Tuesday 21 August 2012

2004 සුනාමියෙන් දිවිගලවාගත් සත්‍ය කතාවක් 3 වැනි සහ අවසාන කොටස.






ගෙදරට ආව ලොකු අයිය මට බැනුම් පිට බැනුම් බැන්න ලොකු මාමල ගැන හෙව්වේ නැහැ කියල.  මේ පොඩි මම මොනවා කරන්නද මට වඩා ලොකු මිනිස්සුත් සුනාමියට පදිරි උන එකේ. මෑන් පොරගේ යාළුවො සෙට් එකක් එක්ක පිටත් උනා මාමලව හොයන්න. පොලිස් බලයත් තියෙන නිසා ඒවත් පාවිච්චිකරලා කොහොමින් කොහොමින් හරි මාමලව හොයාගත්ත. එයාල ඉඳල තියෙන්නේ බටපොල පැත්තේ පන්සලක අනාථ කඳවුරක. කොහොමින් හරි එයාලව එක්කන් ආව ලොකු අයිය එනගමන් එයාලට කියල මගේ විස්තරේ. නැන්ද ගෙට ගොඩ උනගමන්ම වැඩ ඇල්ලුවේ මට කනේ පාරක් ගහලයි. එදානම් මට මල පැන්න තමයි. නමුත් දැන් හිතෙනවා හදිස්සියේ හරි මාව සුනාමියට ගියානම් අපේ අම්මලාට උත්තර දෙන්න වෙන්නේ එයාලට නේද කියල. 

 දැන් කොහොම හරි පාරවලුත් සුද්ද කරන්න පටන් අරන්. ආධාර  දෙනවා වෙන වෙන  පැතිවලින් ආව අය. රත්නපුරේ පැත්තේ බස් එකකින් ආව කොල්ලෝ සෙට් එකක් කල බලු වැඩක් තමයි මේ දැන් කියන්න යන්නේ. ඔය දවස් වල ඒ පැතිවල මිනිස්සුන්ට අවශ්‍ය දේවල් තමා වියලි ආහාර, ඇඳුම් පැළඳුම්, සහ පානීය ජලය ඉතින් රට වටෙන්ම මේවා එකතු කරලා සත්ගුණවත් අපේ මිනිස්සු බස්වලින් ලොරි වලින් තමා අරන් ආවේ. රත්නපුර පැත්තේ බස් එකකින් ආව කොල්ලෝ සෙට් එකක් වතුර පුරවපු මෙගා බෝතල් වලින් පාරේ ඉන්න මිනිස්සුන්ට දමල ගහමින් කෑකෝ ගහමින් ගිහින් අම්බානකට ගුටි කෑව. අම්බලන්ගොඩ බලපිටිය කියන පැතිවල ඉන්නේ බොහොම දරුණු මිනිස්සු හොඳට පන උනත් දේවි නරක උනොත් ඉතින් සොරිම තමා. ටිකක් හිතල බලන්න ඕනේ අපි යන්නේ මොන වගේ දේකටද කියල. ට්‍රිප් එකක් යනකොටනම් ඒ විදියට ගියාට කමක් නැහැ. නමුත් ලොවම කම්පා වෙන විපත්තියකට මුහුණ දුන් පිරිසකට ආධාර අරගෙන යනකොට ඊට වඩා සංවර වෙන්න ඕනේ. මොකද ඒ විදියට අසරණ උනේ අඳි වත පවා නැති උනේ කාටවත් අතනොපා බොහොම වැදගත් විදියට ජීවත් උණු මිනිස්සු කොටසකටයි.  රත්නපුරෙටත් ඊට පෙර ලොකු විපතක් උනා කඳු කඩන වැටිලා ලොකු ගංවතුරක් ඇවිත් 2001 දී විතර බොහොම සුළු පිරිසක් කරන මෙවැනි වැඩ වලින් මුළු රටම පළාතම කිචවෙලා යනවා මටත් රත්නපුරේට සම්බන්දයක් තියෙනවා මගේ තාත්තගෙත් උපන් ගම කුරුවිට. මම මේ කිසිම පළාතකට අපහස කරනවවත් මඩ ගහනවා වත් නෙවෙයි. හිතේ තියෙන කලකිරීමටයි මෙහෙම ලියන්නේ සමහර උදවිය තමන්ට තියෙන ඇඳුම් වලින් හරි අඩක්ම දීල තියෙනවා බෙදන්න මම ඒවත් දන්නවා. එවැනි මිනිස්සු අතර අර වගේ වඳුරෝත් ඉන්නවා.


   මටත් වෙන වැඩක් තිබුනේ නැති නිසා මමත් කලේ බයිසිකලෙන් ඒ හරියේ ඇවිදපු එකයි මම ගියා කතාවේ කිව්වා නේද බලපිටියේ පාලම ළඟ තිබුණු කාර් එක ගැන ඒකෙ අයිතිකාරයා ඇවිල්ල එතන ගෙදර මනුස්සය කාටවත් ඉඩදීලා නෑ කාර් එකට අත තියන්න දන්නවද කාර් එක ඇතුලේ තිබිල තියෙනවා ලක්ෂ පනස් ගානක් කවුද බිස්නස් කාරයෙක්ලු. නම නම් අහන්න එපා දන්නේ නැහැ. ගෙදර මිනිහට ලක්ෂ වලින්ම 5 ක් දීල තමයි කාර් එකයි සල්ලියි අරන් ගිහින් තියෙන්නේ. පරිස්සම් කලාට තෑග්ගක් විදියට. 

  31 වෙනිදා එලි උනේ මට තවත් සවාරියක් යන්න කියන්න වගෙයි. පොඩි නැන්දලහට ගිහින් ලකී අක්කත් එක්ක කයියක් දාන්න ඕනේ කියල හිතුන නිසා ගියා ඒ පැත්තට දන්නෙම නැතිව දවල් කන්න වෙලාව ලං වෙලා මම ශේප් ඒකෙ ගෙදරට ආව ගේට්ටුව ළඟදීම මම දැක්ක නවත්වල තියෙන ඩිෆෙන්ඩරයක් හත් ඉලව්වයි අම්මලා................ මේ ඉන්නේ දිලිසි දිලිසි මගේ පියතුමා :P  හ්ම්ම් ලැහැස්ති වෙනවා ඉක්මනට යන්න කියල කිව්වා විතරයි මම උඩ ගියා. කොහෙද? අපිත් එක්ක ඩුබායි. හත් ඉලව්වයි දැන් කාපන්කෝ ටින් කිරි කිව්වලු අනේ මගේ ෆන් ලයිෆ් එක ඉවරයි ලංකාවෙන් ගියොත්. කොහොම හරි මාවත් ලැහැස්ති කරන් අම්මල ඩුබායි ආව වරදක් එහෙම වෙලා තියෙනවනම් කියන්න. හදාගෙන ඊළඟ පොස්ට් එක ලියන්නම් එහෙනම් ඔයාලගේ වටිනා කාලය කා දමපු සුනාමි අත්දැකීම මෙතනින් නිම කරනවා අලුත් පොස්ට් එකක් එක්ක හමුවෙමු ජය වේවා!

13 comments:

  1. anthimata wechcha de nam godak hodai.koi weleth anathurudaayaka dewal karanna korale mahaththaya godak dakshaine.hoda welawata a kaale korale mahaththaya pelawahak karan nohitiye.maththan me maaiya korale mahaththayage dandu monare (bicycle) 1ka bella wate othalai nawathinne.monawa unath mamath nodanna korale mahaththayagekathawak me posts 3nen danagaththa.:D post 3nama matanam hodai :)

    ReplyDelete
  2. අනේ හාමිනේ මම පවුනේ බයිසිකලේ බෙල්ලේ එතුවාම ලොල්

    ReplyDelete
  3. ake kisi pawak ne.oya wage olamottala wada karanne akane :@

    ReplyDelete
  4. හ්ම්ම්..හ්ම්ම්..ඔන්න අපිත් කියෙව්වා සහෝ..අලුත් දේකින් හමුවෙමුකො :)

    ReplyDelete
  5. aimath kawadawath ehema deyak wenna epa kiyala tamai kiyana tiyenne.

    parana eth kawadawath amataka nowena deyak matak kalata istuti :)

    ReplyDelete
    Replies
    1. ඔබටත් ගොඩක් ස්තූතියි. වලව්වට ගොඩවැදුනට

      Delete
  6. අනේ බං මේ එක ගොඩේ ලියන්ඩ එපා.

    ReplyDelete
    Replies
    1. ඕන් අලුතෙන් ලියන ඒවා වෙනස් කොරා.

      Delete
  7. Could you please upload some photos you may have of the tsunami experience. Especially the shots showing how the sea went back.

    Thanks

    Manjula

    ReplyDelete
  8. අද තමයි වලව්ව පැත්තේ ආවේ. එන්න පරක්කු උනාට සමා වෙන්න ඕනෑ. රාජකාරි වැඩ, ළමයින්ගෙ වැඩ, ගෙදර උන්දැගෙ කොන්තරාත් සේරම ඉවර වෙලා තමයි ඉතිං අලුත් බ්ලොග් එකක් පැත්තේ යන්න ඉඩක් හොයාගන්න ඕනෑ.

    සුනාමි කතන්දර තුනම කියෙව්වා. සුනාමිය එනකොට මම අම්පාරෙ වැඩ කළේ. ඒකෙන් නැගෙනහිර වෙරළෙත් ලොකු විනාශයක් උනා. මිනී කඳුවල වීඩියෝ දැකලා සංසාරෙ එපා උනා.

    ආයෙත් එනකම් ආයුබෝ වේවා !

    ReplyDelete
    Replies
    1. ඔන්න ඉතින් අපේ ගාමිණි මහත්තයව සාදරයෙන් පිලිගන්නවා වලව්වට. ඔව් ඔව් ගෙදර රාජාකාරී කොරල ඉන්න එපයි සේරටම කලින් මටත් අපේ උන්දැ සෝලි තියෙනවා වැඩ ඇරිලා ආව වෙලේ ඉඳන් කොම්පියුටරේ බදාගෙන ඉන්නවා කියලා. හිකිස්...... පවුල් පන්සල් උනාම ඔහොම තමයි.

      Delete

ඔයාල කොම්මෙන්ට් එකක් දාන්න වැය කරන තප්පර ගානත් ඔයාලට වැදගත් කියල මම දන්නවා එත් ඔයාලගෙන් අදහසක් මේ පිළිබඳව ලැබෙනවා කියන්නේ මට ඉදිරියටත් ලියන්න හොඳ මොර්ටිවේෂන් එකක් ලැබෙන එක. ලියන්න කල් මදිනම් තිතක් තියල යන්න එතකොට මම දන්නවා ඔබ මෙය බැලු බව. ස්තූතියි.........

Related Posts Plugin for WordPress, Blogger...