Thursday 27 September 2012

කුණුහර්ප කියන්නේ මේවට තමයි. (නරක වචන වලට අකමැති අය බලන්න එපා හොඳේ)

ගොඩ දවසකින් පොස්ට් එකක් ලියන්න බැරි උනා සිහින කුමරිය කතාවත් ජේද දෙකක් විතරයි ලියල ඉවර කරලා තියෙන්නේ. කාර්ය බහුලත්වය නිසාම ලියන එක මදක් අතපසුවෙලා තියෙනවා. ගෙදර ලයින් එකත් ඩිස්කනෙක්ට් කරලනේ ඔෆිස් එකේ ලියන ටිකක් විතරයි ඉතින් ලියන්න තියෙන්නේ. ඒ කතාවට කල් යන නිසා මම හිතුව මගේ වලව්වට ගොඩවදින ඔබ වෙනුවෙන් පුංචි සිදුවීමක් ලියල දාන්න.

අපේ ඔෆිස් එකේ ට්‍රේනින් ඩිපාර්ට්මන්ට් එකේ ඉන්චාර්ජ් ඉන්නේ ලංකාවේ පොරක්. අපි කියමුකෝ මෑන්ගේ නම ටිරා කියල ලීබඩු වලට ප්‍රසිද්ද පැත්තක තමයි පදිංචිය. මම තාම හොයනවා මෑන්ගේ කට කපපු නැකත මොකද ඒ වගේ චාටර් කටක් තමයි පොරට තියෙන්නේ ඔපරේෂන් එකේ
කෝඩිනේටරුත් ලංකාවේ. නම රොහාන්. මේකා ඉන්නේ තද උණකින්. ලංකාවේ අපි එක්ක උනත් කතාකරන්නේ කඩ්ඩෙන්. මේ ගිහිගහන මහා දවලෙත් සෙල්ෂියස් අංශක 55 රස්නේදීත් කෝට් බෑය දමාගෙන තමයි ඉන්නේ. අපි කඩ්ඩ නොදන්නා කමට එහෙම නෙවෙයි. අනෙක් හැම රටකම උන් තමන්ගේ ජාතියේ අය එක්ක කතාකරන්නේ තමන්ගේ මව් භාෂාවෙන් උන කොට අපි කඩ්ඩෙන් අපේම උන් එක්ක කතාකරනවා කියන්නේ අපේ භාෂාව හෑල්ලු කිරීමක් නොවන්නේද? ඔන්න පොඩ්ඩක් කතාවෙන් පිට පැන්නනේ. පහුගිය දිනක මමයි ටිරයි බ්රේක් රූම් එකේ උදේට සප්පායම් වේවි හිටියා. වාඩිවෙන්න ඉඩ නැති නිසා ඉතින් හිටගෙන තමයි පාන් පෙති දෙක තුන කෑවේ. ඔඩිට් එකේ පාලිත අන්කලුයි හර්ෂ අයියයි දෙන්නත් එතනටම ඇවිත් කයියට සෙට් උනා.  ලංකාවේ දැන් තියෙන තත්වේ ගැනයි ඔක්කොම කතා උනේ. උපතින්ම අලියට මනාපය දෙන ටිරා පොඩ්ඩක් කේන්තියෙන් තමයි ආණ්ඩුවේ වැඩ ගැන කතාකලේ. ඔය අස්සෙන් එතනට ආව රොහානය. Hi guys is everything under control ?  කියල ඇහුවා ඕක සිංහලෙන් බැලුවොත් මෙහෙමනේ හායි ගයිස්. ඊස් එව්රිතින්ග් අන්ඩ(ර්) කොන්ට්‍රෝල් ආර් එක කොහොමත් සයිලන්ට් නේ... මේ වෙනකොට මලෙන් හිටි ටිරාගේ පුෂ්ප මකරන්දය අනන්තෙටම විකසිත වෙලා. ඇයි යකෝ තෝ පොට්ටයෙක්ද? අන්ඩ කොන්ට්‍රෝල් නැත්නම් කොහොමද යකෝ හිටන් ඉන්නේ උඹ හිතුවද අපිට පෝලියෝ කියල යැයි ඇසීය. අපිට හිනහව නවත්වාගත නොහැකි තරම් විය. රොහානයා ආගිය අත හොයාගැනීමට අංජනම් එළියක් බැලීමට සිදුවිය. එයින් පසු රොහාන් අදවෙන තෙක් අප නඩේ කිසිවෙකු හා කතාවට නම් ආවේ නැත.


ප.ලි
මා දන්නා තරමින් පොර මේ බ්ලොග් එක නොබලන බැවින් මට ඔලුව බේරාගැනීමට හැකිය. යම් කිසි විදියකින් මා නොලිව්වොත් අරූගෙන් මට අකරතැබ්බයක් සිදුවී ඇතිබව වටහා ගන්න :P 


ඔන්න මම වලව්වේ තීන්ත ටිකක් ගාල පෙනුම වෙනස් කලා. කට්ටිය ඒ ගැන මොකද හිතන්නේ කියලත් කියලම යන්නකෝ
 


55 comments:

  1. මරු ටෝක් එක. මේකට නම් සිරාවටම බකස් ගාල හිනා ගියා.

    "ඇයි යකෝ තෝ පොට්ටයෙක්ද? අන්ඩ කොන්ට්‍රෝල් නැත්නම් කොහොමද යකෝ හිටන් ඉන්නේ උඹ හිතුවද අපිට පෝලියෝ කියල"

    ReplyDelete
    Replies
    1. එල නේ සහෝ? අපේ හර්ෂ අයියටනම් පාන් කෑල්ලත් හිර වුනා. තැන්කුවේවා! පලවෙනි කොමෙන්ටුවට.

      Delete
  2. හරි කෝරලේ මහත්තයාගේ දානේ ගෙදර යන්න කස්ටිය ලැස්ති වෙමු එහෙනම් ඈ!

    ReplyDelete
    Replies
    1. බොලව් නාඩියෝ මේ අසරණ මාගේ නාඩි වැටීම නවතිනකම්ද බොලව් බලන් ඉන්නේ? හයියෝ සැලරි hikizzzzz

      Delete
  3. ඒකටනම් ඇත්තටම හිනා ගියා... මරේ මරු...

    ReplyDelete
    Replies
    1. හම්මේ...... අලුත් මලය. සාදරයෙන් පිලිගන්නවා වලව්වට ඕන්

      Delete
  4. සීන කුමරිගේ සීන් එක ඉක්මන්ට දාන්ඩෝ....
    ඔපීසි වල ඉතිං ඕම සීන් නැත්තං කම්මැලියිනේ..
    හි හි...

    ReplyDelete
    Replies
    1. සිහින කුමරිය හෙමින් සැරේ ලියමින් යන්නේ මොකද ඒක ගොඩක් පෞද්ගලිකත්වය ආරක්ෂාවන පරිදි එහි සම්බන්ද අයට හානියක් නොවන පරිදිනේ ලියන්න ඕනේ. පොඩි පොඩි වෙනස්කම් සහිතව එකයි සහෝ වෙලායන්නේ ස්තූතියි විමසුමට.

      Delete
  5. මුල අමතක උන ඇවුන්ට ඒක මතක් කරලා දෙන ඒක හොදයි ...

    ReplyDelete
    Replies
    1. අනිවා රොබින් මෙහෙ ඉන්න ගොඩ දෙනෙක් ටයි පොල්ලක් දැම්ම ගමන් හිතන්නේ මම තමයි පොර කියල. නැහැදිච්ච කම කියල තමයි ඕකට කියන්න වෙන්නේ

      Delete
  6. හු ඇ ඇත්තනේ යකෝ කතාව

    ReplyDelete
  7. බකස් ගාලා හිනා ගියා.. කියලා වැඩක් නෑ...

    අපේ මහත්තයත් ඉස්සර ඔය වගේ වැඩ කියනවා.... ලංකාවේ උන් මලු ලංකාවෙ උන්ට කපන්නේ ....

    ReplyDelete
    Replies
    1. අනිවා අනිවා. ඒ අපේ සමහර මිනිස්සුන්ගේ තියෙන කුහක කම සහ මෝඩ කම නිසානේ සහෝ :)

      Delete
    2. හැමෝම ඔය කථාව කිව්වට හිරූ... මටනම් ආපු දවසෙ ඉඳන් ලංකාවෙ මිනිස්සු උදව් කලා.... ඒ හින්ද ඔය කථාව පිළිගන්න හිතෙන්නෙම නෑ

      Delete
    3. මේකයි අයියේ හැමෝම එහෙම නෑ අතරින් පතර අහුවෙනවා ඒ අහුවෙන අනුපාතය ඇති ඔක්කොගෙම නම කන්න

      Delete
    4. ලංකාවෙන් ගිය සාමාන්‍ය රැකියා කරන අය බොහොම සහයෝගයෙන් ඉන්නවලු... හැබැයි ටයි පොල්ලක් දාගත්ත බොස් චරිතයක් රඟපාන ලංකාවෙන් ගිය කලු සුද්දෝ විදියට ඉන්න සුළුතරයක් මෙහෙම දේවල් කරනවා කියලා තමයි හිතෙන්නේ... මොකද තාමත් කතා කරලා සැප දුක් අහන, ජොබ් එකක් සෙට් උන ගමන් කෝල් කරලා කියන අයත් ඉන්නවා..

      වෙන එකක් තියා වෙඩින් එකට අපේ මහත්තයට ලංකාවට එන්න දුන්නේ නැති වෙලාවේ, වයිෆ්ට බබා හම්බුවෙන්න කිට්ටුව එන්න නිවාඩු දාලා හිටපු අයියා කෙනෙක් එයාගේ නිවාඩු කැන්සල් කරලා අපේ එක්කෙනාට නිවාඩු අරං දුන්නා... එහෙම හොඳ මිනිස්සුත් ඉන්නවා....

      Delete
    5. අනිවා හිරු සහෝදරිගේ කතාව මම එකෙන්ම පිලිගන්නවා. මමත් දැකල තියෙනවා එහෙම හොඳ මිනිස්සු. හැබැයි මේ වගේ තමන් ආව තත්වේ අමතක කරලා හැසිරෙන මිනිස්සු තමයි ඔක්කොටම මුල. ආ..... මට කියන්න අමතක උනා පොර අපේ කොම්පැනියේ මුලින්ම ජොබ් එක පටන් අරගෙන තියෙන්නේ වැලට් ඩ්‍රයිවර් කෙනෙක් විදියට. අවුරුදු ගානකට පස්සේ තමයි ඔය දැන් ඉන්න තැනට ඇවිත් ඉන්නේ ගොටු අල්ලලා

      Delete
  8. හෙහ් හෙහ් අන්ඩ කන්ට්‍රෝල්.

    ReplyDelete
    Replies
    1. හේ හේ රාජ් සහෝදරයා. සාදරයෙන් පිලිගන්නවා වලව්වට

      Delete
  9. අරූ ආයේ සුද්දෙක් එක්කවත් ඉන්ගිරිසි කථා කොරන එකක් නෑ ඕං

    ReplyDelete
    Replies
    1. අපි අහල පහලක ඉන්නවනම් මෑන් කැපෙනවා. ඉන්නේ නැහැ.

      Delete
  10. අන්න එහෙම තමයි අපේ බාසාව අමතක උන අයට බාසාව මතක් කරලා දෙන්න ඕන විදිය

    ReplyDelete
  11. කියවනකොට තිබුන මූන නෙමෙයිනේ කොමෙන්ටුව පබ්ලිශ් වෙනකොට තියෙන්නේ . ඒ මූන නරක නෑ

    ReplyDelete
    Replies
    1. සුළු වෙනස් කමක් කොලා ජෝන් අයියේ. අලුත් මූණ හොඳද නැත්ද කියලත් කියල යන්නකෝ.

      Delete
  12. //පුෂ්ප මකරන්දය // ලොල් වචනයක්...! හිහිස්..!
    අඩේ අර තඩි බඩ දාගෙන ඉන්නෙ කෝරලේ මහත්තයද...ඈ..!!

    ReplyDelete
    Replies
    1. මමත් ඉතින් ටිකක් ඔයවගේ තමයි hikizzzz

      Delete
  13. හිකිස්. අනේ පව් ඒ මෑන් :D
    ඇත්තටම එයා තමන්ගේ රටේ අය එක්ක සිංහලෙන් කතා කළානම් මොකද. අනේ මන්දා. කට්ටිය‍ට ඉංග්‍රීසි කිව්වොත් වෙන දෙයක් නෑ වගේ. අනේ දෙයියනේ ඒකත් මේ සාමාන්‍ය භාෂෘවක්නේ.

    ReplyDelete
    Replies
    1. ඒ අපේ මිනිස්සු හදන් ඉන්න තාලේ අපේ යාලුවෙක් ඔයවගේ ඉංග්‍රීසි උණ තියෙන ලංකාවේ ජාත්‍යන්තර පාසලකට යන ගැහැණු ළමයෙකුටත් දුන්න කොර වෙන ටෝකක් එකත් පස්සේ ලියල දාන්නම් කෝ

      Delete
  14. මෙච්චර ලස්සනට සිංහලෙන් කතාකරන්න පුළුවන්කම තියෙද්දී කඩ්ඩෙන් කොටන්ඩ එන එවුන් නම් මට දෑහෙට පෙන්න බෑ (මට කඩ්ඩ බැරිකම වෙනම කතාවක්). රොහානයට හොඳ වැඩේ. මම හිතන් ආවේ දරුණු කුනුහරුපයක් කියල, හෙහ් හෙහ් හෙහ්

    ReplyDelete
    Replies
    1. ඇත්තටම කිව්වේ කුණුහරප එක්ක තමයි මම ඉතින් පුළුවන් තරම් ශිෂ්ට විදියට තමයි දැම්මේ. මමත් හිතන විදියට අපේ රටේ කෙනෙක් එක්ක ඉංගිරීසියෙන් කතාකරන්න හොඳ නැහැ. මොකද ඩුබායි රටේ ඉන්න විජාතිකයොත් සිංහල දන්නවා. අපිව දැක්කහම කොහොමද කියල හරි අහනවා.

      Delete
  15. අන්ඩ කොන්ට්‍රෝල් නැත්නම් බිම තමයි. ඇත්ත කතාවට දිපු උත්තරේ..

    ReplyDelete
  16. හොද වැඩේ
    උගේ අන්ඩක් කොර වෙන්නම ටෝක් එක දීල තියෙනවා :)

    ReplyDelete
    Replies
    1. අනිවා.... දැන් මුහුණට හම්බ උනත් බිම බලන් යනවා.

      Delete
  17. හොඳ වැඩේ..

    හඳ අල්ලපු රටේ ඉන්න මිනිස්සුත් ඔයිට දෙවැනි නැත. මේ වැඩි හරියක් මාමලා නැන්දලා (සොරි, ආන්ටිලා අන්කල්ලා) ලංකාවේ අවු. 30 ක් වත් ජිවත් වූ අයය. මෙච්චර ඉක්මනට භාෂාවක් අමතක වෙන්නේ කොහොමදැයි නොදනිමි. සිංහල ගෙට් ටු ගෙදර් වලට යාමට මම අකමැති මේ නිසාය. සිංහලුන් වට වී ඉංග්‍රීසියෙන් කතා කිරීම මට මල විකාරයක් සේ පෙනේ.

    ReplyDelete
  18. හික්..හික් මරු ඈ ...

    ReplyDelete
  19. එල කතාව.. ඒක අහපු අර පොරගේ අන්ඩ කොන්ට්‍රෝල් නැතුව යන්න ඇති:))

    ReplyDelete
  20. හී හී හී............ හිනා ආවෝ........... :)
    ඔබට ජය සහෝ :)

    ReplyDelete
    Replies
    1. :) හී හී ස්තූතියි නංගා ඔබටත් ජයෙන් ජය! :D

      Delete
  21. අනේ කෝරළේ මහත්තයෝ ඒ දවස් වල ආවට පස්සෙ එන්න බැරි වුනානෙ. සොරි වෙන්න ඕනෙ. ඔන්න උඹැහෙව එල්ලුව මගේ ඩෙනිමෙ බ්ලොග් රෝලෙ. දැන් මිස් වෙන්නෙ නෑ අලුත් පෝස්ට්.

    බ්ලොග් එකේ පෙනුම හොඳයි. අර මොකාද අර අසරනයට ගෙම්බර් දාන එකා උඩම පින්තූරේ? කෝරළයද? :D

    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. හිකිස්..... ඔව් ඔව් ඩුඩ් උන්නැහේ මම කියල හිතන්නකෝ. වැඩි වෙනසක් නැහැ. බොහොම ස්තූතියි ඩෙනිමේ මාව එල්ලුවට.

      Delete
  22. ඔන්න මමත් ආවා මේ පැත්තේ. හැක හැක හැක අපොයි ඔහොම බුවාලා ඕනා ටරං. ගැහැණු අයත් එමටයි. දන්නා දෙයකුත් නැහැ ඔහේ කඩ්ඩ දානවා. මමනම් ඒ වගේ වෙලාවට ලිස්සලා යනවා. ඕනා තැනකදී කඩ්ඩ නැතුව එපා තැනකදී නිකම් ඕක දාලා කිච වෙන්න ඕනා නැහැනේ :)))

    ReplyDelete
    Replies
    1. හරියටම හරි සහෝ එකෙන්ම :) අපේ ගොදගෙනෙක් ඇර වඳුරට දුන්නු දැලි පිහිය වගේනේ ඕක පාවිච්චි කරන්නේ

      Delete
  23. පොඩි ප්‍රශ්නයක්.. මේ රොහාන් ලෙබනීස් එවුන් එක්ක වැඩ කරලා තියනවද?

    ReplyDelete
    Replies
    1. සමහර විට සහෝ මේකා ගොඩ කල් මෙහෙ හිටි පොරක්.

      Delete

ඔයාල කොම්මෙන්ට් එකක් දාන්න වැය කරන තප්පර ගානත් ඔයාලට වැදගත් කියල මම දන්නවා එත් ඔයාලගෙන් අදහසක් මේ පිළිබඳව ලැබෙනවා කියන්නේ මට ඉදිරියටත් ලියන්න හොඳ මොර්ටිවේෂන් එකක් ලැබෙන එක. ලියන්න කල් මදිනම් තිතක් තියල යන්න එතකොට මම දන්නවා ඔබ මෙය බැලු බව. ස්තූතියි.........

Related Posts Plugin for WordPress, Blogger...