Saturday 11 August 2012

2004 සුනාමියෙන් දිවිගලවාගත් සත්‍ය කතාවක්

ඔන්න මම අද ඔයාලට කියන්න යන්නේ මගේ ජීවිතේ 99.9 බේරාගත් හැටි. 2004 නොවැම්බර් මාසේ හා හා පුරා කියල ලංකාව ගොඩබැස්සේ මගේ වීසා මරුකරගන්නටයි. මට ඉතින් නවාතැන් ගන්නට සිද්ද උනේ මගේ අම්මගේ දෙවැනි අයිය නොහොත් මගේ ලොකු මාමලාගේ ගෙදර. මහා අම්බලන්ගොඩ ගාලුපාරට මායිම්
වෙලා තමා මේ ගේ තිබ්බේ. මේ ගේ ගැන පොඩි හැඳින්වීමක් කලොත් වත්තේ ඉස්සරහ මායිම ගාලු පාර පිටිපස්සේ මායිම ඉන්දියන් සාගරය. හෆ්ෆේ කියල වැඩක් නෑ ඉතින් ෆුල් ෆන් තමයි. මෙහෙ ඉන්දෙද්දී සලාක ක්‍රමයට වගේ මාසෙකට දවසක් තම බීච් එකට යන්න දෙන්නේ ඩුබායි ඉන්න කොට අම්මගෙයි තාත්තගෙයි ගෝරනාඩු මැද කල් ගෙවපු මට ලොකු මාමලාගේ ගෙදර ගිය කියන්නේ ඉතින් උපරිම නිදහස ලැබුන කියන එකයි. මොකද ලොකු මාම තමයි ඒ ඒරියා එකේ තරුණ සේවා සභාවේ නිලධාරියා යන්තම් අවුරුදු පහලවක් උණු මගේ සිතුවිලි තේරුම් ගන්න තරම් පුළුල් අවබෝදයක් අපේ ලොකු මාමට තිබුණා. හැමදාම හවසට ලොකු මාමගේ අවුරුදු 7 ක් වුනු පොඩි එකා ඒ කියන්නේ මගේ මලයනේ (සචින්) එක්ක බල්ලාවත් අරන් යනවා බීච් එකේ දුවන්න සෙල්ලම් කරන්න ඔය පැත්තේ මට යාලුවෝ කවුරුවත්  සිටියේ නැති නිසා බල්ලයි කොල්ලයි දෙන්න තමා කොයි දේකටත් කියල මට හිටියේ. ඉතින් මෙහෙම ආතල් එකේ කාගේත් සැලකිල්ල මැද කාලේ ගෙවාගෙන ඉන්නකොට මගේ තිබුණු නරක පුරුද්දක් තමයි උදේ 10 විතර වෙනකල් නිදාගන්න එක. නැන්දගෙන් අපමණවත් බැනුම් අහල ඇති ඔය පුරුද්දට. වැඩිය සැරට බනින්නේ නෑ මොකද මම තමා එයාලගේ පුතා විදියට හිටියේ බැඳලා අවුරුදු ගානක් යනකල් එයාලට බබාලා හිටියේ නෑ ඉතින් ඒ සැලකිල්ල තියෙන්නේ අදටත් මට තමා එයාලගේ ලොකු පුතා විදියට හිකිස්. ඉතින් ඔන්න නත්තලුත් ආවයි කියමුකෝ නත්තල් දා අපේ ආච්චි ආව සිල්ගන්න යන්න ඒ ළඟ තිබුණා ආරාමෙකට. රෑ 12 විතර වෙනකල් කට්ටියත් එක්ක කතා කරකර  ඉඳල නිදාගත්තා. දෙසැම්බර් 26 වෙනිදා පොයදවසට එලි උනා. උදේපාන්දර සුපුරුදු කචකචේ අහගෙන නැගිට්ට මම මූණ හෝදගෙන ආව කන්න මොකද මට පොඩි කාලේ ඉඳන් තියෙන කැත පුරුද්දක් තමයි උදේ කිරි එකත් එක්ක මොනවා හරි කන්න ඕනේ. මොකද නැතනම් බඩේ පනුවෝ ස්ට්‍රයික් කොරනවනේ අනෙත් එක පනුවෝ පවුනේ නැද්ද මන් අහන්නේ? වෙලාව කොහොම හරි 9 ත් 10 අතර වගේ තමයි. මට මතක පිටිපස්සේ බැඳලා හිටිය බල්ලා බෙල්ල කඩාගෙන කෑගහනවා. මේකා කවදාවත් එහෙම කෑගහන්නේ නැති නිසා මාමයි මමයි ගියා බලන්න ඔයාලට හිතාගන්න පුලුවන්ද මම දැක්ක දේ................ මට මගේ ඇස්දෙක අදහ ගන්න බැරි උනා. මෙන්න මුහුද කළුපාටට ගල්වැටියත්පන්නල එනවා. මම ඇස්දෙකත් පිහදාල බැලුව මේ දකින්නේ හීනයක්ද කියල. මෙන්න මේ වගේ තමයි වතුර ආවේ.










මට ඒක විස්තර කරන්න අමාරුයි. හරියට වතුර හට්ටියක. වතුර නටන කොට උතුරන්නේ අන්න ඒ විදියට වෙරළේ තිබුණු කුණු කන්දල් ඔක්කොමත් අරගෙන මගේ දණහිස හරියට විතර ගාලු පාරට වෙනකම් වතුර ටික ගලාගෙන ගියා.අපි දෙන්න ගල් පිළිම දෙකක් වගේ හිටි තැනම  උන්න. මාම කෑ ගහල "සුදු දුවල අම්බලන්ගොඩ ටවුමට ගිහින් මට ෆිල්ම් රෝල් දෙකක් අරන් එනවා" කියල කිව්වා මොකද මාම පත්තර ගණනාවකම අම්බලන්ගොඩ වාර්තාකරුවා. මම ටක් ගාල දුවල ගිහින් ඒ දවස් වල මගේ ප්‍රාඩෝ එකට (මවුන්ටන් බයික් එක)නැගල ගියා ටවුමට.ඔයාල ගාලුපාරේ යනකොට මේ හරිය දැකල පුරුදු ඇති අම්බලන්ගොඩ ටවුන් එකේ ඉඳල කිලෝ මීටර් ක් විතර ගාල්ල පැත්තට වෙන්න තමා මාමලාගේ ගෙදර තිබුනේ හරියටම කියනවනම් දුරගමන් යන බස් නවත්වන් පැරට් කියන හෝටලේ ළඟ ඉඳන් මීටර් 200 විතර දුරින්. ටක් ගාල අම්බලන්ගොඩ එඩ්වින්ස් එකට පෑගුව, මම ෆිල්ම් රෝල් දෙකත් සාක්කුවේ දාගෙන ආවට වැඩි වේගෙන් ආපහු ගෙවල් පැත්තට පාගන්න ගත්ත. මේ මුහුද ගොඩ ගැලුවා කියන ආරංචිය පැතිරිලා ගියේ සෑහෙන වේගෙකින් සිද්දිය වෙලා විනාඩි 15 ක් නෑ සෙනග වැල නොකැඩී එන්න ගත්ත බීච් එකට.  මෙන්න මුහුද එකපාරටම පස්සට යන්න ගත්ත. අපේ ඔය ගෙවල් පිටිපස්ස හරි ගැඹුරුයි කවුරුවත් නාන්න එහෙම යන්නේ නෑ මොකද ගහගෙන යනවා හුණුගල් කොරල් පර පිරිලා ජීවිතේට දකින්න ලැබෙයි කියල හිතුවේ නැති ඒ කොරල් පර හුණු ගල් මගේ ඇස පනාපිට පෙන්න ගත්ත. මාමයි මාමයි ඇවිදගෙන ගියා මීටර් 200 ක් විතර මාම හිටු කියල පොටෝ ගන්නවා. මේ වටේ මිනිස්සු පොරකනවා මාළු අල්ලනවා අර ගල්පර කොරල් පර අස්සේ මාළු උඩපනිනවා  වතුර නැති කමෙන්. මිනිස්සු මොකද කරන්නේ අර පනගහෙන මාලුන්ව අල්ලනවා පණපිටින් මෙහෙම ඉන්නකොට ඈත ක්ෂිතිජයේ අඳුරු චායාවක් වගේ දැකල මාම කෑගැහුව සුදු එනවයන්න අර කළුපාටට පේන දේ එච්චර හොඳ නෑ කියල. මමත් මාමත් එක්ක උඩට ආව අපේ ගේ තියෙන්නේ වෙරළේ රැලි මට්ටමේ ඉඳන් අඩි 8 ක්  විතර උඩින් අපි එනකොට්ටත් මිනිස්සු 50 ක් 60 කට වඩා මුහුදේ හිටියා. ලොකු මාම සචියවයි නැන්දවයි බල්ලවයි මාවයි අරගෙන ගේට්ටුවෙන් එලියට පැනල දුවන්න ගත්ත මදක් හරියේදී මට මතක් උනා මගේ බයික් එක මම ආපහු හැරිලා දුවන්නට උනා මම එයාලත් එක්ක දුවනවයි කියල හිතපු මාමල ඉස්සරහටම දුවගෙන ගියා ගොඩ කරේ පැත්තට. මම ගෙදරට දුවල බයික් එකත් අරන් ගාලු පාරට එනකොට මම දැක්ක රැල්ල එනවා. මගේ හිතට ඒ වෙලාවේ ආවේ මොනවගේ ගොන් අදහසක්ද කියල මම අදටත් කල්පනා කරනවා. අපේ ගේ ඉස්සරහ තිබුනේ ඉස්කෝලයක් කුමාර කාශ්ශප කියල ඔකේ තාප්පේ උසයි අඩි 8 ක්  විතර මම බයික් එක තාප්පෙට හේත්තු කරලා බයික් එකේ උඩ නැගල තාප්පෙන් වාඩි උනා. මගේ අදහස උනේ ගිය පාරත් අඩි දෙකතුනකට වඩා වතුර ආවේ නැති නිසා තාප්පේ උඩ වාඩි වෙලා වතුරට කකුල දාගෙන ඉන්න.මෙන් මෙහෙම










දැන් මට බනිනන් එපා මු මහා මොලේ නැති බූරුවෙක් කියල මට අදටවත් හිතාගන්න බෑ මම ඇයි එහෙම හිතුවේ කියල.පොඩි කාලේ ඉඳන් මම වතුරට ආසයි මොකද ඩුබායි වලට වැඩිය වහින්නේ නැති නිසා සහ වතුර හිඟ කම නිසා.  අදටත් පාරේ වතුර වලක් තිබුනොත් අනිවා කාර් එක ඒ පැත්තට ඇල්ලෙනවා ඉබේටම
සමහර විට ජීවිතේට සුනාමි අත්දැකීමක් නැති නිසා සහ මගේ වයස අඩු කම වෙන්නත් පුළුවන්. මොකද මට ඒ දවස් වල සෑහෙන ලොකු උණක් තිබ්බ අපේ දමිත් අයියව පරදවල ඌට වඩා දෙයක් කරලා නම හදාගන්න සහ
පොඩි මාමගේ දූලා ඉස්සරහ වීරයා වෙන්න. දැන් නම් මතක් වෙනකොටත් හිනහ යනවා ලොල්...... නමුත් රැල්ල ඇවිත් ලොකු මාමගේ කුස්සියේ වදිනකොට මම දැනගත්ත බඩුම තමයි කියල මොකද මේ සැරේ ආවේ කලින් සැරේ වගේ පොඩි උසින් අඩු සැරෙන් අඩු රැල්ලක් නොව උස තාප්පයක් වගේ මෙන්න මේ වගේ එකක්..











මට හිතාගන්වත් වෙලාවක් ලැබෙන්නට කලින් රැල්ල මම නැගල උන්න තාප්පෙත් කඩාගෙන මාවත් විසිකරගෙන ගලායනන්ට ගත්තා. මමත් දැන්  රැල්ලට අහුවෙලා ගහගෙන යනවා මගේ වෙලාවටද දන්නේ නැහැ මට අහු උනේ අර යකඩ ඔන්චිල්ලාවක්. ඔයාල දැකල ඇති ඔය ඉස්කෝල වල පොඩි උන්ට පදින්න තියෙන්නේ යකඩ බම්බු වලින් හදල. අන්න එයින් එකක්. මම ඒකෙ එල්ලිලා තදින් බදාගෙන හිටියා. නමුත් වතුර පාරේ සැරට මට අල්ලන් ඉන්න අමාරුයි. ඒ අස්සේ කොහෙන්ද මන්දා ගහගෙන ආව කොටයක් මගේ පපුවේ වැදුන. තව කොහේ අල්ලන් ඉන්නද......





මම දැන් ගහගෙන යන්නේ ඉස්කෝලේ ගොඩනැගිලි අතරින්. මට අහු උනා බිත්තියක් වගේ මම හයියෙන් අල්ලාගෙන එක දිගේ උඩට නැග්ග.ඔයාල දැකල ඇති ඉස්කෝලවල බිත්ති එක එක කැටයම් දාල තියෙන ඒ කියන්නේ සිමෙන්ති බීරළු වගේ සම්පූර්ණ කවර් වෙලා නැති. අන්න ඒවගේ එකක්. මම මක දිගේ නැගල දෙවැනි තට්ටුවේ වහලටම නැග්ග.(ඒ නැග්ගේ කොහොමද කියල මට අදටවත් හිතාගන්නවත් බැහැ) මට ඇහුන කෑගහන සද්දයක් එහාට වෙන්න මම වහල දිගේ ඇවිදන් යනකොට මම දැක්ක පොඩි එකෙක් වයස ඇති අවුරුදු 8 ක් 9 ක් විතර. මාව දැක්ක ගමන් අනේ අයියේ බේරාගන්න කියල කිව්වා මම හෙමින් සැරේ වහල දිගේ ඒ හරියට කිට්ටු කරනකොට මම හිතන්නේ පොඩි එකාට අල්ලන් ඉන්න බැරිව වෙන්න ඇති  ඒ මල්ලිව ගහගෙන ගියා මගේ ඇස්ඉදිරිපිට. මට හිතාගනවත් බැරි උනා උනේ මොකද කියල. මම එහෙමම වහල උඩට වෙලා හිටියා. වතුර බැහැල යන්න පටන් ගෙන ඉවර උනාට පස්සේ මම බැස්ස වහලින් නැග්ග එක කොහොම නග්ගද කියල මට හිතුනේ බහින්න තිබුණා අමාරුව දැකල මම ජීවිත පලවෙනි වතාවට එච්චර උඩකට නැග්ගේ කොහොමින් හරි බැහැගත්ත කියමුකෝ මුලින්ම බැලුවේ මගේ ගයික් එක අනේ මේක තියෙනවා එතන තිබුණු ගහකට හේත්තුවෙලා බයිසිකලෙත් එතනින් අරගෙන මම එනකොට දැක්කේ මම නැගල හිටියා තාප්පේ තිබුනේ සුන් බුන් විතරයි. මුලින්ම බැලුව ගෙවල් පැත්ත එතන ගෙයක් නැති තරම් එළියේ කුස්සිය සම්පූර්නෙන්ම කඩන් වැටිලා. යක්කු නටපු බංගලාව වගෙයි. මට දැන් කරන්න දෙයක් හිතාගන්නවත් බැහැ.ලොකු මාමලත් කොහෙද දන්නේ නැහැ








ඊළඟට මොකද උනේ කියල දෙවැනි කොටසින් කියවමු.
මෙය ගොතන ලද කතාවක් හෝ අසනු ලැබූ අහුලගනු ලැබූ කතාවක් නොව මගේ සැබෑම අත්දැකීමක් ඇසුරෙන් ලියන ලද්දක් බව කියන්නට ඕනේ. ඔතන කාල වේලාවන් හරියටම හරි නැති වෙන්න පුළුවන් මොකද දැනට අවුරුදු 8 කට පමණ පෙර සිදු වීමක් නිසා. සියල්ල හිතාගන්නවත් බැරි ඉක්මනින් සිද්ධ උනේ. එහෙනම් දෙවැනි කොටසෙන් හමු වෙමු.






23 comments:

  1. meka kiyawaddith...baya hithenawa......mamath lankawata niwadu addi pare thibba kalabalen thama dana gaththe.....eth godak aya jeevitha walin samu gaththu....thaman amaruwen hada gaththu siyalla.....mohothakin vinasa wela giya....dukba awasthawak.............

    ReplyDelete
    Replies
    1. කතාව තාම ඉවර නෑ තව තියෙනවා දෙවැනි කොටස ලියාගෙන යනවා ඉක්මනින්ම ඒකත් දාන්නම් කෝ

      Delete
  2. හ්ම්ම් අනිත් ටිකත් ලියන්නකෝ මොනා වෙයිද කියල බලමු..

    ReplyDelete
    Replies
    1. අනිවා නංගා ලියමින් ඉන්නවා

      Delete
  3. නියම කතාව සහෝ
    ඇත්තටම ඇඟ කිලිපොලා ගියා

    ReplyDelete
  4. ඒ දවස් ටිකනං අමතක වෙන්නෑ ජීවිතේටම..
    මං දැකපු සංවේදීම අවස්ථාවක් තමා ගාල්ල බස් ස්ටෑන්ඩ් එකේ කෙල්ලෝ 4දෙනාව ගහගෙන යන එක..
    බලමු ඉදිරියට..

    ReplyDelete
    Replies
    1. එතනටත් මම සම්බන්දයි එකත් මම ලියන්නම් තරිඳු

      Delete
  5. ඒ දවසනම් මතක් වෙනකොටත් බයයි. ජීවිතේ බේරුනු එක ගැන සතුටු වෙන්න. සුබ පැතුම් යාළුවා. ජය...!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි මගේ අම්මා තාත්තටත් පුදුමයි මම බෙරිච්ච එක ගැන

      Delete
  6. ඒ කාලේ මතක් වෙනකොටත් බයයි

    ReplyDelete
    Replies
    1. අනිවා අවතාර් කෝරලේ වලව්වට සාදරයෙන් පිලිගන්නවා

      Delete
  7. මාර අත්දැකීම නේ. පවු අර පොඩි මලයා . ඒකාවක් බේරාගන්න පුලුවන් වුනානනම්

    ReplyDelete
    Replies
    1. දයානන්ද මහත්තයෝ කිව්වට විශ්වාස කරන්න මට මාස ගානක් යනකල් නින්ද ගියේ නෑ ඒ දවස් වල සිද්දවුණු ගොඩක් සිදුවීම් කාලයක් යනකල් මගේ හිතට වදදුන්න.

      Delete
  8. matath oya deta muna dila tiyenawa :( ammiyooo matak wenakotath bayai...

    ReplyDelete
    Replies
    1. ඔයාට මම කියන්න ඕනේ නෑ නේ. මතකද අපි හිටියේ කොච්චර බයෙන්ද කියල ?

      Delete
    2. adatath tamath e baya hite tiyeanwa. muhudata adare karapu hamoma, me dein passe e adare adu wela giya kiyala hitenawa.

      Delete
    3. මමත් හිතන් හිටියේ මුහුද කිට්ටුව ඉඩමක් අරන් ගෙයක් ගන්න. දැන්නම් වලව්ව හදන්නේ මුහුදේ ඉඳල කිලෝ මීටර් 20 වත් දුරින්

      Delete
  9. මම කලින් මේකට කමෙන්ට් කලා වගේ මතකයි. ඒක නෑනෙ. ඔන්න ආයෙත් ආවා.

    ReplyDelete
    Replies
    1. තිබුනේනම් නැහැ ස්තූතියි සහෝදරයා මම හිතන්නේ මේකෙම අනෙක් කොටසක වෙන්න ඇති

      Delete
  10. හම්මෝ...ඇඟ හිරි වැටෙනවා කියද්දී..ඔහොම බේරුනා මදැයි..

    ReplyDelete
    Replies
    1. ඒකනේ ස්තූතියි මේ පැත්තේ ආවාට.

      Delete

ඔයාල කොම්මෙන්ට් එකක් දාන්න වැය කරන තප්පර ගානත් ඔයාලට වැදගත් කියල මම දන්නවා එත් ඔයාලගෙන් අදහසක් මේ පිළිබඳව ලැබෙනවා කියන්නේ මට ඉදිරියටත් ලියන්න හොඳ මොර්ටිවේෂන් එකක් ලැබෙන එක. ලියන්න කල් මදිනම් තිතක් තියල යන්න එතකොට මම දන්නවා ඔබ මෙය බැලු බව. ස්තූතියි.........

Related Posts Plugin for WordPress, Blogger...