Monday 15 October 2012

සිහින කුමරිය. (නව වැනි කොටස) ජීවිතය වෙනස් කල කතාවක්.( සමහර විට අන්තිම කොටස ) .








පළවැනි කොටසට මෙතනින්
දෙවැනි කොටසට මෙතනින්
තුන්වැනි කොටසට මෙතනින්
සිව්වැනි කොටසට මෙතනින් 
පස්වැනි කොටසට මෙතනින් 

සයවැනි කොටසට මෙතනින්

සත්වැනි කොටසට මෙතනින්  

අටවැනි කොටසට මෙතනින් 

අප දෙදෙනා පුටුවට වී ආගිය තොරතුරු කතාකරමින් සිටින විට එහි පැමිණි සිඟිති අක්කාද හොල්මනක් දුටුවාසේ මා දෙස බලා සිටින්නට විය. ඇයට එහි වාඩිවන්නටයි පවසා තත්වය තේරුම් කර දුන් විට ඇය මදක් සන්සුන් වූවාය. පසුව දැනගත් පරිදි ඇය බයව ඇත්තේ කිසිවකු නිවසේ නැති විට නිවසට මා නිවසට පැමිණි වග නෑදෑයින් දැනගතහොත් සියලුම දොස් එන්නේ ඇයට බැවිනි.  කෙසේ හෝ බනියාගෙන් විමසා දැනගත් පරිදි අම්මගේ ඔලුව වෙනස් කරන්නේ ගොරිල්ලා සමන් බව මට වැටහින.

කෙසේ වුවද දැන් අප ඉදිරියෙහි මතුවන ප්‍රශ්න මෙතෙක් අප මුහුණදුන් ප්‍රශ්නවලට වඩා භයානක සහ තීරණාත්මක බව අප හට අවභෝද විය. එලිය වැටීමට ඇත්තේ ස්වල්ප වේලාවකි. එම නිසා නිදානොගෙන මෙම ප්‍රශ්නය විසඳීමට මගක් කල්පනා කිරීමට කතා වූ අප. කොතෙක් කතා කලද මොන යම් අන්දමේ සැලසුමක් හැදුවද අන්තිමේදී සිදු  වන්නේ බනියා රටින් පිටවීම බව සැමට අවභෝද විය. උදෑසන තේ එක රැගෙන පැමිණි අක්කා පැවසු වදනක් සැබවින්ම මෙම කතාව අනෙක් පසට පෙරලවීමට සමත් වේයැයි ඇයද ඒ මොහොතේ සිතන්නට නැත.

ඒ කතාවට මුල පෑදුනේ. හදිස්සියෙවත් මා මෙසේ සිටින විටදී සමන් පැමිණියොත් කුමක් කරන්නේද කියාය. එවිට කේන්තියෙන් සිටි මා පැවසුවේ වෙන මොනවා කරන්නද කඳ බඩ තිබුනට මට වැඩක් නැහැ අල්ලලා මුල්ලකට තල්ලු කරලා නෙලනවා හත් මාසයක් පත්තු බඳින්න යනුවෙනි. එවිට සිඟිති අක්කා පැවසුවේ යකෝ එහෙම කලොත් උන් උඹව පොලිසියට අල්ලලා දේවි යනුවෙනි. එවිට මා මේක උන්ගේ ගෙදරක් නෙවෙයිනේ උන් මාව පොලිසියට අල්ලලා දෙන්න යයි පැවසිය. කොහොම උනත් මලේ උඹ තාම පිට එකා නීතිමය අයිතියක් කතාකරන්නට බැහැ. හ්ම්ම්ම්ම්ම්ම් එකත් එහෙමයි නේද බලමුකෝ.

උදෑසන කෑමෙන් පසු මා බනීද කැටිව කොමෂල් බැංකුව වෙත ගියේ අතට කීයක් හෝ ගැනීමටය. එහිදී සිදුවූයේ අප හීනේකුන්වත් නොසිතු දෙයක් වෙයි. බැංකුවට ඇතුල්වනවාත් සමගම එයින් පිටවන්නට ගොස් මුහුණට මුහුණ මුණගැසුනේ අන් කිසිවෙකු නොව සමන්ගේ ආදරණීය බිරිඳවන. රත්නා නැන්දායි. මා දැක විශ්මයට පත් ඇය ආ...... කවද්ද ආවේ යයි පවසා හනික බනීවද රැගෙන මුල්ලකට ගොස් මොනවාදෝ කුටු කුටු ගෑවේය. බනි මා වෙත පැමිණියේ මූණ දෙක කරන් වගේය. මටද යන්නම් යයි පවසා නික්ම ගිය රත්නා නැන්දා දැන් හනුමා මෙන් රටම ගිනිතියන වග මට විශ්වාස විය.

අප දෙදෙනා ගෙදරට පැමිණෙන තෙක් දෙදෙනාගෙන එකෙකු වත් වචනයක්වත් කතාකලේ නැත. මක් නිසාද යත් දෙදෙනාම සිටියේ මෙම ප්‍රශ්නයට මුහුණ දෙන විදිය ගැන හිතමින්ය. හවස් වන්නට බනීගෙන් අසනීප තත්වයක් ප්‍රදර්ශනය වුවේන් අප දෙදෙනා හෝමාගම නර්සින් හෝම් එකා බලා ගියේ බෙහෙත් අරගනීමටය. එහිදී දැනගත් පරිදි බනියාට තිබුනේ සාමාන්‍ය ලෙඩක් නොව පැපොල බැවින්. එයට බෙහෙත් වගයක් අරගෙන නිවසට පැමිණි අප එදිනම බනියාගේ ආච්චිගේ නිවාස පිහිටි කළුතරට පිටත් විනි. මක්නිසාද යත් ඇයට සාත්තු කිරීමට මටවත් සිඟිති අක්කාටවත් දැනුමක් නොමැති බැවිනි. එහි රැය පහන් කිරීමට මට නොහැකි බැවින් එදින රෑම ලොකු මාමගේ නිවසේ නවාතැන් ගත් මා දහවල් වරුවේ පැමිණ බනියාට තනි රැක්කේ ඇයට ආවතේව කම් කලේ යම් කිසි කලෙක මට ඇයව කසාද බැඳීමට නොහැකි වුවද අයගේ ගෞරවය මා විසින් සුරැකිය යුතු බැවින් අප දෙදෙනා අතර කාටවත් වචනයක් කීමට නොහැකිතරම් පරතරයක් හැමවිටම තබාගතිමි. දැන් ඇය අසනීපෙන් පසුවන බැවින් එසේ දුරින් සිටීමට නොහැක. මක් නිසාද යත් අප ශ්‍රී ලාංකිකයන් උපතින්ම සෑහෙන බයක් පැපොල වලට දක්වන බැවින් ආච්චිලාද බෙහෙත් හේත් දුන්නේ මා අතටය. කෙසේ හෝ දින පහකින් පමණ බනියා සනීප වී දියද නෑවෙන් මා සිතට යම් අස්වැසිල්ලක් දැනින.


මෙහෙන් පිටත්වීමට පෙර  මා හිතමිතුරු ශානකට ඇමතුමක් ගත් මා අප හමුවීමට එනලෙස පවසා පුවත් පත් සංස්කාරක වරියක් වන ගංගා අක්කටද කතාකොට දෙහිවලටද පැමිණෙන ලෙස පැවසුවෙමි. අපද බසයක නැගී දෙහිවලට පැමිණියෙමු. බනියා මුහුණ රෙද්දකින් වසාගෙන සිටියේ මුස්ලිම් කෙල්ලක මෙන්ය. ඒ පැපොල් ලප පෙනේයැයි බියෙනි. අප යනවිටත් ශානක සහ ගංගා අක්කා එතනට පැමිණ සිටියේය. එහිදී නිම කිරීමට තිබු අත්‍යවශ්‍ය වැඩක් නිම කල අප නැවත බසයට නැගුනේ නිවසට පැමිනීමටයි. බසයෙන් බැස නිවසට පැමිණෙන විට අපට මුණගැසුනේ බනියාගේ පහලගෙදර නැන්දාගේ දුව වන චූටි මැණිකේය. මා දැක පුදුම වූ ඇය බනියා අසනීපයෙන් බවත් ඒ නිසා ආච්චිලගේ ගෙදර ගිය බවත් සිඟිති අක්කා පැවසු බව පවසා අපසමගම ආපසු යාමට හැරිණ. එවිට මා අක්කේ යන්න ගිය ගමන යන්නේ නැද්ද ඇසූවෙන්, නැහැ මල්ලි මට පර්ස් එක අමතක උනා යයි පවසා ඉක්මන් ගමනින් නොපෙනී ගියාය. අප නිවසට පැමිණෙන විට සිඟා විසින් සකස් කොට තිබු දවල් කෑම කා බුලත් විටක්ද සපමින් සිටියේ සිතේ තිබු කික් එක වැඩිකම නිසාවෙන්ය. (කෝරලේ මහත්තරු කොහොමත් බුලත් කනවනේ)  නමුත් ඒ කික් එක සුනු විසුනු වී ගියේ බනියාට අයගේ මවගෙන් ආ දුරකථන ඇමතුමත් සමගය.

දුම්මල වරම අතට ගත් කපුවා සේ කෑ ගසන බනියාගේ මවගේ හඬ අප අසා සිටියේය. අයගේ වචන වල වූයේ දරාගත නොහැකි පාරජයක සලකුණුය. මක් නිසාද යත් කිසිවෙකු හෝ මා මෙහි පැමිණ ඇති බව දන්වා ඇති හෙයිනි. අයගේ කතාවෙන් මට පසක් වූයේ ඇය ක්‍රියා කොට ඇත්තේ සමන්ගේ ඉගැන්වීම මත බවය. මා හට දුරකථනය දෙන ලෙස පැවසු බනියාගේ මව. කරුණාකරලා දෙන්නම ඔවුන්ගේ ගෙදරින් එලියට බහින ලෙසත් දැන් මග සමන් එන බැවින් හිරි විලංගුවේ වැටෙන්න ආස නැත්නම් ඒ මොහොතේම පිටවන ලෙස දැන්විය. ඇමතුම විසංදි කල මා ටිෂර්ට් එකක්ද දාගෙන බලා සිටියේ සිදුවන්නේ කුමක්ද යනුවෙනි. කවුද බෝයි මෙන් මෝටසයිකලයෙන් පැමිණි සමන් එය නවතා මාදෙසට පැමිනුනාය.


එතන තිබු බල්ලාගේ දම්වැල මා අතේ ඔතාගත්තේ ගැහුවොත් නෙලනවා හොදි නැති වෙන්න යයි සිතාගෙනය. නමුත් මට ආදී කිහිපයක් කලින් නැවතුන සමන් බැහැපන් යකෝ දොට්ට යයි පැවසිය. එවිට මා පැවසුවේ බල්ලෙක් වගේ උඩු බුරලන්නේ නැතිව තමුන් බැස්සොත් නරකද යනුවෙනි. එවිට එතන තිබු මල් පෝච්චි කුඩු කරමින් කුනුහර්පකියමින් දඟලන්නට වූ සමන්ට බනියා නිවාස ඇතුලේ සිට එය නවත්වන ලෙස කී විට ඇයට කුණුහරප කියා පහර දීමට පැමිණි විට මා එතනට පැන ඔහුට අභියෝග කලේ පුලුවන්නම් අතක් තියල පෙන්වාපන් යනුවෙනි. එවිට මොකක් උඹ මටද කියන්නේ හිටපන් කැ***යා තෝව එලියට දාන්න නීතිමට විදියට යයි පවසා 119 ඩයල් කර ඇමතුවේ නිවසට කඩාවැදුන සල්ලාලයෙක් ඔහුගේ දුවට අතවර කරන්නට යන බවයි. අයියෝ සල්ලි............. පොලිසියෙන් පැමිණෙන තෙක්ම වල් ඌරෙකු මෙන් සුස්මමින් මිදුලේ එහෙට මෙහෙට ඇවිද ඇවිද සිටියේ මට තර්ජනය කරමින්ය.


මුන් කොතරම් චන්ඩි යයි බනියගේ මව සහ බනියා විසින් පැවසුවත් මුන්ගේ චන්ඩි කම් මම දැක්කේ දැන්ය. ගැහැනුන්ට සහ බෙලහීනයන්ට චන්ඩි පාර්ට් දාන මේ වැනි කැනහිලන් ගැන කවර කතාද.? මා අතේ රැඳී තිබු දම්වැලට  එතරම් බියක් දැක්වූ චන්ඩියාගේ තරම ඔබට මවාගත් හැකියි මට හිතෙනවා.එවිටම පොලිස් ජීප් රිය නිවසට පැමිනුනෙන් එයින් බට නිලධාරින් කිහිප දෙනෙක් වත්තට පැමිණුනේ කවුද කෝල් කලේ යනුවෙන් අසාගෙනය. එවිට ඉදිරියට පිනු සමන් මම තමයි මම තමයි මේ ඉන්නේ මෙන්න මු තමයි ගෙට රිංගල ඉන්නේ යයි පැවසීය. එවිට එලියට පැමිණ සිටි බනියා සහ සිඟිති අක්කාද මා අසලම සිටියෙන් අප තිදෙනාටම හිනහ පහල උනේ මේ පිස්සාගේ හැසිරීම මතය. අප වෙත ආ පොලිස් නිලධාරීන් කිහිප දෙනෙක් බනියාගෙන් සමනව දක්වා අර කවුද යයි ඇසීය. ඒ මගේ මාමා කෙනෙක්. ඕකේ..... එතකොට එය කියනවා මේ බලෙන් ගෙට පැනල කියන මේ කවුද? එවිට පිළිතුරු නොදුන් බනියා මගේ මුහුණ බැලුවෙන් මා සිඟිති අක්කා අමතා අර ලාච්චුවෙන් අහවල් පාට ලියුම් කවරයක් ඇති අරන් එන්න යයි පැවසීය. බනියාගේ නිශ්ශබ්දතාව ප්‍රයෝජනයට ගත් සමන් මගේ නුගුණ පොලිස් නිලධාරීන්ට කියමින් සිටියේය. මට විශේෂ බලපෑමක් එල්ල නොකරත් ඔවුන් මා වටකරන් සිටියේ හදිසියෙවත් පැනල ගියොත් අල්ලාගන්නට යයි මට සිතින.


සමන් පවසන පරිදි මෙම නිවස ඔහුගේ අක්කගේ බවත් මා නිවසේ කවුරුත් නැති විට මෙතනට රිංගා බනියාව අමාරුවේ දැමීමට තැත්කරන බවත් මාව අත්අඩංගුවට ගන්න ලෙසත් පවසන විට බනියා සමග කතාකරමින් සිටි නිලධාරියා මා වෙත පැමිණ හ්ම්ම් දැන් කියමු බලන්න තමුන් කවුද මෙයාගේ ඇයි මෙහෙ ඉන්නේ........? එවිට මා අත රැඳී ලියුම් කවරය ඔහුවෙත ඉදිරිපත් කල මා නිලදාරියාගෙන් ඇසුවේ මට කියන්න බලන්න මම මෙහෙ ඉන්නේ නැතිව කොහේ ඉන්නද කියාය? එහි අඩංගු දෙය කියවා නළල රැලි කරගත් නිලධාරියා සමන් දෙස බලා තමුන් කිව්වේ මේ කවුරුයි කියලද? මෙයා හොරෙන් ගෙට රිංගල කියල නේද ?     ඔව් නැතිව මු මොකෙක්ද.........? මේ මගේ අක්කගේ ගේ මු මොකෙක්ද.........?  මට තමා භාර ගෙදරයි ලමයි දෙකම.  
සමනව ලඟට කැඳවූ නිලධාරියා මෙහෙ වරෙන් මේ බලාපන් මේ මොකක්ද කියල. උඹට වඩා අයිතියක් එයාට තියෙනවා බීල බීල නිකන් අපිට පව් දෙනවා දැනගනින් ගිහින් දානවා කූඩුවේ වෙරි හිඳේනකන්.  නිකන් අපේ කාලේ කන්නේ නැතිව හිටපන්. ඔයාලට  ඕනෙනම් ඇවිල්ල පොලිසියේ එන්ට්‍රි එකක් දාන්න මේ මිනිහ නිකන් කරදර කරනවා කියල. පොලිස් නිලධාරියා අත රැඳී කොලය දෙස බැලු සමන්ගේ ඇස් දෙක නලලෙනුත් උඩට ගියා සේ පෙනින. ඔව් ඔයාල හිතන එක හරි ඒ ලියවිල්ල තමයි





හිකිස්....... ඔන්න ඕකට තමයි අපි එමින් ගමන් දෙහිවලින් බැස්සේ.  කෙසේ  හෝ සිද්දිය සමතයකට පත් කල අප පොලිස් නිලධාරීන්වත් පිටත් කොට යවා සමන්ටත් යන්නට පවසා හැන්දෑවේ අප ලඟම හිතවතුන් වෙනුවෙන් පවත්වන්නට සූදානම් කල පාටිය වෙත හිත යොමු කළෙමු.









                                        දැන්  තමයි මට කියන්නේ හිතෙන්නේ නිම්හිම් සෙව්වා සින්දුව


ඔන්න ඔහොමයි කරදර භාදක කොතෙකුත් ආවත් මා ජීවිත් ප්‍රථම වතාවට ආදරය කල. මා කුළුඳුල් හාදුවක පහස ලබපු මගේ පුංචි කෙල්ලව මගේම ආදරණීය බිරිඳ කරගත්තේ. ඔව් ඇය මගේ බිරිඳයි ඔක්තෝම්බර් 17 වැනි දින එලබෙන්නාවූ අප දෙනාගේ 3 න් වැනි ඇනිවසරිය නිමිත්තෙන් තමයි මේ පොස්ටුව ලියන්නේ. (2009 ඔක්තෝම්බර් 17 වැනිදා තමයි පනුවෝ ඉන්න චොකලට් එකකුත් අරන් මුල්ම වතාවට මම මගේ රත්තරං කෙල්ලව බලන්න ගියේ. අදටත් පුංචි හා පැටියෙකු වගේ මා අසල හුරතල් වෙන. ඇතැම් විටක ආච්චි අම්මා කෙනෙකු මෙන් මට තරවටු කර මට වන්නට යන වැරදීම වලින් මා මුදවන. තියන තියන හැම පියවරක්ම මාගේ සෙවනැල්ල මෙන් මා පසුපසින් හිඳ මා දිරි ගන්වන. නිවසෙන් පිටවූ පසුව අහිමි අම්මාගේ ආදරයේ අඩුව දැනෙන්නට නොදෙමින්. අසීමිතව මට ආදරය කරන. පාඨක ඔබට කොමෙන්ටුවල දැක හුරුපුරුදු කෝරලේ හාමිනේ තමයි මගේ ආදරනීය බිරිඳ බනියා


මේ ලබන පෙබරවාරි 1 වැනිදාට කසාද බැඳලා අවුරුදු දෙකක් ගතවෙනවා. අදට නම් දෙවියනේ කියල කරදර අඩුයි. නමුත් අපි දෙන්නටම අමතක වෙන්නේ නැහැ අපි ගෙවපු ඒ කරදර සහිත වකවානුව. සිහින කුමරිය නවවන කොටසින් ඉවරකරන්නට තමයි හිතන්නේ මොකද කියන්නේ තව විස්තරයක්  දෙකක් දාන්නද????? 


මෙතෙක් දින මා ලියන්නාවූ සියල්ල කියවමින් මට දිරියක් වූ මගේම හිතවත් මිතුරු කැලට මගෙත් බනියාගේත් දෙදෙනාගේම ස්තූතිය පුදකරනවා. වරදක් අඩුපාඩුවක් එහෙම දැක්කොත් කියන ලෙස කරුණාවෙන් ඉල්ලා සිටිනවා. අන්ධයෙක් ලෙස මට ලැබෙන්නා වූ ඊමේල් බ්ලොගයට දමමින් හරයක් නැතිව කරගෙන ගිය මෙම බ්ලොගය මෙම තත්වයට ගැනීමට සහය දුන් මිතුරන් අතර 

අපේ සඳරුත්, Mee Godayaa (මී ගොඩයා) මතක් කරන්න ඕනේ. එමෙන්ම එදා සිටම මා අසල සිටි මිතුරන් ලෙස තරියා ,හිරුහිමාවී, මඩිස්සලේ නිශාන් මලයා, අපේ මඩයා, වීපොකුර,  මහත්තයා, රොබින් ,Dude අයියා, අවතාර්, මධුරංග, ධමිමික, Loku John,අයියා නාඩියා, අටම්පහුරහිරු අක්කා, ළිහිණි අක්කා,  බණ්ඩා, LuCkY rOsE  සයුරි , Gayani Wedage , Naleen Dilruksha, අමා, අළුත් මල්ලි, Chandana, මෙතෙක් නම් කියූ සහ නොකියවුණු තවත් ගොඩ දෙනා මෙහි සිටියත් නම් වශයෙන් හඳුන්වන්නට අවස්තාවක් මම පසුව යොදාගන්නවා.


   මම මේ ඉහත සඳහන් කරලා තියෙන්නේ වලව්වට නිතරම ආ ගිය සහ බැලීමෙන් පසුව සටහනක් තබා මා දිරිමත් කල අය අතරින් නිතරම මගේ මතකෙට එන අයව පමණයි. නමුත් මෙහි නම් සඳහන් කරලා නැතත් බොහෝදෙනා මෙය බලන බව පොස්ටුවක් දැමු විට පවතින ට්‍රැෆික් එක දිහා බැලුවම මට පේනවා එමෙන්ම බ්ලොග් ලියන්නේ නැති. අපේ කවිඳු මල්ලි, අයෝමි අක්කා ටිරා පාලිත අන්කල් හර්ෂ අයියා ඇතුළු මාව දිරිමත් කරන හැමෝටම මෙම පොඩි අවස්ථාවෙන් ස්තූති කරනවා. 



ඔයාලගෙන් හම්බවෙන අදහස් මට හරිම වටිනවා ඒ අනුව තමයි මට ලියන්න කික් එකක් එන්නේ. ජීවිතේට රචනයක්වත් ලියල නැති සිංහල ගැන මෙලෝ දෙයක් නොදන්නා මමත් බ්ලොග් ලියන්නෙක් බවට පත්කරලා තියෙන්නේ ඔයාලයි. ඉතින් සිහින කුමරිය මෙසේ නිම කලත් ඉන් පසුව සිදු වූ සිද්දි කෝරලේ මහත්තයා වැලිකඩ ලැග්ග ඒවා ගැන වෙනම විස්තර මාලාවක් ලියන්නම් එහෙනම් පස්සේ හම්බ වෙනකල් හැමෝටම ජය වේවා!


 මොකද කියන්නේ තව විස්තරයක්  දෙකක් දාන්නද????? නැත්නම් සිහින කුමරිය මෙතනින්  ඉවර කරන්නද?





119 comments:

  1. දැන් නම් හිතෙනවා අපරාදෙ ඉවර උනේ කියල. ඒ තරම් ආසාවෙන් කියවපු කතාවක් තමයි කෝරලේ මහත්තයාගේ සිහින කුමරිය. තව විස්තරයක් දෙකක් දාන්න.

    මගේ අනුමානය හරි නේ. බනියා කෝරලේ හාමිනේම තමයි.

    ජය.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් ඉවරනම් නැහැ නමුත් ඊට පස්සේ වෙච්ච දේවල් වලත් තියෙනවා පොඩි කික් එකක්. ටික ලියන්නේ ඉතින් ඉල්ලීම අනුව තමයි. නැත්නම් චැප්ටර් ක්ලෝස්. ඔය තමයි මුලින්ම සැක කරන්න ගත්තේ. ඒ නිසාම තමයි කෝරලේ හාමිනේ දැන් ලියන්නේ නැත්තේ :D හැබැයි අද ඉඳන් උන්ද කොමෙන්ට් කොරයි මොකද දැන් හැමෝම දන්නවනේ පොඩි කුතුහලයක් දෙන්න තමයි එයාව හංගල තිබ්බේ

      Delete
    2. ඒකනේ මම තමයි බනියා.හික්....හික්

      Delete
    3. මේන්න දැන් පවුල් පිටින් මෙහෙට එන්න පටන් අරගෙනෝ................

      Delete
    4. එකනේ මධුරංග. මෙච්චර කල් කොටස් නවයක දිග කතාවක් කියවමින් අපි එක්ක හිටිය ඔයාලට මම විතරක් ස්තූති කරලා මදියි නොවැ එකයි මගේ බනියටත් එන්න කිව්වේ.:)

      Delete
  2. හ්ම්ම්... ලස්සන කතාවක් .. අනේ මන්දා.. ලස්සන කතාවක්.. සුරංගනා කථා ඇත්තටම සිද්ද වෙලා They lived happily ever after එකකින් ඉවර වෙනවා ඔය මම දැක්කමයි.. ඇස්වහක් කටවහක් හෝවහක් වදින්නේ නැතුව සන්තෝසෙන් ඉන්ට වලව්වට වෙලා

    ReplyDelete
    Replies
    1. They lived happily ever after තමයි ඉතින් මොන ප්‍රශ්නේ ආවත් ඒ වෙලාවට විතරයි. ඉදිරි පොස්ට් වලදී බලන්න කෝ. නැවගිලුනත් බෑන් චූන් තමයි සහෝ.... බොහොම ස්තූතියි ඔයාටත්.

      Delete
  3. උඹ සිරා කොල්ලෙක් මලේ... මට එදා උඹලගෙ ගෙදරදි හිතුනේ එහෙමයි...

    "ඌ නම් සිරා කොල්ලෙක් මීගොඩ අය්යේ" වාහනේට නැගපු ගමන් මගේ යාළුවො දෙන්න කිව්වේ එහෙමයි

    ReplyDelete
    Replies
    1. හම්මපා............ සිරාවටම තැන්කු වේවා අයියන්ඩියේ. එයාල දෙන්නටත් කියන්න එහෙමම කිව්වා කියල ඕන්

      Delete
    2. :) හික්....හික් අපේ මහත්තයාගේ වැඩ දන්නේ ඉතින් මමනේ අයියේ.

      Delete
  4. බොහොම ලස්සනට වැඩේ කළා කෝරලේ මහත්තයා....

    ReplyDelete
  5. හප්පා....මේකගේ වයසටද වැඩ.... හි හි...

    වැඩේ නම් නරක නෑ.... හැබැයි මාත් ඔය බනියා කවුද කියලා අල්ලගත්තා හරිද..... හි හි

    ඒත් අනේ මන්දා... ඇයි බං අම්මලා ඔහොම ලෙඩ දාන්නේ මෙච්චර... අපේ කට්ටියත් පටන් ගත් තැනම ඉඳලා බාල්දි දැම්මා.... . ඒත් දෙයියනේ කියලා පිස්සු විකාර නම් කරන්න ගියේ නෑ... කාට උනත් කියන්න තියෙන දේ කෙලින්ම කියන එකා නිසා මට පාඩුවේ ඉන්න දුන්නා.. රට ඉඳලා එනකම් මම ඉන්නවා කිව්වම ටිකක් පරල උනාට, අපේ මෑන් රට ගිහින් කීයක් හරි හොයාගෙන මනුස්සයෙක් වෙලා එනකම් එක එක මඟුල් හොයා හොය හිටියා.... ආවට පස්සේ චණ්ඩියා වගේ අපේ ගෙදර ආපු දවසේ දෙන්නම සද්ද වහලා කැමැත්ත දුන්නා... ඊට පස්සේ මොනා කියන්නද... හි හි

    ReplyDelete
    Replies
    1. මේ ඊයේ පෙරේදා අපේ මහතත්යා පොඩි පහේ චොක්ලට් එකක් ගෙනත් දුන්න වෙලාවක මම ඔය පණුවෝ සින් එක මතක් කරලා නෝණ්ඩි දැම්මා... හි හි... ඔන්න ඒ වෙලාවේ තමා ඔයාගේ විස්තරේ එයාටත් කිව්වේ... හි හි....

      Delete
    2. අයියෝ අක්කේ ගම කාල...... පනුවෝ සීන් එක හලලනේ කියන්න තිබුනේ :P සිරාවට කියන්න ඕක මතක්වෙන වෙලාවට මටම හිනා යනවා

      Delete
    3. පණුවා ඉතින් කෙලින්ම වැටුනේ මගේ ඇඟ උඩටනේ....කෝරලේ ගොයියටනම් ඉතින් මොකෝ :(

      Delete
  6. එකනේ හිරු අක්කේ.. දැනටත් අපිව දකින අය කියන්නේ අයියයි නංගියි කියල. :P ඔය තමයි දෙවනියා මුලින් මධුරංග දෙකට ඔයා ඊටපස්සේ තමයි මම කිව්ව්වේ බනීට ආවට කමක් නැහැ මොකුත් ලියන්න එපා කියල පොඩි කුතුහලයකුත් තියෙන්න එපැයි. අම්මල දන්නේ බකට් දාන්න විතරයි. පස්සේ මම අපේ ගෙදර කැමැත්ත උපරිමෙන් අරන් දුන්නා පස්සේ එක නොහිතු විදියට නැති වෙලා දැන් ආයෙම නයි මුකටි වගේ මම බකමූණ වගේ හ්ම්ම් හ්ම්ම්ම් කියා කියා ඉන්නවා.:D ඒ කතාවත් පස්සේ ලියන්නම් කෝ.....

    ReplyDelete
  7. තව ඉතින් අමුතුවෙන් මොන කියන්නද අයියන්ඩි. මල් 7යි. කතාවක් හැටියට නම් මාරම ගති.
    කොච්චර දේවල් ජීවිතේට ආවත් කොච්චර කරදර භාදක ආවත් ඒ ඔක්කොම ජයගෙන ඉස්සරහට යන්න පුළුවන් වෙන්න කියල අයියන්ඩිටත් අක්කණ්ඩිටත් ප්‍රර්ථනා කරනවා.....
    ආදරයට ඔච්චර දෙයක් කර කිව්වම පිස්සු හැදෙනවා :P

    ReplyDelete
    Replies
    1. ඔයාල ඉතින් අපි යාලුවෙන කාලේ ඉඳන් හිටිය උනත් සිද්ද වෙච්ච දේවල් දන්නේ නැහැනේ FB එකෙන් හිටිගමන් මම අතුරුදහන් වෙන්නේ ඔයවගේ කොමාන්ඩෝ මිෂන් වලට ගිහින් තමයි. තැන්කු මලයා. ඔයාටයි නගාටයි දෙන්නටම අපි සුභ අනාගතයක් පතනවා ජයවේවා!

      Delete
    2. ඔයාල දෙන්නටත් අපි විශ් කරනවා මල්ලියෝ.....මල්ලි කිව්වට අපි දෙන්නට තියෙන්නේ මාස දෙක තුනක ගැප් එකක්නේ ....:)

      Delete
  8. ඒ කියන්නෙ දැන් එකදිගට කියවන්න පුලුවන්නෙ ?

    ReplyDelete
    Replies
    1. එකෙන්ම... ජෝන් අයියේ. කියවල කියන්නකෝ අදහස.

      Delete
  9. හුරේයි. වැඩේ හරි ගියා....

    ReplyDelete
    Replies
    1. එකෙන්ම දාන්න පහක් මකුළු තුමෝ

      Delete
  10. ළිහිණි අක්කේ කියලා කතා කරද්දී මම හිතාගෙන උන්නෙ මේකා තාම චුට්ටන් හැච්චෙක් කියලා. ඒ කියන්නේ කසාදත් බැඳලා...හි හී
    එතකොට මේ කොල්ලගෙ වයස කීයද අප්පා ? කසාද බැඳලත් අවුරුදු දෙකක් වෙද්දී මේක බැඳලා තියෙන්නෙ කීයෙන්ද ? බාල අපරාධ කාරයෙක් එහෙම නෙමේනේ..

    ReplyDelete
    Replies
    1. විස්සේදී තමයි බැන්දේ විසි එකට ලබල නෑ. බනියට යන්තම් 18 උනා විතරයි. බාල උනත් වැඩියම නැතිව ඇති. 23යි දවස් 9යි. අපෝ නෑ BA උපාදිය නෙවෙයි. යන්තම් ගොඩින් බේරුනා.

      Delete
    2. යාළු වෙන්න ආවේනම් මා බාල කාලේ තමයි අක්කියෝ ..... :D

      Delete
  11. ඒ ඔච්චර සීන් කෝන් ආවොත්නං මං කෙල්ලට කීනවා අනේ මට බෑ අප්පා කීලා...
    ඇයි අප්පා..
    හි හි...
    ජයවේවා ඈ...
    සුභ මංගලං...
    අර ඇනවසරියට අපිට කේක් ඒම හම්බෙයි නේ????????

    ReplyDelete
    Replies
    1. ලංකාවට ආවගමන් දෙනවා තරියෝ. තැන්කු වේවා! බෑ කියන්න එපා ට්‍රයි එකක් දීල බලන්න ඕනේ පටන් ගත්ත දේ ඉවරකරන්න. :)

      Delete
    2. මේ සැරේ cake නොදුන්නොත් හම්මප නමි පනාව ගලවනවා කෝරලේ මහත්තයාගේ ........:)

      Delete
  12. හච්චෝ...අමතක උනා...අර ඇනවසරියට සුබම සුන පැතුම් !

    කට්ටක් කාලා දිනා ගත්ත ආදරේ පණ වගේ රැක ගන්න ඕනේ ...

    ReplyDelete
    Replies
    1. තැන්කු වේවා! අනිවා අනිවා. එකනේ ලංකාවේ තියන්නෙත් නැතිව මෙහෙට ගෙන්නගත්තේ.

      Delete
    2. තැන්කු අක්කියෝ :)

      Delete
  13. මමනම් තාම එකක්වත් කියෙව්වේ නැහැ
    කියවන්න ඕනේ ඉක්මනින්ම
    ඇත්ත කතාවක්ද මේක?

    ReplyDelete
    Replies
    1. ඇත්ත කතාවක් නේන්නම් බොලේ.. සුභ පැතුම් :))

      Delete
    2. ඇත්තම ඇත්ත කතාවක් අපේ ලව් ස්ටොරිය. :)මුල ඉඳල කියවන්න කෝ :)

      Delete
    3. කියවලා ඉක්මනට මෙයාට කියන්න හොඳේ. නැත්තන් මට ඉන්න බෑ කච ...කචේ ....මේ කෝරලේ කිටියගේ :)

      Delete
  14. සතුටු දායක අවසානයක් අයියා.
    මම දන්නවා ඔයා වගේ හිත හොඳ මනුස්සයෙක්ට කවදාවත් වරදින්නේ නැහැ කියලා.ඔයාගේ හිත හොඳ කම ගැන මම හොඳටම දන්නවා.කරදර බාධක පහුකරන් ආපු ඔයාලට ආයෙත් ඒ වගේ දේවල් වලට මුහුණ පාන්න නොලැබේව කියලා මම දෙවියන්ගෙන් ඉල්ලනවා.ඔය දෙන්නට හොඳ අනාගතයක් ලැබෙන්න ඕන ඇත්තටම මට සතුටුයි අවසානය මෙහෙම වුන ඒක ගැන.

    වැලිකඩ ලැග්ගේ ඇයි? ඒ තරන්ම දුර ගියාද? ඉතුරු ටිකත් දාන්නකෝ අගය නොකර.

    ReplyDelete
  15. ස්තූතියි මලයා. වැලිකඩ ලගින්න උනේ යටි කූට්ටු උගුල් නිසා. හැබැයි ඇවිත් දුන්න ඇට්ටි හැලෙන්න. අනිවා ලියන්නම්. ඔයාලගේ පුෂ් එක නිසා තමයි මම මෙච්චර දුර ආවේ

    ReplyDelete
  16. අම්මට උඩු උඹ මාර පොරක්නෙ බං...!
    අඩේ අනෙක් විස්තරත් දාපං...
    මොකක්ද අර වැලිකඩ සීන්කෝන් එක..???
    තව පොඩ්ඩෙන් අමතක වෙනව...සුභ ඇනවසරියක් වේවා...!ඉන්නෙ කෝද කිව්වනං... ස්මරන්න එනව රන්වන් දියරෙන්..හික්..!

    ReplyDelete
    Replies
    1. නිකන්ද කෝරලේ කියන්නේ. කෙලින්ම ඇවිත් ඩුබායි හන්දියෙන් දකුණට ජුමේරා වල. තිතට මත නොවැ.

      Delete
    2. ඔව් ඔව් තිතට මතනම් මෙහෙ හරියටම අනුගමනය කරනවා නොවැ.......:)

      Delete
  17. කථා 9ම තවමත් කියවන්න ලැබුනෙ නෑ... වෙනසකටත් එක්ක අලුත් දෙයක් ලිව්වොත් නරකද ....

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම් හොඳ අදහසක් මමත් හිතල තියෙන්නේ වෙනස් ආරක පොස්ට් ටිකක් දාන්න.

      Delete
  18. මම කියවපු මතක නොවෙන අපුරුම කතාවක් කිව්වොත් හරි.ජයෙන් ජය සහෝ!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නංගා. හැමදාම වගේ මට පුෂ් එක දෙනවට.ජයවේවා!

      Delete
  19. අනේ හරිම ලස්සන අවසානයක්...මම කිව්වේ නැද්ද කෝරලේ හාමිනේ තමයි මේ බනියා කියලා. එයා බ්ලොග් එකක් ලියන්නේ නැද්ද? ලිව්වනම් එයාට තිබුණා මේ කතාව එයාගේ කෝණයෙන් ලියන්න :) හොඳද අදහස?

    තව විස්තර තියනම් දාන්න අප්පා.

    බාධක ජයගත් නූතන සාලිය අශෝකමාලා ට මගේ ප්‍රණාමය..

    ReplyDelete
    Replies
    1. බනිය කියන්නේ කොහොමත් කම්මැලි සතෙක්. ඕකා බ්ලොගක් ලියයිද දන්නේ නැහැ. බලමු ඉල්ලීම දාල. බොහොම ස්තූතියි සහෝ "නූතන සාලිය අශෝකමාලා" කාඩ් එක නරකමත් නැහැ නේද?

      Delete
    2. අනේ එතකොට මමද අශෝකමාලා :)... ෂෝක්..ෂෝක්... ඒක නම් හොඳයි. :)...මමනම් බ්ලොග් ලියල නෑ.ඒත් කෝරලේ මහත්තයත් උදව් කලොත් කරන්න බැරිත් නෑ.:)

      Delete
  20. කෝරලේ මහත්තයා කෝරලේ හාමිනේ කැන්දා ආහැටි ලියල ඉවර වෙනකල්ම දැනං හිටියෙ නෑ මේක සත්‍ය කතා පුවතක් කියලා දෙන්නටම සුබ පතන ගමන් අලුත් දෑ තවත් ලියන්න වරම් ලැබේවා කියා පතමි.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි දයානන්ද මහත්තයෝ. ගොඩ දෙනෙක් දැනන් හිටියේ නැහැ. ඕන් ඉතින් ඔබ තුමාටත් බොහොම ස්තූතියි වලව්වට ගොඩවැදිලා මාව දිරිමත් කරනවට

      Delete
  21. අප්පටසිරි..

    අපරාදේ ඉවර කරන්නේ..

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්ම් තව කොටසක් පොඩියට පස්සේ ලියන්නම් පසුකාලීන සිදු වීම්

      Delete
  22. අහා නියමයි... සුභ පැතුම්...
    ජය වේවා...

    ReplyDelete
  23. මම හිතුවෙම කෝරලේ මහත්තයා අන්තිමට ඒ කෙල්ලව අමතක කරලා වෙන එකක් සෙට් කරගනී කියලා ,එල එල සතුටුදායක අවසානයක්

    මගේ උණුසුම් සුබ පැතුම් .....!!!!

    ReplyDelete
    Replies
    1. තව එකක් කියන්න ඕන මලේ

      උබ හොද පිරිමියෙක් වගේ වැඩ කරලා තියෙනවා මෙතැනදී ඇත්තෙන්ම සන්තෝසයි ඒ ගැන ..

      Delete
    2. අවසානයි කිව්වට අවසානමත් නැහැ. රොබින් අයියේ බොහොම ස්තූතියි කිව්වා ඕන් :)

      Delete
  24. අඩ්ඩ අඩ වඩේ........ :))

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. හප්පේ අපේ රජතුමානේ. ඔන්න සාදරයෙන් පිලිගන්නවා වලව්වට. වඩේ කියන්නේ පරිප්පු එක්ක වඩේ :) ජය වේවා!

      Delete
  25. අවුලක් නෑ කෝරළේ ලොක්කා කට්ට නැති ජීවිතෙත් මෙලෝ රහක් නෑ.දැන් ඉතින් දෙන්නගේ ආදර කතාව ඉවර උනේ විවාහයකින් නේ :)
    දැන් ඉතින් කාලේ ආවහම කෝරළේ වලව්වට පොඩි හාමු කෙනෙක් ගෙන එක තමා කරන්න තියෙන්නේ ;)


    අඩේ මාවත් මතක් කරලා නේ එල එල ඈ
    සංවත්සරේට මගෙන් සුභ පැතුම් ඈ.....!

    ReplyDelete
    Replies
    1. පොඩි හාමු කෙනෙක් අරන් එන්නත් ඕනේ දැන්ම නෙවෙයි නේ විභාග කාරිය ඉවර වෙලා තැනකු වේවා මඩයෝ

      Delete
  26. සංවත්සරේට අපේ උණුසුම් සුබ පැතුම් කෝරළේ මහත්තයෝ. මේක එසේ මෙසේ සංවත්සරයක්යැ බං. උඹේ ජීවිතේම කුණා‍ටු මුහුදක පදින නැවක් වගේනෙ. මාරයි!
    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඩුඩ් අයියේ. ඉර හඳ පායන ලෝකේ ආලෝකය අතරේ සැප දුක සමබර වේ කියල තමයි කියන්න තියෙන්නේ.

      Delete
  27. අපරාදේ උඹලට තව ලොරියක් විතර කරදර ඇති වෙන්ඩයි තිබ්බේ , එහෙනං අපිට තව පෝස්ට් හත අටක් කියවන්ට තිබ්බා

    ReplyDelete
    Replies
    1. හිකිස්....... බයවෙන්න එපා අටම් අයියේ. තව තියෙනවා අලකලංචි විස්තර. ඒවත් දාන්නම්කො හීන් සැරේ

      Delete
  28. ෆට්ටම සිරා... ඔක්කොටම ව‍ඩා ඇත්ත කථාවක් වෙච්ච එක ගැන මාරම සතුටුයි.. කෝරලේ මහත්තයා තැනේ හැටියට ඇණේ ගහලා තියනවා.. මම මේ කථාවෙන් ගන්න ගොඩක් දේවල් තියනවා.. කොච්චර කරදර ආවත් අන්තිමට බනියා උඹ ලග ඉන්නවනේ බන්.. එක දැනෙන කොට කොච්චර සතුටක් හිතට එනවද.. ෆට්ටයි බන්..

    සන්වත්සරේටයි.. ඔක්කොටමයි ජයෙන් ජයම වේවා..!

    අනේ ඉවර කරන් නැතුව ඊට පස්සේ වෙච්ච ඒවත් දාපන්.. බනී ගේ මාමාලගේ හුලං බැස්ස හැටි.... අනේ දාපන් හොදේ..

    ReplyDelete
    Replies
    1. හිකිස් අනිවා දාන්නම් මේ වගේ පිරිසක් වටේ සප් එක දෙන්න ඉන්නවා කියල දැනෙන කොට ලියන්නම් කෝ. අනිවා මොකා මොන දේ කිව්වත් මගේ කෙල්ල මම ගත්තනේ හිකිස්.... ජයවේවා මචං

      Delete
  29. Niyama pissu storyak. Supiri aaaa.....

    ReplyDelete
  30. හෆ්ෆා.... අදනෙ මම මෙහාට ආවෙ... මෙච්චර කාලයක් ගිහිල්ලා අදනෙ පාර දැනගත්තෙ... කතාව සෑහෙන්න ගිහින් නෙ... මට මුල ඉදන් කියවන් එන්න වෙයි....

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් මුල ඉඳන්ම බලාගෙන එන්නකෝ එතකොට තේරුම් ගන්න ලේසියි. බොහොම ස්තූතියි මේ පැත්තේ ආවට.

      Delete
  31. මම ඔබේ වලව්වට අවේ ළඟදී.එත් මගේ නමත් ඔබේ සටහනේ අකුරු කරන්න තරම් නිහතමානී කමක් තිබුණා.ඔබේ දෙමාපියන් රටට යහපත් දරුවෙකු බිහි කිරීම පිළිබඳ ඔවුන්ට පිං.ඔබ දෙපලට බුදුන්ගේ අශිර්වාදයත් දෙවින්ගේ රැකවරණයත් සමඟ ඉදිරියටම යාමට පුළුවන්.කථාවට විරමයක් තියලා අයේත් පටන් ගන්න.

    ReplyDelete
    Replies
    1. ඔබ වලව්වට ගොඩවැදුනේලඟකදී උනත්. සැබෑවටම කතාව කියවා සිත්ගන්නා සුළු සටහනක් තබා යාමට තරම් කාරුණික වීමත්,ඒ සම්බන්ද ඔබේ අවංක අදහස පළකිරීමටත් මට ලොකු ශක්තියක් උනා. මට කල හැකි පුංචි උපහාරයක් අද දක්වා මේ ගමන මට අතහිත දුන්නු වචනයකින් හෝ උදව් උන අයෙගේ නමුයි මම එතන සඳහන් කරලා තියෙන්නේ. බොහොම ස්තූතියි ඔබට.

      Delete
    2. මම එක දෙයක් කියන්නම් ඔබට මිට වඩා යමක් කළ හැකි කෙනෙකි.ඇයි ඒ දේ නොකරන්නේ.අමනාප වෙන්න එපා එහෙම කිවට.එත් ඔබ, රැංගෝ,දයා අයියා මම දැකපු වටිනා තිදෙනෙකි.

      Delete
    3. හ්ම්ම්ම් ඔබ කිව දෙය මා හොඳට අවධාරණය කොට ගත්තෙමි. අනේ නා හිතේ කිසිම කහටක් නෑ. :)

      Delete
  32. පසුගිය කොටස නම් කියවන්න බැරි වුණා. හරිම ආදරණීය සටහනක්. හරිම සතුටුයි කතාවේ අවසානය හොඳ දෙයකින් ම අවසන් වුණ එක ගැන. ඉදිරියටත් වාසනාවන්ත විවාහ ජීවිතයකට ආසිරි පතමි!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ලහිරු. නිවාඩු පාඩුවේ ඉතිරි කොටස් ටිකත් කියවන්නකෝ.

      Delete
  33. මෙන්න මේකට ඊ මේල් එකක් එවාපං කෝරළේ මහත්තයො නිවාඩුවක් තියෙන වෙලාවක. henry_jayawardene@yahoo.com
    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
  34. කොටස් කීපයක් මට මග හැරුනා. ඒවාත් ඉදිරියේදී කියවනවා. ඔබ දෙපලටම මමත් සුබ පතනවා කෝරලේ මහත්තයෝ.. ජයවේවා..
    ප්‍රොෆයිල් එකට ලොග් වෙන්න කම්මැලියි. නිකම් කොටලා යන්නම් :)

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි චන්දන. එකට මක්ක වෙනවද මෙහෙම හරි ලියල ගිය එකම මදැයි. ජය වේවා!

      Delete
  35. කෝරලේ මහත්තයෝ....
    ඔයාට අමිමගේ ආදරය අහිමි විම ගැන දැනගන්න කැමතියි. ඔයාගේ සටහන හිතට දුකක් දැනෙනවා..

    මේ ගැන අනිවාර්යෙන්ම ලියන්න..ඔයාගේ ලිවිමේ හැකියාවට සුභ පතනවා..මිට ..... ඔයා කවදාවකවත් නොදකින නමුත් ඔයා ගැන සොයා බලන ආදරණීය .........

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්ම් මම ගැන හොයබලනවා කියල දැනගන්න ලැබීම සතුටක්. බොහොම ස්තූතියි සටහන වෙනුවෙන්.

      Delete
  36. ආයුබෝවේවා කෝරලේ මහත්තයෝ. වලව්වට එන්ට අවසරයි ඉතිං. අප්පච්චියෝ අර ලින්කටු එකින් එකට යනකොට නිකං ප්‍රංශ සවාරියේ ගියා වගේ වටේ පිටේ මාර ලස්සන සීන් තිබුනා. අච්චර සීන් ගොඩක්. හොදා හොදා.. මම එනකොට තව අලකලංචියක් වුනා නොවැ. වලව්වේ ඉන්ට වෙලාව දාපු අළුත් පෝස්ට් කටුව ඔබතුමා ගිල්ලවත්ද දෙපාරක බලලත් සොරිය කිව්වනේ. ඔබතුමා ඒකට නියමිත රාජකාරිය කොරන්න ඕන හොදෙයි. ගිහිල්ල එන්නං. අපොයි නෑ දිගටම එනවා

    ReplyDelete
    Replies
    1. හප්පේ මේ අපේ දේශක තුමානේ ඉතින් ඉතින් ඔන්න ඔහේ පැත්තකින් ඈඳී ගත්තනම්. කියල වැඩක් නැහැ තොරණේ විස්තර බලන්න ඇති නොවැ. අනේ සමාවෙන්ට ඕනෑ තව පොඩි තොරතුරු ටිකක් ලියන්ට අමතක උන ඒ ටිකත් ලියලම දාන්නම් අලුත් පොස්ටුව. එහෙනම් ජයවේවාකිව්වා ආයෙමත් එන්නකෝ මේ පැත්තට. :)

      Delete
  37. ඕන්, වැඩේ හරි.. ෂා..ඇත්තටම මරු.. කිසිම කම්මැලිකමක් නැහැ කෝරලේ මහත්තයෝ...එකදිගටම කියවගෙන යන්න පුළුවන්..ඒ තරමටම සාර්ථකයි.. මම හිතන්නේ,මම කාලෙකට පස්සේ, තමයි, එක දිගට ඉවරවෙනකන් කතාවක් කියවුවේ.....එත්,මේක දැම්ම නවත්තන්න එපා....මේක තව ටිකක් ඉස්සරහට අරන් ගියොත් නේද හොද?.... එක තමයි, පාඨක අපේ නම් ඉල්ලීම.. පොඩි පොඩි වැරදි අඩුපාඩුත් හදාගෙන තව ටිකක ලියමු.... ජය වේවා!! (දෙන්නම මරුවට ගේම දීලනේ..මම අද නොව දන්නේ...හන්නේ හපොයි..) නියමයි අහ්..

    ReplyDelete
    Replies
    1. හි.හි හොඳයි හොඳයි කෝසල. අපේ උන්දැ කිව්වේ නැතෙයි වෙච්ච වැඩ පිළිවෙල ගැන. හ්ම්ම්ම් තව කතා දෙකතුනක් තියෙනවා. ඒවා කතාවට පරිභාහිරව ලියන්න තමයි කල්පනා කලේ කොහොම උනත් අගය කිරීම ගැන ස්තූතිවන්ත වෙනවා.

      Delete
  38. ෂා.... මරු ලව් ස්ටෝරිය.. කොටස් නවයම එක දිගට කියවලා ඉවර කලේ දැනුයි.. එළ එළ.... ඔහොම යං.... මගෙනුත් සුබ පැතුම්..

    ජය සිරි මංගලම් කිව්වා ඕං... (මම ඉතින් දන්නේ දැන්නේ කොරළේ හාමි ගැන )

    තව ටිකක් ලිව්වා නම් මොකේ කට්ටියම කියන එකේ

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් එහෙනම් වැඩිම ඉල්ලීම ලියන්න කියලනේ ඉතිරියත් ලියන්නම් ඕන් බොහොම ස්තූතියි සහෝ

      Delete
  39. ඔන්න එක හුස්මට සේරම කියෙව්වා . කියන්න තියෙන සේරම මේ වචන ටිකෙන් කියන්නම් .

    ''සත්‍යය ප්‍රබන්ධයට වඩා රසවත්ය , පුදුමාකාරය ''

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි! බින්දි........ :)

      Delete
  40. බින්දී කියල තියන කතාවට 100% එකඟයි. සත්‍යය ප්‍රබන්ධයට වඩා රසවත්.. ඒ එක්කම පුදුමාකාරයි.

    ReplyDelete
  41. ඔන්න කෝරළේ මහත්තයෝ..... කොටස් නමයම කියෙව්වේ දැන් තමා..... අප්පා.... ඔයා හෙන වීරයෙක් නොවැ..... මට මැවිලා පෙනුනා සීන් ටික ලෙසටම..... :)
    කොච්චර කරදර බාදක ආවත් ලස්සනට ආදරේ ජය ගෙන තියෙන්නේ... ඔහොම තමා ඉන්න ඕනි..... :) ඔයටයි බනියටයි දෙන්නටම සතුටින් සැපෙන් ඉන්න ලැබේවා කියලා ඔන්න මාත් ප්‍රාර්ථනා කොරනවෝ...... දෙන්නටම ජය...!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි සමනලී....... ආදරේ ජීවිතේට ලැබෙන්නේ එකපාරයි. ඒ දේ අඳුන ගෙන ලඟට ගන්න එක තමන්ට අයිති වැඩක්. මගෙයි බනියගෙයි දෙන්නගෙම හදපිරි ස්තූතිය ඔබට. :)

      Delete
  42. මේ කතාව කියවලා දැනෙන හැගීම මට වචනයෙන් කියන්න බැ.. මම කොච්චර දුර්වලද කියලා හිතුනා. ඒ වගේම ඔහුත්... මාරයි.... වචන නැත...

    ReplyDelete
  43. අපුරු අත්දැකීම් ගොඩක් එක්ක ලස්සන ආදර කතාවක් නේ කෝරලේ මහත්තයගෙයි,බනියගෙයි කතාව

    එහෙනම් ඉතින්
    දෙන්නටම අපෙන් සුභ පැතුම් හොඳේ !!!!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි සහෝ. අත්දැකීම් මිනිසා තවත් ශක්තිමත් කරවයි, පරිනත කරවයි කියන්නේ නිකන්ද?

      Delete
  44. කෝලරේ මහත්තයගේ අවංක ආදරේනම් හරිගියා. ඒත් හැම අවංක ආදරයක්ම හරියන්නෙත් නැහැනේ. සුබපතනවා

    @කෝරලේ හාමිනේ
    ‍මහත්තයා ඔයාට බයයි වගේ. ඕවා හදාගන්න වෙයි. පව්නේ. බනින්න එපා. මොකා උනත් දැන් මහත්තයානේ...

    ReplyDelete
    Replies
    1. හික් හික් මගෙ ප්‍රතිපත්තියක් තියෙනවා මම දන්නේ නැහැ හරිද වැරදිද කියලා මම හදවතින්ම දෙයක් ඕනේ කියල හිතුවොත් අනිවා ඒ දේ කරනවා.

      හිකි හිකි උන්දා ඔය බනින්නේ 5 වෙනි සිල්පදේ පමණට වැඩිය කැඩුවොත් වගේ තමයි.

      Delete
  45. පළාමල්ල අවුසපු කෝරලේ මහත්තය කවුද බලන්න ආවේ... ඊයෙ ඉදන්පුළු පුළු වන් විදියට බ්ලොග් එකම කියෙව්ව උබේ.... කමෙන්ට් නම් දැම්මෙ නෑ කොල්ලො...

    ලව් එකට කමෙන්ට් එකක් නොදා කොහොමද... උබල දෙන්නටටම සුබ පතනවා... ජයෙන්න් ජය. උබත් මරුම චරිතයක්...

    කතන්දරේ කියවන්න හිතෙන විදියට ලියලා... ඒ බන් කොල්ලො... දැන් ගෙවල් වලින් ශේප්ද ?

    ReplyDelete
    Replies
    1. තව කොහෙද? දැන් නම් ඉතින් අපි අපේ පාඩුවේ එයාලා එයාලගේ පාඩුවේ. :D

      Delete
  46. හපුච්චියෙ මෙන්න කෝරලේ හාමිනෙත් ඉන්නවා..
    ගොඩ කාලයක් එන්න බැරි උන නිසා සිහින කුමරිය කියවන්න බැරි උනා.දැන් තමා පහුගිය කොටසුත් එක්ක කියවලා ඉවර කලේ. බලන් යද්දි මේ කෝරලේ මහත්තයගෙ ලව් ස්ටෝරියනෙ. දුක් විදලා විදලා තමන්ගෙ ආදරේ ලගට ගත්තම තියෙන සතුට...... එහෙම සතුටක් අද වෙද්දි මාත් විදින නිසා අහන්නෙ නෑ කොහොමද දැනෙන්නෙ කියලා .කොහොම උනත් ඔය දෙන්නටම සදා වාසනා..!!

    මෙච්චර ආසාවෙන් බලපු එකේ තව තිබ්බනම් හොදයි කියලා මටත් හිතෙනවා..

    ReplyDelete
    Replies
    1. හික් හික් හික් ඔව් ඔව් උන්දැත් ඉන්නවා. නැඟී දුක්විඳලා කට්ටක් කාලා ලබාගන් දෙයක වටිනාකම වැඩියි. නංගිටත් අපේ සුභපැතුම් :)

      Delete
  47. This comment has been removed by the author.

    ReplyDelete
  48. කොරලයා තමයි කෝරලයා......!!!
    සීරියස් අයුබොවන්ඩ, මම දවසක් අහම්බෙන් වගේ net serf කරද්දි මේ වලව්ව මුලිච්චි උනා....! ඒත් ඕං අද තමයි ඔයාගේ Twilight එක නිවි සැනසිල්ලේ කියෙව්වේ.....ඇත්තටම මේකත් Twilight Movie Serious එක වගේ ෆුල් රොමෑනස්..! (එකෙත් බේලා අර එඩවඩ් කාරයා හින්දා වුල්ටෝ*රියට එහෙම ගිහින් බුදු කට්ටක කනවා එහෙම තියෙන්නේ...!)*වුල්ටෝ*රිය කියන එක eclipse බලපු අය දන්නව ඇති
    ඒක නම් ෆිල්ම් එකක්නෙවැ.....ඉතිං මම එහෙම හිතල හිත හදාගත්තා. මම ඇත්තටම එහෙම stories පිළිගත්තේ නෑ....මේකත් එක්ක බලනකොට ඒකේ braking down නුත් braking down ක්ද කියලත් හිතුනා...
    මමත් මේ බොහොම මෑතකදි තමයි මේ blog reading වලට බැසසේ...ඔබතුමාට වේලාවක් තිබුනොත් මං 2012 ඔක්තෝම්බර් වලදි අවටව ගත්ත http://srinathdayananda.blogspot.com/?zx=70fae0f1ac888dc9 ගොඩ වැදුනං
    එහෙනං අවසරයි ඔං ඈ.......!!!!

    ReplyDelete
    Replies
    1. අප්පේ අදයි මම මේ කොමෙන්ටුව දැක්කේ අනිවා මම ඔයාගේ ඉසව්වට ගොඩවෙන්නම්

      Delete
  49. මගේ සුභ පැතුම් ඔයාලා දෙන්නට

    ReplyDelete
  50. මමත් ඔන්න කියෙව්වා කෝරලේ මහත්තයගෙ ආදර කතාව. හුඟ කාලෙක ඉදන් කියවන්න හිතේ තියාන හිටියත් අද තමයි කියෙව්වෙ :) දෙන්නගෙම අනාගතේට හදවතින්ම සුභ පතනවා :)

    ReplyDelete
  51. while doing some lazy work (a dissertation) surfed in to Sinhala Blog and stumbled into this heart warming love story. Started reading somewhere in between yet, due to the exiting flowing of the story, it forced me to start reading from the beginning. Really appreciate your nature of facing to the problems and sticking to what you believe and adore no matter what the consequences are. It made the success of your life and it will for the future as well especially now there is somebody to share your problems and sorrows. Wish you all the best
    Prasanna
    PS - Sorry for commenting in English as this was a quick work

    ReplyDelete

ඔයාල කොම්මෙන්ට් එකක් දාන්න වැය කරන තප්පර ගානත් ඔයාලට වැදගත් කියල මම දන්නවා එත් ඔයාලගෙන් අදහසක් මේ පිළිබඳව ලැබෙනවා කියන්නේ මට ඉදිරියටත් ලියන්න හොඳ මොර්ටිවේෂන් එකක් ලැබෙන එක. ලියන්න කල් මදිනම් තිතක් තියල යන්න එතකොට මම දන්නවා ඔබ මෙය බැලු බව. ස්තූතියි.........

Related Posts Plugin for WordPress, Blogger...