකනේ. ඒ තමයි මහත්මා ගාන්ධි න්‍යාය. ඒ යමෙක් ඔබගේ දකුණු කම්මුලට ගැසුවොත් වම කම්මුලත් ඔහුට පාන්න යනුවෙනි. හ්ම්ම්ම්.......... හැබැයි ඒකටත්  ගැහුවොත්, කරන දේ මහත්මා ගාන්ධි පවසා නැති බැවින් අන්තිම කොටස මා විසින් සංශෝදනය කොට භාවිත කරමි. එයනම් දකුණු කම්මුලට ගැසුව එකා ඔබේ වම් කම්මුලටද ගැසුවොත්  නැවත හැරී මෙන් මේ අන්දමට ඔහුට සලකන්න කියාය.




යම් දඩයක්කාරයින් හට සතෙකු එලාගැනීමට  සමහර විට දිනගණන් බලා සිටීමට සිදුවේ. එබැවින් එය මාගේ සිතට අවභෝද  කර දී මේ නෑයින්ට රිදෙන්නට යමක් දීමට කාලය මටත් පැමිණෙන බැවින්. එතෙක් ඉවසා සිටීමට තීරණය කලෙමි. මක් නිසාද යත් මමත් පෘතක්ජන මනුස්සයෙකු බැවින් පළිගැනීමේ චේතනාව මටත් පහළවන බැවින්ය.


ඔවුන් විසින් සඳහන් කල මා සිතට  ගත් තවත් දෙයක් නම්. දිනක් පන්සල්  ගොස් පැමිණෙන විට බනී දාඩියයි කියා පැවසුවෙන් ඒ පුද්ගලයා පැවසුවේ කොහෙද උඹත් ඉඳල ඉඳල යාලු උනේ වාහනයක්  තියා බක්කි කරත්තයක් වත් තියෙන එකෙක් එක්කයැ. රස්සාවක් නැති. වාහනයක් නැති එවුන්ට කෙල්ලෝ දෙනවද අම්මපා........... එය මා අදටත් මා සිත පතුලේම තැම්පත් කරගත් වචනයකි. 

එම කාලය ඇතුල තුල මා බනීට පැවසු යම් කාරණා කිහිපයක් විය. එනම් අපේ සම්බන්දෙට ගෙදරින් කැමැත්ත ගන්නවා. අනෙක මම අයව කිසිදා අතරමං කොට දමායන්නේ නැති බව සහ දැන් අපිව පාගන් ඉන්න අයට කවදා හෝ ඔවුන්ගේම ක්‍රමයට පිළිතුරු ලබාදෙන බවත්ය. කෙසේ හෝ මා හට වීසා ලැබුණෙන් ලංකාවෙන් පිටත්ව පැමිණියෙමි. මා එද්දීත් බනීගේ දෑස තෙමි ඇති බැවින් එය කිසිසේත්ම මට උහුලාගත නොහැකි විය. ඇයව සනසා ඇයවත් ගෙන්න ගන්නා බව පවසා මෙහෙට පැමිණියේය. 





දෙවැනි කොටසට  මෙතනින්.
තුන්වැනි කොටසට මෙතනින්
සිව්වැනි කොටසට මෙතනින් 
සයවැනි කොටසට මෙතනින්
සත්වැනි කොටසට මෙතනින්  

අටවැනි කොටසට මෙතනින් 
නමවැනි කොටසට මෙතනින් 


43 comments:

  1. මෙච්චර කාලයක් මං කෝරලේ වලව්වට ආව ගියාට මොකද අද තමයි මුලින්ම කමෙන්ට් එකක් දාන්නෙ. කතාවෙ ඉස්සරහට වෙන්නෙ මොකද කියල දැනගන්න ලොකු කුතුහලයක් තියනව. ඉතිරි කොටස එනකන් බලන් ඉන්නෙ හොඳේ...

    ReplyDelete
    Replies
    1. පුළුවන් තරම් ඉක්මනට දානවා බොහොම ස්තූතියි සහෝ කොමෙන්ටුවට

      Delete
  2. බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා .....

    ReplyDelete
  3. කෝ මේකගේ කෝරලෙ පෙනුමක් වත් නෑ නේ.... මං හිතුවා බස්තමත් අරන් යන්නැති කියලා බනියගේ මාමල දෙන්නගේ අඩු කඩන්න.. හි හි...

    ReplyDelete
    Replies
    1. කතාවේ අන්තිම නම් මට පොඩ්ඩක් උඩින් පෙනුනා.. කමක් නෑ කමක් නෑ.. කියාගෙන යමුකෝ...... හි හි...

      Delete
    2. හේ හේ බස්තමක් අරන් ගියේ පස්සේ ඒ දවස් වල රාජකාරි මට්ටමින් පත්වීම හම්බ වෙලා තිබුනේ නැහැනේ. එතකොට හිටියේ ටෙම්පොරරි නේ :D ඉදිරි කොටස් වලින් අපි බලමුකෝ හිතන් හිටිය විදිය හරිද කියල

      Delete
  4. මෙහෙමත් මාමලා...ඉතුරු ටිකත් කියමුකෝ බලන්න

    ReplyDelete
    Replies
    1. හිකිස්......... මාමල නෙවෙයි මීමල.............

      Delete
  5. මමනං ඔච්චර ඉවසන්නෑ (ඔවැනි අත්දැකීම් මටද ඇත , මම නං ඒ වේලාවේම ගූ කරලා දැම්මා )

    ReplyDelete
    Replies
    1. අටම් අයියේ මම ඉතින් බිව්වේ ඇල්වතුරත් නිවලනේ...... ආව කේන්තියට බිත්තිවල හයිය බලපුවාට තාමත් අත රිදෙනවා. ඔන්න ඔහේ අයියගේ අත්දැකීම් ටිකත් ලියල දාන්න කෝ

      Delete
  6. ඉවර කරලම කියන්නකෝ

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්ම් තව කොටස් 10ක් විතර...............

      Delete
  7. 'ඒ තමයි මහත්මා ගාන්ධි න්‍යාය. ඒ යමෙක් ඔබගේ දකුණු කම්මුලට ගැසුවොත් වම කම්මුලත් ඔහුට පාන්න යනුවෙනි. හ්ම්ම්ම්.......... හැබැයි ඒකටත් ගැහුවොත්, කරන දේ මහත්මා ගාන්ධි පවසා නැති බැවින් අන්තිම කොටස මා විසින් සංශෝදනය කොට භාවිත කරමි. එයනම් දකුණු කම්මුලට ගැසුව එකා ඔබේ වම් කම්මුලටද ගැසුවොත් නැවත හැරී මෙන් මේ අන්දමට ඔහුට සලකන්න කියාය.'

    - මේ ටික තමා නියමම සහ මම කැමතිම.හී හී..:)
    හච්චෝ හච්චෝ..:)
    බයික් වැඩ නම් අම්මෝ.........:)

    ආ..මම පරණ කමෙන්ට් එකක දාල තිබුනා තව කතාව දිගද අහල..අනේ ඒ මගෙ කාලේ යනවට නෙවෙයි හලෝ..මට ටක් ගාල අමතක වෙන නිසා :)
    කොහොමත් මම කැමැත්තෙන් කියවන්නේ :)

    ඔබට ජයෙන් ජය සහෝ :)

    ReplyDelete
    Replies
    1. හේ... හේ.... තැන්කු.... තැන්කු... නංගා....... ඔයාලවගේ හිතවත් පිරිසක් මා වටා ඉන්න එක මට ලොකු හයියක් එකෙන්ම.

      Delete
  8. ඔන්න කෝරළේ මහත්තයෝ මම ආවා.පිපාසාවට ඔළුවට යමක් කෑමට ගොඩවදින්න කියාපුම තැනක්නේ. දැන් දිගටම ගොඩවදිනවා.මේ වෙලාවෙ මම වෙන කටයුත්තක යෙදිල හින්ද නිවාඩු පාඩුවෙ රාත්තිරියට වලව්වේ හැම මුල්ලකම රංගල බලංඥං අවසර....

    ReplyDelete
    Replies
    1. ඒකට කාරියක් නැහැ දරුවෝ ඔන්න ඔහේ ඇඳිගත්තනම් හත් අටපොලකින්ම

      Delete
  9. මේකේ අවසන් කොටස කියවනකම් මට ඉස්පාසුවක් නැහැ

    ReplyDelete
    Replies
    1. හේ හේ :) මලේ ඉවසීමෙන් සැනසීම ලැබේ.

      Delete
  10. මේකතාවට දාගෙන තියෙන පිංතූර ටික කතාවට කිසිදු සම්බන්ධයක් නැතත් අපූරුවට ගැලපෙනවා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දයානන්ද මහත්තයෝ. මුල්ම පින්තූරේ තමයි මම ආසම වැඩියෙම ගැලපෙන එක.

      Delete
  11. ඉතුරු කොටසත් දෙන්න කෝ.. බයික් ඒකෙන වැටිලා මමත් හිටියා මාස තුනක් විතර කකුල නවන්න බැරුව. ඊක ගැන පොස්ටුවකුත් ලිව්වා.

    \\ඕකාට වාහනේක යතුරක් නෙවෙයි අල්මාරියක යතුරක්වත් අහුවෙන්න තියන්න එපයි කියාය//.... :D

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් නිවාඩු පාඩු වෙලාවක් අල්ලලා බලන්න ඕනේ. අයියෝ බයික් නම් එපා වෙලා ඉන්නේ හයියෝ...........

      Delete
  12. පට්ට පට පට කිව්වලු
    යකෝ කෝරලේ මහත්තයෝ තෝ මේ අහිංසක මාව දඩුකදේ ගහන්න හදන්නේ ඔය නසරානි මමිලා දෙන්නා අල්ලලා දඩුකදේ ගහපියකෝ ;)
    ඉතුරු ටිකත් ඉක්මනට ලියන්න.කෝරලේ හාමිනේත් ඇවිත් තියෙන්නේ බ්ලොග් එක පැත්තේ :P

    ReplyDelete
    Replies
    1. එසේ කිව්වේ හිනහව නවත්වගන්න බැරි උන නිසානේ බොලව්. මාමලාට දුන්නේ ඊට වැඩ ලොකු ගේමක්. කොරලේහාමිනේටත් වැඩක් නැහැනේ අම්මප.:D

      Delete
    2. ආහ ඊට වැඩිය ලොකු ගේමක් දුන්න නම් කමක් නෑ..

      Delete
  13. ලියමු ලියමු දිගටම...

    ReplyDelete
  14. ලස්සන ආදර කතාවක් නොව කෝරලේ මහත්තයටත් තිබිල තියෙන්නේ .....
    හොඳා හොඳා ඉක්මනටම ඉතුරු හරියත් ලියමු නේද ???
    අද තමා වලවුවට ගොඩවැදුනේ ඕන්න..,එක හුස්මට කියෙවුව කතාවම ,
    හරිම අපුරුයි නොවැ......

    ජය ශ්‍රී !!!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි අගය කිරීමට. ඔන්න එහෙනම් සාදරයෙන් පිලිගන්නවා වලව්වට

      Delete
  15. digatama liyamu balanna denna epay mamata

    ReplyDelete
    Replies
    1. දුන්නා දුන්නා ඇප නැති වෙන්න දුන්නා ඒවා ඉස්සරහට

      Delete
  16. කිවුවට මොකෝ,කෝරලේ මහත්තයෝ,මම අද තමයි, ඕන් මේක කියෙව්වේ, අපරාදේ කියන්න බෑ..පංකාදු පහයි. බලමුකෝ ඉතුරු ටිකත් කියවල...

    ReplyDelete
    Replies
    1. හෙ. හෙ. හෙ. හොඳයි හොඳයි ඔහොම කියවන් යමුකෝ.

      Delete
  17. කොරළේ මහත්තයෝ ඔයාට හොඳාටම ෂුවර්ද අර කම්මුලට ගහන කථාව කිව්වේ ගාන්ධි තුමා කියලා... :O මොකද මම නම් අහලා තියෙන්නේ ඒක ජේසු තුමා කිව්වායි කියලා. ඒක බයිබල් පාඨයක් නොවෑ...

    නියමෙට ලියලා තියෙනවා මරු කථාව.. මාමලා දෙන්නා තමානේ අප්සට්... හි:) හි:) ඉතිරියත් කීයවන්ම එන්නම්කෝ,,,

    ReplyDelete
    Replies
    1. මේකනේ සහෝ ඕක ගාන්දි තුමත් කියලා තියනවා එක ගොඩක් දන්නේ ඉන්දියන් ය විතරයි. ජේසු තුමා කියන්නේ ආගමික නායකයෙක් මගේ ආගමේ නොවුනත් මම ගරුකරනවා. ආගම කාගේත් එකයි (අන්තවාදීන් නම් මට පෙන්න බැහැ මොන ආගමේ උනත්) ඉතින් මේ වගේ විහිලු කතාවකට ජේසු තුමා වැනි කෙනෙක්ව සම්බන්ද කරන එක හොඳ මදියි. ගාන්දි කියන්නේ ප්‍රසිද්ධ උනත් සාමාන්‍ය මනුස්සයෙක්

      Delete
  18. මෙන්න කොල්ලෝ... :D

    ReplyDelete
  19. යුදධයක් වේන්න වගේ .... හෆොයි....25ක කොල්ලෙකුට තනියම ඔච්චර දෙයක් කරගන්න පුළුවන්ද...?(අනෙක තාමකැම්පස් යන....?
    o O'.....)

    ReplyDelete
  20. මමලත් එක්ක කේන්තියි මටත් දැං නං >_<

    ReplyDelete

ඔයාල කොම්මෙන්ට් එකක් දාන්න වැය කරන තප්පර ගානත් ඔයාලට වැදගත් කියල මම දන්නවා එත් ඔයාලගෙන් අදහසක් මේ පිළිබඳව ලැබෙනවා කියන්නේ මට ඉදිරියටත් ලියන්න හොඳ මොර්ටිවේෂන් එකක් ලැබෙන එක. ලියන්න කල් මදිනම් තිතක් තියල යන්න එතකොට මම දන්නවා ඔබ මෙය බැලු බව. ස්තූතියි.........

Related Posts Plugin for WordPress, Blogger...