Tuesday 21 August 2012

චූ කතාවක්. (18+ ඔන්ලි වගේද මන්ද)

දුක හිතෙන දීර්ග කතාවකට පස්සේ මට හිතුන කට්ටියට හිනාවෙන්නත් මොනවා හරි ලියන්න ඕනේ කියල. මේ අදහසනම් මට ආවේ පෙරේද අපි ගිය ට්‍රිප් එකක් නිසා දැන් ගෙදර අයත් එක්ක නිසා යන්නේ ලංකාවේ තරම් කොල්ලෝ සෙට් එක එක්ක යන තරම් සොමියක් නැහැ. මගේ අතිජාත මිත්‍රයෝ 5 දෙනාත් එක්ක සෙට් උනා කතරගම යන්න.




 දැන් හැමදාම වගේ එක එක්කෙනා බාර ගත්ත තම තමන්ගෙන් වෙන්න ඕනේ මොනාද කියන එක. හැමදාම වගේ මට පැවරුනේ ප්‍රවාහන අංශය. කෝල් දහයක් විතර දුන්නට පස්සේ දැනගත්ත යන්තන් ජයකොඩි මාමගේ වැනට් කටුව සෙට් කොරගන්න පුළුවන් කියල යන්න. සීයත් මට වාහන දීම වර්ජනය කොරල තිබ්බේ මොකද උන්දැගේ අලුත්ම සනියේ දොර කඩපු නිසා. දැන් ඔයාල බලයිනේ මුගේ ඔලුව හොඳ නැද්ද කියල කාර් එකක දොරක් කඩන්න. ඒ නිසා එකත් කියලම ඉන්නම් කෝ.... මට කාර් එක දුන්න ආච්චිව පන්සල් එක්කන් යන්න. ආච්චි නිතරම යන්නේ පන්නිපිටිය පැත්තේ තියෙන ප්‍රසිද්ධ පන්සලකට නම කියන්න බැරි.  ගිහින් එනගමන් මගේ කරුමෙකටද මන්ද ගියා ටයර් එකක්. ආච්චියි චූටි නැන්දයි විතරයි හිටියේ. මමත් වැඩ්ඩා වගේ ජැක් එක අරන් ගහන්න ගත්ත. දැන් කොහොම හරි මේ අලකලංචිය ගෙනියන්න එපැයි. මමත් ඉතින් දමාගෙන ජැක් එක ගහනවා. කිරි..... කිරි.... ගාන සද්දයක් එනවා නමුත් කාර් එක ඉස්සෙන්නේ නැහැ. ජරාස් ගාන සද්දයක් ආවා. මට ඇහුන ආච්චි කියනවා අයියෝ දොර......... හිතාගන්න පුළුවන්නේ වෙලා තියෙන දේ. ජැක් එක ගහල තියෙන්නේ දොරට. ලොල් ඉතින් ඒ වීර ක්‍රියාවෙන් පස්සේ මට වාහනයක් දෙයිද පවුලේ එකෙක්වත්? යන්තන් ජයකොඩි මාම නිවන් දැක බුදුන් දකින්න වැනට් එක හරි දුන්නේ. ඒ දුන්නෙත් දාහක් නීති දාල.




ක්ලීන් එක තමා පැහැදිලිවම මෑන්ට ඕනේ කලේ. එකනේ අපේ නැතිම දේ. කොහොම හරි දැන් ඉතින් අපි සින්දු පැල්කවි ජනකවි කියකිය යනවා. ඉස්සරහ මමයි නුවනයයි.හැමදාම ඉතින් මුන්ගේ ඩ්‍රයිවර් වෙන්නේ ඉතින් මමනේ. මේකේ ඒසී තිබුනේ ඉස්සරහට විතරක් නිසා අපි දෙන්න ෂටර්ස් වහන් ගියේ උදය, සහන්, නිශාන්, සහ නවීන් පිටිපස්සේ වීදුරු අරගෙන තමයි ගියේ. මේ කාලේ අපේ තිබුන මහා වල් පුරුද්දක්. ට්‍රිප් එකක් යනකොට අනිවා ගෙනියන දේවල් අතරට අපි එකතුකරගන්නවා ග්‍රොසරි බෑග්ස්. මොකටද? වෙන මොකටද වතුර පුරවන්න මිසක්. කවුරු හරි පාරේ අන්දොස් ඩයල් එකක් සෙට් උනොත් ඉතින් අනිවා වතුර පාර ෂුවර්.





මෙදා පොටෙත් තුන් හතර දෙනක්ටම වතුර වලින් සංග්‍රහ කරපු අපි මාතරත් පාස් කරලා යනකොට. පාර අයිනේ නතර කරපු ඩබල් කැබ් එකකින් බැස්ස තුන් හතර දෙනෙක් එයාලගේ ජීවන බර නිදහස් කරගන්නවා.




අපේ උදයටත් නිකන් ඉන්න බැරිවට මූ ඇදල ඇරින්නන් අරුන්ව නෑවෙන්න. මමත් ඉතින් වැඩේට හවුල් උනා වාහනේ ස්ලෝව් කිරීමෙන්. මොකද ඔය වගේ අල්ල කහන වැඩ කරන්න මම කොහොමත් ආසයි නේ. ලොල්...... ඉතින් මෙහෙම  ටික දුරක් යනකොට උදය කිව්වා මචෝ අර පිටි පස්සේ එනවා වගේ පෙන්නේ අර කැබ් එක වෙන්න ඕනේ පාගල පලයන් කියල. ටවුන් ඒරියා වල මම වැඩිය හයියෙන් යන්න කැමති නෑ. මොකද මට තාම බලපත්තරේ නැති නිසා. මැද කන්නාඩියෙන් දැක්ක දෙයින් මටත් සුළුදිය බරක් ලාවට වගේ ආවා ආයිබෝන්...... ලොල්. කැබ් රියදුරා රා කල හතක් බිව්ව නාලාගිරි ඇතා වගේ මගේ පස්සෙන් එන්නේ.





 මමත් ඉතින් හයියෙන් යන්න බැරි මනුස්සයෙක් නිසා, මොකක්ද එකට පෙට්‍රෝල් ගහපු මොකක්ද එකා වගේ මමත් පාගන්න ගත්ත. නමුත් වැනට් එකක් කොහේ යන්නද කැබ් එකක් එක්ක. කැබ් එකා ගහන්න තියෙන ලයිට් ඔක්කොම ගහගෙන ඕවර්ටෙක් කරන්න ට්‍රයි එක. අපේ උන් ටික කෑ ගහනවා. දෙන්න එපා මචන් දෙන්න එපා කියල. මන් අහවල් දෙයක් කොරන්නද එක වංගුවකදී මෑන් ගත්ත මට ඉස්සර කරලා ඉස්සර කරනවත් එක්කම මට ඇහුන චාස් චාස් ගාන සද්දෙකුයි අයියෝ මුගේ අම්මට..........(බලධාරියා විසින් කපාහරින ලදී)





 හප්පේ ගඳ කියලයි. දරාගන්න බැරි ගඳක් ආවේ. හිතාගන්න පුලුවන්ද මොනවද කියල. චූ........... මනුස්සයෝ චූ.  දෙවියෝ බලල වගේ අපි දෙන්නට ආබාදයක් නැහැ ෂටර්ස් වහන් හිටි නිසා.අරුන් දෙන්න තියෙන එක දීල දොබෙන්ම. උන්ට බැනලත් වැඩක් නැහැනේ. අපිනේ අහක ඉන්න අහවල් උන් අහවල් එක අස්සේ දාගත්තේ.
මෙහෙම යන්න බැරි නිසාවෙන් ඇල්ලුවා ගෙයක් ලඟට. ඒ ගෙදර හිටි අන්කල්ටයි අන්ටිටයි විස්තරේ කියල අපි වතුර ගැහුව කෑල්ල ඇරෙන්න. පොඩ්ඩක් හෝදගන්න අවසරේ ගත්ත. අනේ අර අන්කලුයි ආන්ටියි දෙන්නත් අරුන්ගේ පතුරු යන්න බනිනවා.  යන්තන් වාහනෙත් හෝදගෙන එතනින් එන්න පිටත් උනා අන්න එදාට පස්සේ අපේ උන් අදවෙනකල් ඔය වගේ කුප්ප වැඩ කිරීමෙන් නැවතුනා. මම හිතනවා ඔයාලට හිනා ගියා කියල හිනාගියේ නැත්නම් කුචිකවාගන්න මගේ ගානේ ඕන්... ලොල්

27 comments:

  1. ah kamak nadda kichi kawaagaththata?thawa mata deyak ahanna thiyenawa.aka mama skype walin hari gedara aawama hari ahannam :P

    ReplyDelete
  2. හොඳවැඩේ බොලාට.... අස්මජ්ජාති පාහර වැඩ කරනවට....

    ReplyDelete
    Replies
    1. :D විලි ලැජ්ජාවේ සන්තෝසේ බෑ හප්පේ

      Delete
  3. ayyo.......ayyo.......meyalath karana wada...... :D

    ReplyDelete
  4. අසමජ්ජාති වැඩ වලට හම්බුවෙලා තීන්නේ එල රිටන් එකක්..

    ReplyDelete
    Replies
    1. කියාල වැඩක් නැහැ. ආයෙනම් ඔයවගේ දේවල් නොකරන්නම

      Delete
  5. Ubala natapu pissuvala hatiyata jeevath una pudumayi

    ReplyDelete
  6. මදැයි කොරා පව් කියන්න නම් බැහැ
    හොඳ වැඩේ වෙච්ච දේට :D

    ReplyDelete
    Replies
    1. කුම්බලා මාළු කාවානම් විඳවාපන් බළලෝ කිව්වලු. අන්තිමට චාටර් වෙන්න ගියේ මමයි. මොකද වාහනේ චාටර් උනානම් ගෙදර ඇවිල්ලත් බොරු. ඔයින් ගිය ඇති අතක් පයක් නොකැඩි

      Delete
  7. ඔය වගේ අත්දැකීමුත් තියෙන්න එපැයි

    ReplyDelete
    Replies
    1. අමුතු විතරක් නෙවෙයි බෙල්ල ගහල යන බය හිතෙන

      Delete
  8. මදැයි කොලා නාන්න සිද්ද නොවුන එකයි පුදුමේ.

    ReplyDelete
    Replies
    1. අනෙක් හතර දෙනාම නෑවා මමයි ඉස්සරහ ගිය අනෙක් යාළුවයි තමයි බේරුනේ. බොහොම ස්තූතියි දයානන්ද මහත්තයෝ

      Delete
  9. හොඳම හොඳ වැඩේ කෝරලේ මහත්තයාටත්...මාරු කථාව ඈ...............

    ReplyDelete
  10. යකෝ දොරකට ජැක් එක ගහපු බුවෙක් ගැන ඇහුවාමයි. අර ඉස්සෙල්ල කතාවෙ වගෙ කෝරලෙයාටත් වාහන දෙන උන්ට ගහන්න ඕනෙ. යකෝ ලයිසනුත් නැතුව අච්චර දුර යනකොට පොලෝසියට මාට්‍ටු උනාම මොකද කරන්නෙ?
    අනික උඹලා අර චූ දාන බුවාලට වතුර ගහපු එක නම් පට්ට චාටර් වැඩක්. කැබ් එකේ ආපු එකා මම උනානම් උඹලට චූ බෑග් එකකින් විතරක් ගහලා යවන්නෙ නෑ. ඇත්තමයි වැනට් එකටත් සොරිම තමයි එහෙනම්. උං ඉතාම සාධාරණ මිනිස්සු ඇත්තෙන්ම.
    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)

    ReplyDelete
    Replies
    1. සිරාවටම දැනටත් මම ලංකාවේ වාහන ගෙනියන්නේ ලයිසන් නැතිව තමා අවුරුදු 13 ඉඳන් පදින්නේ වාහන. දැන්නම් දෙයියනේ කියල මගේම එකක් නිසා අවුලක් නැහැ. ගිය ජනවරිවලත් පට්ට ටයිප් එකේ අනගැනීම් දෙකක් කරලා තාම වාහනේ ගරාජ් එකේ ලොල් කැබ් එකේ එකා ගැනනම් මටත් අප්සට් තමා මොනවා. කොරන්නද.....? මම හවුල් උනේ වාහනේ ස්ලෝව් කිරීමෙන් පමණයි.

      Delete
  11. ඉල්ලන් *කේ මාමයිට් ගාගන්නවා කියන්නේ ඕවාට තමා :D

    ReplyDelete
    Replies
    1. ඒ දවස් වල කොහොමත් තිබුනා පොඩ්ඩක් උන වගේ සෙට් එකටම

      Delete
  12. හිකිස්‌!!!! මදැයි කලා... :D

    ReplyDelete
  13. යකෝ උඹල පිස්සු හුටන් ටිකක් නේ බං. :D අම්මප ඔයින් ගියා ඇති. වෙන එකෙක් නම් නෙලනවා ලොවෙත් නැති වෙන්න. කැබ් කාරයා හොඳ බුවෙක් වෙන්න ඕනි. නැත්තන් මුත්තරා සංග්‍රහයක් විතරක් කරලා නිකන් ඉඳීවි යැ. හෆොයි මට මැවිලා පේනවා අරුන් ගේ මූණේ හිටන් චූ බේරෙන හැටි. :D කිව්වට බෑ ඉතින් කාටත් ඔහොම කාලයක් තියනවනේ. එක අතකට වෙච්ච එකත් හොඳයි, නැත්තන් මේ පොස්ටුවත් නෑ නේ.

    පරණ පෝස්ට් එකක් උනත් කොමෙන්ටුවක් කොටන්නේ නැතුව යන්නේ කොහොමද මෙහෙම එකක් කියෙව්වට පස්සේ.:)

    ReplyDelete
    Replies
    1. අනිවා චන්දන අයියේ. අරුන් කෑවා ආයේ ලොවෙත් නැති වෙන්න. ඔය වගේ සිදුවීම් වලින් පස්සේ අපේ අමන වැඩ ටික ටික වත් අඩු උනා. බොහොම ස්තූතියි වචනයක් කිව්වට.

      Delete
  14. welawata yannathan oi vidiyata berune

    ReplyDelete
    Replies
    1. ඒක තමයි. නැත්නම් ඉන්න වෙන්නේ ඉස්පිරිතාලේ ගුටිකාල

      Delete

ඔයාල කොම්මෙන්ට් එකක් දාන්න වැය කරන තප්පර ගානත් ඔයාලට වැදගත් කියල මම දන්නවා එත් ඔයාලගෙන් අදහසක් මේ පිළිබඳව ලැබෙනවා කියන්නේ මට ඉදිරියටත් ලියන්න හොඳ මොර්ටිවේෂන් එකක් ලැබෙන එක. ලියන්න කල් මදිනම් තිතක් තියල යන්න එතකොට මම දන්නවා ඔබ මෙය බැලු බව. ස්තූතියි.........

Related Posts Plugin for WordPress, Blogger...