Saturday 21 September 2013

මට Pizza Hut එකක් කන්න ආසයි බං. එද්දී අරන් වරෙන්කො...



ඔන්න ගියපාර මම ලියුවේ දේවතා එලි පොස්ටුවේ ඇතිවෙලා තිබුණු ගැටලුවට පිළිතුරු දුන් සියලු දෙනාටම ස්තූති වන්ත වන අතරම. තරුණ උදවිලගේ ආතල් කේස් දාලම හරියන්නේ නැති නිසා මම තීරණය කොලා වයසක ආතල් එකකුත් දාන්න. හික් හික් හික් ඔන්න මේ කතාව දිග හැරෙන්නේ අපේ බනියගේ පුංචි ආච්චි ගැනයි. මතක ඇතිනේ සිහින කුමරිය කියවපු අයට නැත්නම් මෙතනින් බලන්න. 

ඉතින් මේ ආච්චි උපතින් බෞද්ධයෙකු උනාට පසු කාලීනව පෙන්තකොස්ත නම් ආගම වැළඳගෙන තියෙනවා. ආගම ගැන අඳ භක්තියෙන් කටයුතු කල මේ ආච්චි තමන්ගේ ඇසිලින් කියන නමත් වෙනස් කොරලා විනීතා කියන නම දාගෙන තියෙනවා (නීත්‍යානුකූලව නෙවෙයි කට වහරට) ඉතින් මේ පල්ලියට එන උදවිය වැඩිපුර කතාකරන්නේ ඉංග්‍රීසි වලින් තමයිලු. ඉතින් මේ ආච්චිටත් හිතුනලු මෙච්චර කඩුව වනන සෙට් එකේ ඉන්න කොට තමනුත් නිකන් ඉඳල හරියන්නේ නැති බව. ඉතින් මුන්දැත් දැන් ඉංග්‍රීසි ඉගෙන ගන්න ෆුල් ට්‍රයි එක දෙනවලු.

කඩුවෙල ප්‍රදේශයේ ගුරුවරයෙක් ලඟටත් ගියාලු ඉංග්‍රීසි ඉගෙන ගන්න. ඉතින් මේ ආච්චිට ගුරුතුමා උච්චාරණය උගන්වන්න උත්සහ කරන අවස්තාවක තිබුනලු Pizza කියන වචනය 

ගුරුතුමා: මේ වචනය ශබ්ද කරන්න ආච්චියෙ පිට්සා කියලා කියන්න බලන්න .

ආච්චි : පිස්සා......

ගුරුතුමා: පිස්සා නෙවෙයි පිට්සා කියල තමයි මේක ශබ්ද වෙන්නේ      

ආච්චි : පිස්සා.......... පිස්සා....

දැන් ගුරුවරයාගේ ඉවසීමේ රතු කට්ටත් පැනගෙන එනවලු.

ගුරුතුමා: දැන් මේ අවසාන වතාව කියන්නේ මම කියන්න බලන්න පිට්සා කියලා 

ආච්චි : පිස්සා....
ගුරුතුමා:  කවුද..... වචනේ හරියට කියාගන්න බැරි ආච්චිද . එහෙම නැත්නම් ආච්චිට උගන්වන්න භාර ගත්තු මමද?

පන්තියේ සිනහා................ එදා වෙච්චි ඒ සිද්දියෙන් පස්සේ ආච්චි තීරණය කලාලු ඒ පන්තියේ ගුරුතුමා ඉංග්‍රීසි නොදන්නා බැවින් පන්ති යාම නවතා දමන්නට. 

ගෙදර ඇවිත් තමන්ගේ පුතාවෙන බගාට කියනවලු මට පිස්සා හට් එකක් කන්න ආසයි බං අද හවස උඹ වැඩ ඇරිලා එද්දී අරන් වරෙන් කියලා. 

අයියෝ Pizza..................... 





ආ...... හොඳම හරිය ලියන්න මතක් උනේ දැනුයි. මර්ලින් හිතවාදී මන්තර කාර ජනතාවට සංවේගයෙන් දැනුම් දෙන වගනම් මර්ලින් සීසන් පහෙන් ඉවර වෙන බවත් අන්තිම මොහොතේ මර්ලින් මායා කරුවෙකු බව ආතර්ට අනාවරණය වෙන බවත්. මෝඩ්රෙඩ් ගේ කඩු පහරින් ආතර් මියයන අතර මර්ලින් පිටුපසින් එල්ල කරන කඩු පහරකින් මෝගානාගේ දිවි තොරවී යයි. අවසානය ඉතාමත් සංවේදි වන අතර. මෝගානාගේ දිවි තොරවීම පිලිබඳ කනගාටුවට පත් මාරයා. (වෙන අවුද බං මේ අපේ මඩ චක්‍රවර්ති කුකරි විශාරද මාර තුමා මිසක්) ජිවිතයේ කිසි දිනක විවාහ නොවන්නටද අනගාරික දිවියක් ගතකරමින් නාගරිකව ජීවත් වන්නටද, සතියක් නොකා නොබී ඉන්න බවට ප්‍රතිඥා දී ඇත. වැඩි දුර විමසීම් මාරයාගෙනි.


දයාබර මෝගානා උපදින ආත්මෙක මාරයාගේ වී මර්ලින්ගෙන් තොර දුර ඈත රටක ඉපදීමට වාසනාව ලැබේවා. මෙයට ශෝකයට පත් කෝරලේ මහතා සහ වලව්ව.







38 comments:

  1. පිස්සා හට් එකක් උනත් කන්න හැකියි ලංකාවේ ඒවා නොවේනං...

    කව්ද බං මර්ලින. කව්ද මෝගනා.. මට නං විකාරයි මේ ළමයින්ගේ වැඩ වලට..(ආචිචි කිව්වයි කියලම හිතාගං පන්තියේද මේ ටික)

    ReplyDelete
    Replies
    1. ඇයි අර හිරු TV එකේ රෑට රෑට යන කතාව. මාරයා තමන්ගේ සිතැඟි ප්‍රකාශ කොරල තිබුනේ මෙන්න මේ විදියට

      මාරයාගේ දුක

      සුදු කොඩිත් දාලා

      Delete
    2. කව්ද දන්නේ ඔව්වා

      Delete
    3. ලින්ක් දෙක බැලුවද?

      Delete
  2. ඇත්ත නෙව පිට්සා හට් එකක් කන්න ආසයි නේන්නම්... මටත් මර්ලින් කතාව නම් තේරුම් ගියේ නැහැ ...

    ReplyDelete
    Replies
    1. හික් හික් හික් උඩම කොමෙන්ටුවේ දේශකයාට දැම්ම තැන මම ලින්ක් දෙක දීලා තියෙනවා අපේ මාරයාගේ සෝකයට හේතුව දාලා. ගිහින් බලන්න

      Delete
  3. ආච්චිලට විතරක් නෙමේ,එක එක ඒවා ඉක්මනින් වැළදගන්න හදන තරුණ කොටස් වලටත් ඔය ඇම්ම නිසා ටැපැලෙන වෙලාවල් හුගක් තියෙනව.

    ReplyDelete
    Replies
    1. හික් හික් හික් එකනම් ඇත්ත............ එන හැම කුනුගොදටම කරගහන්න යන එකෙන් වෙන්නේ තියෙන තැනත් නැතිවෙන එක

      Delete
  4. අපි අද පරණ කතා ලියනවා වගේ උබලට ලියන්න වෙන්නේ මේ කතා තමයි අනාගතේ.. එතකොට ළෝකේ මොන වගේ තියෙයිද කියලා හිතා ගන්නත් බෑ..

    ReplyDelete
    Replies
    1. අපි අද කියෙව්වට ඒ කාලේ වෙද්දී කියවන එවුන් ඉඳීවිද දන්නේ නැහැ

      Delete
  5. Replies
    1. හප්පේ හසරැල් දැකපු කල් කොහෙද බොලව් වහන් වෙලා හිටියේ?

      Delete
  6. අනේ මං නම් දන්නේ නෑ ඔය අලකලංචි!

    ReplyDelete
    Replies
    1. නාඩියා පොඩි එකා කුක්කු පැටියා...........

      Delete
  7. මම හයේ පන්තියේ ඉන්න කාලේ දවසක් ඉස්කෝලේ ඇරිලා හවස සෙල්ලම් එහෙම කරලා එනගමන් මගේ පන්තියේ හිටිය බර්ගර් ජාතික යාළුවෙක් කිව්වා අර මිනීපෙට්ටි කඩේ මුදලාලිගේ නෝනා කොෆින් coffin කියලා කෑම ජාතියක් හදනවා හරිම රසයි ආ ඉඳා සත 25 ක් මේකෙන් අරන් වරෙන් කියලා. ඒ කාලේ මම දන්නේ නැහැ කොෆින් කියන්නේ මොකක්ද කියලා. ඉතින් මම මිනීපෙට්ටි කඩෙන් ඉල්ලුවා කොෆින් සත 25 ක දෙන්න කියලා. මුදලාලි මහා හයියෙන් හිනාවෙලා යනවා ළමයා යන්න කිව්වා. මට එතකොට තමයි තේරුනේ අරූ මොකක්හරි මගෝඩියක් කරා කියලා. ආපහු හැරිලා බලනකොට ඌ ආගිය අතක් නැහැ.

    ReplyDelete
    Replies
    1. විචාරක මහත්තයෝ යාළුවා කරලා තියෙන්නේ විහිළුවක් උනත් නොදන්නා කෙනෙක් අපහසු තාවයකට ලක් කිරීම මම නම් අනුමත කොරන්නේ නැති වැඩක් මහත්තයෝ..........

      Delete
  8. හයියෝ... කෝරලේ මහත්තයගෙ ආච්චී
    .........

    ReplyDelete
  9. පිස්සු හට්!

    මගේ ගෝලියකුත් හිටියා බං ඔය පෙන්තකෝස්ත නිකායේ. අසනීපෙකට බෙහෙත් ගන්න එකත් වැරදිලු. පැනඩෝල් පෙත්තක්වත් බොන්නේ නෑ මැරෙන්න ගියත්

    ReplyDelete
    Replies
    1. පිස්සෝ තමයි අයියේ......... මෙහෙ ඉන්න උපතින්ම කැතලික් ක්‍රිස්තියන් උදවියත් බනිනවා ඔය පෙන්ත කොස්ත අයට පලු යන්න බයිබල් කාරයෝ කියල කිසිම ප්‍රැක්ටිකල් නැති දේවල් තමයි උන්දලා කරන්නේ.

      Delete
  10. //ආගම ගැන අඳ භක්තියෙන් කටයුතු කල මේ ආච්චි තමන්ගේ ඇසිලින් කියන නමත් වෙනස් කොරලා විනීතා කියන නම දාගෙන තියෙනවා//

    මට හිතෙන්නේ ඇසිලින් කියන එක ආගමේ නමක් වගේ, විනීතා කියන එකට වඩා...කෝරළේ අනික් පැත්තට ලියලා වද්ද?:)

    ReplyDelete
    Replies
    1. ඇසිලින් කියන නම පොඩ්ඩක් පරණ ටයිප් නේ අක්කේ. අපි නම් නිකන් කියන්නේ ඇසිලියා කියල ඉස්සර මම තරහ නිසා. පොඩ්ඩක් මෝඩ් වෙන්න තමයි විනිතා කියලා දාගෙන තියෙන්නේ.

      Delete
  11. යකෝ ආච්චි හරිනෙ බලාගෙන යනකොට. අර වචනෙ කොහෙද ටී අකුරක්.

    මටත් ඔය මර්ලින් කේස් එක මඤ්ඤං වෙලා තිබුනෙ කොහේ තියෙන එකක්ද කියල. මොකද අපිට ඔය ටීවී පේන්නෙ නෑ.

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා අයියේ ඔන්න ඔහොමයි මට කතාව කිව්වේ මමත් ඒ විදියටම ලියුවා.

      මම උඩම කොමෙන්ටුවේ දේශකයට පිළිතුරු ලෙස ලින්ක් දෙක දාලා තියෙනවා. ගිහින් බලන්න

      Delete
  12. පව් අප්ප ආච්චි. මාත් හෙන ආසයි පීසා කන්න.දුන්නොත් හට් එකක්ම කනවා. :D

    ReplyDelete
    Replies
    1. මමත් ඉතින් ආසයි අප්පා............. :)

      Delete
  13. ආච්චිගේ පිස්සා නිසා ඉංග්‍රීසි එතනින් ඉවර වුනා.. තවත් ඉගනගත්තානම් මොනව කියයිද මනිදා. ඒත් ලංකාවේ තමයි ඉංග්‍රිසි වැරදුනාම හිනාවෙන්නේ. සුද්දෝ එහෙම නෑ.

    කොහොමද අර මර්ලින් ‍විකාරේ මෙතෙන්ට සෙට් වුනේ..

    ReplyDelete
    Replies
    1. හත් ඉලව්වයි.......... එහෙම උනානම් ලංකාවේ ඉන්න නෙවෙයි.

      මර්ලින් එකේ මොගානා කියන්නේ මාරයාගේ පෙම්වතිය නේ........ හිකිස්.....

      Delete
  14. කවුද ඕඩර් කලාලු නේද මට පීසා හට් එකක් දෙන්න කියලා...

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම් මමත් ලාවට වගේ අහල තියෙනවා ඔය කතාව

      Delete
  15. ඔය පෙන්තකොස්ත කතන්දරේ නිසා බෙහෙත් නොගෙන අපි දන්න කියන පවුලක්ම විනාශ උනා.ආගම් විරෝධයක් නෙමේ හොඳේ. හැබැයි මේක බෙහෙත් නැති ලෙඩක්.විනිතාට ඇසිලින් වෙන්න කියපන්.

    ලංකාවේ ඉස්සෙල්ලාම Pizza හැදුවේ 1984-1985 වසරේ Hotel Lanka Oberoi එකේ. මේ සඳහා විශේෂිත අවන් එකක් ආනයනය කලා. Pizza margheritta & Pizza carbonnera තමයි මුලින් හඳුන්වා දුන්නේ. එය එතරම් සාර්තක උනේ නැහැ.නිකන් ලිව්වේ කාටත් දැණගන්න.

    ReplyDelete
    Replies
    1. විස්තරේ නම් බොහොම වැදගත් ස්තූති වන්ත වෙනවා ඒ පිළිබඳව දැනුවත් කලාට. ඔය මිත්‍යා පස්සේ දුවන්නේ මොලේ නැති නූගත් මිනිස්සු.

      Delete
  16. අපේ එකෙකුත් ඔය කතාවම කිව්ව බං. අදටත් ඌට නිවනක් නෑ

    ReplyDelete

ඔයාල කොම්මෙන්ට් එකක් දාන්න වැය කරන තප්පර ගානත් ඔයාලට වැදගත් කියල මම දන්නවා එත් ඔයාලගෙන් අදහසක් මේ පිළිබඳව ලැබෙනවා කියන්නේ මට ඉදිරියටත් ලියන්න හොඳ මොර්ටිවේෂන් එකක් ලැබෙන එක. ලියන්න කල් මදිනම් තිතක් තියල යන්න එතකොට මම දන්නවා ඔබ මෙය බැලු බව. ස්තූතියි.........

Related Posts Plugin for WordPress, Blogger...