Monday 17 September 2012

සිහින කුමරිය. (සයවැනි කොටස) ජීවිතය වෙනස් කල කතාවක්.

පළවැනි කොටසට මෙතනින්
දෙවැනි කොටසට මෙතනින්
තුන්වැනි කොටසට මෙතනින්
සිව්වැනි කොටසට මෙතනින් 

පස්වැනි කොටසට මෙතනින්





හ්ම්ම්ම්ම් සාජා එයාර්පොර්ට් එකෙන් බැස්ස තැන සිට අම්මගෙන් ලැබුනේ කුඩම්මා සැලකිලිය. වෙනදා මා ලංකාවට ගොස් පැමිණෙන විට සියල්ලන්ටම වඩා සතුටුවෙන ඇය මා හා වචනයක්වත් කතාකලේ නැත.  (තාම හැදී වැඩෙන  කිරි සප්පයා වූ මා මෙවන් දුකක් කෙසේ දරාගන්නෙම්ද) තාත්තාද බකුසු මේකප් එක දමාගත්ගමන්මය. ගෙට ගොඩවූ විට එය අමු සොහොනක් මෙන් පාලුය. මා පැමිණෙන විට තාත්තා මා පාවිච්චිකළ වාහනයද විකුණා ඇති බැවින් එලියට යාමටද විදියක් නැත. ඉන්ටෙර් නෙට් පාස්වර්ඩ් එකද වෙනස් කොට ඇති බැවින් නෙට් ලොගින් වීමටද නොහැක. අයියෝ කුණු සංසාරේ කියන්නේ මේවට තමයි. එදින මා සමග කතාකළ එකම නිවැසියා මල්ලි විය. ඒකාද හයහතර නොතේරෙන එකා බැවිනි නැතිනම් ඒකත් කතානොකරන වග ඉරහඳ මෙන් සුවර්ය. හවස් වරුවේ නිවසට රැස්ව සිටියේ අප දන්නා හඳුනන පවුල් කිහිපයකි. මල්ලි පැමිණ මට එලියට කතාකලෙන් කටුවෙන් එලියට ඇදෙන ඉබ්බෙක් මෙන් මාද කාමරයෙන් සාලයට ආවෙමි.



වාඩි වීමට තැනක් නොවූයෙන් හිටගෙනම සිටීමට සිදුවිය. සියල්ලන්ම මාදෙස බලන්නට වූයේ අමුතු හැඟීම් සිතතුළ දරාගෙන බව ඔවුන්ගේ මුහුණු දැකීමෙන් මට පසක් විය. කිසිවෙක් කතා නොකළ බැවින් මා නැවතත් හිස ඔසවා බැලිණ. ඔවුන්ගේ බැල්ම හොරෙක්, මිනිමරුවෙක්, ස්ත්‍රී දුෂකයෙක් සමාජ විරෝදියෙක් දෙස බලන්නා වූ බැල්ම මෙන් විය. කොටින්ම කියනවනම් ප්‍රභා ගොයියව පණපිටින් දැක්කවගේ තමයි බලන් හිටියේ. මුලින්ම කටහඬ අවදිකළ පාලිත අංකල්  මොනවද පුතා ඔය මේ කරන්නේ......? අපි හිතුවේ ඔය ඉගනගන්නවා කියල නමුත් සිද්ද වෙන්නනේ මේවද? දෙමාපියන්ගේ මුනේ දැලිගාන්න හදන්න එපා. රොඩ්නි අංකල්ද මැද්දෙන් පැන ලංකාවේ වෙච්ච දේවල් අමතක කරලා දාන්න. ඔයවගේ සම්බන්ද කම් කොතෙකුත් ඇතිවෙනවා. ඔය වයසේ වැරැද්ද.... නමුත් ඕව දුර දිග ගෙනියන්න ඕනේ නැහැ. ඒ ලමයව අමතක කරන්න. ඔයාට ඔයිට වඩා හොඳ කෙනෙක් හම්බ වේවි. ඉස්සෙල්ල ඉගන ගන්න. එකනේ වැදගත්ම දේ........ එකා ඇර එකා බැගින් වරින් වර මට අවවාද දෙන්නට විය. මමත් කසාය බිව් ගොළුවා සේ ඒවා අසාසිටින්නට විය. මක් නිසාද යත් මව්පියන් දෙදෙනාම එතන සිටි බැවින් පිළිතුරු දීමට හෝ කටක් හෙල්ලිමට මා බිය විය. සියලුම අවවාද අනුශාසනා තර්ජන කිරීම් වලින් අනතුරුව සියල්ලන්ම විසිර ගිය බැවින් නැවතත් නිවසේ ශබ්දයක් නැති විය.



කාමරය තුලට රිංගාගෙන සිටි මා හිත තුලට නැගෙන්නට වූයේ බනි කුමක් කරනු ඇත්ද යන්නයි. ගෙදරට පැමිණි විගසම ඔන්ලයින් එන්නයි කීවත් ගෙදරට පැමිණ දැන් පැය දහයකටත් වඩා  ඉකුත් වී හමාරයි. මම කේබලයක් මගින් රවුටරයට සම්බන්ද වී wep key  එකා රැගෙන නැවත කාමරයට පැමිණෙන විට තාත්තා මාගේ මේසය අවුස්සමින් සිටියේය. මෙතෙක් කතා නොකර සිටි ඔහු කතාකිරීමට අර අදින බව මට පසක් වී හමාර විය. මෙතෙක් කල් දිවියේ මට ඇතිවූ සියලුම ප්‍රශ්න වලදී මා පස රැගෙන කතාකළ තාත්තාද මෙසේ මුනිවත රැකීම මට ඉවසුම් නොදෙන්නක් විය. අනෙක් අතට මා සිතට පිවිසියේ මා කරන්නේ වරදක්ද යන්නයි.උගුර පෑදු තාත්තා හ්ම්ම්ම්ම් කෑවද යැයි ඇසුවේය. මම ඔලුව පමණක් වනා නැතැයි කීවෙමි. දැන් මොකක්ද ඔය ගත්ත තීරණය.? අද වෙනකල් මම ඔයාගේ කිසිම දෙකට එපා කියලත් නැහැ නීති දාලත් නැහැ. මට පුළුවන් උපරිමෙන් මම ඔයාලට සැලකුවා. ඔයාලගේ හිත සන්තෝස කරන්න පුළුවන් උපරිම දේවල් මම කල නමුත් මම ඔයාගෙන් අදවෙනකල් ඉල්ලලා තියෙන්නේ එක්සෑම් රිසල්ට් විතරයි. ඒ ඔයාගෙම හොඳට මිසක අපි කා වෙනුවෙන්වත් නෙවෙයි. නමුත් අද මම අපේ පවුල වෙනුවෙන් ඔයාගෙන් දෙයක් ඉල්ලනවා. ඒ ඔය සම්බන්දෙ අත අරින්න  කියල මම කොහොමද සමාජෙට රටට ලෝකෙට අඳුන්වල දෙන්නේ මේ මගේ ලේලි කියල.? අම්ම කොහොමද.......? ඔය දන්නවා අපිදෙන්නගේම ගැන මල්ලිටයි නංගිටයි දෙන්නටම වඩා මටම පුදුමයි ඔයා මේ වගේ දෙයක් කලයි කිව්වම.



මට මෙය තාත්තා සමඟ විවෘතව කතාකිරීමට අවැසි නමුදු මාගේ මුව ඇරීමට නොහැකි ලෙස අගුල් වැටී ඇති ලෙසකි.මාගේ හිස යකාගේ කම්මල මෙන් විය. කිරීමට යමක් සිතෙන්නෙම නැත. එහෙන් මා අවුරුදු ගණනක් පෙරුම් පුරා අත්පත් කොටගත් ආදරය අනෙක් පසින් මා හැදු වැඩු  දෙමාපියන්ය. මා ගන්නේ කවරපසද මා කොයි පසට ගියත් යන්නට වන්නේ අනෙක් පසට ගින්දරක් දීය. දිනක් අම්මා එලියට ගොස් පැමිණෙන විට මා බනි සමග කතාකරමින් සිටියේය. කොතෙක් සැඟවීමට තැත් කලද මා  ගත් උත්සාහය ව්‍යවර්ථ වුයෙන් අම්මා සියල්ල දැක බනින්නට පටන් ගත්තේය. එවිට මට බනි කියමින් සිටියේ ආච්චිලා බනිගේ නිවසට  පැමිණ බැනවැදී ඇති බවයි. එබැවින් මගේ ඔලුවද එතරම් හරි නොවුයෙන් මාද අම්මා සමග එකට එක කියමින් ගියෙන් එම බහින් බස් වීම නතර වුයේ නිවසේ සන්තකටම තිබු ටීවී එකද බිම දැමීමෙන් අනතුරුවයි. 

මෙසේ කාලය ගෙවීම කල නොහැකි බැවින් මා කෙසේ හෝ උත්සහ කලේ රැකියාවකට යාමටයි. මක් නිසාද යත් එවිට මා ස්වාදීන වන බැවින් මා සම්බන්ද තීරණයක් මට ගත හැකි බැවිනුත්ය. කෙසේහෝ මා ඉල්ලුම් කල රැකියාවෙන් කැඳවුම් ලැබුණෙන් එහි තිබු සම්මුඛ පරීක්ෂණයට මුහුණ දුනිමි. එයින් සමත් වූ පසු ඔවුන්ගේ වීසා එකකට මෙහි පැමිණීමට මා කැමැත්ත පලකලෙන් ඔවුන් කිව්වේ සියල්ල සූදානම් කොට නැවත දන්වන බවයි. මා මෙය නිවසට රහසක් කොට තියාගතිමි. එන්න එන්නම නිවසෙන් පැමිණෙන ප්‍රශ්න වැඩි වුයේ නොසිතු අන්දමින් මාගේ මාම කෙනෙකු මෙයට අත පෙවීමත් සමගය. බනි පැවසු අන්දමට නිවසේ ගේට්ටුව ලඟින් කළු හෙල්මට් දැමු බයික් කාරයන් යන්නට විය. ඇය එලියට යන විට ඇය පිටුපසින් නන්නාදුනන මිනිසුන් පැමිණෙන්නට විය. මාමට දැනහඳුනනා චන්ඩියන් සිටියේ ඔහු කිසියම් ඒකකයක පොලිස් නිලදාරියෙකු බැවිනි. දන්නා කල සිටම මා සමග හිත හොඳ නැතිව සිටි මොහු මෙම ප්‍රශ්නයට අත දැමීම මා බියට පත්කරවිය. බනිගේ මවද නිවසේ නොසිටි බැවින් ඇය සිටියේ මවගේ පුංචි අම්මාගේ භාරයේය. මා පවුලෙන් පැමිණෙන මෙම විරෝධතා  බනිගේ මාමලට ඉහටත් උඩින් විය. හනුමා ලංකාවට ගිනිතිබ්බාක් මෙන් ඔවුන්ද මා පිටුදැකීමට මෙය අවස්තාවක් කරගනිමින් බනිටද මා සමගින් කතාකරනවාට තහංචි පැනවිය. නමුත් රාත්‍රී කාලයේ සියල්ලන් නිදාගත් පසුව චැට් කරමින් අප විස්තර කතාකරන විට. දිනක් ඇය පුංචි ආච්චිගේ අතට අසු විය. මා ඔන්ලයින් සිටියදීම ඇය බනීට පහර දෙන්නට වුයේ දොරෙහි එල්ලා ඇති පබළු වැල් කඩමින්ය. බනි කෑගසමින් අඬන ශබ්දය මට ඇසෙන්නට විය. එවෙලෙහිම මා හිතවතෙකු ඇමතු මා කෙසේ  හෝ හෙට දින ඇතුලත මා හට ලංකාවට යාමට ටිකට්ටුවක් බුක් කරදෙන ලෙස ඉල්ලා සිටියෙමි.  



ගුවන් යානයෙහි සිටි මා මනසේ නොයෙකුත් විකාර රූපී සිතුවම් ඇඳෙන්නට විය. මා මේ පැමිණියේ නිවසට නොදන්වාය. තාත්තාට ඊමේලයක් මගින් පමණක් දන්වා මා ලංකාවට යනබවත් බය නොවන ලෙසත් පවසා මොබයිලයද ඕෆ් කොට කිසිවෙකුට නොදන්ව මේ යන ගමනේ අන්තය කුමක් වෙයිද..............?  ලංකාවට ගොඩබැස්ස විගසම ලොකු අයියාට කෝල් කොට මම දැන් ගෙදර එනවගත් කොහෙවත් නොයා නිවසේ ඉන්න ලෙස දැන්වූයෙමි. නිවස දක්වා බසයෙන් පැමිණි මා ලොකු අයියා මුණ ගැසී සියල්ල සැකවින් පැවසුවෙමි. ලකී අක්කාගේ මාර්ගයෙන් බනීට ඇමතුමක් ගත් අයියා නිවසේ රණ්ඩු වෙනු  අසාසිටියාය. ලොකු අයියාගේ උපදෙස් මත අතුරුගිරිය පොලිසිය ඇමතු බනි පොලිස් ළමා හා කාන්තා කාර්යයංශයේ පැමිණිල්ලක් දැමුයෙන් නිවසට පැමිණි පොලිස් නිලධාරීන් පැමිණිල්ල විභාග කරන්නට වූ අවස්ථාවේ අපිද එහි පැමිණියෙමු. 


පුංචි ආච්චි සහ ඇයගේ පුතාව පොලිසියට රැගෙන ගියෙන් අපිද එහි ගියෙමු. එම පුතා විසින් තල්ලු කර දැමීම නිසා බනිගේ  හිසේ පැත්තක්ම තඩිස්සි වී තිබිණ. වම් අතේ පබළු වල පාරවල් ඇයට ගසා ඇති අන්දම මොනවට පැහැදිලි කෙරින. ඒවා දැකීමෙන් පසු කේන්තිය ඉහවහ ගිය ලොකු අයියා එම ඒකකයේ ඕ.අයි.සි තැන හමුවී. තමන් කවුදැයි හඳුන්වා දී  කතාබස්කොට බනීව ඔහුගේ නෑනා ලෙසත් අර දෙදෙනාට පුළුවන් උපරිමෙන් දඬුවම් කරන ලෙසත් ඉල්ලා සිටියේය. පසුව බනි විසින් ලොකු අයියාට පැහැදිලි කර  දී ඔවුන්ට ගෙවල් පෙදෙසට පැමිණීමට නොහැකිවන ලෙස පැමිණිල්ලක් දමා පොලිසියෙන් අවවාද කොට පිටත් කර හැරිණ.


ලොකු අයියා අපිව දමා නැවත ගියබැවින් බනි සමග කතාබස් කරමින් සිටියේ ඇයගේ තනියට තියන්නේ කවුරුන්ද යන්නයි. එවිට මාගේ දුරකතනයට ගෙදරින් ඇමතුමක් ආවෙන් එය මවගෙන් විය. නොසෑහෙන ලෙස බාන්න ඇය හරි උඹට අපිවත් ගෙදරවත් එපා නිසානේ  ගියේ ඔහෙම ඉඳපන් ආයේ මෙහෙ එන්න  එපා අපෙන් කිසිම උදව්වක් නැහැ තමුන්ගේ දේවල් තනියම කරගන්න එනවනම් ඔය  කෙල්ලව අත ඇරලා වරෙන් යයි පවසා ඇමතුම විසන්දි කළේය. මාගේ ඔලුව හිරිවැටීගෙන ගියා මෙන් විය. දැන් මා කෙසේද මාගේ ඉදිරි වැඩ කටයුතුකරගන්නේ. අද්‍යාපනය සඳහා වියදම් කරන්නේ කවුද? නොයෙක් ගැටළු මා සිතට නැගෙන්නට විය.   



දෙවැනි කොටසට  මෙතනින්.
තුන්වැනි කොටසට මෙතනින්
සිව්වැනි කොටසට මෙතනින් 
පස්වැනි කොටසට මෙතනින්  

 සත්වැනි කොටසට මෙතනින්  
අටවැනි කොටසට මෙතනින් 
නමවැනි කොටසට මෙතනින් 


44 comments:

  1. ඉතිරි කොටස් ටිකත් අදම දාන්න බැරිවෙයි ද?. කතාව ලියල තියන විදියට ඒ තරම් උනන්දුවක් තියනව ඉතුරුටික දැනගන්න.

    මට හිතට ආපු පොඩි සැකයක් මෙතන කිව්වට කමක් නැද්ද්. බනී කියන්නෙ සමහර දවස්වලට කමෙන්ටු දාන කෝරලේ හාමිනේ කියන කෙනාද කියල හිතෙනව.

    ReplyDelete
    Replies
    1. මේ දවස්වල තියෙන වැඩ රාජකාරි වැඩි කම නිසාවෙන් බොහොම අමාරුවෙන් තමයි ලියන්නේ හැකි තරම් ඉක්මනින් ඉතිරියත් දාන්නම් කෝ..... ඒ හාමිනේ නේ හ්ම්ම්ම්ම් අපි බලමු ඉදිරියේදී.

      Delete
  2. කෝරලේ හාමිනේ ගැනත් එහෙනම් කට්ටිය හිතනවා නොවැ. හික්....හික්.....හික්....

    ReplyDelete
    Replies
    1. :P එකනේ කියන්නේ ඔපිසිය පැත්තේ එන්න එපා කියල:P

      Delete
  3. කෝරලේ මයත්තයෝ වැඩේ නැගල යනවා. ජය

    ReplyDelete
    Replies
    1. තැන්කු වේවා සහෝ ඔබටත් ජයෙන් ජය!

      Delete
  4. godak lassana kathawak wage nidahase mula idalama kiyawala com karannam korale mahaththayo

    ReplyDelete
  5. Elata yanawa. Fatta fatta. Thawath tikak wadipura danna.

    ReplyDelete
    Replies
    1. අගයකිරීමට ගොඩක් ස්තූතියි. ඉදිරියේදී දාන්නම්කො විස්තර සහිතව

      Delete
  6. කොරලේ මහත්තයෝ මේ ඇත්තම ඇත්ත කතාවක් ද මේක?

    ReplyDelete
    Replies
    1. 2009 සිට සිදුවූ සිදුවීම් පෙළ ලියා දැක්වීමක් පමණකි. සත්‍ය මෙහි අන්තර්ගතය සත්‍යක් බවට සහතික කරමි.

      Delete
  7. හික් හික්... ම‌ෙග් අනුමානය හරිගියා වගේ.. හා හා .. හොදයි...
    ඔය ඇවිත් තියෙන්නේ කෝරලේ හාමිනෙත්.... හි හි...

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම් උන්දැටත් වෙන වැඩ නැහැනේ :)

      Delete
  8. 'මා ඔන්ලයින් සිටියදීම ඇය බනීට පහර දෙන්නට වුයේ දොරෙහි එල්ලා ඇති පබළු වැල් කඩමින්ය.'- :( :(

    මොනා වෙයිද ඊ ලගට.......හ්ම්ම්...ලියන්නකෝ එහෙනම් හ්ම්ම්..

    ReplyDelete
    Replies
    1. :( :( දුකයි තමා නංගා ඉස්සරහට. කතාවම දුක් සීන් එකක්.

      Delete
  9. මටත් දැන් හිතෙනවා බනි කියන්නේ කෝරලේ හාමිනේ කියලා..

    ReplyDelete
    Replies
    1. හික් හික් හික් හ්ම්ම්ම්ම්ම්ම්ම් ශුවර්මද?

      Delete
  10. ඔහ් හිතාගන්නත් බැහැ මේක.
    හරියට චිත්‍රපටියක වගේ.

    ReplyDelete
    Replies
    1. මලයෝ මේක මටවත් හිතාගන්න බැරිව ඉන්නේ තාම වෙච්ච දේවල්.

      Delete
  11. කතාව රසවත් .....
    ඉතුරු ටිකත් ඉක්මනටම පලකරන්නකෝ

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සහෝ...... අනිවා අනිවා

      Delete
  12. ෂා කෝරලේ ජේමිස් බොන්ඩ් ගේමක් දීල නේ ;_)
    ඉක්මනට ඉතුරු ටිකත් ලියන්න

    ReplyDelete
    Replies
    1. හික් හික් හික් කෝරලේ ජේමිස් බණ්ඩා.... අනිවා

      Delete
  13. අනෙ අම්බේ...
    මොන ගිනි විජ්ජුම්බරයක්ද කෝරලේ මේ වෙන්න යන්නේ????????
    ඈ.....
    ඇඩෙනවා...

    ReplyDelete
    Replies
    1. හම්මප දැන් තමයි කොලුවෝ කතාවේ හොඳම හරිය කඩු පයිට් ද අරවද මේවද ඔක්කොම තියෙන්නේ :)

      Delete
  14. ම්ම්ම්... කතාව නම් මුල ඉදලම කියෙවුවා.නියමයි.ලියන්න ඉතුරු ටික

    ReplyDelete
  15. මුකුත් හිතා ගන්න බෑ.. ඉක්මනටම ඉතුරු ටිකත් දාමු..

    ReplyDelete
  16. ithiriyath daamu ikmanata. aruta denna thibbe polisiyen dammala

    ReplyDelete
    Replies
    1. දුන්න දුන්නා ඒවා ඉස්සරහට බලමුකෝ. යාළුවා ඇනෝ ලියනවට වඩා හොඳයි නේද නමගම එක්කලිව්වොත්?ඒක ගොඩක් ලොකු උදව්වක්

      Delete
  17. ඔන්න අදත් වලව්වට ගොඩවැදුනා.අගෙයි අගෙයි.....

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි නලින් අයියේ. ඉතිරි කොටස් හිමිහිට ලියනවා මේ දවස් වල පොඩ්ඩක් වැඩ වැඩි නිසා.

      Delete
  18. කොටස් කීපයක් මගහැරුණා වගේ.. සතියකට වැඩිකාලයක් බ්ලලොග්කියවන්න බැරිවුනා..

    මේ කතා මාලාව බොහොම පෞද්ගලික අත්දැකිමක්වගේ.. ලියන ආකාරයෙන් මට හිතෙනවා

    ReplyDelete
    Replies
    1. නිවාඩු පාඩුවේ කියවල බලන්නකෝ මහත්තයෝ. ඔව් බොහොම පෞද්ගලික අත්දැකීමක් ඒ නිසයි ලියන්න කලින් මම හැමෝගෙන්ම ඇහුවේ ලියන්නද කියල. ඇත්තටම කියනවනම් ජීවිත කතාව වගේ කියල කියමුකෝ

      Delete
  19. කෝරලේ මහත්තයගෙ වලව්වට අදමයි ආවෙ..වලව්ව හැඩයි.
    කතාවත් කියෙව්වා ආපු ගමන් හරි සිත්ගන්නාසුළුයි ඉතුරු කොටසුත් බලමුකො එහෙනම්..
    ජය!!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සහෝදරි කතාව ඇගයීමට. ස්තූති වේවා වලව්ව ඇගයීමට. මොකද මේ ඊයේ පෙරේද මගේ තනි කැමැත්තට මේකේ පෙනුම වෙනස් කලාට කිහිප දෙනෙක් දෝෂාරෝපණය කලා ඔබට ජයෙන් ජය!

      Delete
  20. කතාවේ අවසානය සුඛාන්තයක් බව දන්නා නිසා දැන් මම කුල් එකේ කියවගෙන යනවා. :)
    chandana

    ReplyDelete
    Replies
    1. බොහොම ඉක්මනින් කියවල ඉවරකරන්න පුලුවන් වේවි චන්දන ජයවේවා!

      Delete
  21. top rating brother...... Maxxxxxxxxxxx.........aah..........රියල්....ලයිෆ් එකස්පීරියනස් එකක් නිසා කොර වේන්න ලියලා තියෙනවා.....

    ReplyDelete
  22. ගිනි විජ්ජුම්බ්බරයයි :O
    ප්‍රශ්නෙ දරුනුම තත්වෙට ඇවිත් :O

    ReplyDelete

ඔයාල කොම්මෙන්ට් එකක් දාන්න වැය කරන තප්පර ගානත් ඔයාලට වැදගත් කියල මම දන්නවා එත් ඔයාලගෙන් අදහසක් මේ පිළිබඳව ලැබෙනවා කියන්නේ මට ඉදිරියටත් ලියන්න හොඳ මොර්ටිවේෂන් එකක් ලැබෙන එක. ලියන්න කල් මදිනම් තිතක් තියල යන්න එතකොට මම දන්නවා ඔබ මෙය බැලු බව. ස්තූතියි.........

Related Posts Plugin for WordPress, Blogger...