Tuesday 17 September 2013

බේබද්දන් ගංජා සහ දේවතා එලි





මම මේ ලිපිය දාන්න අදහසක් ආවේ අපේ සිරා කොලුවාගේ මත්පැන් පොස්ට් එක දැකලා. වෙලාවකට මේ Google වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ගූ ගල් තමයි. 


සැරින් සැරේ මගේ එකවුන්ට් එක බ්ලොක් වෙනවා. කොටියම කාපිය ගූගල් ලොක්කව. එකෙන් මේකෙන් වැඩක් නැහැ කතාවට බහිමුකො...............

මේ පාර වැකේෂන් එක ලංකාව ගියත් හිතුව විදියට කිසිදෙයක් කරගන්න බැරිවූනා. හිතුවෙවත් නැති විදියට තමයි එක එක රාජකාරි පැටලුනේ කොහොම උනත් එව්වත් කොරන්න එපැයි. ඉතින් අපි හැමදාම කරනවා වගේ මේ පාරත් කතරගම යන්න පිටත් උනා.වයසක් උන්දලා වෙනමයි අපේ සෙට් එක වෙනමයි. මොකද වැඩිහිටි සෙට් එක එක්ක ට්‍රිප් එකක් යනවට වැඩිය හොඳයි නිකන් ඉන්න එක. බකමූනෝ සෙට් එක වගේ තමයි අපිට ඉන්න වෙන්නේ ඒ නිස අපි වෙන වාහනේක තමයි ගියේ මේ ඉන්නේ ගිය අය


                                  බුලයියා,බනියා මිකී, ඉදිරි පෙළ තාරක,බගා, ගාන්දි

                                            
                      හයිවේ එක කොච්චර බෝරින්ද කියනවනම් හැරාට නින්දත් ගිහින්.

යමින් ගමන් දනුෂ්කගේ යාළුවෙක්ව සෙට් කරගත්තා දෙබර වැව ඉන්න.වැව් මාළු ගන්නයි  බගාට මොනවද ගන්න ඕනේ කියල. කොහොම හරි හවස් වෙද්දී කතරගමටත් ආවා. රෑ වෙද්දී කට්ටිය මද පමණට සප්පායම් වුනා. (මමද? මම තොලේ කටේ තියන්නේ නැහැනේ) කට්ටියම ගානට පදම් වෙද්දී චමියා සරින් සැරේ එහෙට මෙහෙට මාරුවෙනවා මම බලාගෙන. ඒත් ඉතින් බොන වෙලාවට කවුද ඔව්වා ගැන හොයන්න යන්නේ. මේකට කොහොමත් වෙරි වෙලා හිටියේ එන ගමන් අර මීගොඩ පැත්තේ ගහන සැන්ඩෝ කියන ජරා බියර් බීලා. සිරාවට කසිප්පු පරාදයි ඒක. බොන එවුන්ට වෙරි නෙවෙයි වෙරි සොරි වෙන්නේ.(කොහොමද දන්නේ කියලද අහන්නේ ලංකාවට ගිය දවසේ ගහල ඊට පහුවෙනිදා වාර්තා ගත අන්දමට කබරයා පාරක් දැම්ම නිසා) 

ඔහොම කට්ටිය වෙනම බිබී ඉන්නකොට ලාල් බාප්පට ඇවිත් තියෙනවා ගංජා සුවඳක් බැලුව කොට බගා මලකුත් අදිනවලු මල සේකර කියන්නේ දැන් විස්කියි, බියරුයි, මලුයි. කොහොම හරි බගාට නහුතෙට වෙරි ඉන්නේ කොහෙද ඉන්නේ කවුද මීටර් නැහැ. අපි කට්ටිය ඌට ඕනේ මගුලක් කරගන්න කියල සින්දුවක් දාගෙන නටන්න පටන් ගත්තා. මොකද කිව්වට අහන එකෙකුත් නෙවෙයිනේ.




 
                                                     බගත් සෙට් උනා නටන්න


                              ඔය වම්පැත්තෙන් පෙන්නේ කෝරලේ උන්දැගේ අත නොවෑ.


                                             කොහොමද බේබදු ෆන් එක:)

මේ වෙද්දී බගාට නන්නත්තාර වෙන්න වැදිලා ඉවරයි. මේකා නාන්න ඕනේ කියල වැටි වැටි ගිහින් නාන කාමරේ ඉඳන් කට්ටිය නටන තැනට පැන්නා එකපාරටම මෙහෙම 

අයියෝ සල්ලිදත් අහනවා ගෑනු කට්ටියට ඇපත් නැහැ. ඇයි මු ජෝකා පිටින් නේ.  කොහොමින් කොහොම හරි සමන් ගොයියා පොරට කලිසමක් අන්දලා පුටුවක වාඩි කළා.

                            ඒ කරලත් බුවාට ඉන්න බැහැ එක තැනකට වෙලාගංජා බලේ............හිකිස්





පුටුව එලිය පැත්තට හරවගත්ත බගා ටිකවෙලාවකින් තනිවම කියව කියව ඉන්න ගත්තාම අපි සෙට් එක ආයෙම නටන්න සෙට් උනා. එහෙම ඉන්දෙද්දී ටිකවෙලාවකින් මු කැලේ කඩාගෙන දුවන්න ගත්තා අඩෝ වල් ඌරෙක් අල්ලපන් අල්ලපන් කියල. අපිත් මේකා පස්සෙන් දුවන්න උනා මේකව අල්ලන්න. මේකා පොර කනවා යකෝ වල ඌරු තඩියෙක් දිව්වා බං අල්ලමු කළුවට කලුවේ මෙන්න මේ පැත්තට දිව්වේ වරෙල්ල ඕකව අල්ලමු කියල. එතකොට මගේ ලිමිට් පැනල තිබුනේ මම මූට බැනල එක්කන් ආව වරෙන් මාමේ යන්න කියල.   බගාගේ ගමන නතර උනේ මෙහෙම.

                                                    අයියෝ කුණු සංසාරේ බේබදු කමනේ

කොහොම හරිඅපි මූව ඇඳකින් නිදිකරන්න හැදුවත් මූ යන්නේ ඇඳ යටට. අපිත් මූට බම්බු ගහගන්න කියල නිදාගත්තා. මොකද ඒ වෙද්දී අපිටත් මහන්සියි. පහුවෙනිදා උදේ පූජාවට යන්න පිටත් වෙද්දීත් බගාගේ වෙරි හරියට බැහැලා නැහැ. ඔන්න බේබදු කමේ රඟේ. බොනවා කියල පෙරේත කමට බිව්වම ඔහොමයි වෙන්නේ. එකත් කලවම්. 

පහුවෙනිදා උදේ කල තානායම් භාර කරුගෙන් කල විමසීමකින්   අනතුරුව වල් ඌරන් එම පලාතෙවත් නොමැති බවත්. බගා හඹාගොස් ඇත්තේ කැහටු බලු තඩියෙකු පසු පස බවත් හෙළිදරව් කරගන්න ලදී. 

ඔන්න අපි කිරි වෙහෙරට යද්දී හම්බවුන එක්කෙනෙක් අපේ බ්ලොගර්ස්ලා සෙට් එක මතක් කරන්න කිව්වා.



දැන් තමයි මම කියන්න යන්නේ කතරගම ගමනේ විශේෂම සිද්දිය. මගේ පරණ පොස්ට් කියවල තියෙන අය දන්නවා ඇති මමයි බනියි යාළුවෙලා ගිය පලවෙනි කතරගම ගමනේ ඉඳලා හැමපාරම කිරිවෙහෙරට අඩි 12ක මල්මාලයක් පූජාකරනවා කියලා. එක අපේ චාරිත්‍රයක් වෙලාතියෙන්නේ දැන්. 
                                                     මේ අපි මල්මාලේ තියල වඳිනවා
 

  මේ ඒ මොහොතේම ගත් මාලයේ අනෙක් කෙලවරේ පිංතූරය ළඟ ආලෝක ලපයක් පේනවද?



                                     මේ තප්පර තුන හතරකට පසු එම ලපය ඉහලට ගමන් කරමින්


ඇත්තටම මට මතකයි මීට අවුරුද්දකට විතර ඉස්සෙල්ල මඩයා දාලා තිබුනා මේ වගේම පොස්ටුවක්. මේ පින්තූර මම දැක්කේ ගෙදර ඇවිල්ල පින්තූර බලද්දී කට්ටිය කියන්නේ මේ දේවතා එලි කියල නමුත් මේ පින්තූරේ ගත්තේ පොඩි එකෙක් නිසා මට ෂුවර් එකක් නැහැ මොකද කැමරාවේ මොකක් හරි නිසා හැදිච්ච දෙයක්ද කියල තීරණය කරන එක ඔයාලට භාරයි. මොකද අපේ අයිලාෂ්,වෙනී ලොක්කා, වගේ පරිනත විශිෂ්ට කැමරා කරුවෝ බ්ලොග් ලෝකේ ඉන්න නිසයි මම මේ පොස්ට් එක දාන්න තීරණය කලේ මේ මොකක්ද කියල දැන ගන්න. මොකක් උනත් මෙය පහල සිට ඉහලට ගමන් කල බව පැහැදිලියි. මොකද ඊලංකා ෆොටෝ එකේ ආලෝක ලපය තියෙන්නේ තවත් ඉහලට වෙන්න.

එමින් ගමන් නාගෙන දෙබර වැවින් අල්ලපු ගමන් වැව් මාළුත් අරගෙනයි ආවේ.

                                                            දෙබර වැවින් මාළු ගනිමින් 


                                                              මේ මාළු ටික
                                                       උඩවලවේ වැව අසල

                                           


හැබැයි අපේ වැඩිහිටි උදවිය නම් කැමති උනේ නැහැ අපි වන්දනා ගමනක් ගිහින් එන එකේ පන ගැහෙනමාළු ගෙනාව එක ගැන හැබැයි මාළු බෑග් එක ඇල්ලුව දෙන්නටම සහ සල්ලි දුන්නු මට ගෙදර එන්න කලින් කර්මය පල දුන්නා. තාරකගේ අත වාහනේ දොර වහද්දි ඉදිමෙන්නම අහුවෙලා. ධනුෂ්කට කහවත්තේදී පොලිස් දඩයක්. ඒ මදිවට ටයර් එකක කම්බි කැඩුනා ( ඒ කියන්නේ මට දඩයක්) ධනුෂ්ක එන ගමන් හරියට පසුතැවිලි වුනා ඔහුගේ කටින් වැවු මාළු ගමු කියන වචනේ පිටවුණා එක ගැන.







මේ පහල තියෙන්නේ ලංකාවේ වැකේෂන් එකේ ෆොටෝ ටිකක් ලෝඩ් වෙන අය බලන්න කෝ............




                                                         ගෙදර ඇවිත් වැව් මාළු    BBQ

                                                             කටින් එකයි

                                                පෙනේද සැදැහැවත් සිල්වත් උපාසකයෙක් :O


                                                   පිරිත් දින නිදාගත් ගාන්දියාට වුන දෙයක් 


                                          
                                                   ඒ දන්ඩේ යන්න ගොස් මට උන හදියක්
                                                                 ඩෝප් සීං
                           
                                            අන්දරේ මැරුන මොහොතේ ගත්ත පින්තූරයක් 


                                                           කොහොමද රැල්ලේ සැර


                                                               වැල්ලේ වල දැමු ගාන්දි



51 comments:

  1. පට්ට ආතල් කොමිටල් නේ.. උඹල තමා අර දඹුලු ගිහින් තලගොයි මරං කෑවයි කියන පරම්පරාවේ උන්.. හැක්..

    ReplyDelete
    Replies
    1. ආයෙදත් අහලා කෝරලේ කියන්නේ හොඳ උපාසකයනේ.

      Delete
    2. මාළු විතරද දැක්කේ දේවතා එලිය දැක්කේ නැද්ද බොලව්............?

      Delete
    3. දේවතා එළි.. මොන.... විකාරද... උඹලත් අර රාවණාගේ අවතාර වගේනේ කතා කරන්නේ...

      Delete
    4. එහෙනම් ඒ ලප මොනවද?

      Delete
    5. කැමරාවේ ලප නැත්නං අලෝක ලප.. උඹටත් ඊයේ කතරගම දෙයියෝ බලන්න යන්න තිබ්බේ. අන්ත වැඩ්ඩලු කතරගමට..

      Delete
  2. හපෝයි උඹල අරගෙන තියෙන්නෙ මාලුද? අන්තිම අලාබයි. ආතල් නං උපරිමයි කියල පේනව

    ReplyDelete
    Replies
    1. හික් හික් හික් ඇයි ඒ රාජ් අයියේ අලාබයි කිව්වේ කොහොමත් BBQ එක කෑව එවුන් ඔක්කොටම බඩේ අමාරුව හැදුනා.

      Delete
  3. 'මමද? මම තොලේ කටේ තියන්නේ නැහැනේ' ඒ කියන්නෙ කෙලින්ම උගුරට හලාගන්නවද?
    විස්කියි බියරුයි බීල මල් ගහල ඔය ගානට ෂේප් උනා ඇති.
    මරු ට්‍රිප් එක. කෂ්ටිය ආපහු යන ගමං අපේ පැත්තෙන්නෙ ගිහිල්ල තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. අනේ අයියේ මං වගේ සිවත් පොරකට ඔහොම කියන්න වටිනවද පන්සිල් ගනිද්දීත් අන්තිම සිල්පදේ කියන්නේ නැහැනේ මම. හික් හික් හික්.......... ප්‍රසන්නයිය කහවත්තේද.....?

      Delete
    2. තුන්වැනි එක කියන්නෙත් හාමිනේ ළග ඉන්නකොට විතරයි නේද

      Delete
    3. චිකේ චිකේ අපි හොඳ ළමයි. නලින් අයියා හදන්නේ මගේ තියෙන කේස් ගස් ටිකත් නැතිකරවන්න හික් හික් හික්

      Delete
    4. බරිටි අයියගේ ගේ කිස්ටුව ඉන්නවැයි කියල තිබ්බ යකෙක්.. මිනිහා ඒක පත්තරේට කියල තිබ්බේ..

      Delete
  4. පලදුන්නා කීවත් මාලු ගෙනත් කාලනේ...:)

    ReplyDelete
    Replies
    1. නැතිව අක්කේ 1500ක මාළු විසි කරන්නද කාපු අය එදා රෑ ඉඳන් ටොයිලට් වල. මමයි හැරයි බේරුනා අපි සොසේජස් විතරයි කෑවේ. වැව් මාළු ගඳයි කියලා

      Delete
  5. අඩේ සිරා මචන්.... වැටෙන්නම් කස්ටිය ගහල තියෙන්නෙ

    ReplyDelete
    Replies
    1. පහුවෙනිදටත් කට්ටියට වෙරි මගෙනම් වෙරි බැහැල හිටියේ බගාගේ සෙල්ලම් වලට මට බැනුම් අහන්න වෙයි කියල. මොකද මමනේ ඒකව එක්කන් ගියේ.

      Delete
  6. හෙක්..හෙක්...හෙක්..තොපිට බඩ ගියාද වැව් මාලු කාල..යකෝ මිරිස් හොඳට දාන්න ඕන.
    පට්ට ෆන් එකක්නෙ අරන් තියෙන්නෙ. දෙබර වැව අර ගල්තලාවක් ගාව නාන්නෙ කෙහේද බං..!ආරක් ද..?

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා BBQ දාපු එවුන්ට තමයි මට කොහොමත් වැව් මාළු වල ගඳ අල්ලන්නේ නැහැ මම කෑවේ නැහැ

      Delete
  7. හොඳයි කෝරලේ මහත්තය කාලෙකින් ආපු එක.

    ReplyDelete
    Replies
    1. හික් හික් හික් රාජකාරි නොවෑ

      Delete
  8. ඔය ඩිජිටල් කැමරා වලින් පුකේ පොටෝ ගත්තහමත් ලප තියෙනවා.. ආලෝකය වැඩි වෙලාවට.. පුකට අරක් ගත්ත දෙයියෝ වෙන්න ඇති...

    ReplyDelete
  9. වන්දනාව කොහොම වෙතත් නැතිවෙන්නම බීල තියෙන්නෙ,මදෑ යහතින් ආවා

    ReplyDelete
    Replies
    1. හැලප අයියේ කියල වැඩක් නැහැ හොඳ වෙලාවට අපේ අතර සම්මුතියක් තියෙන්නේ වාහනේ පදින එක බොන්නේ නැහැ කියල නැත්නම් පව් අර පොඩි උන් ටික

      Delete
  10. හොඳ නිවාඩුවක් විනෝදයෙන් ගත කළ එක ගැන සතුටුයි මලයා

    ReplyDelete
    Replies
    1. ඒ උනත් අයියේ යාපනේ යන්න හිටියේ ඒක කරගන්න බැරි උන එක ගැන සෑහෙන්න කනගාටුයි. ලබන පාරවත් යන්න ට්‍රයි කරනවා.

      Delete
    2. ඉකමනට පලයන් ආයෙත් යන්න බැරි වෙන සයිස් එකක් එන්නේ..

      Delete
    3. ඒකත් හැබෑව. වයසට ගිය කාලෙක අපේ ළමයෙක්ට උනත් කියන්න පුළුවන්නේ අපි යාපනේ ගියා අහවල් කාලේ කියලා.

      Delete
  11. ඈ බං අච්චර පිස්සු නටන්න ඌ ගහලා තියෙන්නේ මලක්ද නැත්නම් මල් වත්තක්ද??

    ReplyDelete
    Replies
    1. දවල් 2ත බොන්න පටන් ගත්තේ සැන්ඩෝ බියර් කෑන් 3යි ග්‍රාන්ට් බාගයයි තව වොඩ්කාත් කලවම් වෙන්න ඇති. මලුයි.

      Delete
  12. Replies
    1. ඊට පස්සේ නම් නැහැ මොකුත් හැබැයි සෙට් එකම එක සිය සැරේකට වැඩිය කිව්වා ආයෙනම් වන්දනා ගමන් ගිහින් මේ වගේ වැඩ කරන්නේ නැහැ කියල මට තරු පෙනුනේ ටයර් එකක් දාද්දි

      Delete
  13. ගාන්දිගේ ෆොටෝ ටික හරිම ෆනී...

    වැකේෂන් ගැන නම් කියලා වැඩක් නෑ...ඒ පැත්ත හැරිලා මේ පැත්ත බලනකොට වැකේෂන් ඉවරයි...කරපු ඇති දෙයකුත් නෑ...ආපහු ගියාට පස්සෙ තමයි මතක් වෙන්නේ අමතක වෙච්ච කරන්න හිටපුවා ගොඩ

    ReplyDelete
    Replies
    1. හික් හික් හික් අපේ සෙට් එකේ බයිට් එක තමයි ගාන්දි. අවුරුදු 16ක් උනාට බලු බැල්මට කියන්න බැහැ. වකේෂන් එක යන ඉක්මනට ඊළඟ වකේෂන් එකත් එනවනම් තමයි හොඳ

      Delete
    2. හෑ.......අවු 16 ක් වෙනවද....පොඩි එකෙක් වගේ

      Delete
    3. එකාගේ ඇඟ හැදෙන්නේ නැහැ. කවද බැලුවත් ඔය සයිස්ම තමයි උගේම වයසේ අනෙක් එවුන් දෙන්න මටත් වැඩිය උස මහතයි

      Delete
  14. අම්මෝ බං අපේ වත්තට ආපු උන් සෙට් එකක් අදත් තඩි ලුල්ලු අල්ලං ගියා ,

    ReplyDelete
    Replies
    1. වැව් මාළු හොඳයි කිව්වට ගඳ තමයි පැත්ත පළාතක ඉන්න බැරි වෑන් එක ඇතුලේ මාළු වතුර වගයක් වැටිලා පැය ගානක් ගෙදුවත් ගඳ ගියේ නැහැ.

      Delete
  15. ගන්න ඕන ෆන් එක නහුතෙටම අරන් නොවැ කස්ටිය.
    අර එලි නම් නිකම් පුහු කතා.මම හිතන්නෙ වෙහෙර ආලේප කරල තියෙන්නෙ එනමල් පේන්ට් වලින්.
    හිරු එළියෙන් වෙහෙරට වැටෙන එලිය ලෙන්ස් එකට රිෆ්ලෙක්ට් උනාම ඔය වාගේ දකින්න ලැබෙනව.
    හිරු එලිය වෙනස් වෙද්දි තැනත් මාරු වෙනව.

    ReplyDelete
    Replies
    1. මෙන්න තවත් හොඳ පොසිටිව් උත්තරයක්. අපේ එකාලා පිළිගන්නේ නැහැනේ මට රැවුල නැති නිසා මම කියන දේවල් කියල වැඩක් නැහැ කෙන්ජි අයියේ අවුරුද්දක් දෙකක් කරත්තේ බැඳපු ගොන්නු වගේ මැරිලා මැරිලා ගියාට පස්සේ හිතට ෆිට් එකක් එන්නේ කරන ඔය වගේ අන්දොස් වැඩකින් තමයි. ඇත්තටම ලංකාව වගේ හොඳ රටක් මේ ලෝකේ කොහෙවත් නැහැ ජීවත් වෙන්න

      Delete
  16. ඉතින් බං මේකට වන්දනා ගමනක් කියලත් කියනවා ඈ? එතකොට විනෝද ගමන් කොහොම ඇත්ද? මේ ලිව්වේ අපි ඔහොම වැඩ කරලා නැති සුද්ද වන්තයෝ කියන්න හෙම නෙවෙයි, හොඳද?

    ReplyDelete
    Replies
    1. එකනේ මම දන්නවනේ ඩුඩ් අයියගෙත් හැටි. ඔය ගන්න පිස්සු ෆන් එක නිසා තව අවුරුද්දක් වැඩ කරන්න හිතට ගැම්මක් එනවා. මෙහෙ එළිවෙන පාන්දර ගෙදරින් ගිහින් ආයෙම ගෙදර එන්නේ රෑ වෙලා. කොහේ ට්‍රිප් යන්නද මෙහෙ සිරාවට දැන් යන්න තැනකුත් නැහැ.

      Delete
    2. මෙහෙත් ඒ සන්තෑසියමයි කෝරළේ මහත්තයා,. යන්න දිහාක් නෑ. යන්න තියෙන තැන් ඇති වෙලා තියෙන්නේ ගිහිල්ලම.

      Delete
  17. බගාට කියපන් මලක් ගහන ගමන් ඩ්‍රින්ක් එකක් දාන්න ඕන නම් ලාවට බියර් එකක් වගේ ගහන්න කියලා. මුන්ට මේවා කියන්න හොඳ නැහැ. වන්දනා කාරයෝනේ. ගාන්ධියාව වලේ වට්ටන්න එපා.

    ReplyDelete
    Replies
    1. අනේ ඌ අහන බණ හැබැයි මම ඔය දැක්කමයි පොර වැඩි වෙලා පිස්සු කෙලිනවා.

      Delete
  18. උඹලා බොලං මල් මාලෙ පූජා කලේ හොදට අනුමත වෙලාද කලින් දවසෙ...ඉතිං දෙයියො භාර ගනීද ඕවා....

    ඔයිට වඩා ලොකු ආලෝක ලපයක් මගේ මලයගෙ වෘත්තීය මට්ටමේ කැමරාවෙ සටහන් උනා සෝමාවතී චෛත්‍ය ඡායාරූපයට නගද්දි...අපි ඒක පන්සලේ හාමුදුරු නමකට පෙන්නුවාම කිව්වෙ...අනේ මහත්තයෝ මේ දෙවි කෙනෙක්...මේ ඡායාරූපය වහාම අපිට මේල් කරන්න කියලා.

    මල්ලි එයාගෙ ගුරුවරයෙක් වන ඉන්ද්‍රනාථ තේනුවර මහත්තයට පෙන්නුවම කිව්වෙ..මේ කාචය හරහා ආලෝකය ගමන් කරද්දි ඇති වෙච්ච දෝෂයක්..මෙවැනි දෙවිවරු කෝටියක් උනත් ලෙන්ස් මගින් එයාට හදලා දෙන්න පුලුවන් කියලා...

    ගංජා ගහපු එකා පවු බන්...ඌ ජොකා පිටින් ජාලෙ ඉන්නවා දැක්කොත් ආයෙත් ගංජා පාරක් ගහයි හිතේ දුකට...

    ReplyDelete
    Replies
    1. අපි කිරි වෙහෙරට යද්දී වෙරි බැහැලානේ ඒ නිසා අවුලක් නැහැ.

      මේකත් SLR කැම් එකක් තමයි නමුත් අපේ උන්දලා කියන්නේ දේවත එලි කියල මොකද මම ප්‍රොෆෙෂනල් ෆොටෝග්‍රැපර් කෙනෙක් නොවන නිසා ඒ හේතුව මත තමයි මම මේ පොස්ට් එක ලියුවේ.

      බගාට මල පැනල තෝ යකෝ මාමලාට හෝම බලු වැඩ කරන්න එපා වයසටවත් සලකපන් කියල මට බැන්නා හික් හික් හික්

      Delete
  19. සෑහෙන්න බොන්න ඕන කේස් තිබිලා වගේ :P

    ReplyDelete
    Replies
    1. සිරාවටම අයියේ හිකිස්.........

      Delete

ඔයාල කොම්මෙන්ට් එකක් දාන්න වැය කරන තප්පර ගානත් ඔයාලට වැදගත් කියල මම දන්නවා එත් ඔයාලගෙන් අදහසක් මේ පිළිබඳව ලැබෙනවා කියන්නේ මට ඉදිරියටත් ලියන්න හොඳ මොර්ටිවේෂන් එකක් ලැබෙන එක. ලියන්න කල් මදිනම් තිතක් තියල යන්න එතකොට මම දන්නවා ඔබ මෙය බැලු බව. ස්තූතියි.........

Related Posts Plugin for WordPress, Blogger...