Monday, 12 November 2012

හිරකාරයෝ පස්සෙන් ගන්න වැඩ. ඇතුලේ නැත්තේ බඩු විතරද? (18 වැඩි උන් විතරක් කියවන්න)

මේ පොස්ටුව ලියන්න හේතුගණනාවක් තියෙනවා. පලවෙනි එක සිහින කුමරිය කතාව අවසන් කරද්දී මම උන පොරොන්දුව, දෙක මේ ඊයේ පෙරේද වැලිකඩ උන කලබල කාරී තත්වය. තුන රාජ් අයියා අද ලියල තියෙන පොස්ටුව. සැබෑ ලෙසටම විග්‍රහ කරලා තියෙනවා ඇතුලත තියෙන තත්වය. ඔව් මම මේ ලියන්නේ මම වැලිකඩ සිපිරිගෙය තුල ගෙවපු ජීවිතේ ගැන. මම ගැන දන්නා සමහරු දන්නවා ඇති මම ඉගන ගන්නේ පරිගණක ඉන්ජිනේරු උපාධියක් (Bachelor of Science in Computer Science) සඳහා අන්තිම අවුරුද්ද කියල. නමුත් එයටත් කලින් තමයි මම වැලිකඩ හිරගෙදරින් IRC උපාධිය ලබාගත්තේ කියල. ඒ ගැන මගේ හිතේ තියෙන්නේ සතුට මුසු වූ ආඩම්බර හැඟීමක්. ඇයි ඩො...... ඩබල් ඩිග්රි නේ. තොපි සද්දේ දාන්න එපා හරී...... මගේ නම වෙනස් කරා දැන් මට කියන්නේ වලව්වේ කොරා හරි........ නම ඇහුවත් ගමම බයයි ඩො............... කුඩුනම් කුඩු, බඩුනම් බඩු..... හරි..... චඃ වැරදුනා, වැරදුනා බඩු නැහැ. කුඩු විතරයි. 



ඔයාල සමහර විට අහල ඇති හිරේ ගිහින් ආව මිනිස්සු කියනවා. යකෝ එක පාරක් හිරේ ඉඳල ආව මට තව පාරක් යන එක නතින්. යකෝ හිරේ මට ගෙදර වගේ. එළියේ මොන සැපද. හිරෙනේ බොල නියම සැප කියල. ඉස්සර මේවා අහන කොට මමත් හිතුවේ මේ යක්කු මේ ෂෝ ඕෆ් කරනවා මේ පුරාජේරුවට කියවනවා කියල ඇයි යකෝ මේ නිදහසේ එළියේ ඉන්නවට වඩා කවුද කැමති කූඩුවක් ඇතුලේ ගත කරන්න. 

ඒ ඇතුලට යන්න කලින් ඇතුලට ගියාට පස්සෙනේ බොල මමත් දැක්කේ සුරපුරේ. එළියේ මොන සැපද....... ? මම හිටිය දවස් ටිකේ මම වාට්ටුව ඇතුලේ දැක්කේ නැත්තේ ශාරීරික අවශ්‍යතාවන් ඉටු කරගැනීමට කාන්තාවන් පමණයි.( ඒවාත් ඉටුකරගන්නා අන්දම ගැන නොයෙක් කතා ඇහුනත්, මා සියසින් නොදුටුව නිසා ඒවා ගැන සඳහන් කරන්නේ නැත)  අනෙක් ඔක්කොම වාට්ටුව ඇතුලෙන්ම ලබාගන්න පුළුවන් පැනඩෝල් පෙත්තේ සිට. හෙරොයින් ග්‍රෑම් එකක් දක්වා වූ සියලුම දේවල් එකම වහලක් යටින් ගන්න පුළුවන් හිර ගෙදරින් විතරයි. නමුත් එකම වෙනස වූයේ. ඒවායේ මිල අධික කමයි. ගෝල්ඩ් ලීෆ් එකක් එළියේ 22 (ගිය ජනවාරිවල) ඇතුලේ 100යි බීඩි මිටියක මිල ඇසූවිට මා ක්ලාන්ත වන සුළුවිය.( මට හරියටම මතක නැත්තේ මා වැඩි අවධානයක් යොමු නොකළ බැවින්ය.)

මුලින්ම අපි බලමු මෙවැනි දෑ සිර ගෙය තුලට ගෙන එන්නේ කොහොමද කියල ඔවුන් එය හඳුන් වන්නේ බංකර් ගැසීම යනුවෙනි. බංකර් ගහනවා....................? ඒ මොකක්ද ඒක තමයි ඔයාලට ඊළඟට මතුවෙන ප්‍රශ්නේ. මාරයා අයියා පසුගිය දිනක ලිපියක් පල කළා අපි පස්සෙන් වැඩගන්නේ නැහැ කියල. නමුත් මම එම මතයට එකඟ නැත්තේ ඔය පශ්ෂ තියෙන්නේ. එකෙන් නියම විදියට වැඩගන්නේ රැඳවියන් බැවිනි. දිනකට සිරකරුවන් දහස් ගානක් විවිධ හේතු මත උසාවියට ඉදිරිපත් කිරීමට රැගෙන යයි එවිට උසාවි කූඩුවෙන් ලැබෙන්නාවූ දෑ ඔවුන් නැවත රැගෙන යන්නේ විශේෂිත වූ ක්‍රමයකටයි. අපි බලමු ඒ කොහොමද කියල 

මුලින්ම ඕනේ කරනවා ඉරිලා නැති ෂොපින් බෑග් එකක්. ඊළඟට අපිට ගෙනියන්න අවශ්‍ය කරන දේ පොඩි ෆෝන් කට්ටක්. දුම්කොලයක්. බුලත් විටක්  ආදී දෑ......... ඉතින් ඔය ගෙනියන්න අවශ්‍ය කරන දේවල් පරිස්සමට ෂොපින් බෑග් එකේ ඔතලා. උසාවි රැඳවුම් කූඩුව තුල ඇති වැසිකිලියට ගොස් ඉතා අමාරුවෙන් පශ්චාත් භාගයට ඔබා ගැනීම තමයි කරන්නේ. එකත් හැමෝටම කරන්න බැහැ. එකටත් ඉන්නවා බංකර් ස්පෙෂලිස්ට්ලා. ඔවුන්ට ගානක් අතමිට මෙලවූ විට ඔබට අවශ්‍ය දේ ඔබට ලැබේවී. හැබැයි නෝ ගැරන්ටි නෝ වරන්ටි. මම හිතනවා දැන් මගේ හිතවත් පාඨක ජනයා අවභෝද කරගත්තා කියල බංකර් ගහන්නේ කොහොමද කියල තේරුනේ නැතිනම් නැවත වතාවක් කියවන්න.

රැඳවියන් තමන්ගේ අවශ්‍යතා පිරිමසාගන්නේ ඉතා අපූරු ආකාරයකටය. ඔබට ඇඳුමක් අයන් කිරීමට ඇතිනම් සිගරට් එකක් ලබා දෙන්න ඔබගේ ඇඳුම ලස්සනට ලොන්ඩරියෙන් කළා වගේ අයන් කරලා දෙවි. කොහොමද හිරගේ ඇතුලේ කොහෙන්ද අයන්??????? බය වෙන්න එපා එකට අපේ හිරගෙවල් ඇතුලේ ඉන්න තාක්ෂණ වේදීන් නිර්මාණය කරලා තියෙනවා කෝප්ප අයන් එක. පහල පින්තූරේ බලන්න.



මෙන්න මේ වගේ කෝප්පයකට අයිස්ක්‍රීම් භාජන වැනි ප්ලාස්ටික් භාජන දමා ගිනි දැල්වීම මගින් රත්කරගන්න කෝප්පය වතුර ඉස ගානට පදම් කරගන්න ලද  ඇඳුම මත සීරුවට තබා මදිනු ලබයි මෙයද හැමෝටම කල නොහැක්කේ පොඩ්ඩ වැරදුනොත් ඇඳුමේ පදාසයක්ම පිච්චි යන බැවිනි. එයටත් ස්පෙෂලීස්ට්ලා ඇත.


හ්ම්ම්ම් දැන් කියන්න තියෙන්නේ නිදාගන්න තියෙන පිළිවෙලයි. පන්සලේ ධර්ම ශාලාව ඔබ දැක ඇති සිතමි.





ඔය ඉහත තියන ආකාරයේ ශාලාවක් නමුත් මෙතරම් පළල නැත. (මෙම පින්තූරය දැම්මේ මට අවශ්‍ය කරන ආකාරයේ ගොඩනැගිල්ලක් සොයා ගත නොහැකි බැවින්ය) මෙහිද එක එක පලන්ති වේ. ඒ ඇති හැකි බලපුළුවන්කාර, පරණ, නවක, අබ්බ ගොබ්බ  ඩයල් යනාදී වශයෙනි. මෙයි දෙපස බිත්තියට ආසාන්න කෙලවර ඉතා සුපිරි පුද්ගලයන් සඳහා වෙයි. ඒවාට ගෙවීමටද සිදුවෙන අවස්ථා වෙයි. එමෙන්ම ඒවායේද මායිම් ඇත. එක එක කොටස් කල්ලි කණ්ඩායම් ඒවා බෙදාගෙන ඇත. 


වම්පස කෙලවරේ ඉන්නේ ඒවගේ සුපිරි පොට් (ස්පොට්) වල නිදන ඩයල් ය. 


සම්පූරණ පේලි පහක් වෙයි. බිත්ති අයින් දෙකේ දෙකයි ඔය උන්ගේ කකුල් පාමුල නිදන උනුයි. අනෙක මැද්දේ කෙලින්ම නිදන අයයි. ඔවුන්ටනම් නින්දක් ඇත්තෙම නැත. මන්ද යත් 1700කත වැඩි රැඳවියන් රංදවූ මෙම සිර මැදිරියෙහි රාතියට චූකරන්න යන උන්ම කීදෙනෙක් ඉන්නවද යන්නේ වෙන්නේ අර මැද්දේ නිදාගන්න උන්ව පාගාගෙනය. කරන්නට දෙයක් නැත ඕවර් ලෝඩ්.



මේ පහල සිටින්නේඅලුතෙන් පැමිණි. කබ්බෝය. ඔවුන්ට සිදුවන්නේ වැසිකිලියට ආසාන්නව නිදාගනීමටය.

සැබෑ තත්වය මෙහිද හරි හැටි නොපෙනේ. මක්නිසාද යත් මෙසේ නොව කෙලින් අතට හැරී නිදාගැනීමට වෙයි. ඒ සාමාන්නයෙන් ඔබ ඇඳක දිගා වුවහොත් ඔබට යන ඉඩමෙන් භාගෙටත් අඩු ඉඩප්‍රමාණයක් තමයි ඔබට ලැබෙන්නේ. තනියම ඇඳේ නිදාගෙන ඒ ඇඳත් සැප මදියි කියල හිතන අයට මේ නිදා ගැනීම හිතාගනීමටත් නොහැක. නමුත් මේ සිරකරුවෝ නිදාගනිති. මමත් එසේ කල බැවින් මාද එය දන්නේය. ඒ වෙන කල හැකි කිසිවක් නොවන බැවින්. එසේ කිරීමට සිදු විය. නමුත් මට එසේ ගතකිරීමට වූයේ මුල් දවසේ පමණි. එහිදී මට හමුවූ පුද්ගලයෙකු අපේ දමිත් අයියාගේ බොක්කක් විය. මක් නිසාද යත් ඔහු කිරුලපන  පුද්ගලයෙකු බව ආරංචි වී ඔහුව මුණගැසීමට ගොස් කතා බහ කල විට තමයි ඔහු දමියාගේ බොක්කක් බව කිව්වේ.  ඔහු මට ඔහුගේ සුපිරි පොට් එක නිදාගැනීමට ලබාදීමට තරම් කාරුණික විය. ඒද නිකම් නොව රුපියල් 10000ක් ඔහුගේ ගිණුමට බැරකරන ලෙස දන්වා සිටීමෙනි. සෙල්ලම්ද කොල්ලෝ.


දැන් ඔන්න නිදාගන්න තාලෙත් කෙටියෙන් කිව්වනේ අපි බලමු කෑම බීම කොහොමද කියල. කල්දේරම් බතක් වන මෙය සිරකරුවන් දහස් ගානකට පිළියෙළ කරන නිසාවෙන්දෝ කිසිම රහක් නැති කිරිමැටි ගුලි මෙන්ය. 



මෙය පිළියෙළ කරන්නේද විවිද වැරදි සඳහා දීර්ග කාලීනව සිරදඬුවම් විඳින රැඳවියන් විසිනි. ඔවුත් තරමක් හයි කාරයන් වෙයි. ජේලර් වරුන්ගේ පිහිටද නොමදව ලැබෙන ඔවුන් සිරගේ තුල හැසිරෙන්නේ අප්පාගේ බූදලය ලෙසින්ය. දිනකට තෙවරක් කෑම පෝලිමේ යාමට සිදුවෙයි. නැතහොත් වන්නේ බඩගින්නේ මිය යාමටය. දෙන දේ කාල වෙන දේ බලාගෙන ඉන්න තමයි තියෙන්නේ ගොඩක් අයට කන්න ලැබෙන්නේ සවාන්ය. සවාන් යනු අප තේ පිළිගන්වන ට්‍රේ එක වැනි ලොකු පින්ගානක්ය එහි හතර පස් දෙනෙකුටම එකම පිඟානට බෙදන බැවින් කන්නට වන්නේ හවුළේය. 








දැන්කියන්න යන්නේ උදේ නෑම ගැනයි. පාන්දට හයටත් පෙර ඇහැරවනු ලබන අතර නැගිට්ටේ නැත්නම් වන්නේ පොලු පාරක රස බලන්ටය. විනාඩි හතලිස් පහක් වගේ ඇතුලත සියලුම දෙන තමන්ගේ ශරීර කෘත්‍ය නිමකර පැමිණ නාන්නට පෝලිං ගැසිය යුතුය. සිමෙන්ති ටැංකි වලින් එකා වතුර බාල්දි 10 බැගින් නෑ යුතුය. ඊට වඩා නාන්නට වන්නේ බලන් ඉන්න උන්ගේ ඇස වසාය. ඉන් පසු සෑම වාට්ටුවකටම යන අයෙක්  අද නඩු ඇත්නම් ඒවාට පෙනීසිටීමට නම් කැඳවනු ලබයි මෙයටද පැමිණෙන්නේ. අච්චු කාරයන්ය. අච්චු කාරයන් යනු සිර දඬුවම් නියම වී. දඬුවන් ගෙවමින් සිටිනා අයය.

නම් ගම සඳහන් නොකලත් මේ දේ විශේෂයෙන්ම කියන්නේ අපේ ඇනෝලට මේ කිහිප තැනකම සඳහන් පෝලිං ගහනවා කියන වචනේ වරදවා වටහා ගණන් එපා හොඳේ...... හරියටම මා සිරගෙදරට පැමිණියේ මීට පෙර වතාවේ සිරකරුවන් කලබල කල දිනයේය. එය හරියටම මා පිළිගැනීමට සංවිධානය කල උත්සවයක් වැනියි මට සිතින. දුම්කොළ නැට්ටක පවා වටිනාකම සිරගෙය තුල මෙතෙක් යයි කිව නොහැක. මක් නිසාද යත් ඔවුන් ඒවායින් ලෝකල් බීඩි හදනා බැවින්ය. ලෝකල් බීඩි කියන ජාතිය අපේ කාන්තා පාර්ශවය දන්නේ නැතිව ඇති ඔවුන්ගේ දැනුම සඳහා මම එය මෙසේ අකුරු කරමි. දුම්කොළ හෝ දුම්කොළ නැටි ස්වල්පයක් ගෙන. කුඩා පත්තර කොලේක ඔතා රවුම් කර පම් කර බීමට ගනුලබයි. (ඕනෙනම් ස්වයං රැකියාවක් විදියටත් කරන්න පුළුවන් හොඳ සල්ලි තමයි අනෙක බඳින කොට ජේලර් කෙනෙක්ම හොයල බඳින්න වග බලාගන්න. සල්ලි උල්පත්) පදම් කිරීම සඳහා විනාඩි 5ක් පමණ යයි. ඇයි ගංජා ඒවත් මදි නොකියන්න තියෙනවා අවශ්‍ය එකම දේ සල්ලි තමයි.

 රාජ් අයියා කියන විදියට ජේලර්ලා දූෂිතයි ලු. මොන පිස්සුද.........? ඒ මිනිස්සුන්ටත් පුරස්න තියෙනවනේ..... දරුපවුල් ඉන්නවා. හොඳයි කියන්න බලන්න අපේ ට්‍රැපික් මාමල අතට ඔයාලම රුපියල් සීය දෙසීය දීල නැද්ද? ඒවාට කවුරුවත් මොකුත් කියන්නේ නැහැ. ජේලර්ලට බයිනවා....... ඒ අහිංසකයෝ ටික විතරමද පෙන්නේ ? ඇත්තටම මම කලින් කීව ආකාරයට අපේ ගැහැණු ළමයි අද සිට සිහින මැවිය යුත්තේ ඩොකෙක්, ඉන්ජෙක්, ලෝ බුවෙක් බැඳීමට නොව. ජේලර් කෙනෙක් බැඳගනීමටය. එළියේ රුපියල් 400ට ලබාගන්න ගෝල්ඩ් ලිෆ් පැකට්ටුව ඇතුලේ විකුනන්නේ රුපියල් 1200ක. ලාබය කීයද? 800යි. එතකොට දවසට අඩුම 10ක් ඇතුලට ගෙනිච්චොත් ශුද්ධ ලාබය කීයද? 8000යි. සේවක ගාස්තු නෑ. ලයිට් බිල් වතුර බිල් නැහැ. බිස්නස් කාරයෙක්ටත් වඩා ලාබයි. 8000 x 30 =240000යි මාසෙට මේ පඩියට අමතරව. සිගරට් වලින් විතරක්. එතකොට හෙරොයින් ගංජා අරව මේවා ගැන කොටස බලධාරියා විසින් කපා හරින ලදී. මිලියන 0.5 ක පමණ  මාසික ආදායමක් දල වශයෙන් ජේලර් මහත්තයෙක්ට සෙට් වෙනවා. ඒ විතරක්ද රජයේ ක්වාටස්. හිරගේ ඇතුලෙමනේ. ප්‍රවාහන ගාස්තු නැහැ. අවුරුද්දෙන් දෙකෙන් කොටිපතිනියක් වෙන්න පුළුවන් මේ මගේ යෝජනාව ගැහැණු ළමයි සලකා බලයි කියල මම හිතනවා


අදට මේ ලිව්වා ඇති. තවත් රසබර තොරතුරු සමගින් මම හිරේ ගිය තාලේ දැනගන්න. ගෙවපු ජීවිතේ, ගිය හේතුව ඇතුළු තොරතුරු සමගින් හමුවෙමු දෙවැනි කොටසින්. එහෙනම් හැමෝටම ජය වේවා! වෙරි නොවේවා!!!! 

එතකල් මෙන්න මේ සින්දුව අහල කොමෙන්ටුවකුත් කොටාගෙනම යන්නකෝ


දෙවන කොටස




මෙයට කෝරලේ වලව්වේ කෝරලේ මහත්තයා.



Thursday, 1 November 2012

කෙල්ලන්ට මැදිවූ කොල්ලෙකුගේ ඉරණම.(මේවා බලල පොඩි උන් මේ විදියට හැදෙන්න එපා)


හ්ම්ම්ම් අද මම ඔයාලට කියන්න යන්නෙත් 2006 මම කළුතර නැවතිලා ඉන්න කොට උන සිද්දියක් පිළිබඳව. (මේකත් ඉතින් පොඩි මඩක් තමයි) O/L ඉවර උන හැටියේම වගේ මගේ වීසා බලපත්තරෙත් ඉවර උන නිසා මට යන්න උනා ලංකාවට. මගේ ආදරණීය පියතුමා විසින් අලුත් වීසා එකක් සඳහා අයදුම් කරනකන් මට ලංකාවට වෙලා (පොඩි ෆන් එකක් අරන්) ඉන්න කිව්වා. ඉතින් ඒ කියපු විදියටම මම ලංකාවට ආවා. නමුත් මේ පාර මාව නැවැත්තුවේ අර කලින් කතාවල කිව්ව නීපුලගේ ගෙදර. ඒ දවස්වල මම ඒකී එක්ක තරහා නැහැ. මොකද එයත් මගේ වයසේම නිසා මට පාළුවක් දැනෙන්නේ නැතිවෙන්න තමයි ඒ පියවර එයාල ගත්තේ. මොකද නීපු එක්ක මට පාඩම් කරන්නත් පුළුවන් නිසා. කොහොම හරි ආවා කියමුකෝ කළුතරටත් මෙයාලගේ ගෙවල් තියෙන්නේ කළුතර විද්‍යයාලේ  පිටිපස්සේ. ඊට වඩා කිව්වොත් තැනත් මාට්ටු.

මෙයාලගේ ගෙදරට අල්ලපු ගෙදර ඉන්නේ නිපුගේ පුංචිල 4 දෙනයි ආච්චියි සීයයි. පුංචිල කිව්වට මුන්ට වැඩි වයසක් නැති නිසා අක්කේ කියලා තමයි අපි කතා කෙරුවේ. ලොකුම අක්කට 29ක් එයා ඔය පොඩි ළමයින්ට ගෙදරට ගෙනල්ල ටියුෂන් දෙන වැඩේ තමයි කොලේ.  එයාගේ නම අපි කියමුකෝ නීලි කියලා අනෙක් අක්කල දෙන්නම වැඩ කෙරුවේ මැලිබන් එකේ (මමනම් විහිලුවට කිව්වේ මාරි වල හිල් විදිනවා වෙන්න ඇති කියලා. හැබැයි වැඩිය කියන්නේ නැහැ මොකද මුන් දෙන්න මගේ ඔලුව හිල් කරන්න හදන නිසා) බලන්නකෝ ඒකෙත් හැටි නේද? මුන් දෙන්න නරියයි දිල්කියි. බාලයා වැඩකලේ කළුතර  තියෙන  පුස්තකාල වලින් එකක එයාගේ නම අංජු. මමයි නිපුයි දෙන්න එක්ක මුන් සෙට් එකේම දත් ගලවනවා නොසෑහෙන්න. අපි ළඟ සල්ලි නැහැනේ මුන් ජොබ් කරන අයනේ. නිකන් ඉන්න වෙලාවට අපි එක්ක  සෙල්ලම් කරන්නත් එනවා නිවාඩු දවස් වල හැබැයි වැඩිමල් කෙනානම් එන්නේ නැහැ. එය ඉන්නේ පොඩ්ඩක් රැස්පට් පිට තමයි. හැබැයි ඔය සෙට් එකම මට පට්ට ආදරෙයි අදටත් එහෙම්මම තමයි, තුන්දෙනෙක්  මොකද එයාලට මල්ලිලා නැති නිසා.

කොහොම හරි දවසක් ඔය මාරි බිස්කට් කතාවක් කියලා නිපුවා නරියාට ඌරු ජුවල් තද වෙලා මේකිට කුණු බිතරෙකින් ගහලා. රිටන් එක දෙන්න. මොකද අපි දෙන්න නිතරම දිල්කිවයි නරියවයි බයිට් කරනවා.

එහෙම නිපූට බිත්තර ගහල මේ පාඩුවේ ගෙදර ගිටපු මගේ ලඟට ඇවිල්ල මේ ඉන්නේ අනෙක් එකා කියලා මගෙත් ඔලුවේ ඉඳන් හැලුවා වතුර එකක්.  ඇද්ද බොල දෙන්නට නම් හදනවට කියලා. හැමදාම අපිකලේ එයාලව චාටර් කරන එකනේ. දැන් අපි දෙන්නම චාටර් වෙලා. අපි දෙන්න හැම දාම මුන්ව චාටර් කරනවා අද අපි චාටර් උනා. දැන් සෙට් එකම වැරැන්ඩා එකට වෙලා කතාකරකර ඉන්නවා. හිනහ වේවි අපිට දුන්නු ගේම ගැන කියව කියව. මමයි නිපුවයි දෙන්න පොඩි පැලෑනක් ගැහුවා මුන්ට රිටන් එක දෙන්න. මේ ගෙවල් මන්දිරඩියෙ තියෙන ගෙවල් වලින් බාගෙට භාගයක්ම මුස්ලිම් ගෙවල්.  මමයි නිපුවා බාල්දියක් අරන් මිදුලේ ටැප් ඒක ලඟට යනකොටම නරියා ඇවිත් අපි දෙන්නව එලෙව්වා. දැන් මුන්ට ගහන්න වතුර ගන්නේ කොහෙන්ද කියලා කල්පනා කරන කොට නිපුවගේ ටිකිරි මොලේට ආව මෙන්න මේ වගේ අයිඩියා එකක් ඒ මිදුල ඉස්සරහා කානුවෙන් වතුර ගන්න එක. මමත් එකෙන්ම ඕකේ එක දුන්නා. මොකද මේ පැත්තක හිටිය මටත් ගැහුවනෙ වතුර. නිපුවා කරන්නේ අර තීන්ත බාල්දියෙන් භාගයක් විතර පුරවල අර නාල වලං පිඟන් හෝදලා එන  වතුර වලින් අරන් හෙමින් සැරේ අපේ ගේම දෙන්න ඇදුනා.පිටි පස්සෙන් එයාල ඉන්න පැත්තට කිට්ටු කෙරුව නිපුවා ගැහුව වතුර පාරට ඔක්කොම නෑවිලා ගියා. 

 අනේ ඉතින් එතන මල ගේ වගේ බනිනවා කියවනවා ඉවරයක් නැහැ පස්සේ  වැඩේ ශේප් එකක් දාගත්තා.පස්සේ තමයි මුන් දන්නේ අපි ගැහුවේ කානු වතුර කියලා. ඒත් ඊට පස්සේ වචනෙකින්වත් බැන්නේ නැහැ. ඒක තව විහිළුවක්ම උනා. ඔහොම ඉන්න කොට නිපුලට ආයෙම ඩුබායි එන්න විසා ආවා. මුන් ආවත් මාව දිගටම එහෙතියන්න කියලා අනොජි ඇන්ටි අපේ අම්මට කියලා තිබුන නිසා මම එහෙමයි හිටියේ. නිපුවා ගියාට පස්සේ ගෙදර සුරතලා උනේ මේ කෝරලේ ලොක්කා තමයි. පව් නේ පොඩි එකානේ. වැල් වටාරම් ගොඩක් ගියා. කියන්න ආව කතාව කියන්න යන්නේ දැනුයි. 

ඉතින් මේ නීලි අක්කා හොඳට ඉගනගත්ත කෙනෙක් ඩාන්සින් උනත් නියමට පුළුවන්. මෙයා යාළුවෙලා හිටිය කොල්ලා මෙයාට වඩා සල්ලි තියෙන නාකි ගෑනුකෙනෙක් බැඳලා ගෙදර බලපෑමට. නමුත් අදටත් දෙන්නට දෙන්න ආදරෙයි. මේකා බඳින්නේ නැහැ අරය නිසා. හැබැයි මේ සීන් එකෙන් පස්සේ එය ඉන්නේ පොඩ්ඩක් ඔලුව අප්සට් එකෙන් වගේ. මෙයා ළඟ තිබුන 6600 ෆෝන් එකක්. ( ෆෝන් ගන්න බැරිය ටියුෂන් සල්ලි දවසකට බරගානක් එන්නේ) ගෑනි ඔය ගැන ඉන්නේ හරිම ඔලුවෙන්. මොකද එයාලගේ පැත්තේ ගොඩක් හොඳ ෆෝන් තියෙන අය අඩුයි. මගේ ලඟත් ඒ දවස් වල තිබ්බේ  සෝනි K710 එකක්. දැන්නම් බලු බල්ලෙක් ගණන් ගන්නේ නැහැනේ ඒ ෆෝන්. නිතරම ඔය ෆෝන් ඒක කනේ තියාගෙන එහාට මෙහාට කතාකරකර යනවා මේක කරන්නේ අපිට පෙන්න මෙයාගේ තියෙන ගෙම්බර් නිසා මම වැඩිය එයා එක්ක යන්නේ නැහැ. හැබැයි එයා මගෙත් එක්ක තරහකුත් නැහැ. නමුත්  නංගිලාව පෙන්න බැහැ. කොයි වෙලාවෙත් ලොකු ටෝක් දැන් එන නිසා එයාට එයාගේ අම්මා තාත්තවත් වැඩිය කැමති නැහැ. කොහොම හරි දවසක මෙයාලා රණ්ඩු වෙලා එදා මම හිටියේ නැහැ අපේ ආච්චිලා ඇවිත් මාව එක්කන් ගිහින්. රණ්ඩුව සැරටම ගිහින්  මම ආව වෙලාවේ ඉඳන් නීලි අක්කා මට කියනවා මල්ලි තමුසේ යන්නේ එහෙම නැහැ අරුන් එක්ක මම තමුසෙවත් උස්සවනවා අරකයි මේකයි ටෝක්ස් ගොඩයි. 



ඔයාල හැමෝම දන්නවනේ ලොකු කතා පඬි කතා කෝරලේ මහත්තයත් අහන ඉන්න ලිමිට් එකක් තියෙනවා කියලා ලිමිට් ඒක පැන්න ගමන් ඒ මනුස්සයට මහත්මා ඝාන්ධිගේම පිහිටයි. උස්සන්නේ බර බලන්නද කියලා එයාට ඔරවලා මම යන්න ගියා. අපි 4 දෙනා කතාකර කර ඉන්න කොට මෙයා එහෙන් මෙහෙන් අපිට ඇහෙන්න ෆෝන් එකෙන් කියවන් යනවා. කතාකරන්නේ සෙල්ලම් පොරකටද නැහැ...... මුළු කලුතරම ප්‍රසිද්ධ රටම අඳුනන රත්තරන් ඇමතිට.  ඔව් ඔව් අර මාල......කැඩුවේ.... හැබැයි එයා එතකොට නියෝජ්‍ය ඇමතිද කොහේ. ඔව් ඔව් ඇමති තුමා උන් හතර දෙනා තමයි. කෙල්ලෝ තුන්දෙනයි එක පොඩි කොල්ලයි.  උස්සල වෙඩි තියාලා දාන්න. (ආ...... මට කියන්න අමතක උනානේ ඒ දවස් වල මෙයාගේ කොල්ල වැඩ කලේ ඔය 

ඇමතිගේ හොඳම ගෝලයෙක් විදියටලු.) දවසක අපි සෙට් එක කළුතර මුහුදේ නාන්න යන් සෙට් වෙලා එලියට බහින කොටම කියවන යනවා ඔන්න එලියට බහිනවා දැන් ඇඳන් ඉන්නේ මේ වගේ ඇඳුම්, බීච් එකට යන්නේ කියලා. දැන් මට මල මේක හැමදාම ඇහෙන එක. මෙයාගෙන් ඉගන ගන්න එනවා  සෑහෙන්න පොඩි ළමයි සෙට් එකක් අවුරුදු 7-8 කළුතර ලැයිමේ මුස්ලිම් අයගේ ළමයි. මේ දුප්පත් මිනිස්සු ඉස්සරහාත් හෙන ලොකුව දාන්නේ ෆෝන් එකෙන් දවසක් මම මෙයා කතාකර කර ඉන්න කොට නම්බර් එක ඩයල් කරා අච්චර සෙනගක් මැද්දේ මෙන්න යකෝ ෆෝන් එක කනේම රින්ග් වෙනවා. ඒ දවස් වල දැන් වගේ ෆෝන් වලින් වැඩිය කෝල්ස් ගන්නේ නැහැනේ ගණන් වැඩි නිසා. හරිම අඩුවෙන් තමයි කෝල් එකක් එන්නේ ෆෝන් එකට. මෙයා හිතන්නේ නැතිව ඇති මෙහෙම දෙයක් වෙයි කියලා. දැන් කට්ටිය හිනා වෙනවා. මෙයා කරන්නේ ආ මේ බටන් එකක් එබිලා කියලා ආයෙම කතා කරන්න ගත්තා මම ආයෙම රින්ග් කළා නරියල මෙහෙ ඉඳන් හිනාවෙන්න පටන් ගත්තා. නීලි අක්කා ආයේ පැත්ත නොබලා ගියා මට බැන බැන 



 එතන හිටපු හැමෝටම තේරුනා උනේ මොකක්ද කියලා. එදා ඉඳන් මෙය ෆෝන් එකේ ඉන්න හැම වෙලාවේම අපි කවුරු හරි රින්ග්ස් යවල බලනවා. රින්ග් වෙනවද කියල ඔය කියන දවස් වල කෝල් වෙටින්ග් තිබුනත් එකට ගෙවන්න උනා මම හිතන්නේ.  අන්තිමේදී බැරිම තැන නම්බර් එක මාරුකරලා. මම එහෙ හිටිය මාස කිහිපයේදී සිම් ගානක් පාවිච්චි කලා ගොඩක් මම හොයාගත්තා පෙළක් ඒවා බැරි උනා. හැබැයි මාත් එක්ක අදටත් තරහයි. කල වැඩේට. මම 2010 නරියාගේ වෙඩිමට ගියවෙලෙත් මගේ මූනක්වත් බැලුවේ නැහැ. 



ඔන්න ඉතින් වැල් වටාරම් සහිත දිග හෑල්ලෑවක් තමයි ලිය උනේ පොස්ට් එකක් ලියන්න කියලා ආවම. ඔයාලටත් මේ වගේ ඩයල් සෙට් වෙලා එහෙම තියෙනවද? දැනටත් බැලුවොත් ෆෝන් එක කනේලු 





Sunday, 21 October 2012

පටාන්ලගේ නිරුවත. 18+.



ඔන්න දීර්ග ආදර කතාවකට පස්සේ ලියන්න දෙයක් කල්පනා කරමින් පස්මහ බැලුම් හෙලමින් ඉන්න මට අපේ කිහිප දෙනෙක්ම කල ඉල්ලීමක් මතක් වෙලා තමයි මේ පුංචි ස්ටොරිය ලියල දාන්න හිතුනේ. ඔයාලට මතකයි නේ අර නිදිකුමාරිව හම්බවෙන්න ගිය චාමින් කුමාරයා වගේ අස්සයා පිටේ නැතත් පක්කොන්ගේ ටැක්සියක නැගල මගේ ආදරණීය මාමන්ඩිව හම්බවෙන්න පලවෙනි වතාවට ගිය වීරාන්විත ගමන (හිකිස්.....)

ඉතින් මම විස්තර කරලා තිබුණනේ උන්ගේ ජීවන සුවඳට මට කලන්තේ හැදෙන්න වගේ ආව හැටිත් කියෙව්වේ නැත්නම් මෙතනින් කියවලම එන්නකෝ. 



අපේ ඔපීසියේත් ඉන්නවා මෙහෙම උන් දෙතුන් දෙනෙක් කොටින්ම අපේ සොෆ්ට්වෙයා ඉන්ජිනේරුවත්,  ඇසිස්ටන්ට් මැනත් මේ පක්කො තමයි. මුන් ඔක්කෝම පඩි ගන්නේ ලංකාවේ මුදලින් ලක්ෂ 5 - 6 නමුත් මුන්ගේ හැසීරීම අර ප්‍රාථමික පක්කො වගේමයි. කොච්චර උපාදි හම්බ උනත් උන්ගේ ගතිසිරිත් වෙනස් කරන්න උන්ගේ දෙවියෝන්ටවත් බැහැ මම හිතන්නේ. සාමාන්නයෙන් මුන්ගෙන් එකෙන් ෆෝන් එක අරගෙන කතාකරොත් මම ඊට පස්සේ රිසීවර් එකෙන් කතාකරන්නේ නැහැ කිසිම කෝල් එකකට මොකද දෙතුන් පාරක් හුස්මගත්තනම් අනිවා වමනේ යනවා. ඒ එන ගඳට මට මතක් වෙන්නේ  කොටුවේ බස් ස්ටෑන්ඩ් එකේ පොදු වැසිකිලියෙන් එන ගඳ. එය පටාන් ජනයාගේ ආහාර පුරුදු මත සිදුවන දෙයක්දැයි වැටහෙන්නේ නැහැ ඇත්තටම මිනිස්සු ලංකාව ගැන හිතන් ඉන්න තාලේ ගැන මට නම් හිනහ යනවා වෙලාවකට මොකද මෙහෙ යාන වාහන තියන් ඉන්න පක්කොන්ගේ ජීවිත පකිස්තානයේ කොහොමද කියලා බැලුවොත්. අපේ අන්ත දුප්පත් මිනිස්සුවත් නැහැ ඒ  වගේ සක්කිලි විදියට ජීවත් වෙන්නේ.  අපේ තරමක් ගෙවල් හා සමාන ගෙයක පවුල් හත අටක් ජීවත් වෙන එම ගෙවල් සැමන් පැක් කරා වගේයිලු. අපේ ලංකාවේ මිනිස්සු කොච්චර දුප්පත් උනත් එතරම් දුක් විඳින්නේ නැතිව ඇති.


 නමුත්  ඔවුන් කියන්නේ එයින් පවුල් අතර තියෙන සම්බන්දතාවය වැඩි වෙනවා කියලා. අනේ මම නම් දන්නේ නැහැ. පසුගිය මස දිනක අපේ ජෙනරල් මැනා විසින් අවවාදාත්මක මේල් එකක් අපේ දෙපාර්තමේන්තුවට ලැබුනා එකේ සඳහන් උනේ පිරිසිඳු කම ගැන තමයි. උදේට දත් මැදපල්ලා අලුත් ඇඳුම් දවසගානේ ඇඳපල්ලා, ප්‍රසන්ටබල් විදියට හිටපල්ලා, මෙන්න මේ විදියට ලොකු ඊයක් තමයි විදලා තිබුනේ. නමුත් අයි.ටී දෙපාර්තමේන්තුවෙන් මටයි අපේ ලොක්කටයි විතරයි මේක හම්බ උනේ නැත්තේ. මොකද අපි දෙන්න පිරිසිඳුව ඉන්නවා කියලා දන්නා නිසා වෙන්න ඕනේ. (හැබැයි මගේ කෝට්බෑයනම් අවුරුදු දෙක තුනකින් හේදුවේ නැද්ද කොහේ).    

එක දවසක්  අපේ ටිරාට හොඳ වැඩක් වෙලා තියෙනවා. බඩේ අමාරුවක් හැදිලා වැසිකිලියට යන්න යනකොට එකේ කලින් ඉඳල තියෙන්නේ පක්කෙක්. මේක කොහොම හරි දෙපැත්තෙන්ම තිබුන බර නිදහස් කරලා තමයි ඇවිත් තියෙන්නේ. එලියට ඇවිත් තව පාරක් වමනෙ කල ටිරා. යකෝ අරූ එළුවෙක්ද කොහේ, මුළු ටොයිලට් එකම එළුකොටුවකින් එන ගඳයි. කියලා කිව්වා. අනේ පලයන් තිර යයි අපි නෝන්ඩි කල විට  එතනට ගිහින් බලන ලෙස මට කිව්වත්, ඉල්ලන් *** මාමයිට් ගාගෙන වමනේ දාන්න ඕනේ නැති නිසා මම පැත්තකට වෙලා නිකන් හිටියා ඕන්. 

ඩුබායි  වල තිබුන විස්සයි විස්සේ තරඟාවලිය මතකද. ඉතින් මේ තරඟේ බලන් ඇවිල්ල හිටිය හුරුබුහුටී ලපටි ගැහැණු ළමයි ටිකක් මෙන්න මේ වගේ. ඉතින් රසකාමී මිනිස්සුන්ට මේවගේ දේවල් පෙන්වා කියන්නේ ඉතින්.......... මෙයාල අපිට ටිකක් දුරට වෙන්න තමයි හිටියේ. අපේ යට චියර් කරනවා හිටු කියලා.

හැබැයි  මෙයාල චියර් කලේ ටිකක් අමුතු විදියට මමයි ටිරයි දෙන්නත් පොඩ්ඩක් බැලුවා රබර් කන දාල

පක්කො  ගඳයි, පක්කො ගඳයි. කප් එක ඕනනම් නාගෙන වරෙල්ලා....





කොහොම  හරි ටිරත් එක්ක නිතරම චැට් කරනවලු පක්කෙක්. අපි ඉතින් ටිරාට විහිලු කරනවා පොඩ්ඩක් පරිස්සමෙන් පක්කො පොඩ්ඩක් කොලු කාරයෝ කියලා. මේක හැමදාම අර පක්කට යවනවලු පක්කො ගඳයි පක්කො ගඳයි කියලා. පක්කත් ඇහුවලු මේකේ තේරුම මොකක්ද කියලා ටිරා කිව්වලු මේ අපේ ආචාර ක්‍රමයක් කියලා. දවසක් අපි පොරව බයිට් කරලා මලෙන් හිටිය ටිරා කියලා යැව්වලු ඔරිජිනල් තේරුම මේකයි බොල කියලා



සාමාන්‍යයෙන් මෙහෙ මැදපෙරදිග මෙන්න මේ වගේ බර වාහන පදවන්න ඉන්නේ පිට ජාතිකයන් බොහොම අල්ප පිරිසයි.

සියට 80 කම වගේ ඉන්නේ පටාන් ජාතිකයොයි සර්දාර් වරුයි තමයි. බර වාහන පදවන්න බරවැඩ කරන්න රුසියෝ තමයි  මේ කියන ජාති දෙකම. වැඩිදුර ඉගනගත්තේ නැති  හැම පටාන් ජාතිකයෙකුගේම සිහිනය මේ වාහන පදවන්න ලයිසමක් ගන්න  එකයි.  මම ඒක මගේ ඇස් දෙකින්ම දැක්කා මම ඒක ඔවුන්ගෙන්ම අහල දැනගෙන තියෙනවා. බොරුවක් මුසාවක් නෙවෙයි මේ කියන්නේ. 




මෙන්න පලවෙනි කතාව ඔයාල දන්නවනේ එකදාස් නවසිය බර ගණන්වල ඉඳලඅපේ අසල්වැසි රට වන ඉන්දියාව පාකිස්තානය එන්ක නිම නොවන යුද්ධයක දීල ඉන්නවා කියල. ඉතින් ඔය ටීවී එකට මුහුණ පෙන්වල දෙපැත්තේම දේසපාලක මාමල බැනගන්නවලු වහසි බස් කියවමින්. ඉතින් ඔය කාලේ හිටපු ඉන්දීය අගමැතිතුමා කියනවලු ඔය පාකිස්තානේ ලොකු කම් බස්සන්න මට මේ ඉන්දියාවේම සහය ඕනේ වෙන්නේ නැහැ. එයාලත් එක්ක හැප්පෙන්න මගේ ළඟ ඉන්නවා අපේ සර්දාර්ලා ටික. උන්ට දවසින් පැය 12ක්ම පිස්සු එයාල දන්නවා පාකිස්තානය වගේ රටක් එක්ක ඩීල් කරන්න කියල. ඔන්න ඉතින් ප්‍රති උත්තර දීමේ අවස්තාව ආවේ අපේ පාකිස්තාන ජනපතිතුමාට. එතුමා කිව්වේ අපේ අසල්වැසි ඉන්දියාව විසින් අපිත් එක්ක හැප්පෙන්න එවන්නේ දවසින් පැය දොළහක් පිස්සු තියෙන සර්දාර්ලානේ මගේ ලඟත් ඉන්නවා එයාලට උත්තර දෙන්න නියම බුලට් ටිකක්. ඒ තමයි අපේ පටාන්ලා මුන්ට දවසේ පැය 24 ම පිස්සු කියල. 

ඉතින් පේනවනේ රටේ ජනාදිපති තුමාම දුන්නු සහතිකේ අපේ පටාන් ජනතාවට.

 මේවා කෝරලේ මහත්තයා හිතල ලියන දේවල් නෙවෙයි ඇසුවෙමි දුටුවෙමි දේවල් හොඳේ.



මෙන්න අනෙක් කතාව ඊජිප්තුවේ පුරාන සොහොන් ගැබක කැනීම් කර කර හිටපු බ්‍රිතාන්‍ය මහාචාර්යවරු සුළු සේවක වැඩ සඳහා බන්දවා ගත්තලු පටාන්ල දෙන්නෙක් එකම ගමේම ඩබලක් තමයි මේ සැට් වෙලා තියෙන්නේ. මේ දෙන්නට වාහන ලයිසම නැතිද කොහේ. ඉතින් මේ දෙන්න මෙන්න මේ 


වගේ පරණ සොහොන් ගැබක් පින්සල් වලින් පිරිසිඳු කර ඉන්න ගමන් පොඩි චැටක් දාගෙන ඉන්නවලු ආගිය කතා කියව කියව. අපි එකෙක්ට කියමුකෝ ඛාන්කියල අනෙකා අහමඩ්. ඉතින් මේ 

අහමඩ්: බලපන් ඛාන් මේ යකා මැරිලා තියෙන්නේ ට්‍රක් එහෙකට යටවෙලද කොහේ බලපන්කො මුළු ඇඟම පටිවලින් වෙලලානේ මාර පව් නේද බං

ඛාන්: හ්ම්ම්ම්ම් අනිවා බං මමත් හිතන්නේ ඔහ්: මේ බලපන් මේ පෙට්ටියේ ගහල තියෙන්නේ 250 - BC කියල 

Before Christ කියන එක මුන් තේරුම් ගත්තේ ඔන්න ඔහොමයි දැන් හොඳටම රෑවෙලා මම යනවා නිදාගන්න ඔන්න හැමෝටම ජය වේවා කිව්වා!  


හිනහා ගියේ නැති අය නැවත වතාවක් කියවන්න කෝ............




Monday, 15 October 2012

සිහින කුමරිය. (නව වැනි කොටස) ජීවිතය වෙනස් කල කතාවක්.( සමහර විට අන්තිම කොටස ) .








පළවැනි කොටසට මෙතනින්
දෙවැනි කොටසට මෙතනින්
තුන්වැනි කොටසට මෙතනින්
සිව්වැනි කොටසට මෙතනින් 
පස්වැනි කොටසට මෙතනින් 

සයවැනි කොටසට මෙතනින්

සත්වැනි කොටසට මෙතනින්  

අටවැනි කොටසට මෙතනින් 

අප දෙදෙනා පුටුවට වී ආගිය තොරතුරු කතාකරමින් සිටින විට එහි පැමිණි සිඟිති අක්කාද හොල්මනක් දුටුවාසේ මා දෙස බලා සිටින්නට විය. ඇයට එහි වාඩිවන්නටයි පවසා තත්වය තේරුම් කර දුන් විට ඇය මදක් සන්සුන් වූවාය. පසුව දැනගත් පරිදි ඇය බයව ඇත්තේ කිසිවකු නිවසේ නැති විට නිවසට මා නිවසට පැමිණි වග නෑදෑයින් දැනගතහොත් සියලුම දොස් එන්නේ ඇයට බැවිනි.  කෙසේ හෝ බනියාගෙන් විමසා දැනගත් පරිදි අම්මගේ ඔලුව වෙනස් කරන්නේ ගොරිල්ලා සමන් බව මට වැටහින.

කෙසේ වුවද දැන් අප ඉදිරියෙහි මතුවන ප්‍රශ්න මෙතෙක් අප මුහුණදුන් ප්‍රශ්නවලට වඩා භයානක සහ තීරණාත්මක බව අප හට අවභෝද විය. එලිය වැටීමට ඇත්තේ ස්වල්ප වේලාවකි. එම නිසා නිදානොගෙන මෙම ප්‍රශ්නය විසඳීමට මගක් කල්පනා කිරීමට කතා වූ අප. කොතෙක් කතා කලද මොන යම් අන්දමේ සැලසුමක් හැදුවද අන්තිමේදී සිදු  වන්නේ බනියා රටින් පිටවීම බව සැමට අවභෝද විය. උදෑසන තේ එක රැගෙන පැමිණි අක්කා පැවසු වදනක් සැබවින්ම මෙම කතාව අනෙක් පසට පෙරලවීමට සමත් වේයැයි ඇයද ඒ මොහොතේ සිතන්නට නැත.

ඒ කතාවට මුල පෑදුනේ. හදිස්සියෙවත් මා මෙසේ සිටින විටදී සමන් පැමිණියොත් කුමක් කරන්නේද කියාය. එවිට කේන්තියෙන් සිටි මා පැවසුවේ වෙන මොනවා කරන්නද කඳ බඩ තිබුනට මට වැඩක් නැහැ අල්ලලා මුල්ලකට තල්ලු කරලා නෙලනවා හත් මාසයක් පත්තු බඳින්න යනුවෙනි. එවිට සිඟිති අක්කා පැවසුවේ යකෝ එහෙම කලොත් උන් උඹව පොලිසියට අල්ලලා දේවි යනුවෙනි. එවිට මා මේක උන්ගේ ගෙදරක් නෙවෙයිනේ උන් මාව පොලිසියට අල්ලලා දෙන්න යයි පැවසිය. කොහොම උනත් මලේ උඹ තාම පිට එකා නීතිමය අයිතියක් කතාකරන්නට බැහැ. හ්ම්ම්ම්ම්ම්ම් එකත් එහෙමයි නේද බලමුකෝ.

උදෑසන කෑමෙන් පසු මා බනීද කැටිව කොමෂල් බැංකුව වෙත ගියේ අතට කීයක් හෝ ගැනීමටය. එහිදී සිදුවූයේ අප හීනේකුන්වත් නොසිතු දෙයක් වෙයි. බැංකුවට ඇතුල්වනවාත් සමගම එයින් පිටවන්නට ගොස් මුහුණට මුහුණ මුණගැසුනේ අන් කිසිවෙකු නොව සමන්ගේ ආදරණීය බිරිඳවන. රත්නා නැන්දායි. මා දැක විශ්මයට පත් ඇය ආ...... කවද්ද ආවේ යයි පවසා හනික බනීවද රැගෙන මුල්ලකට ගොස් මොනවාදෝ කුටු කුටු ගෑවේය. බනි මා වෙත පැමිණියේ මූණ දෙක කරන් වගේය. මටද යන්නම් යයි පවසා නික්ම ගිය රත්නා නැන්දා දැන් හනුමා මෙන් රටම ගිනිතියන වග මට විශ්වාස විය.

අප දෙදෙනා ගෙදරට පැමිණෙන තෙක් දෙදෙනාගෙන එකෙකු වත් වචනයක්වත් කතාකලේ නැත. මක් නිසාද යත් දෙදෙනාම සිටියේ මෙම ප්‍රශ්නයට මුහුණ දෙන විදිය ගැන හිතමින්ය. හවස් වන්නට බනීගෙන් අසනීප තත්වයක් ප්‍රදර්ශනය වුවේන් අප දෙදෙනා හෝමාගම නර්සින් හෝම් එකා බලා ගියේ බෙහෙත් අරගනීමටය. එහිදී දැනගත් පරිදි බනියාට තිබුනේ සාමාන්‍ය ලෙඩක් නොව පැපොල බැවින්. එයට බෙහෙත් වගයක් අරගෙන නිවසට පැමිණි අප එදිනම බනියාගේ ආච්චිගේ නිවාස පිහිටි කළුතරට පිටත් විනි. මක්නිසාද යත් ඇයට සාත්තු කිරීමට මටවත් සිඟිති අක්කාටවත් දැනුමක් නොමැති බැවිනි. එහි රැය පහන් කිරීමට මට නොහැකි බැවින් එදින රෑම ලොකු මාමගේ නිවසේ නවාතැන් ගත් මා දහවල් වරුවේ පැමිණ බනියාට තනි රැක්කේ ඇයට ආවතේව කම් කලේ යම් කිසි කලෙක මට ඇයව කසාද බැඳීමට නොහැකි වුවද අයගේ ගෞරවය මා විසින් සුරැකිය යුතු බැවින් අප දෙදෙනා අතර කාටවත් වචනයක් කීමට නොහැකිතරම් පරතරයක් හැමවිටම තබාගතිමි. දැන් ඇය අසනීපෙන් පසුවන බැවින් එසේ දුරින් සිටීමට නොහැක. මක් නිසාද යත් අප ශ්‍රී ලාංකිකයන් උපතින්ම සෑහෙන බයක් පැපොල වලට දක්වන බැවින් ආච්චිලාද බෙහෙත් හේත් දුන්නේ මා අතටය. කෙසේ හෝ දින පහකින් පමණ බනියා සනීප වී දියද නෑවෙන් මා සිතට යම් අස්වැසිල්ලක් දැනින.


මෙහෙන් පිටත්වීමට පෙර  මා හිතමිතුරු ශානකට ඇමතුමක් ගත් මා අප හමුවීමට එනලෙස පවසා පුවත් පත් සංස්කාරක වරියක් වන ගංගා අක්කටද කතාකොට දෙහිවලටද පැමිණෙන ලෙස පැවසුවෙමි. අපද බසයක නැගී දෙහිවලට පැමිණියෙමු. බනියා මුහුණ රෙද්දකින් වසාගෙන සිටියේ මුස්ලිම් කෙල්ලක මෙන්ය. ඒ පැපොල් ලප පෙනේයැයි බියෙනි. අප යනවිටත් ශානක සහ ගංගා අක්කා එතනට පැමිණ සිටියේය. එහිදී නිම කිරීමට තිබු අත්‍යවශ්‍ය වැඩක් නිම කල අප නැවත බසයට නැගුනේ නිවසට පැමිනීමටයි. බසයෙන් බැස නිවසට පැමිණෙන විට අපට මුණගැසුනේ බනියාගේ පහලගෙදර නැන්දාගේ දුව වන චූටි මැණිකේය. මා දැක පුදුම වූ ඇය බනියා අසනීපයෙන් බවත් ඒ නිසා ආච්චිලගේ ගෙදර ගිය බවත් සිඟිති අක්කා පැවසු බව පවසා අපසමගම ආපසු යාමට හැරිණ. එවිට මා අක්කේ යන්න ගිය ගමන යන්නේ නැද්ද ඇසූවෙන්, නැහැ මල්ලි මට පර්ස් එක අමතක උනා යයි පවසා ඉක්මන් ගමනින් නොපෙනී ගියාය. අප නිවසට පැමිණෙන විට සිඟා විසින් සකස් කොට තිබු දවල් කෑම කා බුලත් විටක්ද සපමින් සිටියේ සිතේ තිබු කික් එක වැඩිකම නිසාවෙන්ය. (කෝරලේ මහත්තරු කොහොමත් බුලත් කනවනේ)  නමුත් ඒ කික් එක සුනු විසුනු වී ගියේ බනියාට අයගේ මවගෙන් ආ දුරකථන ඇමතුමත් සමගය.

දුම්මල වරම අතට ගත් කපුවා සේ කෑ ගසන බනියාගේ මවගේ හඬ අප අසා සිටියේය. අයගේ වචන වල වූයේ දරාගත නොහැකි පාරජයක සලකුණුය. මක් නිසාද යත් කිසිවෙකු හෝ මා මෙහි පැමිණ ඇති බව දන්වා ඇති හෙයිනි. අයගේ කතාවෙන් මට පසක් වූයේ ඇය ක්‍රියා කොට ඇත්තේ සමන්ගේ ඉගැන්වීම මත බවය. මා හට දුරකථනය දෙන ලෙස පැවසු බනියාගේ මව. කරුණාකරලා දෙන්නම ඔවුන්ගේ ගෙදරින් එලියට බහින ලෙසත් දැන් මග සමන් එන බැවින් හිරි විලංගුවේ වැටෙන්න ආස නැත්නම් ඒ මොහොතේම පිටවන ලෙස දැන්විය. ඇමතුම විසංදි කල මා ටිෂර්ට් එකක්ද දාගෙන බලා සිටියේ සිදුවන්නේ කුමක්ද යනුවෙනි. කවුද බෝයි මෙන් මෝටසයිකලයෙන් පැමිණි සමන් එය නවතා මාදෙසට පැමිනුනාය.


එතන තිබු බල්ලාගේ දම්වැල මා අතේ ඔතාගත්තේ ගැහුවොත් නෙලනවා හොදි නැති වෙන්න යයි සිතාගෙනය. නමුත් මට ආදී කිහිපයක් කලින් නැවතුන සමන් බැහැපන් යකෝ දොට්ට යයි පැවසිය. එවිට මා පැවසුවේ බල්ලෙක් වගේ උඩු බුරලන්නේ නැතිව තමුන් බැස්සොත් නරකද යනුවෙනි. එවිට එතන තිබු මල් පෝච්චි කුඩු කරමින් කුනුහර්පකියමින් දඟලන්නට වූ සමන්ට බනියා නිවාස ඇතුලේ සිට එය නවත්වන ලෙස කී විට ඇයට කුණුහරප කියා පහර දීමට පැමිණි විට මා එතනට පැන ඔහුට අභියෝග කලේ පුලුවන්නම් අතක් තියල පෙන්වාපන් යනුවෙනි. එවිට මොකක් උඹ මටද කියන්නේ හිටපන් කැ***යා තෝව එලියට දාන්න නීතිමට විදියට යයි පවසා 119 ඩයල් කර ඇමතුවේ නිවසට කඩාවැදුන සල්ලාලයෙක් ඔහුගේ දුවට අතවර කරන්නට යන බවයි. අයියෝ සල්ලි............. පොලිසියෙන් පැමිණෙන තෙක්ම වල් ඌරෙකු මෙන් සුස්මමින් මිදුලේ එහෙට මෙහෙට ඇවිද ඇවිද සිටියේ මට තර්ජනය කරමින්ය.


මුන් කොතරම් චන්ඩි යයි බනියගේ මව සහ බනියා විසින් පැවසුවත් මුන්ගේ චන්ඩි කම් මම දැක්කේ දැන්ය. ගැහැනුන්ට සහ බෙලහීනයන්ට චන්ඩි පාර්ට් දාන මේ වැනි කැනහිලන් ගැන කවර කතාද.? මා අතේ රැඳී තිබු දම්වැලට  එතරම් බියක් දැක්වූ චන්ඩියාගේ තරම ඔබට මවාගත් හැකියි මට හිතෙනවා.එවිටම පොලිස් ජීප් රිය නිවසට පැමිනුනෙන් එයින් බට නිලධාරින් කිහිප දෙනෙක් වත්තට පැමිණුනේ කවුද කෝල් කලේ යනුවෙන් අසාගෙනය. එවිට ඉදිරියට පිනු සමන් මම තමයි මම තමයි මේ ඉන්නේ මෙන්න මු තමයි ගෙට රිංගල ඉන්නේ යයි පැවසීය. එවිට එලියට පැමිණ සිටි බනියා සහ සිඟිති අක්කාද මා අසලම සිටියෙන් අප තිදෙනාටම හිනහ පහල උනේ මේ පිස්සාගේ හැසිරීම මතය. අප වෙත ආ පොලිස් නිලධාරීන් කිහිප දෙනෙක් බනියාගෙන් සමනව දක්වා අර කවුද යයි ඇසීය. ඒ මගේ මාමා කෙනෙක්. ඕකේ..... එතකොට එය කියනවා මේ බලෙන් ගෙට පැනල කියන මේ කවුද? එවිට පිළිතුරු නොදුන් බනියා මගේ මුහුණ බැලුවෙන් මා සිඟිති අක්කා අමතා අර ලාච්චුවෙන් අහවල් පාට ලියුම් කවරයක් ඇති අරන් එන්න යයි පැවසීය. බනියාගේ නිශ්ශබ්දතාව ප්‍රයෝජනයට ගත් සමන් මගේ නුගුණ පොලිස් නිලධාරීන්ට කියමින් සිටියේය. මට විශේෂ බලපෑමක් එල්ල නොකරත් ඔවුන් මා වටකරන් සිටියේ හදිසියෙවත් පැනල ගියොත් අල්ලාගන්නට යයි මට සිතින.


සමන් පවසන පරිදි මෙම නිවස ඔහුගේ අක්කගේ බවත් මා නිවසේ කවුරුත් නැති විට මෙතනට රිංගා බනියාව අමාරුවේ දැමීමට තැත්කරන බවත් මාව අත්අඩංගුවට ගන්න ලෙසත් පවසන විට බනියා සමග කතාකරමින් සිටි නිලධාරියා මා වෙත පැමිණ හ්ම්ම් දැන් කියමු බලන්න තමුන් කවුද මෙයාගේ ඇයි මෙහෙ ඉන්නේ........? එවිට මා අත රැඳී ලියුම් කවරය ඔහුවෙත ඉදිරිපත් කල මා නිලදාරියාගෙන් ඇසුවේ මට කියන්න බලන්න මම මෙහෙ ඉන්නේ නැතිව කොහේ ඉන්නද කියාය? එහි අඩංගු දෙය කියවා නළල රැලි කරගත් නිලධාරියා සමන් දෙස බලා තමුන් කිව්වේ මේ කවුරුයි කියලද? මෙයා හොරෙන් ගෙට රිංගල කියල නේද ?     ඔව් නැතිව මු මොකෙක්ද.........? මේ මගේ අක්කගේ ගේ මු මොකෙක්ද.........?  මට තමා භාර ගෙදරයි ලමයි දෙකම.  
සමනව ලඟට කැඳවූ නිලධාරියා මෙහෙ වරෙන් මේ බලාපන් මේ මොකක්ද කියල. උඹට වඩා අයිතියක් එයාට තියෙනවා බීල බීල නිකන් අපිට පව් දෙනවා දැනගනින් ගිහින් දානවා කූඩුවේ වෙරි හිඳේනකන්.  නිකන් අපේ කාලේ කන්නේ නැතිව හිටපන්. ඔයාලට  ඕනෙනම් ඇවිල්ල පොලිසියේ එන්ට්‍රි එකක් දාන්න මේ මිනිහ නිකන් කරදර කරනවා කියල. පොලිස් නිලධාරියා අත රැඳී කොලය දෙස බැලු සමන්ගේ ඇස් දෙක නලලෙනුත් උඩට ගියා සේ පෙනින. ඔව් ඔයාල හිතන එක හරි ඒ ලියවිල්ල තමයි





හිකිස්....... ඔන්න ඕකට තමයි අපි එමින් ගමන් දෙහිවලින් බැස්සේ.  කෙසේ  හෝ සිද්දිය සමතයකට පත් කල අප පොලිස් නිලධාරීන්වත් පිටත් කොට යවා සමන්ටත් යන්නට පවසා හැන්දෑවේ අප ලඟම හිතවතුන් වෙනුවෙන් පවත්වන්නට සූදානම් කල පාටිය වෙත හිත යොමු කළෙමු.









                                        දැන්  තමයි මට කියන්නේ හිතෙන්නේ නිම්හිම් සෙව්වා සින්දුව


ඔන්න ඔහොමයි කරදර භාදක කොතෙකුත් ආවත් මා ජීවිත් ප්‍රථම වතාවට ආදරය කල. මා කුළුඳුල් හාදුවක පහස ලබපු මගේ පුංචි කෙල්ලව මගේම ආදරණීය බිරිඳ කරගත්තේ. ඔව් ඇය මගේ බිරිඳයි ඔක්තෝම්බර් 17 වැනි දින එලබෙන්නාවූ අප දෙනාගේ 3 න් වැනි ඇනිවසරිය නිමිත්තෙන් තමයි මේ පොස්ටුව ලියන්නේ. (2009 ඔක්තෝම්බර් 17 වැනිදා තමයි පනුවෝ ඉන්න චොකලට් එකකුත් අරන් මුල්ම වතාවට මම මගේ රත්තරං කෙල්ලව බලන්න ගියේ. අදටත් පුංචි හා පැටියෙකු වගේ මා අසල හුරතල් වෙන. ඇතැම් විටක ආච්චි අම්මා කෙනෙකු මෙන් මට තරවටු කර මට වන්නට යන වැරදීම වලින් මා මුදවන. තියන තියන හැම පියවරක්ම මාගේ සෙවනැල්ල මෙන් මා පසුපසින් හිඳ මා දිරි ගන්වන. නිවසෙන් පිටවූ පසුව අහිමි අම්මාගේ ආදරයේ අඩුව දැනෙන්නට නොදෙමින්. අසීමිතව මට ආදරය කරන. පාඨක ඔබට කොමෙන්ටුවල දැක හුරුපුරුදු කෝරලේ හාමිනේ තමයි මගේ ආදරනීය බිරිඳ බනියා


මේ ලබන පෙබරවාරි 1 වැනිදාට කසාද බැඳලා අවුරුදු දෙකක් ගතවෙනවා. අදට නම් දෙවියනේ කියල කරදර අඩුයි. නමුත් අපි දෙන්නටම අමතක වෙන්නේ නැහැ අපි ගෙවපු ඒ කරදර සහිත වකවානුව. සිහින කුමරිය නවවන කොටසින් ඉවරකරන්නට තමයි හිතන්නේ මොකද කියන්නේ තව විස්තරයක්  දෙකක් දාන්නද????? 


මෙතෙක් දින මා ලියන්නාවූ සියල්ල කියවමින් මට දිරියක් වූ මගේම හිතවත් මිතුරු කැලට මගෙත් බනියාගේත් දෙදෙනාගේම ස්තූතිය පුදකරනවා. වරදක් අඩුපාඩුවක් එහෙම දැක්කොත් කියන ලෙස කරුණාවෙන් ඉල්ලා සිටිනවා. අන්ධයෙක් ලෙස මට ලැබෙන්නා වූ ඊමේල් බ්ලොගයට දමමින් හරයක් නැතිව කරගෙන ගිය මෙම බ්ලොගය මෙම තත්වයට ගැනීමට සහය දුන් මිතුරන් අතර 

අපේ සඳරුත්, Mee Godayaa (මී ගොඩයා) මතක් කරන්න ඕනේ. එමෙන්ම එදා සිටම මා අසල සිටි මිතුරන් ලෙස තරියා ,හිරුහිමාවී, මඩිස්සලේ නිශාන් මලයා, අපේ මඩයා, වීපොකුර,  මහත්තයා, රොබින් ,Dude අයියා, අවතාර්, මධුරංග, ධමිමික, Loku John,අයියා නාඩියා, අටම්පහුරහිරු අක්කා, ළිහිණි අක්කා,  බණ්ඩා, LuCkY rOsE  සයුරි , Gayani Wedage , Naleen Dilruksha, අමා, අළුත් මල්ලි, Chandana, මෙතෙක් නම් කියූ සහ නොකියවුණු තවත් ගොඩ දෙනා මෙහි සිටියත් නම් වශයෙන් හඳුන්වන්නට අවස්තාවක් මම පසුව යොදාගන්නවා.


   මම මේ ඉහත සඳහන් කරලා තියෙන්නේ වලව්වට නිතරම ආ ගිය සහ බැලීමෙන් පසුව සටහනක් තබා මා දිරිමත් කල අය අතරින් නිතරම මගේ මතකෙට එන අයව පමණයි. නමුත් මෙහි නම් සඳහන් කරලා නැතත් බොහෝදෙනා මෙය බලන බව පොස්ටුවක් දැමු විට පවතින ට්‍රැෆික් එක දිහා බැලුවම මට පේනවා එමෙන්ම බ්ලොග් ලියන්නේ නැති. අපේ කවිඳු මල්ලි, අයෝමි අක්කා ටිරා පාලිත අන්කල් හර්ෂ අයියා ඇතුළු මාව දිරිමත් කරන හැමෝටම මෙම පොඩි අවස්ථාවෙන් ස්තූති කරනවා. 



ඔයාලගෙන් හම්බවෙන අදහස් මට හරිම වටිනවා ඒ අනුව තමයි මට ලියන්න කික් එකක් එන්නේ. ජීවිතේට රචනයක්වත් ලියල නැති සිංහල ගැන මෙලෝ දෙයක් නොදන්නා මමත් බ්ලොග් ලියන්නෙක් බවට පත්කරලා තියෙන්නේ ඔයාලයි. ඉතින් සිහින කුමරිය මෙසේ නිම කලත් ඉන් පසුව සිදු වූ සිද්දි කෝරලේ මහත්තයා වැලිකඩ ලැග්ග ඒවා ගැන වෙනම විස්තර මාලාවක් ලියන්නම් එහෙනම් පස්සේ හම්බ වෙනකල් හැමෝටම ජය වේවා!


 මොකද කියන්නේ තව විස්තරයක්  දෙකක් දාන්නද????? නැත්නම් සිහින කුමරිය මෙතනින්  ඉවර කරන්නද?





Monday, 8 October 2012

සිහින කුමරිය. (අට වැනි කොටස) ජීවිතය වෙනස් කල කතාවක්.





  

 පළවැනි කොටසට මෙතනින්
දෙවැනි කොටසට මෙතනින්
තුන්වැනි කොටසට මෙතනින්
සිව්වැනි කොටසට මෙතනින් 
පස්වැනි කොටසට මෙතනින් 

සයවැනි කොටසට මෙතනින්

 සත්වැනි කොටසට මෙතනින්

සමීර හමුවීමට ගියේ තරමක චකිතයක් හිතෙහි දරාගෙනය. මක් නිසාද යත් මේකා දැනටමත් කර තිබෙන සන්හදිය ප්‍රමාණවත් බැවින් ඉතාමත් පරිස්සමෙන් යුතුව අවස්ථාවට මුහුණදීමට සිතාගත්තෙමි.  මා එහි යන විට සමීරත් චමිලාත් (මෑන්ගේ හොර වයිපරේ) පමණක් නිවසේ සිටි බැවින් මම ඔවුන්ගෙන් මෙහි මා කැඳවීමට කාරනාව විමසුවාය. එතැන් සිට කතාව ගියේ මෙන්න මේ විදියටයි. පුතා ඔයා මේ සම්බන්දවෙලා ඉන්න පවුල ඔයාට ඔයාගේ පවුලට ගැලපෙන පවුලක් නෙවෙයි මාමණ්ඩිය බොනවා ඔයාට ගෙදරින් යන්න වෙලා තියෙන්නේ මේ සම්බන්දෙ හින්දනේ. ඔයා මේ පවුලෙන් ඈත් උනොත් ඔයාට ගෙදර යන්නත් පුළුවන් ඉගනීම නොකඩවා කරගෙන යන්නත් පුළුවන් දැනටමත් පරක්කු නැහැ යනුවෙන් පැවසීය. තවත් බොහෝ දේ පැවසුවත් ඒවා අකුරු කිරීම උචිත නැති නිසා කෙටි කොට පැවසුවොත් ඔවුන්ගේ වෑයම වූයේ මාව කෙසේ හෝ බනිගේ දෙමාපියන් කෙරෙහි බිඳවීමයි. මා සියල්ල සාවදානව අසා සිට පවුල් අතර ප්‍රශ්න ඇතිවෙනවා නමුත් ඒවා යම් කිසි කාලෙකදී විසදෙනවා නමුත් පිටින් ඒවාට බලපෑම් කරන්න යන අය තමයි අන්තිමට නරක මිනිස්සු වෙන්නේ යයි පවසා එතනින් පිට විය. නමුත් එතන ඔවුන් නොදන්නා යම් කිසි ක්‍රියාදාමයක් සිදුවිය. ඒ මුල සිටම සියලුම කතා බහ මාගේ දුරකතනයේ පටිගතවීමයි. හිකිස්........






මෙසේ තවත් තැන් කිහිපයකින්ම ඔවුන්ට ව්රුදුව සාක්ෂි එක්කාසු කොට බනිගේ දෙමව්පියන් වෙත දක්වන ලදී. එදින මා නවාතැනට පැමිණ බනියාට කතාකොට මා කල සපන්කම ගැන පැවසුවේ බනියෝ දැන්වත් අපේ ප්‍රශ්න ඉවර වේවි. මම මේ වගේ වැඩක් කලයි කියාය.නමුත් මා එවන් වදනක් පැවසීමට ඉක්මන් වූවා වැඩියි සිතුනේ ඊට පසුදින බනිගේ දෙමාපියන් ගොස් සමීරගෙන් මේ පිළිබඳව විමසීමට ගොස් ඇති බැවිනි. මා මේ සියල්ලම සිදු කලේ ඔවුන්ට මේ ඇතිකරනු ලබන වැරදි වැටහීමෙන් ඔවුන් මුදවා අර හොර තක්කඩියාගෙන් ඔවුන්ව මුදාගැනීමටය මක් නිසාද යත් එය අප දෙදෙනාගේ අනාගතයටද බලපානා බැවිනි. නමුත් සිදුවී ඇත්තේ කුමක්ද...........? මාව පරික්ෂා කිරීමට එය ඔවුන් ඇටවූ උගුලක් යැයි  වටහා දී නැවත බනිගේ පියාගේ හිතදිනාගැනීමට  මෙම උරන් ඔටන් සමත්වී ඇත. 


මා හට සිදු වූයේ කබලෙන් ලිපට වටුනාක් මෙන් සිද්දියකි. එහෙමත් නැත්නම් වඳින්න ගිය දේවාලේ ඉහේ කඩාවැටුනාක් මෙන් සිදුවීමකි. එතැන් පටන් ඔවුන් බනිගේ දෙමාපියන් මට එරෙහිව කුලප්පු කිරීම ඩබල් කල බව අපට වැටහින. මේ 2010 අවුරුද්දේ අන්තිම වකවානුවයි.


හදිසියේම බනිගේ මව ලංකාවට ගියේ යම්කිසි හදිසි කටයුත්තක් ඇතිබැවින් සහ එංගලන්තයේ සිටින අයගේ නැගණිය පැමිණෙන බැවින්ය. ගුවන්තොටුපලට ඇයව ඇරලීමට පවා සිදු වූයේ මටය. මව ලංකාවට ගොස් දින කිහිපයකට පසු උදාවූයේ 2011 අලුත් අවුරුදයි. නමුත් යම් කිසි සිදුවීම් මාලාවක් ක්‍රියාත්මක වනබව මට වැටහුනේ මව ලංකාවට ගිය දින සිට බනි මට කතාකරන්නේ ඉතා අඩුවෙන් බවත් දිනකට විනාඩි පහකට දහයකට සීමා කර ඇති කාලය වුවත් ඇය කතාකරන්නේ එතරම් උනන්දුවකින් නොව කතාකළ යුතු නිසාවෙන් බවත්ය. මවත් පුංචිත් සමග  ඔවුන්ගේ වැඩකටයුතු සඳහා එහෙ මෙහෙ යනබවින් කිසිවක් පැවසීමටද නොහැක අනෙක එවන්වූ දෙයක් පැවසීමට මා හට බලයක්ද නැත. දිනක් ඇතිවූ කතා බහ දුරදිග යාමක් තුලින් බනි මා හට සතෙකුට මෙන් බැන වැදින. එය මටම අදහා ගත නොහැක්කක් වුයේ මෙතරම් මට ආදරය කල කෙල්ල මේ දවස් කිහිපයට මෙතරම් වෙනස් වූයේ කෙසේද කියාය. දවස් කිහිපයකට පසුව නැවතත් මා ඇයව අමතා හේතු විමසන විට ඔවුන් සිටියේ. මා ඩ්‍රයිවින් නොදන්නා බව පැවසු සමන් නමැති බනියාගේ මාමාගේ නිවසේයි. එදිනත් ඇය සමග කතාකිරීමට නොහැකිවූයේ එතන තිබු ගෝසාව නිසාවෙනි. කලකිරීමට පත් මා පරිඝනකය වසා දමා ඔයාල දැනටමත් දන්නා හඳුනන ටිරාට (දන්නේ නැත්නම් මෙතනින් බලන්න කෝ) කෝල් එකක් දී  එනබවත් බොන්න. ඉන්නේ අප්සට් එකේ බැවින් වැටෙනකන් බීමට අවශ්‍ය බව පැවසීය. සාමාන්‍ය පෙළ සමයේ සිටම යහළුවන් සමග මදපමනට සප්පායම් වුවත් ඒ විනෝදයටය. මට කවදාවත් බීල වැටෙන්නට උවමනා වූයේ නැත. මන්ද යත් මා වෘතිමය බේබද්දෙකු නොවූ බැවිනි. නමුත් මෙදින තත්වය හාත්පසින්ම වෙනස් විය. කෙසේ හෝ බීම ඉවර කරන විට මට කෙලින් හිඳීමට තරම් වත් පණක් නොවීය. මා නවාතැන් ගෙන සිටි ගොඩනැගිල්ලේම පහල තට්ටුවේ ටිරා වාසය කල බැවින් හොඳය. නැත්නම් වෙන්නේ බීමත්ව රිය පැදවීම මත සදාකල් ජේල් යන්නටය. 


 




නැවතත් ලැප ඕන් කලේ අදනම් මේකෙන් දෙකෙන් එකක් විසඳාගන්නවා යැයි සිතාගෙනය. ප්‍රශ්නයක් කතාකිරීමට බීමත්ව යාම නුසුදුසු බව මට එදා වැටහුනේ නැත. බනීට කතාකරන විට ඇය ගෙදරට පැමිණියා පමණි. බීමතින් සිටි මගේ හිතේ වූ වේදනාව වැඩි බැවින් මා ඇයට දොස් පවරුවෙමි. මේවගේ තැන් තැන් වල යන්නේ ඇයිදැයි අසාය. නමුත් බනිගේ මව ඒවන විට මෙම කතාවට සවන් දෙන බව මා දැනන් උන්නේ නැත. මම තනියම නෙවෙයි ගියේ අම්මල එක්ක. අනෙක මාමලාගේ ගෙදරනේ.... පැවසුවෙන් මගේ අර යකා කියන එකා හිස්මුදුනටම නැග ඔලුව තවත් විකාර වුයේ මක්නිසාද........? අපිට අද වනතුරු බාදකයක් වුයේ මා හට මෙතරම් නිග්‍රහ කොට ඇත්තේද එම මිනිසාම බැවින් ඔවුන්ගේ නිවසට ඇය යාම මට කෙසේවත් රිසි වන්නක් නොවීය. එවිට මා සමන්ට දොස් පවරන්නට ගත්තේ ඇයට බැනීමට නොහැකි බැවිනි. නමුත් මැද්දෙන් පැන්න  බනිගේ මව මගේ සහෝදරයෝන්ට බනින්න එපා මේ සම්බන්දෙ හරියන එකක් නෙවෙයි කේන්දර ගැලපෙන්නෙත් නැහැ ඒ නිසා මේක කරන්න බැහැ . ඔය දෙන්න දෙපැත්තට වෙන්න අපි මෙයාව පුංචි ලඟට යවනවා. එක එයාගේ ඔපරේෂන් එකටත් ලේසියි. යනුවෙන් පැවසීය. 



යකෝ.......... මෙච්චර කට්ටක් කාල ගෙදරින් තරහ වෙලා මගේ ගෙදර මිනිස්සු එපා කියල හත්මුතු පරම්පරාවටම විරුද්ද වෙලා මේ ඉගනගන්න ගමන් රස්සාත් කරන ගමන් මේ ලෝන් අරන් කැම්පස් එකටත් ගෙවලා මගේම ශක්තියෙන් නැගිටිනවා හොඳ තැනකට එනවා. ඇවිත් එපා කිව්ව හැමෝටම කට ඇරෙන්න වෙඩිමක් අරන් මගේ බනියව බඳිනවා කියල අනාගත බලාපොරොත්තු තිබ්බ මට මේ මොකක්ද වෙන්නේ මොකක්ද වෙන්න යන්නේ.............. අන්තිමට මට අල්ලපු අත්තත් නැහැ  පයගහපු අත්තත් නැහැ. මදැයි කොලා කිව්වලු.......... මට මෙතරම් පීඩනයක් ජීවිතේ කිසිම දිනක ලැබී නොතිබිණ. මක් නිසාද යත් ගෙදරට වෙලා දෙමව්පියෝන්ගෙන් කකා බිබී කිසිම බරක් පතලක් නැතිව හිටපු මට මෙවැනි ප්‍රශ්න වලට මුහුණදීමට සිදුවී තිබුනේ නැති බැවින්. මාගේ ඔලුවේ කැක්කුම වැඩිවිය. ආ............. මට කියන්න අමතක උනානේ මගේ ඔලුවේ කැක්කුම ගැන. මේක මුලින්ම ආවේ උසස් පෙලට පාඩම් කරන කොට ඊට පස්සේ MCSE  වලදී පස්සේ පස්සේ කැම්පස් එකේ හැම එක්සෑම් එකකදී වගේම ඔලුවට පීඩනයක් එන හැම වෙලාවකදීම වම්පස හිස් මුදුනේ සිට ඇස දක්වා පැතිරීයන හිරිවැටීම කුමන හෝ විදියකින් ඉවසා සිටීමට නොහැක.  මෙය migraine හි එක අවදියක් වෙයි. එයින් මිදීමට නම් අඩුම තරමින් පැය 8 කවත් නින්දක් ඉක්මනින් ලබාගත් යුතුවෙයි. පටපිටාව නිහඬ වීමද අනිවාර්‍යය වේ. නමුත් මේ ප්‍රශ්න මැද කෙසේ එවන් වූ නින්දක් ලබාගන්නේද? එබැවින් දිනපතා සිහි නැතිවන තුරු බීමට ඇබ්බැහි වූවෙමි.


මාගේ වෙනස් වීම අන් අයටද වැටහී ඇතිබව වැටහුනේ අපගේ ආචාර්යවරයෙකු වන ප්‍රොෆෙසර්  ඩේමියන් මාව ඔහුගේ කාර්යාලයට කැඳවා කරුණු විමසීමෙන්ය. ඔහු ආචාර්ය මණ්ඩලයේ සිටි  මාහට හිතවත්ම ගුරුවරු කිහිප දෙනාගෙන් එක් අයෙකි. වෙන කීමට දෙයක් නොවුයෙන් මා සියල්ල ඔහුට පැහැදිලි කලෙමි. එවිට ඔහු මට දුන් එකම අවවාදය නම්

 Don't waste your time on thinking. show some actions then only you can come out of the problem.

 හ්ම්ම්ම්..... එකත් එහෙමනම් මම තීරණයක් ගත්තෙමි ඒ මොවුන් හදන්නේ මට කොකා පෙන්වන්නට නම්, මමත් විස විසෙන්ම නැසිය යුතු බවයි. දැනගන්නට ලැබුණු පරිදි බනිගේ මව ඒ දෙය මෙහි සිටම තීරණය කරගෙන ගිය දෙයක් විය. මම විසින්ම ගොස් ගුවන්තොටුපොළට ඇරලවල ආව මනුස්සයට මේ වගේ තීරණයක් ගන්න පුලුවන්ද කියල මම කල්පනා කලා. ඕකේ පුලුවන්නම් මටත් පුළුවන් ඊට වඩා දෙයක් කරන්න.මම තීරණයකට පැමිණියෙමි. අද ජනවාරි 14 වැනිදායි. දින දෙකකින් එනම් 26 වැනිදා බනියාගේ මව නැවත මෙහි පැමිණීමට නියමිතයි. ඊට පෙර කරන්නාවූ දෙයක් කල යුතුයි. 

15 වැනිදා එළිවෙන්න 5.30 ලංකාවට යාමට නියමිත ගුවන් යානය වූයෙන් එයත් කලබලයෙන් බුක් කල නිසා ලැබුනේ සාජා ගුවන්තොටෙනි. එය මා සිටින ප්‍රදේශයේ සිට කිලෝ මීටර් 60ක පමණ දුරින් වුයෙන්. උදෑසන තනිවම ඇඳුම් බෑගය සූදානම් කොට වාහනය පදවාගෙන ගුවන්තොටට පැමිණ එහි ඇති රිය අංගනයෙහි (parking) වාහනය නැවත යතුරත් කැබි හෝල්  එකට දැම්මේ අද හවස ටිරා පැමිණ වාහනය ගෙනයනවා යැයි පැවසු බැවිනි. කෙසේ හෝ දහවල් 2 ට  පමණ නිවසට පැමිණීමට හැකිවිය. ජරමර අස්සේ බරකරත්ත කිව්වාක් මෙන් මාගේ පරණ සිම්පත වැඩක්නේද නැත. අලුතෙන් නොම්බරයක් ලබාගත් මා ඕන් ලයින් ගියේ නිවසේ කරන්නට දෙයක් නොවූ බැවින් හා අරහේ සිදුවන්නේ මොනවාදැයි නොදන්නා බැවිනි. බනියා නොසිටියෙන් මා මදක් නිදාගත්තෙමි.

 නමුත් මා නැවත ඇහැරෙන විට වෙලාව රාත්‍රි  10 පසුවී තිබිණ. නැවත ඔන්ලයින් ගියේ අතුරුගිරිය නගරයට කෑමට යමක් ගණනට යමින් ගමන්ය. ඇය සිටිය බැවින් මා ඇයව ස්කයිප් හරහා ඇමතුවේ මා මෙහි පැමිණ ඇතිබව ඇය නොදන්නා බැවින්ය. කෑම කනගමන් ඇය හා කතාකළ මා. ඇයගෙන් ඇසුවේ අද අම්මව දාල ආවට පස්සේ ගෙදර ඉන්නේ කවුද යනුවෙනි. එවිට ඇය කිව්වේ පල්ලෙහා ගෙදර නැන්ද ඉඳීවි කියාය. එවිට මා නැන්දා ඉන්ඳ නොගන්න ලෙසත් මේ පහුගිය සිද්ද වූ දේවල් ගැන කතා කිරීමටත් ඇති බැවින් සිඟිති අක්කා  සමග පමණක් නැවත ගෙදර එන ලෙස දැන්විය. 




වෙලාව පාන්දර තුනයි ඔවුන් පැමිණීමට තව විනාඩි හතලිස් පහක් පමණ වූයෙන් තාප්පෙන් පැන වත්තට ඇතුල් වුනෙමි. 



එවිටම අර කළු දඩෝරියා බුරාගෙන පැමිණි නමුත් මා ලඟට පැමිණ ඉවකොට මාගේ කකුල් දෙකේ දැවටෙන්නට විය. මේ යකා මෙතෙක් කල් මිනිසුන් 30 කට වැඩි ප්‍රමාණයක් හපා තිබුනෙන් මා සිටියේ අපමණ බයෙන් යුතුවය. මාව නුහුරු ඇතිදෝ සැකෙන්ය. වාහනයක් හරවන ලයිට් එලිය පාරට වැටුණු නිසා මා පිළිකන්න දෙසට වුනෙමි. බනියා සහ අක්කා පැමිණ දොරවල් අරින සද්දයත් නැන්දලා පිටව යන හඬත් ඇසින. ඇය අක්කට පරිගණකයන් කරන ලෙසත් මා හිටියොත් පොඩ්ඩක් සිටින ලෙස පවසන ලෙසත් පවසා යන ශබ්දය ඇසින. විනාඩි පහකට පමණ පසුව ඇය ඇඟ සෝදාගෙන  පැමිණෙන ශබ්දය සහ අක්කා බාත්රූම් එකට යන හඬ අහුනෙන් මෙය මට ක්‍රියාත්මක වීමට වෙලාව බව වැටහින. 


ඉදිරි පස දොර ලොක් කර ඇති නිසා මෙය අරවා ගැනීමට එයට තට්ටු කලෙමි. ඇය එන බව දැනුනෙන් විගස දිවගොස් පිටුපස දොරට තට්ටු කලෙමි. ඇය එදෙසට එන විට මා සිතු පරිදිම ඉදිරිපස ගොර අගුල් නොදා තිබිණ. ඔවුන් එසේ සිටින්නේ මේ පාර පෞද්ගලික පාරක් සහ පටන් ගැන්මේ සිට අවසානයටම සිටින්නේ බනියගේ පිය පස නෑයින් බැවින් ඔවුන් එතරම් සොර සතුරන් ගැන බිය නොවීය. සාලයේ වූ සොපාවේ අසුන් ගත් මා ස්කයිප් එකට රින්ග් කලෙමි. එවිට ඇය අක්කා සමග කතාකරමින් නාන කාමරය පැත්තේ විය. ෆෝන් එක කනේ තියාගත් ඇය සාලයට පැමිණෙන හඬ මට ඇසින. සාලයට පැමිණ දුටු දසුනෙන් ඇය කෙතරම් පුදුමයට පත්වූවාද කිවහොත් ඇය පුටුවකට බරවූයේ නැත්නම් බිමට වැටෙනවා නොඅනුමානය.




 මක් නිසාද යත් මෙයට මෙය දෙක තුනකට පෙර ඩුබායි උන් මනුස්සයා දැන් තමන් ඉදිරිපිට ඉන්න කොට කාටද පුදුම හිතෙන්නේ නැත්තේ........?


දෙවැනි කොටසට  මෙතනින්.
තුන්වැනි කොටසට මෙතනින්
සිව්වැනි කොටසට මෙතනින් 
පස්වැනි කොටසට මෙතනින් 
සයවැනි කොටසට මෙතනින්
සත්වැනි කොටසට මෙතනින්  

නමවැනි කොටසට මෙතනින් 




Saturday, 6 October 2012

කෝරලේ මහත්තයාගේ කැරැට්ටුව. සහ ස්තූති කතාව

අද මේ පොස්ටුව ලියන්නේ
අද ඔක්තෝම්බර් 6 වැනිදාට දී තිබෙන මගේ විසි තුන්වන උපන්දිනය වෙනුවෙන්. මෙය ඇත්තටම පොස්ටුවක් නොවුනත් එක්තරා ආකාරයකට ස්තූති කිරීමක්. ඒ සුභ පතපු සහ නොපතපු මගේ යාළුවො හැමෝටම. දැන් ඉතින් තව අවුරුද්දකින් වයසට ගියානේ. ඉතින් මින් ඉදිරියට ලියන පොස්ටුවල කලින් පැවති වැරදි අඩුපාඩු හදාගෙන ඉස්සරහට වඩාත් හරවත්ව ලියන්න තමයි හිතට ගත්තේ. ඉතින් මගේ බ්ලොග් ගමනට දිරිදෙන මගේ බ්ලොගයට ගොඩවැදිලා යන හැමෝටම පෞද්ගලිකවම සන්ග්රහකොරන්න අවස්ථාවක් නැති නිසා. ඔන්න ඉතින් මම මාගේ හදපිරි ස්තූතියත් සමගම. පොඩි කේක් එකක් දානවා කාල බලල රසද කියන්නකෝ...... :P හිකිස්......... ඔන්න ඉතින් බනින්න එපා මු අපිට පින්තූර පෙන්වනවා කියල හොඳේ......... ඔන්න එහෙනම් හැමෝටම ජයෙන් ජයම වේවා!


ආ....... කියන්න අමතක උනානේ මේ පින්තූරේ ඉන්නේ පූසෙක් නේද? හිතන්න එපා ඒ ඇයි කියල සිහින කුමරිය කතාවේ බනී දන්නවනේ එයා මට කතාකරන්නේ කිටී කියලයි. ගොඩක් දුරට ඉතින් මගේ පෙට් නේම් එක (හුරතලේට කතාකරන නම) කිටී තමයි. බලන්නකෝ හරිම හුරතල් කොලු පැටිය නේද? :P කෝරලේ මහත්තයා ඉතින් සයිබරයටම වෙන්වූ නමනේ....... මුලින්ම මම බ්ලොග් ලියන්න හැදුවේ පූසා කියල හරි කිටී හරි කියල. ඉතින් බැලුවාම ඒ නමින් කෙනෙක් ඉන්නවා කියල ගුගල් දෙයියෝ කිව්වා. ඉතින් කරන් දෙයක් හිතාගන්න බැරුව තමයි මේ කෝරලේ පට්ටම දාගත්තේ. එහෙම නැතිව කෝරලේ වගේ පොරක් නම් නෙවෙයි හරීම අහිංසක ඩයල් එකක් තමයි මම :P

 එහෙනම් හැමෝටම ජය වේවා කිව්වා මම කැපුනා.

Tuesday, 2 October 2012

සිහින කුමරිය. (සත් වැනි කොටස) ජීවිතය වෙනස් කල කතාවක්.

පළවැනි කොටසට මෙතනින් 
දෙවැනි කොටසට මෙතනින්
තුන්වැනි කොටසට මෙතනින්
සිව්වැනි කොටසට මෙතනින් 
පස්වැනි කොටසට මෙතනින් 

සයවැනි කොටසට මෙතනින්





දින දෙකතුනක් ගෙවීගියේ කප්පරක් බර මසිතෙහි තැන්පත් වී ඇති අතරෙහිය. අතේ ඇති මුදල්ද සීමිත වූයෙන් ඒ පිළිබඳවද සිතීමට සිදුවීම නිසා බනීව දැකීමට යාම තරමක්  අඩුකලෙමි. ඇය දන්නා අඳුනන ආච්චි කෙනෙක් සහ සීයා කෙනෙක් සිටින බවත් ඔවුන් අයගේ තනියට නැවතීමට කැමති බවත් ප්‍රකාශ කල හෙයින් ඔවුන් සමග සාකච්චාකිරීමට මා එහි ගියෙමි. එහිදී ඔවුන් නිවසේ නැවතීමට කැමති බවත් ඔවුන්ට උපකාරයක් ලෙස සුළු මුදලක් බනීගේ දෙමාපියන් ලවා ගෙවීමට පොරොන්දු කරවගත්තේය. මක් නිසාද යත් ඒ මොහොතේ මම රන් එක ගෙනිච්චේ රීම් එකෙන් නොව ස්පෝක් වලින් බැවිනි. මාගේ වීසා සියල්ල සුදානම් බැවින් නැවත ඩුබායි බලා යාමට දින නියම විය. බනී දවස ගතකලේ ඇසේ කඳුළු සඟවමින්ය. මා දුරස් වීම දුකක් වුවත් අපගේ අනාගතය වෙනුවෙන් මා එහි යා යුතුම විය.

රැකියාවට පැමිණ විඳින්නට වූ ගැහැට ගැනනම් කතාකොට පලක් නැත. මක් නිසාද යත් එතරම්ම කටුක වූ බැවිණි. මාහට කිරීමට ලැබුණු පළවැනි වැඩය (task) නම් අල් අයින් (al ain ) නමැති ශුෂ්ක පෙදෙසෙහිවූ අප සමාගමට අයත් ට්‍රේනින් සෙන්ටර් එක නෙට්වර්ක් කොට කැමරා සවිකොට ස(ර්)වරයක් ස්ථාපිත කිරීමයි.


 කලක් අතහැරදමා තිබු එහි එකල වූ උෂ්ණත්වය සෙල්ෂියස් අංශක 55 ට වඩා වැඩි විය. උදේ පාන්දර 5 ට පැමිණෙන බස් රථයෙහි නැගී මාගේ සහයකයා වූ ජියා සමග පිටත් වී නැවත නවාතැනට පැමිණෙන විට රාත්‍රී 10 පසුවෙයි. බංගලාදේශ් ජාතිකයෙකු වූ ජියා මාහට උපකාරී වූයේ උඩ නැගීමට කේබලින් කිරීම සහ කැමරා සවි කිරීමට වැනි කටයුතු සඳහායි. තාක්ෂණික පැත්ත ගැන දැනුමක් නොතිබූ ඔහු අප සමාගමේ නඩත්තු අංශයේ විදුලිකාර්මිකයෙකු වෙයි. ඒ හෙයින් සියලුම වගකීම මා පිට පැවරී තිබුණු බැවින් එය විගසින් සාර්ථකව නිමා කිරීමට මා උත්සුක විය. IP කැමරා වූ ඒවා ස්ථාපිත කිරීම තරමක් මොලය කුරුවල්  වෙන රාජකාරියක් විය. මක් නිසාද එහි ෆර්ම්වෙයාර් එක තරම් අබ්ලික් සිස්ටම් එකක් වූ බැවිනි.   එයත් ස(ර්)වාරයත් අතර සම්බන්දතාව ගොඩනැගීම බොහෝදුරට කොම්පියුටර් දෙකක් අතර කොමියුනිකේෂන් එක හා සමාන වූ බැවින් ඉතිරි වැඩ නම් එතරම් අසීරු වූයේ නැත.    කෑමට සැපයුනේ දියාරු පරිප්පුවක් සමග බොරළු හා සමාන බතකි.




අතේ මුදල්ද නොවූ බැවින් බනි හා කථා කිරීමට වූ එකම මග තරමක් දුර්වල සිග්නල් තිබු වයි ෆයි එකක් විය. රෑ වැඩ නිමකොට පැමිණ අඩුම තරමින් පැයක් හෝ ඇය සමග කතාකිරීම මාගේ පුරුද්දක් විය. ඒ දිනවල නින්ද පැය  කිහිපයකට පමණක් සීමා වූයේ තිබුණු වැඩ රාජක්කාරී වැඩි කම නිසාමය. කෙසේ හෝ අල් අයින් වල සිදු කල එම රාජකාරිය සාර්ථකව නිමාකිරීමට මට හැකි වීම නිසා අපේ ලොක්කා සිටියේ පස්වනක් ප්‍රීතියෙන් පිනා යමින්ය. කෙසේ හෝ විශ්ව විද්‍යාලයට ගෙවීමට ලෝන් එකක් ලබාගැනීමට සහ ඒ සඳහා කාලය ලබාදීමට ආයතන ප්‍රධානියා කැමති කරගැනීමට අපගේ කළමනාකරු සමත් විය. අල් අයින් හී සිදු කල එම කටයුත්ත මා හට ජීවිතේට නව දිරියක් ලබාදුන්නේය. කෙසේද යත් අදට වුවද හම්බ වෙන කිසිම කටයුත්තක් බැහැ නොකියා බාරගැනීමට තරම් ආත්ම ශක්තියක් මට ලැබුනේ එම ගමනින් පසුවය. නමුත් මින් පසු උදාවූ කාල පරිජ්ජේදය මාහට අපල දායක වූයේ නැත. නමුත් මට ළඟදීම සෙනසුරු අපලයක් උදාවෙන බව වැටහුනේ බනියා කෝල් කර කල ඉල්ලීමක් නිසාය.



මෙපමණ දවසක් මෙම සම්බන්දයට මැදිහත් නොවූ එකම චරිතය බනියාගේ පියා විය. ලංකාවේදී බනියාගේ නෑයින් පැවසුව පරිදි  ජයසිංහ මහතා යනු කිසිවෙකුට මෙල්ලවන්නේ නැති කිසිම විදියකින් මේ සම්බන්දය අනුමත නොකරන අයෙකු විය. මා ලංකාවේදී මේ පිළිබඳව බනියා සමග කතාකරන විට ඇය මා හට ඔහු ගැන පැහැදිලි කලේ දිනු අයියේ අපේ තාත්ත කියන්නේ ගලක් අහුලලා මේ මැණිකක් කිව්වොත් අනිවා අනෙක් ඇය ඒක පිළිගන්න ඕනේ එහෙම නැතිව එය එක්ක ඔලුව ගනගෙන ඉන්න බැහැ යයි කියාය. එවිට එය ඒ මොහොතේදී මට විහිළුවක් විය. මා ඇයට පිළිතුරු දුන්නේ. බනී මට එයාව එකසැරයක් හම්බ උනොත් මමයි ගල අහුලන්නේ මමයි මැණික කියන්නේ. එයා ඕනේ ඒ දේ පිළිගන්න. බනියා ඉදිරිපිට කෙසේ පැවසුවත් දැන්නම් මගේ කකුල් දෙක මැඩලින් ගසන්නේය. ඒ ඔහු මට හමුවීමට අබුධාබි වලට එනලෙස දැනුම් දීමෙනි. අබුධාබි වලට ඩුබායි සිට කිලෝමීටර් 180 ක් පමණ වූ (හරියටම නැති උනත් දලවශයෙන් කිව්වේ හරි ගාන මටත් මතක නැහැ) දුරක් විය. එහි යාමට සිදු වූයේ බ්‍රහස්පතින්දා හවසක විය මන්ද යත්  එදා අපිට වැඩ කිරීමට තිබෙන්නේ වරුවක් බැවින් සවස  1.30 වන විට නිවාඩු ලැබෙයි. නැවත ජොබ් එකට පැමිණීමට වූයේ සෙනසුරාදා විය.

එහි යාමට තිබු එකම ක්‍රමය RTA බස් එකක යාමය නැතහොත් පටාන් ටැක්සියකින් යාමය. බසයේ යාම ගැනනම් කතාකොට පලක් නැත. මක් නිසාද යත් එයට බර්ඩුබායි ප්‍රදේශයට යාමට වන බැවින් එය කාලය කා දැමීමක් විය. විගසින් යාමටනම් පටාන් ටැක්සියක පිහිට පැතීමට විය. සමහර විට අපේ සමහර යාළුවො දන්නේ නැතිව ඇති මේ පටාන්ල කියන්නේ කාටද කියල. ඔන්න ඔය පල්ලෙහා තියෙන පින්තූරේ බලන්නකෝ. 




පාකිස්තානයේ පෙදෙසක ජීවත් වෙන ජනවර්ගයක් වන මොවුන් 100% කම පාහේ මුස්ලිම් භක්තිකයන් වේ. විශේෂයෙන් ශක්ති සම්පන්න ජන කොටසක් ලෙස ප්‍රසිද්ධ මොවුන් ගැන වූ විහිලු කතා බොහොමයක් වුවත් එය මේ අවස්ථාවේදී ඉදිරි පත් කිරීම කතාවෙන් පිට පැනීමක් වන හෙයින් එය පසුවට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙමි. කිසිම දෙයක් සොයානොබලා  කටයුතුකරන නොසැලකිලිමත් අපිරිසිඳු ජනකොටසක් වන මොවුන්ගේ ආවේනිකත්වය හඳුනාගැනීමට හැක්කේ හමන්නාවූ දුගඳේනි.මොවුන්ගේ ප්‍රධාන රැකියාව කුලීවැඩ කිරීම සහ ප්‍රයිවෙට් ටැක්සි දිවීමයි. 2 ටොන් වායුසමීකරණ යන්ත්‍රයක් තනිව එසවීමේ හැකියාවක් මොවුන් සතුයි. යම්කිසි බර වැඩක් මහන්සිවෙන රාජකාරියක් කිරීමට මොවුන් උපන් හපනුන් වෙයි නමුත් පොඩි කොස්සකට හිටින්නේ එසේ වැඩකොට එම ඇඳුමෙන්ම නිදාගැනීමය මොවුන් සිකුරාදා පල්ලියට යන්නට අඳින ඇඳුම නැවත මාරුකරන්නේ ඊළඟ සතියේ වෙයි. අප ශ්‍රී ලාංකිකයින් මොවුන් හඳුන්වන්නේ පක්කෝ යන විරුදු නාමයෙනි. මොවුන්ගේ ටැක්සි වල යාම සාක්කුවට හිතකර වුවත් නහයටනම් හිතකර නොවේ. නමුත් මේ දිනවල රිම් එකෙන් නොව ස්පෝක් වලින් දුවන මට මේ සියලු හතර කේන්දර බල බල සිටීමට කාලයක් නොවීය. ලාබදායි ක්‍රමය තෝරාගත්තෙමි.

අබුධාබි වලට ළඟාවන විට  මට කලන්තය සෑදීමට ඔන්න මෙන්න කියාය. එතරම් ගඳක් එම කුලිරියතුල විය මෙය ෂෙයාරින් ටැක්සියක් වූ හෙයින් මට ඔනාතාලෙට යාමටද නොහැකිය. එමනිසාවෙන් නවාතැනින් එනවිට රැගෙන ඈ සුවඳවිලවුන් පෙවූ ලේන්සුව නහයට තියමින් හුස්මගැනීමට පහසු කරමින්  ආ ඒම එක්තරා ආකාරයකට වීර කියාවක් සේ මට හැඟේ හිකිස්....... (මෙම ලිපිය කියවන කෙනෙක් පටාන් ටැක්සියක ගිහින් තියෙනවනම් ඔහුට අනිවා මතක් වේවි එම මොහොත) 

කෙසේ හෝ බනිගේ අම්මට ඇමතුවා ය ප්‍රතිචාර නොදැක්වූ  බැවින් බනිගේ පියාට ඇමතුවෙමි. බනිගේ මවට අම්මේ කියා කතාකලත් එතරම් කිට්ටුවන්ත බැඳීමක් කීමට මම ඔහුට සමීප නොවී තිබු බැවින් මම මිස්ටර් ජයසිංහ  කියා ඇමතුවෙමි. ඔහු මට එන පාර කිව්වෙන් මගට පැමිණෙන බවද පැවසීය. ගැඹුරු කටහඬක්  හිමිව තුබූ ඒම සද්දන්ත පුද්ගලයා දැක බලාගැනීමට මම මග බලාසිටියෙමි. නමුත් පැමිණි පසුව වටහාගත් පරිදි ඔහු මටත් වඩා මිටි විය. නමුත් ඝාම්බීර පෙනුමෙන්නම් අඩුවක් නොවීය. 

ටිකෙන් ටික ආගිය විස්තර කතාකළ ඔහු මුලින්ම බනිගේ මවට දෝෂාරෝපණය කරන්නට විය ඒ මක්නිසාද යත් බනි තවමත් වයසින් පොඩි බැවින් මෙවන් සම්බන්දයක් අනුමත  කිරීම ගැනයි. සියල්ල නිහඬව අසාසිටි මා ඔහු සමග කතාකරන්නට විය. කෙමෙන් කරුණු පැහැදිලි කරමින් මා පැවසු සියල්ල සාවදානව අස සිටි ඔහු අපගේ සම්බන්දයට අනුමැතිය දුන්නේ එක කොන්දේසියක් උඩය. ඒ බනිගේ ඉගනීමට බාදාවක් නොවන ලෙස මගෙත් ඉගනීම කරගෙන යමින් සම්බන්දය ඉදිරියට ගෙන යන ලෙසය. කෙසේ හෝ එදින ඇතුලත මා ඔහුගේ සිත ඉහලින්ම දිනාගැනීමට සමත්ව සිටියේය. ඒ බව මට බනී විසින් පවසන ලද්දේ මා නැවත පැමිණි පසුවය. 

 දැන් මාහට වූ එකම අඩුපාඩුව වූයේ කාර් කටුවකි. එයත් කෙසේහෝ මිලදීගත්තෙන් මා හට අබුධාබි යාමට පහසුවක් විය. මෙසේ කාලය ගතවන විට බනිගේ පියාගේ රැකියාව වෙනස් වී ඩුබායි පැමිණීමට සිදුවිය. මේ අතර වාරයේ බනිගේ මවගේ වෙනස් වීමක් පැහැදිලිව පෙනෙන්නට විය. හේතුව සොයා බලනාවිට මොවුන් ආශය කරන පවුලකින් පැත්තකින් ගිනි අවුලන බව අපට පසක් විය. ලංකාවේ CTB මෙහෙ RTA විය. බස් රථ රියදුරෙකු වූ සමීරත් ඔහුගේ බිරිඳත්( පස්සේ බලන කොට ඔරිජිනල් එක නෙවෙයි) මොවුන්ගේ ඔලුවට විසකවා හිතවත් වී ලංකාවේ රුපියල්වලින් ගත්කල ලක්ෂ 3කත ආසන්න මුදලක් බනීගේ පියාගෙන් කඩාගෙන තිබිණ. මේ මෝඩ මනුස්සයාද ක්‍රෙඩිට් කාර්ඩ් එකෙන් ණයට ගෙන මුදල් දී තිබුනේ බනීගේ මවගේ බලපෑම මතය. දැන් ඔවුන් මෙම සම්බන්දයට වැඩි මනාපයක් නොපෙන්වන බව මට පසක් වී තිබිණ.

එම මිනිසුන්ගේ පටු අරමුණු උදෙසා අපගේ ආදරය බිලි දීමට මම සූදානම් නැත. කෙසේ හෝ මොවුන්ගේ අරමුණු බනීගේ දෙමාපියන්ට වටහා දිය යුතුය. එයට මගක් සොයමින් සිටින අතර තුර දිනක් මට සමීරගෙන් ඇමතුමක් ලැබිණ. එයින් පැවසුවේ වැදගත් යමක් කතාකිරීමට ඇති බැවින් හැකි ඉක්මනින් ඔහුව හමුවෙන ලෙසයි. මේ උලමා සැරසෙන්නේ කුමකටදැයි හිතාගත නොහැකි වුවත් එන දෙකට ඔලුව කල්පනාකොට මුහුණ දීමට සිතගතිමි.



මම තීරණය කල මේ කතාවේ ඉඳන් සිදුවීම් ගොඩක් කපාදාල ඉක්මනට කතාව ලියල ඉවර කරන්න මොකද කියවන යටත් එපා වෙනවනේ නැත්නම් . 

මේ දවස්වල සෑහෙන්න වඩා හෆ්ෆා ඔපීසියෙයි. අනෙක ලෝක ළමා දිනය වෙනුවෙන් පොඩි වැඩ වගයකුත් කරනවා ඉදිරියේදී ඒ ගැනත් ලියන්නම් කෝ 


දෙවැනි කොටසට  මෙතනින්.
තුන්වැනි කොටසට මෙතනින්
සිව්වැනි කොටසට මෙතනින් 
පස්වැනි කොටසට මෙතනින් 
සයවැනි කොටසට මෙතනින්

අටවැනි කොටසට මෙතනින් 
නමවැනි කොටසට මෙතනින් 




Related Posts Plugin for WordPress, Blogger...